මෛත්‍රිපාල සමග ඇයි හොඳයියක්‌ අවශ්‍ය නැහැ

0
687

nalina77මම කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක්‌ නො වෙමි. එහෙත් මට රනිල් මෛත්‍රිපාල පික්‌පොකට්‌ ආණ්‌ඩුව මැතිවරණයේ දී පරාජය කිරීම අවශ්‍ය වෙයි. එයට හේතුව ඒ ආණඩුව බටහිර යටත්විජිත ගැති ඉන්දීය පක්‍ෂපාති සිංහල විරෝධී එකක්‌ වීම ය. මේ දුස්‌සංධානය හා දෙමළ ජාතික සංධානය අද මෙරට බටහිර හා ඉන්දිය ගැති පක්‍ෂ අතර ප්‍රධාන වෙයි. ජ වි පෙ, ජාතික හෙළ උරුමය, මුස්‌ලිම් කොංග්‍රසය ආදී පක්‍ෂ ද එවැනි ම වූ පක්‍ෂ වෙයි. ශ්‍රී ල නි ප මෛත්‍රිපාල කණ්‌ඩායම ද එසේ ම ය. එබැවින් මහින්ද මෛත්‍රිපාල එකතුවක්‌ නොතිබිය යුතු ය. එය අවසානයේ දී රටට විරුද්ධ වනු ඇත. එහෙත් මෙරට දේශපාලනඥයෝ අප කියන දෙයට සවන් නො දෙති. විද්යුත් ජනමාධ්‍ය අපට අපේ මතය රටට ගෙන යැමට කිසිම උපකාරයක්‌ නො කරයි. පුවත්පත් දෙක තුනක්‌ හා තතත.කඅලඅයඅ.ඔරග වෙබ් අඩවිය නොවන්නට අප මතය මරා දමා අවසාන ය. පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වුව ද විද්යුත් මාධ්‍ය අපට ප්‍රචාරයක්‌ ලබා නො දෙයි. සමහර විට ඔවුන් සිතනු ඇත්තේ අප අන්තවාදීන්, මුග්ධයන්, උන්මක්‌තකයන්, ආදීන් කියා ය. ඊනියා ජාතිකවාදී යෑයි කියාගන්නා දෙරණ මත පයගහ සිටින්නේ යෑයි කියන ජනමාධ්‍ය ද මෙහි දී අපට කිසිම උපකාරයක්‌ නො කරයි.

මහින්ද මෛත්‍රිපාල එකතුව අනතුරුදායක බව අපි කියා ඇත්තෙමු. ඒ අදහස්‌ මෙසේ ගොනු කරමු. අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී ල නි පක්‍ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මොකක්‌දෝ පක්‍ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්‍රතිශතයකින් ජය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්‌ලිම් ඡන්ද ද ජ වි පෙරමුණේ ඡන්ද ද ඔහුට තොගපිටින් වැටෙද්දී ය. ජ වි පෙරමුණට ඇති ඡන්ද තුන්ලක්‍ෂයක ප්‍රමාණය අවසානයේ දී තීරණාත්මක විය. මෛත්‍රිපාල බලයට පත් කිරීමේ පාප කර්මයෙන් එ ජා පක්‍ෂයට, දෙමළ ජාතික සංධානයට විවිධ මුස්‌ලිම් පක්‍ෂවලට මෙන් ම ජ වි පෙරමුණට හා ජාතික හෙළ උරුමයට ද මිදිය නො හැකි ය.

මෛත්‍රිපාල සිරිසේන බලයට පත් වූ විගස නීති විරෝධී ව රනිල් වික්‍රමසිංහ පික්‌පොකට්‌ අගමැති ලෙස පත්කර පික්‌පොකට්‌ කැබිනට්‌ටුවක්‌ පත් කෙළේ ය. අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා නීති විරෝධී ව ගෙදර යෑවුවේ ය. අල්ලස්‌ ලෙස ඇමතිකම් දෙමින් ආණ්‌ඩු පක්‍ෂයේ මෛත්‍රි කණ්‌ඩායමේ ශක්‌තිය වැඩි කර ගැනීමට ක්‍රියා කෙළේ ය. තම කණ්‌ඩායමේ මන්ත්‍රීවරුනට ගර්ජන මර්දන කරමින් රනිල්ගේ සුළුතර ආණ්‌ඩුව පවත්වාගෙන යැමට ආධාර කෙළේ ය. රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව මත කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. මෙහි දී ඩිව් ගුණසේකර ද වාර්තාව පමා කර වරදක්‌ කර ඇති බව පැහැදිලි ය. අද රනිල් වික්‍රමසිංහට කොන්දක්‌ ඇත්නම් ඔහු කළ යුත්තේ කජු කිරි කොල්ලන් වාදයට නොයවා තමා ම ඩිව් ගුණසේකර සමග වාදයකට එළඹීම ය.

ඒ සියල්ලෙහි දී මෛත්‍රිපාල සිරිසේන කටයුතු කර ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව ය. ඔහුගේ අනුගාමිකයෝ ද ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව වැඩ කළහ. ඔවුහු අද ඊනියා සමගියක මුවාවෙන් නැවතත් එ ජා පක්‍ෂයට බලය ලබා දීමට කටයුතු කරති. මෛත්‍රිපාල සිරිසේන සමග වැඩ කර ඇමතිකම් බදා ගත්තෝ ද මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රී කණ්‌ඩායමෙන් ඉදිරිපත් වී තනතුරු බලාපොරොත්තු වූ අය ද මහින්ද රාජපක්‍ෂට විරුද්ධ වූහ. මේ නිවටයන් නොදැන සිටිය ද රටේ සිංහල ජනතාවගෙන් අති විශාල බහුතරය ද සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරු ද මහින්ද සමග සිටියහ.

අප කිහිප වතාවක්‌ ම පෙන්නා දී ඇති පරිදි දේශපාලන බල තුලනය ජනවාරි 8 වැනි දා සිට ඉතා ඉක්‌මණින් වෙනස්‌වීමට පටන් ගත්තේ ය. නුගේගොඩ රැස්‌වීමට පෙර ද ජන ගඟ මහින්ද දිශාවට ගමන් කිරීමට පටන් ගත්තේ ය. තවත් පනස්‌හයක පෙර නිමිති පහළ විය. නිවටයෝ මහජන අප්‍රසාදයට ලක්‌ වූහ. මහින්ද කණ්‌ඩායමට තනිව ම තරග කර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකි බව පෙනෙන්නට තිබිණි.

එහෙත් එසේ නොදුටු කිහිප දෙනෙක්‌ ද වූහ. ඔවුහු රනිල් අගමැති ධුරයේ දිගටම සිටියහොත් තම ජීවිතවලට අනතුරක්‌ වන බව සිතුවෝ ය. ඔවුහු නිවටයන් සමග එක්‌වී මෛත්‍රිපාල හා මහින්ද සමගි කිරීමේ ෙද්‍රdaහී ක්‍රියා මාර්ගයකට එළඹියහ. මහින්ද රාජපක්‍ෂ වෙන ම තරග කිරීම පක්‍ෂය කැඩීමක්‌ ලෙස හැඳින්වූහ. එසේ හැඳින්වූවෝ පක්‍ෂය කඩාගෙන ගිය මෛත්‍රිපාලගේ නිවට ඇම්බැට්‌ටයෝ ම වූහ. මේ නිවටයන් දැන සිටි කරුණ නම් මෛත්‍රි කණ්‌ඩායම වෙන ම තරග කළහොත් ඔවුන්ට කිසි දිනෙක ජයග්‍රහණය කළ නොහැකි බව ය. නිවටයන් සැලසුම් කෙළේ මහින්ද සමග එකතු වී මහින්දගේ ඡන්දවලින් ජයග්‍රහණය කර පසුව මෛත්‍රිපාල සිරිසේනගේ සුපුරුදු ෙද්‍රdaහි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එ ජා ප සමග නැවතත් හවුල් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමය. මෛත්‍රිපාල සිරිසේන ඇමතිකම් අල්ලස්‌ දීමෙන් මහින්ද කන්ඩායමේ මන්ත්‍රීවරුන් ද ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියේ ය.

සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට අනුව පක්‍ෂය කැඩී ගොස්‌ නො තිබිණි. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද ජයග්‍රහණය කරවීම ය. නිවටයෝ ද රනිල් බලයට පත්වුවහොත් ජීවිත නැති වේ යෑයි සිතුවෝ ද මහින්ද රාජපක්‍ෂගේa කරපිටින් බලයට පැමිණ මහින්දට අගමැතිකම නැතිකිරීමට සැලසුම් කළහ. ඔවුහු මහින්ද හා මෛත්‍රිපාල කණ්‌ඩායම් එකතු කිරීමේ ජනතා විරෝධී ක්‍රියාදාමයක නිරත වූහ. දේශපාලන බල තුලනයේ වෙනස හේතුවෙන් මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් තරග කිරීමට ඉඩ දීමට නිවටයන් එකඟ වූයේ මහින්දගේ කරපිටින් බලයට පැමිණීමට ය.

ඔවුන්ගේ ෙද්‍රdaහි සැලැස්‌මේ අවස්‌ථා කිහිපයක්‌ වෙයි. පළමුවෙන් ම මහින්ද පිළ රවටා අවසාන දිනයේ දී ශ්‍රී ල නි පක්‍ෂය සංධානයෙන් ඉවත් වී සංධානය අහෝසි කර එහි අපේක්‍ෂකයන් අතරමං කිරීම ය. ඒ අතර නිවටයන් කිහිප දෙනකු එ ජා ප සංධානයකින් තරග කර නැවතත් රනිල් මෛත්‍රි දේශෙද්‍රdaහි ආණ්‌ඩුවක්‌ පිහිටුවීම ය. දෙවනු ව සංධානයෙන් තරග කර හැකිතාක්‌ මෛත්‍රිපාල හිතවාදීන් මන්ත්‍රීන් ලෙස පත්කරගෙන මහින්ද කණ්‌ඩායමෙන් ද කිහිප දෙනකු අල්ලස්‌ දීමෙන් තමන්ට දිනාගෙන මහින්ද හා මහින්ද හිතවාදීන් නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්‌ඩුවක්‌ පිහිටුවීම ය. අද මේ සඳහා නාමයෝජනා පත්‍ර සකස්‌ කිරීමේ දී මෛත්‍රි කණ්‌ඩායමට වාසි ලබා දෙන ලෙස නිවටයෝ ඉල්ලා සිටිති. මහජන බලවේගය ඇත්තේ මහින්ද සමග මිස පක්‍ෂයට ෙද්‍රdaහීවූ මෛත්‍රිපාල සමග නො වේ. අද මහින්ද වෙනුවෙන් පළමුවෙන් ම වේදිකාවට නැගි අයට, විශේෂයෙන් ම බස්‌නාහිර පළාතේ පළාත්සභා මන්ත්‍රීවරුන්ට, නාමයෝජනා නොලැබී මහින්දට ෙද්‍රdaහි වූවනට නාමයෝජනා ලැබෙන තත්ත්වයක්‌ උදා වී ඇත.

මේ ඉතා අයහපත් තත්ත්වයකි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරය මෙන් ම පක්‍ෂ සභාපති ධුරය ද යොදා ගනිමින් අද උත්සාහ ගන්නේ උපක්‍රමශීලිව මහින්ද රාජපක්‍ෂ නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්‌ඩුවක්‌ පිහිටුවීම ට. මේ උත්සාහය පරාජය කළ යුතු ය. ඒ කළ හැක්‌කේ මෛත්‍රිපාල සිරිසේන අත්හැර මහින්ද කණ්‌ඩායම තනිව තරග කිරීමෙනි. එවිට නිවටයන්ට එ ජා පක්‍ෂයෙන් නාම යෝජනා ලබා ගෙන හෝ මෛත්‍රිපාල පිළ ලෙස තනිව තරග කර හෝ නන්නත්තාර වීමට අවස්‌ථාව සැලසෙනු ඇත. මහින්ද කණ්‌ඩායමට තනිව තරග කළත් අද ජයග්‍රහණය කළ හැකි ය. නිවැරදි සටන් පාඨ මත පදනම් වුවහොත් ඔවුන්ට තුනෙන් දෙකේ බලයක්‌ සහිත ආණ්‌ඩුවක්‌ වුව ද පිහිටුවීමට හැකි වනු ඇත.

ඒ පියවර ගැනීමට තවමත් පමා නැත. එහෙත් අපට සවන් දෙන්නෝ කවරහු ද? මගේ නම ද ජාතික ලැයිස්‌තුවට ඇතුළත් කර ඇතැයි අභයාරාම විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගැනීමට ලැබිණි. මා ඔහුට කීවේ මෛත්‍රි මහින්ද සංධානයකින් නම් මට ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීවරයකු වීමේ කිසිදු අවශ්‍යතාවක්‌ නැති බව ය.

Source: Divaina Online Edition