බලන්ගොඩ ආනන්ද මෛත‍්‍රීය මහා නාහිමියෝ ජනතාවට බෙදු රහස්… හන්දිපත් අමාරුවට, කකුල් කැක්කුමට හිමාලයේ රහස් බෙහෙත් වට්ටෝරුවක්…

0
1181

– බදුල්ලේ මෛත‍්‍රී රත්නායක


කොවිඞ් 19 වෛරසය හේතුවෙන් මු`ඵ ලෝකයම කම්පාවට පත්ව ඇති යුගයකි දැන් අප පසු කරමින් සිටිනුයේ.සමහර රටවල මිය ගොස් ඇති සංඛ්‍යාව දහස් ගණනින් දැක්වෙන අතර ඇතැම් රටවල ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනින් දැක්වෙයි.

දැනටමත් මෙම වසංගත රෝග වෛරසය රටවල් 212 පුරා පැතිර ගොස් ඇති අතර ඉදිරියේදී තවත් රටවල් රාශියකට පැතිරීමට ඉඩ කඩ ඇති බව ද ඒ අනුව තවත් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් ලොවට අහිමිවීමට ඉඩ ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා පසුගියදා අනතුරු ඇ`ගවීමක් ද කළේය.

දැනට වසංගත රෝගය පැතිර නැති අපි‍්‍රකානු මහාද්වීපයේ මෙම රෝගය ව්‍යාප්ත වුවහොත් මිය යන සංඛ්‍යාව ලක්ෂ ගණනක් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා පසුගියදා අනතුරු ඇ`ගවීමක් ද කළේය.

දැනටමත් අප‍්‍රිකානු මහාද්වීපයේ පමණක් හැත්තෑ පන් ලක්ෂයකට අධික දරුවන් සංඛ්‍යාවක් කුස ගිනි රකුසා හමුවේ අසරණව සිටිති.

එහෙත් මෙම කොරෝනා වෛරසයට එරෙහි සුදුසු ඖෂධයක් මේ දක්වා නිපදවා නැති අතර සුදුසු ඖෂධයක් නිපදවීම සඳහා ලෝකයේ බොහෝ රටවල් පර්යේෂණ කරනු ලබනු බව ලෝක ජනමාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කෙරිණි.

ඒ සඳහා තවත් අවුරුද්දක දෙකක් පමණ කාලයක් ගතවිය හැකි බව ද ලෝක ප‍්‍රවෘත්ති සේවාවන් මගින් කියැවේ.මෙම ලිපියට ඌනපූර්ණයක් වශයෙන් මෙම කරුණු ගෙන හැර දැක්වූයේ 1991 දී පමණ අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට බලන්ගොඩට ගිය අවස්ථාවේ උන්වහන්සේ එක්තරා උපාසක මහත්මයෙකුගේ රෝගයකට කී ප‍්‍රතිකර්මයක් මගේ මතකයට නැගුනු නිසාය.

සිද්ධිය වූයේ මෙසේය.

මා හිතවත් එක්තරා ජපන් ජාතික ප‍්‍රභූ කාන්තාවක් තමන් බුදු දහම පිළිබඳව ජපන් බසින් ග‍්‍රන්ථයක් සම්පාදනය කරමින් සිටින බැවින් ලංකාවේ වැඩ වාසය කරන වියත් ස්වාමීන් වහන්සේලා හමුවීමට කටයුතු සම්පාදනය කරදෙන ලෙස මගෙන් ඉල්ලීමක් කළාය.

ඒ අනුව මෙකී සාකච්ඡාවට ලංකාවේ වියත් ස්වාමීන් වහන්සේ නමක් ව සිට අපවත්වී වැඩ වදාළ බොරුලැස්ගමුවේ රත්තනපිටියේ සසුන ආරාමයේ අති පූජ්‍ය මහ නා හිමියන් වහන්සේ වෙත මම ඇය කැ`දවා ගෙන ගියෙමි, ඇය උන් වහන්සේගෙන් පැය දෙකකට අධික කාලයක් බුදු දහම පිළිබ`දව ද පුනර්භවය සහ මැරෙන මොහොත පිළිබඳව ද විමසුවාය. ඉංගී‍්‍රසි භාෂාවෙන් කළ මෙම සාකච්ඡා සිංහලයට පරිවර්තනය කිරීමේ වගකීම ද මා වෙත පැවරිණි,මෙම සාකච්ඡාවෙන් පසු හමුවී බුදුදහම පිළිබඳව තවදුරටත් අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් සමග සාකච්ඡා කිරීමේ අභිලාෂය ඇය මා වෙත දන්වා සිටියාය.

ඒ අනුව අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් වෙතින් දිනයක් හා වේලාවක් ද වෙන් කර ගත් අපි බලන්ගොඩ ශ‍්‍රී නන්දාරාමය වෙත ගියෙමු,

මෙම ගමනට ජපන් ජාතික ප‍්‍රභූ කාන්තාව ද ඇගේ හිතවත් මහත්මයෙක් ද මා මිත‍්‍ර රාජගිරිය මාදින්නාගෙඩ ආරිය බණ්ඩාර සමරකෝන් මහතා ද සහභාගි වූ බව මට සිහිපත් වෙයි,

වේලාව දහවල් දහයට පමණ ඇත. මහ නා හිමියන්ට දහවල් දානය රැගෙන පැමිණ සිටි ගම්බද උපාසක උපාසිකාවෝ උන් වහන්සේගේ පාමුළ වාඩි වී සිටියහ. ඔවුන් නා හිමියන් වෙතින් විවිධ දහම් ගැටලූ ද පෞද්ගලික ප‍්‍රශ්න ද ඉදිරිපත් කරමින් ඒ ස`දහා පිළිතුරු අසන ආකාරය අපට දැක ගත හැකිවිය.එය අති මනරම් සුන්දර දසුනක් විය.

අපි නායක හාමුදුරුවන් වහන්සේට නමස්කර කර කොළඹින් රැගෙන ආ පලතුරු කූඩය ජපන් ජාතික කාන්තාව නා හිමියන්ට පිළිගැන් වූවාය. ඉන් අනතුරුව ඇය පන්සල් භූමිය නැරඹීම සඳහා බැහැර වූවාය.

පෙර බුදුන් දවස අසරණ වූ පිරිස මේ අයුරින්ම බුදුන් දකින්නට ගොස් පැණ විමසන අයුරක් මගේ සිහියට පැමිණියේ නිරායාසයෙනි.

වයෝවෘද්ධ එක්තරා මවක් දෑත් හිස් මුදුනේ තබා වැ`දගෙන ”අනේ නායක හාමුදුරුවනේ මම නිදා ගත්තම බය හිතෙන හීන පෙනෙනවා. සමහර දවස්වල හීනෙන් බයවෙලා කෑ ගහනවා. මේකට මොනවද අපේ හාමුදුරුවනේ කරන්න තියෙන්නෙ.?”

”ඇයි මේ ඇත්ති නිදාගන්න යන කොට බුදුන් වැ`දලා නෙවෙයිද නිදිගන්නේ ? නිදි පැදුරේ ඉ`දගෙනම හරි බුදු ගුණ සිහි කෙරුවොත් ඔය වගේ ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නෑ උපාසක මෑණියෝ, යන්න කලින් අපේ නන්දසාර පොඩි හාමුදුරුවෝ හම්බවෙලා පිරිත් නූලක් ගැට ගහගෙන පිරිත් පැන් ටිකක් ඉල්ලා ගන්න එකයි තියෙන්නේ.

”අනේ අපේ හාමුදුරුවනේ මගේ වයස අවුරුදු හැත්තෑ එකයි. දැන් ඇවිදින්න කරන්න අමාරුයි. කකුල් කෙඩෙත්තුව හැදෙනවා. මේකට මොනවා හරි බෙහෙතක් නැද්ද අපේ හාමුදුරුවනේ?

උපාසක මහතා දොහොත් මුදුන් දී නමස්කාර කරමින් ඇසීය.

මහ නා හිමියන් සිනාමුසු මුහුණින් ”උපාසක ඇත්තෝ දැන් ඔය වයසට බෙහෙත් හොය හොයා මහන්සි වෙනවට වැඩිය හො`දයි මරණානුස්මෘති භාවනාව නිතර නිතර මෙනෙහි කරන එක. බෙහෙතක් අහන හින්ද මං කියන්නං. ඒත් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට ගිහියන්ට බෙහෙත් හේත් කරන එක අකැපයි. විනය විරෝධියි. ඒත් රෝගියා ගැන අනුකම්පාවෙන් බෙහෙතක් හේතක් කියන ක‍්‍රමය අපේ විනය පොත්වල දක්වලා තියෙනවා.

මං මේ කියන ඖෂධය ගැන දැන ගත්තේ ඉන්දියාවේ හිමාල කන්ද කිට්ටුව තියෙන සෘෂීකේෂි ආරාමයේ ඉ`දගෙන ඉන්දියානු භාවනා ක‍්‍රමයක් වන ප‍්‍රාණයාම භාවනාව පුරුදු වෙමින් උන්නු සන්ධියේ. මට උදේ හවහ පේනවා හිමාල කන්ද නගින්න යන බටහිර ජාතික සංචාරක ඇත්තෝ. ඒ ඇත්තෝ සු`ඵ බඩු පොදියක් අරගෙන තමයි ක`දු නගින්නේ. ඒත් ඒ ඇත්තන්ගේ සියලූ කළමනා ද්‍රව්‍ය තියෙන විශාල බඩු පොදි කරපින්නා ගෙන යන්නේ ටිබෙට් ජාතික කම්කරු ඇත්තෝ. මෙච්චර බඩු කන්දරාවක් දරාගෙන යන්නේ මේ උදවිය මොනව හරි ඖෂධයක් පාවිච්චි කරලා වෙන්න ඇති කියලා හිතිලා දවසක් ක`දු බැහැල එන එක තැනැත්තෙක් ගෙන් මේ ගැන ඇහැව්වා. ඒ ඇත්තා මට මෙහෙම උත්තර දුන්නා.

”භන්තේ, අපි කෝමාරිකා ගහෙන් හදා ගන්නා බෙහෙතක් බොනවා, ක`දු නගින්න සතියකට ඉස්සෙල්ලා අපි කෝමාරිකා බෙහෙත හදාගෙන බොනවා. මේ බෙහෙත අපේ පරම්පරා ගණනාවක ඉ`දලා පාවිච්චි කරන රහස් බෙහෙතක්. ඒ තමයි කෝමාරිකා ගහේ ඇතුලේ තියෙන ම`දය.

ඒ බෙහෙත හදා ගන්නේ මෙහෙමයි භන්තේ. කෝමාරිකා ගහේ පිට පොත්ත හූරලා ඇරල ඇතුලේ තියෙන කෝමාරි බඩය කෑලි අටකට කපනවා. එක කෑල්ලක් පිරිසිදු එළඟි තෙලේ තවරලා කබලක දාලා ම`දක් රත්කරලා රතු සීනි එක්ක කලවම් කරලා උදේට කෑල්ලයි හවට කෑල්ලයි ගාණේ දවස් හතරක් ගිලිනවා. ගමන ගිහිල්ලා ආවමත් ආපහු කෝමාරිකා බෙහෙත පාවිච්චි කරනවා භන්තේ.”

”මමත් මේ කෝමාරිකා ඖෂධය විටින් විට පාවිච්චි කරනවා. ඒ අන්දමට කෝමාරිකා ඖෂධය පාවිච්චි කෙරුවම හු`ගාක් ගුණ මටත් ලැබුණා. කොච්චර දුර පයින් වැඩියත් හන්දිපත් රුදාවක් දණිස් අමාරුකම් හතියක් ඇතිවුණේ නෑ. ශරීරයට හො`ද ශක්තියක් ජවයක් දැනෙනවා. දවසක් මට හිතුනා කී‍්‍රඩා කරන අපේ තරුණ ළමයින්ට මේ බෙහෙත හුරු කෙරුව නං ඒ දරුවන්ට ලොකු ප‍්‍රයෝජනයක් ලැබෙයි කියලා. අනෙක මේ කෝමාරිකා ඖෂධය ගත්තා කියලා අපත්තියක් අගුණයක් ඇති වෙන්නේ නෑ. ඕනෑම වයසක කෙනෙකුට සුදුසුයි.

අනෙක් කාරණය කෝමාරිකා ශාකය විෂබීජ නාශක ගුණයෙන් යුක්ත පැළෑටියක්.ලංකාවේ ඇත්තන් මේ කෝමාරිකා ඖෂධය පිළියෙල කරනවා නං පොඩි උපදේශයක් දෙන්න කැමතියි. ලංකාව උෂ්ණ දේශගුණයක් තියෙන රටක් නිසා කෑපූ කෝමාරික කෑළි එළිමහනේ තිබ්බොත් නරක් වෙන නිසා ශීතකරණයක තියෙන එක සුදුසුයි. ඒවගේම අපේ රටේ පිරිසිදු එළ`ගිතෙල් සොයා ගැනීම අපහසු නිසා ඔස්ටේ‍්‍රලියන් බටර් ගැනීමත් සුදුසුයි. සාදා ගත් ඖෂධය රතු සීනීවල තවරා කබලක දාල රත්කරලා පාවිච්චි කිරීම අනිවාර්යෙන්ම කළ යුතු වෙනවා.

කෝමාරිකා ශාකය පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීමට ( රාජගිරියේ පිහිටි) කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවා හැරපත්දෙණිය මහත්මියගෙන් විමසුවෙමු. ඒ මහත්මිය දුන් පිළිතුර ඇයගේ වචනවලින්ම ස`දහන් කිරීම පාඨක ඔබට ප‍්‍රයෝජන වෙතැයි සිතූ හෙයින් එලෙසින්ම දැක්වීමු.

”කෝමාරිකා කියන්නේ අපේ දේශීය ඖෂධ අතරෙන් ඉතාම වටිනා ඖෂධ පැළෑටියක්. කෝමාරිකා පැළෑටියේ විද්‍යාත්මක නාමය ”පාර්කස් ඇලෝවියා”. සංස්කෘත භාෂාවෙන් නම් රාශියක් තියෙනවා. ගෘත කුමාරි, ගෘහ කන්‍යා, කුමාරිකා, කුමාරි කියලා.

සිංහලෙන් අපි කවුරුත් කියන්නේ ”කෝමාරිකා” කියලා.

බලන්ගොඩ නායක හාමුදුරුවෝ කියලා තිබුණ කතාව සම්පූර්ණ ඇත්ත. කෝමාරිකා ශාකය ලෙඩ රෝග බොහොමයකට ප‍්‍රත්‍යක්ෂ දිව්‍යමය ඖෂධයක්. හන්දිපත් රුදාව තියෙන උදවිය මෙම කෝමාරිකා ඖෂධය පාවිච්චි කරන එක වඩාත් ප‍්‍රතිඵල දායකයි.

කෝමාරිකා ශාකය විෂබීජ නාශක ගුණයෙන් යුක්තයි.

නායක හාමුදුරුවෝ කියල තිබුණ වගේ මෙම ඖෂධය ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ. හේතුව මෙම කෝමාරිකා පැළෑටිය විකෘති නොකරන ලද ඒ ස්වාභාවික ලෙසින්ම පාවිච්චියට ගන්න නිසා.

කෝමාරිකා ශාකය අපේ ගම්බද පිරිස ඉතා හොඳින් දන්නවා. ශරීරයේ පිළිස්සුමක් ඇතිවුණාම අපේ ගම්බද උදවිය තුවාලයට කෝමාරිකා ආශ‍්‍රවය ආලේප කළාම දැවිල්ල ක්ෂණිකව පහවෙලා යනවා. දිය පට්ටා එන්නේ නෑ.

අපේ තරුණ දියණියන් මෙම කෝමාරිකා පැළෑටිය අමුවෙන්ම පාවිචිචි කරනවා නම් ඉතාම හො`දයි.

තවත් විශේෂ දෙයක් ඔබට කීම සුදුසුයි කියලා මට හිතුනා. මුත‍්‍රා ගල්වලට මෙම කෝමාරිකා ඖෂධය ඉතාම ප‍්‍රත්‍යක්ෂයි. ඒ ස`දහා කෝමාරිකා ශාකය පාවිච්චි කරන පිළිවෙළත් ඔබගේ පාඨකයන්ට ප‍්‍රයෝජනවත් වේවි.

අපේ තරුණ දියණියන්ට කෝමාරිකා කැ`දක් පිළියෙල කර ගන්නා අන්දම මම කියලා දෙන්න කැමතියි.

කෝමාරිකා දණ්ඩක් අරගෙන එහි මදයට මුං ඇට ටිකක් දමා උණු අ`ඵ පල්ලේ තබා පසුව එම මුං ඇට ටික කෝමාරිකා මදය සමග ගෙන කැ`දක් වශයෙන් සකස් කර පාවිච්චියට ගැනීම ඉතාම ගුණදායකය.

කාන්තාවන් මෙම ඖෂධය පාවිච්චියට ගැනීමෙන් ඇෙ`ග් වර්ණය පැහැපත් වෙනවා. ඇ`ග රන්වන් පැහැයක් ගන්නවා. එම වර්ණය දීර්ඝ කාලයක් පවතිනවා. හිස් හොරි හැදෙන්නේ නෑ.

විශේෂයෙන් කිවයුත්තක් තියෙනවා. අපේ කාන්තාවන් තම නිවසේ පෝච්චියක කෝමාරිකා පැළ කීහිපයක් වවා ගැනීම ඉතාම සුදුසුයි. වෙළෙ`ද පොළේ ඇති කෘතිම බීම වර්ග පාවිච්චියට ගන්නවාට වඩා ඉතා පහසුවෙන් තම ගෙදරම මෙම වටිනා කෝමාරිකා ශාකය වවාගෙන ඉතා වටිනා ඖෂධීය පානයක් ගෙදරදීම සාදා ගැනීම පිළිබ`දව අපේ කාන්තාවන්, තරුණ දියණියන්ගේ අවධානයට යොමු කිරීමට මම කැමතියි.

කෝමාරිකා ශාකය පිළිබ`දව දීර්ඝ විස්තරයක් කිරීමට අප අදහස් කළේ විශේෂ හේතුවක් ඇතිවය.

දැනට හෙළි වී ඇති කරුණු අනුව බෙහෝ විට මෙම කොවිඞ් 19 වෛරසයට ගොදුරුවීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇත්තේ කුඩා දරුවන්ට සහ වියපත් පිරිසට බව හෙළි වී ඇත.

එහෙයින් එවැනි පිරිස් ස`දහා දේශීය වශයෙන් මෙවැනි ඖෂධයන් පිළිබ`දව දැනුවත් කිරීමත් දේශීය වෛද්‍ය ක‍්‍රමයන් පිළිබ`දව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතු සුදුසුම කාලය මේ නොවේද ?.

අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් විසින් වෙද පොත් කීපයක්ම ලියා පළකර ඇති අතර ඉන් වඩාත්ම වටිනා ග‍්‍රන්ථය වශයෙන් මා දකින්නේ ද පිළිගන්නේ ද වෛද්‍යක හස්තසාරය හෙවත් සිංහලේ අත්වෙද පොතයි. රෝග 50 කට බෙහෙත් වට්ටෝරු 450 පමණ ඇතුළත් මෙම අගනා වෙද පොත බලන්ගොඩ මහවලතැන්න වලව්වේ සිටි එස්. ඞී. මහවලතැන්න රටේ මහත්මයාගේ (සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මුත්තණුවන්) පුස්කොළ පොතකින් උපුටා ගෙන සංගෘහිත හස්තසාර බ`දු ග‍්‍රන්ථයකි. මෙම පොත පළ කර ඇත්තේ නුගේගොඩ මොර්ඩන් පොත් සමාගම විසිනි.

එකී ග‍්‍රන්ථයේ දියවැඩියා රෝගය ක්‍ෂණිකව නසාලන ඉතා කෙටි බෙහෙත් වට්ටෝරු දෙකක් අපේ පාඨකයන්ගේ ප‍්‍රයෝජනය පිණිස මෙසේ ස`දහන් කරනු කැමැත්තෙමි.

දියවැඩියාවට

1. අරළු, කපු ඇට මද, සුදුදුරු, එන්සාල් මෙහැම සුනුකර සීනි හා මීයෙන් දෙනු. එක්ෂණයෙන් දියවැඩියා නසා,

2, කපු ඇට මද, කසා, අර`ඵ, එන්සාල්, නෙල්ලි, මයිල මල්, මෙහැම සුනු කර සීනියෙන් දෙනු. දියවැඩියා ක්ෂණයෙන් තුන් දිනට නසා.