දැන් කොණ්‌ඩයාගේ අයියා… මතක තියාගන්න… ඒකත් කියන්නේ පොලීසියෙන්… – Kondaya released on Seya murder case

0
609
kondaya

කොණ්‌ඩයා නිදහස්‌ ය. ඝාතනය කළ පුංචි දියණියගේ ශරීරයේ තිබුණා යෑයි කියන ආගන්තුක සෛල සාම්පලවල ඩී.එන්.ඒ සමඟ කොණ්‌ඩයාගේ ඩී.එන්.ඒ ගැලපෙන්නේ නැත. විද්‍යාත්මක සාක්‌ෂි විසින් කොණ්‌ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නමැති පුද්ගලයා මේ අපරාධය නොකළ බව විශ්වාසනීය අන්දමින් තහවුරු කර තිබේ. මේ මොහොත වනවිට පොලිසිය අපරාධය සම්බන්ධව සැකපිට කොණ්‌ඩයාගේ අයියා වූ සමන් ජයලත් නමැත්තා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටී.

දැන් කොණ්‌ඩයාව ඩෙවල් දමා කන්නට ඉල්ලූ, ඔහුව මිනුවන්ගොඩ උසාවියට ගෙනෙනවිට පොලිසියට පහරදී ඔහුව පැහැරගෙන මරා දමා නඩු විස`දන්නට උසාවිය වට කළාවූ පින්වත් මිනිස්‌සු අපේක්‌ෂා භංගත්වයට පත්වී සිටිති. පොලිසියත්, විචාර බුද්ධිය හා වෘත්තීය වගකීම කුණු කාණු පල්ලට දමා පොලිසියේ ඉ`දුල් තලුමරන දුගී මාධ්‍ය වාර්තාකරුවනුත් ඔවුන්ට රටක්‌ පත් කළ හැකි ව්‍යසනයේ ප්‍රමාණය පිළිබ`ද යළිත් අපට කියා දෙමින් හි`දිති. පසුගිය 24 වැනිදා රාත්‍රියේ සියලුම විද්යුත් මාධ්‍ය නාලිකා ස්‌වකීය ප්‍රවෘත්තිවලින් වැඩි ඉඩක්‌ වෙන් කළ, ඊට පසුදින (25) රටේ ප්‍රධාන පුවත්පත් සියල්ලේ සිරස්‌තල සැරසූ, මේ රටේ වැඩිමනත් පිරිසක්‌ අභිරුචියකින් නැරඹූ මෙන්ම කියෑවූ, සි`ගිති දියණිය දූෂණය කළ ආකාරයත් මරා දැමූ ආකාරයත් පිළිබ`ද කොණ්‌ඩයාගේ පාපොච්චාරණය සබුද්ධිකව නැවත කියවිය යුතු වන්නේ මේ රටේ වැසියන් ලෙස අප ගතකරන ජීවිතයේ එක්‌ මානයක්‌ ඉන් රූපණය වන බැවිනි.

කොණ්‌ඩයාගේ පාපොච්චාරණය

පසුගිය 25 දා රටේ සියලුම පුවත්පත් කොණ්‌ඩයාගේ පාපොච්චාරණය ලීවේය. මාධ්‍ය කරුවන් කොණ්‌ඩයාව බලන්නට රහස්‌ පොලිසියට ගියේ නැත. රටේ රහස්‌ පොලිසිය මේ කතාව ස්‌වකීය හිතවත් වාර්තාකාර සගයන්ට කීවේය. වාර්තාව සැරසීම ස`දහා සමහර පුවත්පත් කොණ්‌ඩයා විසින් දියණිය ඔසවාගෙන යන ආකාරයේ මනරම් සිතුවම් යොදාගෙන තිබිණි. පොලිසිය කියූ, මාධ්‍යය ලියූ ඒ කතාව මෙසේය.

– මම මේ ගෑනු ළමයගේ ගේ ළ`ගින් කලුවරේ යද්දී කාමරයක ලයිට්‌ එකක්‌ දාලා තියනවා දැක්‌කා. ළ`ගට යද්දී ජනේලය අර දමා තිබුණා. එතකොට පොඩි ළමයි තුන් දෙනෙක්‌ එක ඇ`දක නිදාගෙන ඉන්නවා දැක්‌කා. ඒ එක්‌කම අනික්‌ ඇෙ`ද් ගැහැණු කෙනෙක්‌ නිදාගෙන ඉන්නවා දැක්‌කා.

– ගැහැණු අය නිදාගෙන ඉන්න තැන්වලට, නාන තැන්වලට ගිහින් හොරෙන් බලාගෙන සිටීම මම කාලයක සිට කරගෙන යනවා. මම පොඩි ළමයින්ටත් ආසයි. ජනේලෙන් ටිකක්‌ වෙලා එබිකම් කර බලාගෙන ඉන්නකොට ලස්‌සන ගෑණු ළමයෙක්‌ නිදාගෙන ඉන්නවා දැක්‌කා. ඇරලා තිබුණු ජනේලයෙන් පනින්න බැරි නිසා ගෙයි ඉදිරිපස පැත්තට ගිහින් දොරේ හැ`ඩලය කරකවා දොර අරින්න බැලුවා. එතකොට ඉබේම දොර ඇරුණා. මම හීන් සීරුවේ ඒ කාමරේ ඇතුළට ගියා.

– ඇ`දට ගොඩවී එතන හිටපු ලස්‌සන ළමයගේ යට කලිසම ගලවලා දැම්මා. ඒ ළමයගෙ කට වහන්න. ඇ`දුම ගලවනකොට ළමයා අම්මේ කියලා කිවුවා. යට ඇ`දුම විසිකරලා ළමයගේ කට අතින් වහගෙන ළමයා කරපින්නන් ගෙදර ඉදිරිපස තිබුණු දොරෙන් එළියට ආවා. ළමයගේ අම්මට හො`දටම නින්ද ගිහින් තිබුණෙ. ඇහැරුණේ නෑ. ඊට පස්‌සේ ළමය වෙල් යායකට අරගෙන ගියා. ගිහින් දූෂණය කර මරා දැම්මා. මළ සිරුර ඇළට විසි කරලා ගෙදර ගියා.

(සැකකරු දැරිය දූෂණය කළ ආකාරය ගැන විස්‌තර කරමින් කොණ්‌ඩයා රහස්‌ පොලිස්‌ නිලධාරීන් හමුවේ දීර්ඝ පාපොච්චාරණයක්‌ කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ මාධ්‍යයයට තහවුරු කරයි. දැරියට කළ හිංසනය කියන්නට බැරි තරම් පිළිකුල් සහගත හෙයින් පළ නොකරන බව සමහර මාධ්‍යය විශේෂයෙන් දන්වා සිටී. සැප්තැම්බර් 25 සියලු ජාතික පත්තරවල මුල් පිටු බලන්න)

මේ මාධ්‍ය විසින් දීර්ඝව වාර්තා කළ පාපොච්චාරණයේ සංක්‌ෂිප්තයකි. කොණ්‌ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත පෙර කළ වැරදි සහිත අපරාධකරුවෙක්‌ විය හැකිය. ඔහු 2013 ජූලි මාසයේ 13 දා අවුරුදු 15 දැරියක්‌ පැහැරගෙන යැමට තැත් කිරීම සම්බන්ධව වසරක සිර `ද`ඩුවමක්‌ වසර 05 ට අත්හිටුවා ඇති බවත්, 1999 දී පුද්ගලයෙකුට කඩුවෙන් කොටා ඇති බවත්, වේයන්ගොඩ ප්‍රදේශයෙA ගව සොරකම් 3 ට ඔහු සම්බන්ධ බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කීවේය. පොලිසිය නොනිලව කී ආකාරයට මාධ්‍යය වාර්තා කළේ ඔහු ගැහැණු නාන තැන්වල ගැවසෙන බවත්, ගැහැණු යට ඇ`දුම් උස්‌සාගෙන යන බවත්, මළමිනී පවා දූෂණය කරන බවත්ය. එහෙත් දුනේෂ් ප්‍රියශාන්ත නමැත්තා කොටදෙනියාවේ දියණිය දූෂණය කර ඝාතනය කර නැත. ඔහු තමන් මේ අපරාධයට කිසි ලෙසකින් හෝ සම්බන්ධ නැති බව විවෘත අධිකරණයේදී කීවේය. දැන් ඒ යථාර්ථය විද්‍යාත්මක පරීක්‌ෂණවලින් තහවුරු වී තිබේ. එසේනම් පුවත්පතක පළ කළ නොහැකි බව පුවත්පත්ම – රිවස්‌ බොක්‌ස්‌, ඇතුලේ කියන, අතිශය තිරිසන් ළමා දූෂණයක හා මිනී මැරුමක අනුයාත පිළිවෙල සහිත පට්‌ට පදුරු බොරුව නිර්මාණය කරන්නේ පොලිසිය විසින් බව පැහැදිලිය. තමන් දරුවාගේ මනෝමය දූෂකයා වී දරුවාගේ ගේ අසලින් යැම, විදුලි එළිය දැක කාමරයට එබෙනවිට ලස්‌සන ළමයෙක්‌ දැකීම, කාමරයට ඇතුළු වී දරුවාගේ යට ඇ`දුම් ගැලවීම, දරුවා කර පින්නාගෙන ගෙයින් එළියට පැන අ`දුරේ වෙල් යායට යැම, අනතුරුව දරුවාගේ ඉදිරි පසට හා පිටිපසට ලිංග ප්‍රවේශනය කරමින් දූෂණය කර මරා මිනිය ඇළට දැමීම තෙක්‌ කොණ්‌ඩයා සම්බන්ධ ප්‍රබන්ධය නිර්මාණය කරන පොලිසියේ බිහිසුණු ලිංගික විකෘතිය අපව තැති ගන්වයි. කොටදෙනියාවේ දියණිය ඝාතනය කළ පාදඩයාගේ හා පොලිසියේ මනෝ විකෘතියෙහි අන්තරයක්‌ අපට නොපෙනෙන බැවිනි.

දුනේෂ් ප්‍රියශාන්තව කීතු කොට මරා දැමීමට තරම් සමාජය කුපිත කරවනු ලැබුවේ ඔහු කළ පාපොච්චාරණය යෑයි කියූ මේ තිරිසන් ප්‍රබන්ධය විසිනි. මේ ප්‍රබන්ධය තුළ හැසිරෙමින් ඔහුව ආයුද පෙන්වන්නට අරගෙන යැම ප්‍රමාද වීම එක්‌ අතකට රටේ වාසනාවකි. ඔහුව මරා දමා සමාජයත් තෘප්ත කර තමුන්ටද අස්‌වැසිල්ලක්‌ ලබා ගැනීමට ඇති අවකාශය පොලිසියට අහිමි වූයේ නූලෙනි. සියයට 95 ක්‌ අපරාධ නඩු නොවිසෙෙ`දන රටක පොලිසියේ හැසිරීමේ ස්‌වරූපය මෙය නම් ආයුධ පෙන්වන්නට ගොස්‌ අතාර්කිකව මරා දැමූ සැකකාර අපරාධකරුවන් ඇසුරෙහි වැළලී ගිය අපරාධ කොපමණදැයි ප්‍රශ්න කරන්නට අපව පොළඹවයි. ගංජා මිටියක්‌ දමා, කුඩු පැකට්‌ එකක්‌ දමා බන්ධනාගාරවල ගාල් කළ සිවිල් මිනිසුන් කොපමණ වෙත්දැයි විමසන්නට අපව පොළඹවයි. පොලිසිය හා ඔවුන්ගේ ඉ`දුල්වලින් එදා වේල සොයාගන්නා මාධ්‍යකරුවන් විසින් විකෘති කර විනාශ කර දැමූ පුද්ගලයන් හා සිද්ධි කොපමණක්‌දැයි අසන්නට අපව පොළඹවයි.

කොටදෙනියාව දැරිය ඝාතන සිද්ධිය වැදගත් වූයේ රටේ මිනිසුන් තුළ ජීවත්වන තිරිසනා අවදිකරන්නට නොවේ. යහපත් සමාජයක්‌ උදෙසා ප්‍රාමාණික කථිකාවක්‌ ඇතිකරන්නටය. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකට අනුව මේ අපරාධය සම්බන්ධ පරීක්‌ෂණ රහස්‌ පොලිසියට භාර දෙන්නේ ඇය මරා දමා දින 5 ට පසු එනම් ඔක්‌තෝම්බර් 17 දාය. රටක රහස්‌ පොලිසිය මඟින් කරන්නේ රහස්‍ය භාවය පිළිබ`ද වගවෙමින් ජාතියට වගකියන වෘත්තීමය පරීක්‌ෂණයකි. එහෙත් ඒ රහස්‌ පරීක්‌ෂණවල තොරතුරු පහුවෙනිදා පත්තරවල පිටු ගණන් පළවන්නේය. විද්යුත් මාධ්‍ය පැය ගණන් තලු මරන්නේය. මෙය විය හැක්‌කේ කෙසේද?. මෑත වකවානුවේ රට විකල් කරනු ලැබුවේ මේ වෘත්තීය නොවන පොලිස්‌ කුපාඩිකම්ය.

මේ සාහසික හැසිරීමට ඉතිහාසයක්‌ තිබේ. සේයා ඝාතනයට පෙර රටට මාතෘකා සැපයූ එක්‌නැලිගොඩ ඝාතන පරීක්‌ෂණයේදී රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වන තවේන්ද්‍රන් නැමැති බුද්ධි සාමාජිකයා පිළිබ`ද මාධ්‍යයට හෙළි කරනු ලැබුවේ පොලිසිය විසිනි. යුද්ධයෙන් පසු හමුදා බුද්ධි අංශ දියත් කළ බුද්ධි මෙහෙයුමේ ප්‍රධාන සම්පත් දායකයාවූ තවේන්ද්‍රන් හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි ප්‍රධානියෙක්‌ වූ සුරේෂ් කුමාර් බවත්, ඔහු මෙතෙක්‌ හමුදා බුද්ධි අංශ සමඟ කටයුතු කර ඇති බවත් ලෝකය දැනගත්තේ ඒ හෙළිදරව්වත් සමඟිsනි. නාවික හමුදා බුද්ධි නිලධාරීන් සම්බන්ධව කරන ලද රහස්‌ පොලිස්‌ පරීක්‌ෂණවල විද්‍යාත්මක නොවන තොරතුරු තමන් විසින් ගොදුරු කරගැනීමට අපේක්‌ෂිත නිලධාරීන් ඉලක්‌ක කරගෙන යාවත්කාලීන වූ අතීතයක්‌ තිබුණේය.

මේ කුපාඩිකමේ ප්‍රමාණය හරියටම අවබෝධ වන්නේ සේයා ඝාතනයේ පොලිස්‌ පරීක්‌ෂණ පෙළ කියෑවීමේදීය. අපරාධකරුවෙකුගේ පාපොච්චාරණය මේ මොහොතේ අපේ මිනිසුන් විෂයෙහි බිහිසුණු විහිලුවකි. දැන් සමාජයක්‌ ලෙස අප හමුවේ ඇති ව්‍යසනය අප විසින්ම සමාලෝචනය කරගත යුතුව තිබේ.

කොණ්‌ඩයාගේ පාපොච්චාරණයට පෙර අත්අඩංගුවට ගෙන අනාගතය විනාශ කරන ලද තරුණ සිසුවා පොලිස්‌ අත්අඩංගුවට පත්වන ආකාරය ගැන නැවත සිහිකර මේ සටහන නිමා කරන්නට අපව පොළඹවයි. සාහසික අපරාධයක්‌ විෂයෙහි සැක පිට අත්අඩංගුවට ගන්නවා වුවද දරුවෙක්‌ විෂයෙහි රටක හැසිරීම රටේ ශිෂ්ඨත්වය පිළිබ`ද නිර්නායකයක්‌ සපයන බැවිනි. අනෙක්‌ අතට පොලිසියේ දැනුමේ තරම ඉන් ප්‍රකාශ වන බැවිනි.

කොටදෙනියාව පොලිසියේ ස්‌ථානාධිපතිවරයා අධිකරණයේ දී දුන් ප්‍රකාශයට අනුව පාසල් සිසුවාව අත්අඩංගුවට ගන්නේ කරුණු පහක්‌ පදනම් කරගෙනය.

1 අම්මා කිවුවා දරුවා නොමනා ළමයි සමඟ ඇසුරු කරනවා කියලා

2 අම්මා කියනවා දරුවා ගෙදර එන්නෙ රෑ වෙලා කියලා

3 පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබුණා

4 මියගිය දැරියගේ පියා විසින් ළමයාට ඉංග්‍රීසි ඉගැන්නුවා

5 මිය ගිය දැරියගේ සේයාරුවක්‌ ළමයගේ පරිගණකයේ තිබුණා.

සේයා ගේ ෙµdටෝ එක මං ෙµaස්‌ බුක්‌ එකේ ෂෙයා කරපු එකක්‌. ඒක මගේ වෝල් එකේ තිබුණා. පොලිසියට කොච්චර කිවුවත් මේක තේරුම් ගත්තෙ නෑ. නිදොස්‌ව නිදහස්‌ වී පැමිණි ශිෂ්‍යයා මාධ්‍යයට කියා තිබුණේය.

ඇත්ත මෙය නම් අප ජීවත් වන්නේ නිවාඩු දමා ගෙවල්වලට වී බියවිය යුතු රටකය.

ජානක ලියනආරච්චි
– Divaina