ලිංගික දිවිය දුබල කරන දියවැඩියාවේ සංකූලතා

0
786

දියවැඩියාව රෝගය යනු බොහෝ සංකූලතා ඇතිකරන රෝගයකි.එම සංකූලතා අතර ලිංගික දුබලතා මතුවීම දියවැඩියා රෝගීන් මහත්සේ මානසික පීඩාවට පත්වන සංකූලතාවයක් බවට පත්ව තිබේ.මෙය කාන්තා පිරිමි කියා බේධයකින් තොරව ඇතිවන සංකූලතාවයකි.
 
 වෛද්‍යතුමනි දියවැඩියා රෝගයේදී මෙම ලිංගික දුබලතාවය මතුවන්නේ කුමන අවස්ථාවේදීද?
 
 ආයුර්වේදයේදී අප හදුන්වන ප‍්‍රමේහ රෝග අතර මධුමේහය මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත් නිසි ප‍්‍රථිකාර මගින් රෝගය පාලනය කර සංකූලතා ඇතිවීම වලක්වාගතහැකියි.නමුත් අප වෙත එන දියවැඩියා
 
 රෝගීන්ගෙන් බහුතරයක් මෙම සංකූලතාවලට ගොදුවී ඇත්තේ රෝගය වැළඳී වසර කිහිපයක් ගතවු පසුය.මෙහි අවාසනාවන්ත තත්ත්වය වී ඇත්තේ තමාට දියවැඩියා රෝගය ඇති බව දන්නා මුත් ඒ සඳහා නිසි ප‍්‍රථිකාර ලබාගෙන රෝගය පාලනය කරගැනීමට අවධානය යොමු කර නොතිබීම නිසා මෙම සංකූලතාවලට ගොදුරුවී ඇති බවය.එය ඔවුන්ගේ රෝග නිධානය පිළිඹඳව සමග කථාබහ කරනවිට අපට වැටහෙනවා.
 
 වෛද්‍යවරයෙකු ලෙස දියවැඩියා රෝගීන්ට ප‍්‍රථිකාර කිරීමෙන් මා ලබා ඇති අත්දැකීම් අනුව ලිංගික දුබලතාවයනට පත්වු රෝගීන්ගේ පෞද්ගලික පෞරුෂය ඉතා බරපතල කඩාවැටීමට ලක්ව තිබෙනවා.එනිසා ඔවුන් මානසික පීඩාවට පත්ව සිටිනවා.මෙය පවුල් අතර ගැටුම් ඇතිවීමට පවුල් බිඳවැටීමට දක්වා සංකීිර්ණවී තිබෙනවා.
 
 වෛද්‍යතුමනි දියවැඩියා රෝගයේදී ඇතිවන මෙම ලිංගික දුබලතාවය හඳුනා ගන්නේ කෙසේද?
 
 පිරිමින් පවසන්නේ තමුන්ට පෙරමෙන් ලිංගික ප‍්‍රාණවත්වීමක් සිදුනොවන බවය.ඒ සඳහා කොතෙක් උත්සාහා ගත්තත් ප‍්‍රථිඵලයක් නැතිබවද ඔවුන් වැඩිදුරටත් පවසනවා.
 
 මේ සම්බන්ධව කාන්තාවන් පවසන්නේ වෙනදා මෙන්නොව දැන් තමුනට ලිංගික ව එක්වීම වේදනාකාරීවී තිබෙන බවය. එසේම ලිංගික සම්බන්ධතාවයට ද වැඩි උනන්දුවක් නැති බවය.
 
 මේසඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ දියවැඩියා රෝගය නිසා ඔවුන්ගේ ස්නායු ක‍්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවීමය.ඉන් ඔවුන්ගේ ලිංගික උත්තේජනය ලබාගැනිමේ හැකියාව පහව යනවා.
 
 කාන්තාවන්ට ඇතිවන ලිංගික ගැටළු
 
 මෙහිදී කාන්තාවන්ට සංසර්ගයේදී අපහසුතා මතුවන අතර එ් හේතුව නිසා සූරාන්තයට පත්වීමට ඇති අවස්ථාව දුරුකරනවා.
 
 ආර්තවභාවය සිදුවන කාන්තාවන්ට දියවැඩියාව ඇති වුවහොත් එම කාන්තාවන්ගේ රුධිරයේ සීනි මට්ටම ක්ෂණික වෙනස් කම්වලට ලක්විය හැකියි. මේ නිසා එම කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යයට දැඩි හානි යක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි.එවන් කාන්තාවන් ලිංගිකව එක්වීමට පෙර රුධිර පරීක්ෂාවක් සිදුකරගැනිම වඩාත් සුදුසුයි.මන්දයත් මෙවන් පසුබිමක සිටින කාන්තාවක්
 
 ලිංගිකව එක්වීමේදී රුධිර යේ සිනි මට්ටම වඩා අඩු අගයක් ගන්නා නිසා ලිංගිකව එක්වීමේදී සතුටට වඩා වේදනාවක් හටගන්නවා.
 
 එසේම මෙවන් කාන්තාවන්ට ලිංගික සංසර්ගයේදී දැඩි අපහසුතාවයක් ඇතිකරවන දිළීර ආසාදන සහ
 
 ගැටිති මෙන්ම මුත‍්‍ර මාර්ගයේ හටගන්නා ආසාදනද ඇතිවීමේ ඉඩකඩ වැඩියි.
 
 පිරිමින්ට ඇතිවන ගැටළු
 
 දියවැඩියාව ඇති පිරිමින්ට නිතරම ඇතිවන්නේ තම ලිංගික කටයඅතු නිසි ලෙස සිදුකරගැනිමට නොහැකිවන පරිදි ඔවුනගේ පුරුෂ හෝමෝන මට්ටම පහල වැටීමයි. කෙසේ වෙතත් ඔවුනට ඇතිවන ප‍්‍රධානම ගැටළුව වන්නේ ශිෂ්ණය නිසි පරිදි ප‍්‍රාණවත් නොවීමයි.
 
 පුරුෂයකුගේ ශිෂ්ණය නිසි පරිදි ප‍්‍රාණවත්වීමටනම් ඊට නිසි පරිදි රුධිර සැපයුමක් අවශ්‍ය වෙනවා.දියවැඩියාව නිසා රුධිර නාළිකා වලට හානි සිදුවීම නිසා ශිෂ්ණයට ලැබිය යුතු නිසි රුධිර ප‍්‍රමාණය නොලැබීම නිසා ත් ස්නායු වලට හානි සිදුවීම නිසාත් ශිෂ්ණය සහ මොළය අතර ඇති සන්නිවේදනය අවහිර වීයනවා. එවිට ශිෂ්ණය ප‍්‍රාණවත් කරගැනිම තරමක් අසිරු ක‍්‍රියාවක් වෙනවා.
 
 වෛද්‍යතුමනි මෙම සංකූලතා සුවකිරීම සඳහා ඇති ආයුර්වේද ප‍්‍රථිකාර මොනවාද?
 
 මේ සඳහා ආයුර්වේදයේ සඳහන් ඇවතුම් පැවතුම් වලින් සහ ඖෂධ වලින සාර්ථක පිළිතුරක් ලබා ගතහැකියි. එහිදී ඖෂධ ගන්නා අතර ආහාර පාලනයත් නිසි ලෙස සිදුකිරීමෙන් මතුවඇති සංකූලතාවය ඉක්මනින් සුව කරගතහැකියි. වෛද්‍ය උපදෙස්මත රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ඖෂධ ලබා
 
 ගැනීම මගින් ලිංගික සෞඛ්‍ය යම් වර්ධනයක් සිදුකරගත හැකියි.දියවැඩියාව නිසා ඇතිවන විවිධ මානසික ආබාධ වලට වෛද්‍ය උපදෙස්මත ඖෂධ ගැනීමෙන් එය සුව කරගතහැකියි.
 
 දියවැඩියාව නිසා ලිංගික දුබලතාවයනට පත්ව සිටින පුද්ගලයින් දුම්පානය මත්පැන් පානය අත්හැරිය යුතුයි.තරබාරු අය නිසි ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් බර අඩුකරගතයුතුයි. මානසික ආතතිය දුරුකරගැනිම සඳහා භාවනා කිරීම,පොත්පත් කියවීම,සංගීතය රසවිඳීම වැනි මනස සැහැල්ලූ කරන කටයුතුවල නිරතවීම කළහැකියි.
 
 විශේෂයෙන්ම ආයුර්වේද පංචකර්ම හා ඖෂධ යෝග භාවිතාකිරීම මගින් මෙම ලිංගික දුබලතා සඳහා සාර්ථක විසඳුම් ලබාගත හැකියි.