ජාතික ආරක්‌ෂාව සහ නව ත්‍රිවිධ හමුදාපතිවරු

0
756

දශක තුනක පමණ කාලයක්‌ යුද බියෙන් හා මර බියෙන් තැතිගෙන අවිනිශ්චිත හෙට දවසක්‌ ගැන සිතමින් කුරිරු ත්‍රස්‌තවාදයේ පීඩාවෙන් දිවි ගෙවූ සමස්‌ත ශ්‍රී ලංකාවාසී ජනතාවටම සාමයෙන් නිදහසින්, සතුටින් සිටීමට වරම් හිමිවී සය වසරක්‌ ඉක්‌ම ගොසිනි.

2009 වසරේ මැයි මස 18 වැනිදා හිමිකරගත් ඓතිහාසික යුද විජයග්‍රහණයෙන් අනතුරුව උදාවූ පශ්චාත් යුද සමය එල්ටීටීඊ හිතවාදී දේශපාලන සහ ජාත්‍යන්තර බලවේගවල දැඩි බලපෑම් හා අභියෝග මධ්‍යයේ ගෙවී ගියේය. එම තත්ත්වය අදත් එලෙසම පවතී. දෙමළ ඩයස්‌පෝරාව ජාත්‍යන්තර සහයෝගය ඇතුව මෙරට අස්‌ථාවර කිරීමට සහ යුද්ධයෙන් ලබා ගැනීමට නොහැකිවූ ඊළාම් රාජ්‍යය දේශපාලනමය වශයෙන් දිනා ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරතව සිටිති. එල්ටීටීඊ ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය කළ මෙරට ආරක්‍ෂක හමුදාවෝ යුද අපරාධකරුවන් බව ජාත්‍යන්තරය හමුවේ සනාථ කරවීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක වෙමින් පවතී.

යුද්ධය නිමවී සාමකාමී වාතාවරණයක්‌ උදාවී තිබුණද ජාතික ආරක්‍ෂාව කෙරෙහි දක්‌වන ප්‍රමුඛතාව එලෙසම පවත්වාගෙන යැමට වත්මන් රජය පියවර ගෙන ඇත. ආරක්‍ෂක හමුදා සහ පොලිසිය ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛ කොට සලකා සිය ආරක්‍ෂක රාජකාරි සහ වගකීම් එලෙසම ඉටු කිරීමෙහිලා නිරතව සිටිති.

මෙරට ආරක්‍ෂක යාන්ත්‍රණය මෙහෙයවීමේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වන ආරක්‍ෂක අමාත්‍යාංශය පසුගිය රජය සමයේ දැඩි දේශපාලනීකරණයට සහ හමුදාකරණයට ලක්‌වී තිබූ බව ප්‍රකට කරුණක්‌ විය. එමෙන්ම ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බළකායද යම් තරමකට දේශපාලනීකරණයකට ලක්‌වී තිබූ බවද නොරහසකි.

ඉකුත් ජනාධිපතිවරණයේදී ඇතැම් හමුදා ප්‍රධානීන් දේශපාලන කටයුතුවල නිරත වූ බවටද විවිධ චෝදනා එල්ලවී තිබිණි. එහෙත් ඔවුන් ඉවත් කිරීමට හෝ පලිගැනීමට වත්මන් රජය ක්‍රියා කළේ නැත. ඒ සෑම හමුදා ප්‍රධානියකුටම සිය නිල කාලය සම්පූර්ණ වන තුරු රැඳී සිටීමේ අවස්‌ථාව ලබාදෙන ලදි.

ඒ අනුව ප්‍රථමයෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ නියමිත සේවා කාලය අවසන් වීම නිසා විශ්‍රාම ගියේය. ඉන් අනතුරුව පිළිවෙළින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයන්ත පෙරේරා විශ්‍රාම ගත්හ.

ඒ අනුව වත්මන් රජය යටතේ මේ වන විට නව ත්‍රිවිධ හමුදාපතිවරු තිදෙනෙකු පත්වී සිටිති.

යුද හමුදාපති වශයෙන් ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති වශයෙන් එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, නාවික හමුදාපති වශයෙන් වයිස්‌ අද්මිරාල් රවි විඡේගුණරත්න පත්කර ඇත. ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරියද විශ්‍රාම ගිය අතර එම තනතුරට හිටපු ගුවන් හමුදාපති කෝලිත ගුණතිලක එයාර් චීµa මාර්ෂල් නිළයට උසස්‌ කර පත්කරන ලදි.

නව රජය යටතේ පත්කළ නව ත්‍රිවිධ හමුදාපතිවරුන් අතරින් ප්‍රථමයෙන් පත්කළේ යුද හමුදාපතිවරයායි. ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා 2015.02.23 වැනිදා නව යුද හමුදාපති වශයෙන් පත්කරන ලදී. මාධ්‍ය තුළින් ප්‍රචාරයක්‌ නොලැබුණද ඔහු විසින් යුද හමුදාවේ අභිවෘද්ධිය සහ හමුදා රණවිරුවන්ගේ හා පවුල්වල සුබ සාධනය උදෙසා විශාල මෙහෙවරක්‌ ඉටු කළේය.

යුද හමුදාවට විශාල ප්‍රශ්නයක්‌ව තිබූ සේවය හැර ගොස්‌ සිටි (පැනගිය) හමුදා සාමාජිකයන්ට ඉතාම කෙටි කාලයක්‌ තුළ නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් වීමට අවස්‌ථාව ලබාදීම ඒ අතර ප්‍රමුඛ කාර්යයක්‌ විය.

ක්‍රියාන්විතයේදී මියගිය හමුදා සාමාජිකයන් හට සුබ සාධන ව්‍යාපෘතිවලදී ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිවාස, අධ්‍යාපන, ශිෂ්‍යාධාර ලබාදීම තවත් වැදගත් කාර්යයක්‌ විය. එමෙන්ම රණවිරු දූ දරුවන්ට පොත්පත් හා පාසල් උපකරණ ලබාගැනීම සඳහා රුපියල් දස දහසක උපරිමයකට යටත්ව පොත්හල් වෙත මුදල් වවුචර නිකුත් කිරීමද සිදුවිය. එම මුදල් වාරික වශයෙන් ආපසු ගෙවන පොලී රහිත ණය පදනමක්‌ යටතේ ලබාදෙන ලදී.

විශ්‍රාම ගැනීමට ආසන්න හමුදා රණවිරුවන්ට තාක්‍ෂණික හා වෘත්තීය පුහුණුව ලබාදීම ක්‍රීඩා දක්‍ෂතා දක්‌වන අයට විදේශ පුහුණුව හා වැඩමුළුවලට සහභාගි වීමට අවස්‌ථාව ලබාදීම සහ මූල්‍යාධාර පිරිනැමීම තවත් එවැනි සුබ සාධන ව්‍යාපෘති කීපයකි.

යුද හමුදාවේ ඉතා වැදගත් සේවාවක්‌ ඉටුකරන සිවිල් සේවක මඬුල්ල වෙනුවෙන්ද ව්‍යාපෘති රැසක්‌ ක්‍රියාත්මක වේ. සූපවේදී, භෝජනාගාර සේවක, අරක්‌කැමි වැනි වෘත්තීන්වල නිරත සිවිල් සේවකයන්ගේ වෘත්තීය දැනුම උසස්‌ මට්‌ටමකට ගෙන ඒම සඳහා පිළිගත් සූපවේදී පාඨමාලා ලබාදී භෝජනාගාර කළමනාකරණය හා පාලනය පිළිබඳ විධිමත් පුහුණුවක්‌ ලබාදීමටද යුද හමුදාපතිවරයා කටයුතු සැලසුම් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති වශයෙන් වයිස්‌ අද්මිරාල් රවි විඡේගුණරත්න මෙම 11 වැනිදා වැඩ භාර ගනු ලැබීය.

වර්ෂ 1962 දී උපත ලදුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද වයිස්‌ අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න, 1980 දී ශිෂ්‍යභට නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්‌වන්නේ වයස අවුරුදු 18 දීය. එතැන් සිට ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් තම මූලික පුහුණුව ආරම්භ කළ ඔහු ලෝකයේ ප්‍රමුඛතම නාවික නිලධාරීන් පුහුණු කිරීමේ ආයතනයක්‌ වන බ්‍රිතාන්‍යයේ “බ්‍රිටානියා රාජකීය විද්‍යාලය” වෙත ඇතුළත් වීමට වරම් හිමිකර ගන්නේ මූලික පුහුණුවේදී ඔහු පෙන්නුම් කළ මනා දස්‌කම් හේතුවෙනි. එම දස්‌කම් බ්‍රිතාන්‍යයේදී තවදුරටත් ප්‍රගුණ කළ ඔහු “බ්‍රිටානියා රාජකීය විද්‍යාලය” මගින් දක්‍ෂතම ජාත්‍යන්තර මධ්‍ය නිලධාරියා වෙත පිරිනමන ලද සම්මානයද 1982 වසරේදී දිනා ගැනීමට සමත් විය.

වයිස්‌ අද්මිරාල් විඡේගුණරත්න දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රැසක්‌ සාර්ථක ලෙස නිම කර ඇති පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙකි. ඒ අතර ඉන්දියාවේදී උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව  දියයට සංග්‍රාමික සටන්  පාඨමාලාව හා ජාතික ආරක්‍ෂක පාඨමාලාව (බාe) යන පාඨමාලාවන් සාර්ථකව නිමකර ඇති අතර ඔහු මාණ්‌ඩලික පාඨමාලාව හදාරා ඇත්තේ පාකිස්‌තානයේදීය. ඒ අනුව පාකිස්‌තානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධියක්‌  ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයේ දර්ශනපති (පළමු පෙළ)   උපාධියත් හිමිකර ගෙන ඇත. තවද, ඔහු ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථêන්ගේ සංගමයේ සාමාජිකයකුද වේ. දේශීය හා විදේශීය උසස්‌තර අධ්‍යාපන ආයතන ගණනාවකම සම්මන්ත්‍රණ හා වැඩමුළුවලට සහභාගිවී ඇති අතර ඇමරිකානු නාවික යුද විද්‍යාලයේ දේශන පැවැත්වීමෙන් සිය අත්දැකීම් ජාත්‍යන්තරය වෙත බෙදා දීමෙන් ශ්‍රී ලංකාව වෙත මහත් කීර්තියක්‌ අත්කර දී ඇත.

වසර 34 ක නාවික හමුදා සේවා කාලය තුළ මොහු විසින් ඉතා වැදගත් තනතුරු රැසක්‌ම උසුලා ඇත. එනම් වේග ප්‍රහාරක යාත්‍රාවේ සිට නාවික හමුදාව සතු විශාලතම අධිකාරියට පත් නෞකාව වන ශ්‍රීලංනානෞ “සයුර” නෞකාව දක්‌වාම යාත්‍රාවල හා නෞකාවල අණභාර හා අණදෙන නිලධාරීන් ලෙස රාජකාරී කර ඇත. තවද නාවික හා සාගරික විද්‍යා පීඨයේ ආඥපති, නාවික දියත් විධානයේ අණදෙන නිලධාරී, නාවික අධ්‍යක්‍ෂ ජනරාල් (සේවා), ආඥපති දකුණු නාවික විධානය, ආඥාපති උතුරු නාවික විධානය හා ආඥපති නැගෙනහිර නාවික විධානය යන තනතුරු ඒ අතර ප්‍රධාන තැනක්‌ ගනී. විශේෂයෙන්ම 2007 වසරේ ත්‍රස්‌තවාදීන්ගේ පාවෙන අවි ගබඩා විනාශ කළ වකවානුවේදී අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාවික විශේෂ බළකා/අධ්‍යක්‍ෂ සමුද්‍රීය විමර්ශන ලෙස භාරදූර කාර්ය භාරයක්‌ ඉටු කළේය. ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේදී අධ්‍යක්‍ෂ ජෙනරාල්ව සිටි ඔහු 2014 ජුලි මස 7 දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානී ලෙස රාජකාරි භාර ගත්තේය.

දක්‍ෂ ක්‍රීඩකයෙකුද වන මොහු නාවික හමුදා රගර් කණ්‌ඩායම වසර ගණනාවක්‌ අඛණ්‌ඩව නියෝජනය කළ අතර ඔරු පැදීම, රුවල් ඔරු පැදීම  හා රගර් යන ක්‍රීඩා සඳහා නාවික හමුදා වර්ණ දිනාගෙන ඇත. එමෙන්ම මොහු ශ්‍රී ලංකා රයිµල් සංගමයේ සභාපතිත්වය දරා ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්µa සංගමයේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 1993 දී ස්‌ථාපිත කළ විශේෂ යාත්‍රා බළඝනයේ   (නාවික කොමාන්ඩෝ බළකාය) නිර්මාතෘවරයා ලෙසද නාවික හමුදා ඉතිහාසයට එක්‌වන මොහු එතැන් සිට මෙහෙයුම් ගණනාවක්‌ සඳහාම විශේෂ යාත්‍රා බළඝනය වෙත නායකත්වය සපයන ලද්දේ එහි පළමු අණදෙන නිලධාරියා වශයෙනි. එම බළඝනය සාර්ථක මාවතකට යොමු කිරීමටත් විවිධ ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත් මොහුගේ මඟපෙන්වීම හා මෙහෙයවීම ඉවහල් විය. ඒ අතරින් “පුනරින්” හි සිදුකළ මෙහෙයුම් හා ඉන්දීය සාම සාධක හමුදා සමග කළ “පවන්” මෙහෙයුම ප්‍රධාන තැනක්‌ ගන්නා අතර “පවන්” මෙහෙයුමේදී ඉන්දීය නාවික කොමාන්ඩෝ භටයින් සමග සටනට එක්‌ව ඛඔඔE ත්‍රස්‌තවාදීන්ට විරුද්ධව යාපනය කලපුවේ ඇතිවූ දරුණු සටන්වලදී පෙන්වූ වීරත්වය උදෙසා “රණවික්‍රම පදක්‌කම” දිනාගත් අතර ඔහු සමග සටනට එක්‌වූ ඉන්දීය නාවික කොමාන්ඩෝ බළකායේ නිලධාරියාට ඉන්දීය රජය මගින් “පවන්” මෙහෙයුමේදී ඉන්දීය නාවික නිලධාරියෙකු විසින් දිනාගත් උසස්‌ම පදක්‌කම වන “මහාවීර චක්‍ර” පදක්‌කම පිරිනමන ලදි. එමෙන්ම රියර් අද්මිරාල් විඡේගුණරත්න විශේෂ යාත්‍රා බලඝන කණ්‌ඩායම්වලට අවස්‌ථා ගණනාවකදී නායකත්වය දෙමින් ඇමරිකානු නාවික හමුදා “සීල්” (ඹී භ්ඩහ SEAඛ) නාවිකයන් හා ඉන්දියානු නාවික කොමාන්ඩෝ භටයින් සමග (ඵARCධී) පැවැති ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ලංකාවේදී හා විදේශීය රටවලදී සහභාගිවී ඇත. තවද 2001 සිට 2005 කාල වකවානුවේදී නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ පළමු ලේකම් හා ආරක්‍ෂක උපදේශක ලෙසද රාජකාරි කර ඇති මොහු ඉන්දීය රජය සමග එක්‌ව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෙත විශාල සේවයක්‌ ඉටු කිරීමට සමත් විය. තවද 2004 වසරේ සුනාමි ව්‍යසනයේදී ඉන්දීය නාවික හමුදා සහන සේවා සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය අති සාර්ථකව සිදුකිරීම සම්බන්ධයෙන් දෙරටේම ප්‍රසාදයට ලක්‌විය.

ක්‍රියාන්විතයන්හිදී දැක්‌වූ දක්‍ෂතා හා වීරක්‍රියා හේතුවෙන් විඡේගුණරත්නයන් වෙත පිරිනමන ලද පදක්‌කම් පළඳනා සමූහය සුවිශේෂී වේ. ඒ අතර ජීවත්ව සිටින හමුදා පුද්ගලයෙකුට දිනාගත හැකි ඉහළම පදක්‌කම වන “විරෝදාර විභූෂණය” (හමුදාමය නොවන වීර ක්‍රියාවන්ට පිරිනමන ලංකාවේ ඉහළම සම්මානය) “රණවික්‍රම පදක්‌කම” (දෙවරක්‌) හා “රණශූර පදක්‌කම්” යන පදක්‌කම් මොහු වෙත හිමිවී ඇත.

1989 දී ශ්‍රී ලංකා රූ රැජන ලෙස කිරුළ පැළඳි හා ආසියා µeසිපික්‌ කලාපයේ රූ රැජින තරගාවලිය සඳහා 1989 වසරේදී ශ්‍රී ලංකාවනියෝජනය කිරීමට වරම්ලද හිටපු ටෙලි නාට්‍ය නිළියක හා නිරූපණ ශිල්පිණියක වන යමුනා ද සේරම් මහත්මිය ඔහුගේ දයාබර බිරිඳ වන අතර ඔවුන්ගේ කැදැල්ලේ එකම පුතු සත්‍යජිත් විඡේගුණරත්න 22 වැනි වියේ පසුවන දක්‍ෂ ගොල්µa ක්‍රීඩකයෙකි.

මේ අතර නාවික හමුදා නව මාණ්‌ඩලික ප්‍රධානි වශයෙන් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ පත්කර ඇත.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

Source : Divaina