කොකෝවා රටක්‌ ගොඩදාන්න පුළුවන් වස විස නැති වගාවක්‌

0
1180

ඝර්ම කලාපීය දේශගුණයක වැවෙන කොකෝවා ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයකි. ක්‍රි. පූ. 1900 වැනි ඈත කාලයකදී පවා කොකෝවා ගසෙන් ලබා ගත් ආහාර පරිහරණය කළ මායාවරුන් සහ ඇස්‌ටෙක්‌වරුන්ගේ තොරතුරු පුරා විද්‍යාඥයන් සොයාගෙන තිබේ. පිලිස්‌සුම් තුවාල සුව කිරීමට, උණ මැලේරියා මර්දනය කිරීමට, සර්ප දෂ්ට සමනයට කොකෝවා යොදාගෙන ඇත. ඇමසන් වනාන්තරය ආශ්‍රිතව නිජබිම් කොට ගත් කොකෝවා ශාඛය මෙක්‌සිකෝවේ සිට පේරු රට දක්‌වා ව්‍යාප්තව ඇත. කොකෝවා වන දර්ශයන් එහිදී හමුවේ. දාහත් වන සියවස අග භාගයේදී පමණ මේ ශාකය ලෝකයේ බොහෝ ඝර්ම කලාපීය රටවලට සංක්‍රමණය වන්නේ යටත් විජිත කරණයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ස්‌පාඤ්ඤයේ පස්‌වන චාල්ස්‌ රජතුමා වෙත 1828 දී පමණ ප්‍රදානය කරනු ලැබූ කොකෝ ආහාරයක්‌ නිසා එය යුරෝපයේ වේගයෙන්ම ප්‍රචලිත විය. ස්‌විස්‌වරු මෙම කොකෝ වලින් වෙඬරු නිෂ්පාදනය කළහ. චොකලට්‌ කර්මාන්තයද ඇරඹූහ. මෙම ව්‍යාප්තිය නිසා අද ලෝකයේ ස්‌වාභාවික ආහාරයක්‌ ලෙසට කොකෝවා දිනා සිටින නාමය ඉතා ඉහළ බව පැවසිය හැකිය.

දහනව වන සියවසේ ලංකාවේ ඇරඹුණු වතු වගාවත් සමගම විශේෂයෙන්ම කෝපි වගාවත් සමගම කොකෝවා මෙහි ප්‍රචලිත විය. කොකෝවා බීජ ලංකාවට හඳුන්වා දී මාතලේ නාලන්ද ප්‍රදේශයේදී පළමුවෙන්ම රෝපණය කරන ලද්දේ 1819 දී පමණය. පසුව නුවර, කුරුණෑගල, බදුල්ල, මොණරාගල සහ කළුතර වැනි දිස්‌ත්‍රික්‌කයන්හි වතු වගාවක්‌ වශයෙන් කොකෝවා ප්‍රචලිත වන්නට හේතුව වූයේ කෝපි වගාවත් සමග එය පැතිර යැමයි. එම නිසා කෝපි ඇට විකුණා ලබන ලාභයට අමතර ලාභයක්‌ කොකෝ ඇට විකුණා ගන්නට ග්‍රාමීය ජනතාවට අවස්‌ථාවක්‌ ලැබුණි. වර්ෂ 1878 වන විට කොකෝවා කි. ග්‍රෑම් 500 ක්‌ පමණ අපනයනය කළ බවට වාර්තවේ. 1960 දශකය වන විට ලංකාවේ කොකෝවා වගාව හෙක්‌ටයාර් 12000 ක පමණ ප්‍රදේශයක ව්‍යාප්තව පැවතුණි. ක්‍රියලෝෙµdරස්‌ටරෝ සහ ටි්‍රනිටාරියෝ නමින් ප්‍රභේද තුනක්‌ ලංකවේ ප්‍රචලිතව පවතී. මේ වන විට ලංකාව පුරාම හෙක්‌ටයාර් 2772 භූමි ප්‍රමාණයක්‌ කොකෝවා වතු වශයෙන් වගා කොරේ. පැරණි කොකෝවා ප්‍රභේදවලින් හෙක්‌ටයාරයකට කි. ග්‍රෑම් 250 ක පමණ අස්‌වැන්නක්‌ වාර්තා වන නමුදු වැඩි දියුණු කළ ප්‍රභේද මගින් එම අස්‌වැන්න කි. ග්‍රෑම් 2500 දක්‌වා වර්ධනය කළ හැකි බව සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ලංකාවේ චොකලට්‌ කර්මාන්තයට විශාල ඉතිහාසයක්‌ නැත. කැන්ඩොස්‌ සන්නාමය යටතේ පළමුවරට ඇරඹුණු මේ චොකලට්‌ කර්මාන්ත වපසරිය තුළ අද සමාගම් විසිහතක්‌ කටයුතු කරති. නමුත් ක්‍රමයෙන් ලංකාවේ වගා වන කොකෝවා වතු අඩු වීමෙන් කර්මාන්තයන්ට දක්‌වන දායකත්වය ඉතා අල්ප වී තිබේ. සාමාන්‍ය වශයෙන් මසකට කොකෝවා ඇට මෙට්‌රික්‌ ටොන් තිහක්‌ පමණ කැන්ඩොස්‌ චොක්‌ලට්‌ කර්මාන්තයට පමණක්‌ අවශ්‍ය බව පැවසෙයි. එහෙත් දැනට සැපයෙන්නේ මෙට්‌රික්‌ ටොන් දහයක්‌ පමණ සුළු ප්‍රමාණයකි.

කොකෝවා ගෙඩියේ ඇට එක්‌කාසු කොට වියළා ගබඩා කොට පසුව අලෙවි කිරීම අතීතයේ සිටම පැවති සම්ප්‍රදාය විය. නමුත් පසු කාලයේදී චොකලට්‌ කර්මාන්තයේ දියුණුවත් සමගම කොකෝවා ඇට පදම් කරමින් කළු කොකෝවා වැනි අගනා කොකෝ ආහාර මගින් වටිනාකම් එකතු කළ හැකි නිෂ්පාදනයන් ඇතිවන්නට විය. ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකුව සිටි උපාලි විජයවර්ධන මහතා ඇරඹූ කැන්ඩොස්‌ චොකලට්‌ කර්මාන්තය අද ලොව පුරා කීර්ති නාමයක්‌ සටහන් කොට ඇත. නෙදර්ලන්තය, බෙල්ජියම, ඉන්දියාව, ඝානාව, ඉතාලිය, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවලට කැන්ඩොස්‌ නිෂ්පාදන අලෙවි කෙරේ. 2014 වර්ෂයේ දී ලංකාවෙන් අපනයනය කරන ලද කොකෝ නිෂ්පාදන මෙට්‌රික්‌ ටොන් 2098 ක්‌ විය. එA මගින් මිලියන 1076 ක විදේශ විනිමයක්‌ උපයාගෙන තිබේ. එය සමස්‌ත අපනයන ආදායමෙන් දහයෙන් එකක්‌ පමණ වේ. නමුත් 2014 වර්ෂයේ දී කොකෝ ඇට සහ නිෂ්පාදන මෙට්‌රික්‌ ටොන් 3680 ක්‌ පමණ ආනයනය කොට තිබීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එA නිසා අපනයන ආදායම නිෂේධ කොට ආනයන වියදම වැඩි වී තිබේ.

පෙර සඳහන් කළ පරිදි දැනට ලංකාවේ දිස්‌ත්‍රික්‌ක කීපය තුළ පවතින හෙක්‌ටයාර් 2772 ප්‍රමාණය මෙලෙස කොකෝවා කර්මාන්ත ඉහළ නැන්වීමට ප්‍රමාණවත් නැත. පරිසරයට හිතකාමී වන මෙම කොකෝවා වගාව වෙනත් භෝග අතරද වගා කළ හැකිය. එලෙසම රසායනික පොහොර නොමැතිව ඉතා සාර්ථකව එය වගා කළ හැකිය. මෙවැනි ප්‍රවණතා නිසා ලංකාව පුරා පවතින කොකෝවා වගාව තව දුරටත් ප්‍රචලිත කරලීමට දිරි දීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි. ඊට හේතුව දැඩි මුදල් හිඟයකින් පෙළෙන විදේශ සංචිත ක්‌ෂයවෙමින් පවතින රටක ආයාසයකින් තොරව අපනයන ආදායම් තර කළ හැකි වගාවක්‌ වශයෙන් කොකෝවා වගාව ඉදිරියෙන් තිබෙන නිසාය. මේ තත්ත්වය අවබෝධ කරගත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර කීපයක සිට මොණරාගල දිස්‌ත්‍රික්‌කය තුළ අමතර වශයෙන් හෙක්‌ටයාර් 2000 පමණ ප්‍රමාණයක වගාව වැඩි දියුණු කරලීමට උත්සාහ ගනිමින් සිටී. ඔවුන්ගේ ඉලක්‌කය නම් දැනට රබර් වගා කර ඇති ප්‍රදේශය තුළ රබර් අතර මේ වගාව දියුණු කිරීමයි. මේ වන විට එම වගාව හෙක්‌ටයාර් 227.5 ක පමණ ව්‍යාප්තව පවතී. මෙයින් වන වාසි කීපයකි. එකක්‌ නම් රබර් මිල පහත වැටුණු කල්හි කොකෝවා මගින් ආදායම ලැබීමට හැකිවීමයි. අනෙක නම් මොණරාගල වැනි දිස්‌ත්‍රික්‌කයක පසේ තෙතමනය ආර්ද්‍රතාවය පවත්වාගෙන යැමට කොකෝවා පරිසර හිතකාමී ලෙසට යොදා ගැනීමට හැකි වීමයි. ඊට අමතරව කොකෝවා වගා කරන දිස්‌ත්‍රික්‌ක දහතුනක පමණ අමතර හෙක්‌ටයාර් 2517 ක්‌ පමණ වගාව ව්‍යාප්ත කිරීමට උත්සාහ දැරීමයි. මාතලේ දිස්‌ත්‍රික්‌කයේ තිබෙන පැරණි වගාව පුනරුත්ථාපනය කොට අස්‌වැන්න වැඩි කිරීමද ක්‍රියෝලෝ සහ ෙµdරස්‌ටරෝ යන බීජ දෙමුහුන් කොට අස්‌වැන්න වැඩිකර ගැනීමේ වැඩ සටහන්ද මීට අමතර වශයෙන් ක්‍රියාත්මක වේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විවිධ පර්යේෂණ සහ ව්‍යාප්ති වැඩ සටහන් කළද වැවිලිකරුවන් සහ කොකෝවා නිෂ්පාදකයන් එA තුළින් ඵල ප්‍රයෝජන ලැබ ගැනීම අඩුය. බොහෝ විට ආනයනික බීජ කෙරෙහි වැඩි විශ්වාසයක්‌ තැබීම මූලික හේතුවයි. එසේම දඬුලේනුන් වැනි සතුන්ගෙන් වගාවට වන හානිද වගාව ප්‍රචලිත වීමට බාධාවක්‌ බවට පත්ව ඇත. නමුත් පලිබෝධ වන සත්aව හානි වැනිදේ කල්පනාකාරීව විසඳා ගැනීමට හැකියාව තිබෙන බව පැවසිය යුතුය. කෙසේ වෙතත් ලංකාවේ විදේශ සංචිත නැන්වීමට නම් ලංකාවේ අපනයනයන් වැඩි කළ යුතුය. රජය කෘෂිකාර්මික අංශයන් කෙරෙහි වැඩි විශ්වාසය නොතැබීම ෙ€දවාචකයක්‌ බවට පත්ව තිබේ. විදේශ ණය මගින් රට ඉදිරියට ගෙන යැම සදාකාලික යථාර්ථයක්‌ නොවේ. එබැවින් වතු වැවිලි අංශය දියුණු කිරීමද එA මගින් අගය එකතු කළ හැකි නිෂ්පාදනයන් අපනයනයට යොමු කිරීමද මගින් විදේශ විනිමය සොයන දිශානතියකට රටගෙන යා යුතුය. මෙයට ප්‍රධන බාධාව වී තිබෙන්නේ දේශපාලන බලුපොරය බව පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුය.

මෙම ලිපිය සකස්‌ කිරීමේදී අනෝශා දිසානායක මහත්මියද පිටවල මහතා ද දුන් සහය අගය කරමි.

මතුගම සෙනෙවිරුවන්
– Divaina