වාහන බදු ගැන මොන කතා කිව්වත් මේකයි ඇත්තම කතාව

0
822

උදේශ සංජීව ගමගේ

මේ කතාව පටන් ගත යුත්තේ ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙනි. ඒ මේ ආණ්‌ඩුව විසින් ගනු ලබන තීරණ ගැන ඔහු කරන ප්‍රකාශවලට වගවීමක්‌ ඇති හෙයිනි. ඊයේ පෙරේදා වත්මන් ආණ්‌ඩුව නැවත වරක්‌ වාහන බදු ඉහළ දමා තිබිණි. වාහන බදු ඉහළ දැමීමෙන් පසුව එතෙක්‌ වාහනයක්‌ ගන්නට හිතමින් සිටි මිනිසාගේ සිහින කුඩුපට්‌ටම් වීම වෙනමම කාරණයකි. එහෙත් ඒ සිහින තොරොම්බල් කරමින් රටේ ජනතාවට වොක්‌ස්‌වැගන් කර්මාන්තශාලා, අඩු මිලට වොක්‌ස්‌වැගන් රථ, වැස්‌සේ තෙමෙමින් යන අයට මෝටර් රථ ලබා දෙන බවට පාරම් බාමින් බලයට ආ ආණ්‌ඩුවක වගකිවයුතු ඇමැතිවරයෙක්‌ රටේ ජනතාව බාල්දු කරමින් තුට්‌ටු දෙකේ කතා කීම පිළිකුල් සහගතය. මේ ජෝන්a ඉතාම ආසන්න කාලයේ වත්තල මං තීරුවේ ප්‍රශ්නයක්‌ නිසා ‘බාස්‌’ වූ ආකාරයට වාහන ගැන ‘අනවශ්‍ය’ කතා කියන්නට ගොස්‌ මැකෑනික්‌ ජෝන්’ බවට පත්ව තිබේ. මැකෑනික්‌ ජෝන් කී කතාව මේ කතාව සමඟ සම්බන්ධ වන්නේ කෙසේද යන කාරණාව පසුව කතා කරමු.

පසුගිය මැයි 27 වැනි සිකුරාදා වන විට වාහන බදු ඉහළ ගොස්‌ තිබිණි. පොඩි ගණන්වලින් නොව ලක්‍ෂ ගණනිනි. ලීසිං එකක්‌ දමා අමාරුවෙන් හෝ වාහනයක්‌ ගන්නට සිතා සිටි අයට පවා වැඩේ අතහැර දමන්නට සිදුව තිබේ. පසුගිය අය වැයේදී එතෙක්‌ වාහන ආනයනය කළ බදු වර්ග පහක්‌ වෙනස්‌ කර තනි බද්දක්‌ අය කිරීමට පියවර ගෙන තිබිණි. මෝටර් රථ වාහන ආනයනකරුවන් පවසන්නේ ඒ ක්‍රමය තුළ වූ සාධනීය බව පවා පසුගියදා වැඩිකළ බදු ක්‍රමය තුළ නැති බවය. කෙසේ හෝ මෝටර් රථ ආනයන තීරුබදු ගාස්‌තු සංශෝධනයේ ප්‍රතිඵලයක්‌ ලෙස මෝටර් රථවල වටිනාකම ඉහළ ගොස්‌ ඇති ආකාරය විමර්ශනය කිරීමේදී ඉදිරියේදී මෙරට ජනතාව ජපන් මෝටර් රථ ආනයනයෙන් වැළකී සිටින්නට ඉඩ තිබේ. නව බදු ක්‍රමවේදයේදී සිදුවන්නේ වාහනයක ඒකක ප්‍රමාණය මත බදුÊඅය කිරීමය. එම ක්‍රමවේදයෙන් වාහන මිල ඉහළ නඟින්නේ ජනතාවට බරකරත්ත, පාපැදි ගැන පමණක්‌ සිතන්නට ඉඩ දෙන ආකාරයෙනි. නව ක්‍රමවේදයට අනුව එන්ජින් ධාරිතාව 1000 CC වලට වැඩි සියලු මෝටර් රථ නව බදු සංශෝධනයට යටත් ය. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000 CC වලට වඩා වැඩි වාහන ආනයනයේදී ඒකකයට රුපියල් 1500 බැගින්ද, 1000 CC – 1500 CC කාණ්‌ඩ සඳහා ඒකකයට රුපියල් 3000 බැගින් ද, 1500 CC – 1600 CC අතර ඇති කාණ්‌ඩයට රුපියල් 3500 බැගින් සහ 1500 CC වැඩි වන හැම වාහනයක්‌ සඳහාම ඒකකයට රුපියල් 4000 බැගින්ද බදු අයකර ගැනීම සිදුකරති.

ඒකකයක්‌ යනු එන්ජින් ධාරිතාවය. එය ගණනය කළ යුත්තේ එන්ජින් ධාරිතාවට අයත් ඒකක ගණනින් බදු මුදල් වැඩි කිරීමෙනි. නිදසුනක්‌ ලෙස 1500 CC Ü රුපියල් 4000 (අදාළ බදු මුදල ලෙසය.)

මෙය ඉලෙක්‌ටි්‍රක්‌ වාහන සඳහා ගණනය කරන්නේ කිලෝ වොට්‌ 01 ක්‌ ඒකකයක්‌ ලෙස ය. ලීsµa ආදී මෝටර් රථ අයත් වන කි. වො. 80 ක වාහනයක 01 ඒකකයකට බද්ද රුපියල් 25,000 කි. ඒ සඳහා නිශ්චිත මුදලක්‌ හඳුන්වා දී තිබේ.

කෙසේ හෝ නව බදුÊසංශෝධන යටතේ ටොයෝටා ප්‍රියස්‌ රථයක මිල රුපියල් ලක්‍ෂ 36 කින් පමණද, එක්‌ස්‌ටේ්‍රල් රථයක මිල රුපියල් ලක්‍ෂ 36 කින් පමණ ද, කැම්රි හයිබ්‍රිඩ් රථයක්‌ රුපියල් ලක්‍ෂ 48 කින්ද වැනි ඉහළ මිල ගණනකට අලෙවි කිරීමට සිදු වේ. ඉතා ඉහළ මිල ගණන්වලට යටත් වන වාහන අතර ලෑන්ඩ් කෲෂර්, බෙන්ස්‌, අවුට්‌ලෑන්ඩර්, මැන්සඩා ඇක්‌සෙලා, ඇක්‌සියෝ, ප්‍රිමියෝ, ඇලියොන් වැනි වාහන ද ඒ අතර වේ. මීට ඉහත බදු වැඩි කළ අවස්‌ථාවේ රටේ ජනතාව බොහෝ සෙයින් මිලදී ගත්තේ ටොයොටා ඇක්‌වා සහ හොන්ඩා µsට්‌ වර්ගයේ කුඩා මෝටර් රථය. එහෙත් මෙම බදු සංශෝධන සමඟ එම වාහනවල මිල ද ඉහළ ගොස්‌ තිබේ. එපමණක්‌ නොව ජපන් වාහන මිල ගණන් ඉහළ ගිය හැම මොහොතකම රටේ බොහෝ දෙනෙක්‌ මිලදී ගත් 800 CC ඇල්ටෝ රථවල පවා මිල රුපියල් ලක්‍ෂ 2,25000 කින් පමණ ඉහළ ගොස්‌ තිබේ. බදු සංශෝධන යටතේ වාහන වර්ග 46 ක පමණ මිල එසේ ඉහළ යන විට තවත් වාහන මාදිලි 16 ක බදු පහළ දමා තිබේ. ඉලෙක්‌ටි්‍රක්‌ වාහනයකට මෙතෙක්‌ අය කළ රුපියල් ලක්‍ෂ 30 ක්‌ වූ රේගු බද්ද රුපියල් ලක්‍ෂ 17 කට පහත දමා තිබේ. ඒ අනුව ඉලෙක්‌ටි්‍රක්‌ කාර් රථයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යැමට ඉඩ තිබේ. එමෙන්ම විට්‌ස්‌ (1300 CC) රථ, වැගන් කාර් (ස්‌ටින්ග්රේ) (660 CC) සුසුකි නස්‌ලර් (660 CC) වැනි වාහනවල ද මිල බොහෝ සෙයින් අඩු වී තිබේ. විශේෂත්වය වන්නේ මෑත කාලයේ ටොයොටා ප්‍රියස්‌ රථය තරමටම ජනප්‍රිය වාහනයක්‌ වූ හොන්ඩා වෙල්ස්‌ වර්ගයේ රථයේ සහ ඉන්සයිට්‌ වර්ගයේ (සමහර කාණ්‌ඩ) ෂට්‌ල් හයිබ්‍රිඩ් වර්ගයේ රථවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ බැස තිබීමයි.

බස්‌, ලොරි. සහ වෑන් රථවලට මෙම බදු සංශෝධනයෙන් එතරම් ම බලපෑමක්‌ සිදුව නැති නමුත්, පොඩි මිනිහාගේ වාහනය ලෙස සැලකෙන ත්‍රිරෝද රථවල මිල ඉහළ ගොස්‌ තිබේ. (වගුව බලන්න)

“මැකෑනික්‌ ජෝන්ලා” කමකට නැති කතා කියන විට මුදල් අමාත්‍ය රවි කරුණානායක ද මේ ගැන රජයේ ස්‌ථාවරය පැහැදිලි කර තිබිණි. ඔහුට අනුව කාරණා කිහිපයක්‌ ඊට මුල් වී තිබේ. පළමු කාරණය විදේශ සංචිත ආරක්‍ෂා කර ගැනීම සඳහා වැඩි බදු මුදලක්‌ එක්‌ රැස්‌ කර ගැනීමයි. දෙවැන්න වාහන ආනයනය සීමා වීමත් සමඟම මාර්ග තදබදයට විසඳුමක්‌ ලැබෙනු ඇති බවයි. මෑත දිනයකදී වාහන ආනයනකරුවන්ගේ සංගමය මාධ්‍ය හමුවක්‌ පවත්වමින් කීවේ ද මීට සමාන කතාවකි. ඒ විදේශ මුදල් සංචිත ආරක්‍ෂා කර ගැනීමට රජයට සහාය දැක්‌වීම සඳහාත්, විදේශ විනිමය උච්චාවචනය වීම නිසා ආනයනකරුවන් මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය හේතුවෙන් ද මාස හයක කාලයකට වාහන ගෙන්වීම නතර කරන බවය. මුදල් ඇමැතිවරයාගේ ප්‍රකාශය ආනයනකරුවන්ගේ ප්‍රකාශය සමඟ සමපාත වන්නකි. එහෙත් මෙට තදබදයට විසඳුම වන්නේ වාහන ගෙන්වීම නතර කිරීම නොවන බව ආණ්‌ඩුවේ අයට හැර බොහෝ දෙනකුට තේරුම් යන කාරණයකි. මාර්ග පද්ධතිය විධිමත් ලෙස කළමනාකරණය කිරීමත්, රටේ වාහන ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කිරීමත් ආණ්‌ඩුවට ලෙහෙසියෙන් ම කළ හැක්‌කකි. උදාහරණයක්‌ ලෙස රටේ භාවිත වන වාහන අතුරින් සියයට 18 ක්‌ 20 ත් අතර ප්‍රමාණයේ පැරැණි වාහනය. මේ සියල්ල ඉවත් කිරීමේ ක්‍රමවේදයක්‌ සැකසිය යුතුය. (ඒ අතරම මැකැනික්‌ ජෝන් වර්ගයේ කල් ඉකුත් වූ අබලන් වු දේශපාලන චරිත ඉවත් කිරීමේ ක්‍රමවේදයක්‌ ද අවශ්‍ය ව තිබෙන බව අවධාරණය කළ යුතුය.)

රජය බදු ආදායමක්‌ අපේක්‍ෂාවෙන් මේ බදු සංශෝධනය ක්‍රියාත්මක කළ ද එය සාර්ථක නොවන බව පෙනෙන්නට තිබේ. සරල උදාහරණයක්‌ ලෙස රේගු ආදායමෙන් 40% ක්‌ පමණ රජයට හිමිවන්නේ වාහන ආනයනයෙනි. එමෙන්ම මෝටර් රථ ලියාපදිංචි කිරීමෙන් ලැබෙන ආදායම ද හරි අඩකින් අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග දක්‌වයි. ඉන්ධන මිල පහළ හෙළීමෙන් පසු රටේ ඉන්ධන භාවිතය සැලකිය යුතු මට්‌ටමින් ඉහළ ගිය ද, ඉදිරියේදී එය තරමක්‌ දුරට අඩු වීමට ඇති ඉඩකඩ වැඩිය. ඉලෙක්‌ටි්‍රක්‌ වාහන හැරුණු විට හයිබ්‍රිඩ් වර්ගයේ රථ සඳහා ද පෙට්‍රල් භාවිතා කළ යුතුය. රජයට ලැබෙන බදු ආදායම සේම රට පුරා විසිරී සිටින මෝටර් රථ ආනයනකරුවන් පවා විශාල ප්‍රශ්න රැසකට මැදිවීමේ ඉඩකඩ ද වැඩිය. ඕනෑම භාණ්‌ඩයක මිල අනවශ්‍ය ලෙස ඉහළ යැමේදී එය ප්‍රතික්‍ෂේප කිරීම වෙළෙඳපොළ ස්‌වභාවයයි. මේ තත්ත්වය රටේ මූල්‍ය ආයතන බොහෝමයකට බලපාන කාරණයක්‌ වීම අනිවාර්යය. රක්‍ෂණ සමාගම්, ලීසිං ආයතන මේ ආදී වශයෙන් වක්‍රව ආදායම් අහිමිවන ආයතන ගණනාවකි. සමහර වාහන ගණන් අඩු යෑයි කීම ප්‍රායෝගික වශයෙන් සාර්ථක නැත. ඉලෙක්‌ටි්‍රක්‌ වාහනයක්‌ මිලදී ගන්නා කෙනෙකුට විදුලි ආරෝපණය කිරීමේ මධ්‍යස්‌ථාන (CHARඨෂභඨ ඡධෂභඔ) අවමය. බදු අඩු කළා යෑයි කියන හයිබ්‍රිඩ් වාහන ද මිලදී ගත හැකි මට්‌ටමක නැත.

බදු සංශෝධනයේදී සාධනීය තත්ත්වයක්‌ ලෙස සැලකිය හැක්‌කේ ත්‍රිරෝද රථ බදු මිල වැඩි වීම පමණකි. මේ වන විට රට පුරා ඇති ත්‍රිරෝද රථ ප්‍රමාණය (2008 වර්ෂයේ සිට 2016 මැයි දක්‌වා කාලය අතරතුර) 1,079,395 (දශලක්‍ෂ හැත්තෑනවදහස්‌ තුන්සිය අනූපහකි. එම කාලය අතරතුරම එනම් 2008 – 2016 මැයි දක්‌වා ලියාපදිංචි වී ඇති මෝටර් කාර් රථ සංඛ්‍යාව 692320 (හයලක්‍ෂ අනූදෙදහස්‌ තුන්සිය විස්‌සකි.) දශ ලක්‍ෂයද ඉක්‌මවන ත්‍රිරෝද රථ සංඛ්‍යාවෙන් අවම සියයට 75 ක්‌ ‘හයර්’ සඳහා මහමඟ නවතා ඇති ඒවාය. රටේ ශ්‍රම බළකායට එකතු විය යුතු තරුණ ශ්‍රමය කවර මට්‌ටමින් හෝ අධ්‍යාපනය හමාර කළ පසු නතරවන්නේ ත්‍රිරෝද රථයකිනි. පෙදරේරු, වඩු වැඩ, පයිප්ප වැඩ, මේ ආදී වශයෙන් වූ වෙනත් රැකියාවක්‌ තෝරා ගැනීමට වඩා ත්‍රිරෝද රථයකට ගාල්වීම බොහෝ තරුණ කොටස්‌ ප්‍රිය කරන බවක්‌ පෙනෙන්නට තිබේ. එහෙත් මේ කිසිවක්‌ ආණ්‌ඩුවේ බදු ප්‍රතිපත්තිය ඉතා හොඳයෑයි කියන්නට සෑහෙන තරමේ ඒවා නොවේ.

මැකැනික්‌ ජෝන්ලා කියන පරිදි “අනව්‍යශ අයත්’ වාහන ගන්නට උත්සාහ දරති. ඒ උදවියට මේ අසම-ජාති වැඩේ දිරවන්නේ නැත. පාර්ලිමේන්තුවේ සිටින තක්‌කඩි, දූෂිත දේශපාලනඥයන් ‘අවශ්‍ය’ අය නිසාමදොa ඒ උදවියට තීරු බදු රහිතව කෝටි ගණන් වටිනා වාහන ගෙන්වන්නට කැබිනට්‌ පත්‍රිකා ඉදිරිපත් කරති. දැන් අපිට අහන්නට එක ප්‍රශ්නයක්‌ ඉතිරිව තිබේ. මේ ආණ්‌ඩුව බලයට පත් වූ විට වාහනයක්‌ ගන්නට පුළුවන් යෑයි කී ඡන්ද ඇඩ් එක හදපු එකා කෝ?

– Divaina