ඊළාම් වාදයට පාර කැපූ පුත්තතම්බි නාඩගම්

0
954

1949 දී පෙඩරල් පක්‍ෂය විසින් ඊලාම් වාදය ප්‍රකාශයට පත් කරන විට ජාතිභේදවාදී ව්‍යාපාරය උතුරේ ජන සමාජය තුළ සිය වසරකට වැඩි කාලයක්‌ ගෙන ගොස්‌ තිබුණි. බ්‍රිතාන්‍ය පාලනය සෘජුවම එයට මැදිහත් වූ අතර බටහිර රටවල විවිධ ක්‍රිස්‌තියානි නිකායන්ට ආරාධනය කර ලංකාවට ගෙන්වා ගැනීමෙන් මේ ජාතිවාදී ව්‍යාපාරයට විශාල අනුබලයක්‌ ලබා දුනි. ජාතිවාදය සමාජයට කා වැද්දීමට නොයෙක්‌ කාව්‍ය මාලාවන් යොදා ගති. ඉන් ප්‍රධාන තැනක්‌ ගන්නේ යාල් පාන වෛපමාලයි කාව්‍ය සංග්‍රහයයි. විවිධ රචනාවන් මගින් ඉතිහාසය විකෘති කර දැක්‌වීම ද දිගටම කෙරී ඇත. මේ පද්‍ය හා ගද්‍ය රචනා වලට අමතරව නාට්‍ය කලාවද ඊට යොදා ගත් බව පුත්තතම්බි නාඩගමෙන් තහවුරු වේ. ගම්බද ප්‍රදේශවල සොකරි නාඩගම වැනි නාඩගම් බොහෝ ගැමියන් නරඹා සතුටට පත් වන අවස්‌ථාවන් පිළිබඳව බොහෝ දෙනාගේ මතකයේ රැඳී පවතිනු ඇත. මේවා දේව පූජාවන්ට සම්බන්ධ නිසා පොදුවේ ජනයා ඒවාට ඇලුම් කරති. ජෝන් ද සිල්වා වැනි නාට්‍ය ශිල්පීන් ආරම්භ කර නාට්‍ය කලාව සිංහල ජාතිය පිළිබඳව පුළුල් ප්‍රබෝධාත්මක හැ`ගීමක්‌ පොදු ජනයා තුළ ඇති කළහ. පුත්තතම්බි නාඩගමද එවැනි බලපෑමක්‌ දෙමළ සමාජය තුළ ඇති කර ඇත.

පුත්තතම්බි නාඩගමේ දිගහැරෙන කතාව ලන්දේසීන් පෘතුගීසින් පරදා යාපනය අල්ලා ගෙන පාලනය ආරම්භ කළ සමයේ ඇති වූ කුමන්ත්‍රණ සිද්ධියකි. ෂෂ රාජසිංහ රජු ලන්දේසීන් ලංකාවට ගෙන්වා ගනු ලැබුවද වැඩි කලක්‌ යන්නට මත්තෙන් රජුට ඔවුන් එපා විය. මෙය පොදු ජනයා හැඳින්වූයේ ඉ`ගුරු දී මිරිස්‌ ගත්තා වාගේ වැනිය ලෙසටයි. මේ නිසා රාජසිංහ රජු යාපනයේ සිටි දොන් ලුවිස්‌ නමැති පෘතුගීසි යටතේ සේවය කොට පසුව ලන්දේසීන් යටතේ සේවය කිරීමට බැඳුනු මුදලිවරයා මගින් කුමන්ත්‍රණයක්‌ දියත් කරන ලදී.

මේ කටයුත්තට පෘතුගීසි යටතේ සිට ලන්දේසීන්ට සේවය කිරීමට බැඳුනු පෘතුගීසී සොල්දාදුවන් කණ්‌ඩායමක්‌ ද හවුල් කර ගන්නා ලදී. කුමන්ත්‍රණය දියත් කිරීමට වෙලාව එළඹියේ ලන්දේසි භටයින් විශාල පිරිසක්‌ නාගපට්‌ටනම් ආක්‍රමණය කිරීමට එතෙර ගොස්‌ සිටි අවස්‌ථාවකදීය. මේ අවස්‌ථාවේ ආරක්‍ෂාව භාරව සිට ඇත්තේ මැනුවෙල් අන්ද්‍රdදි නමැති සිංහල ලස්‌කිරිඤ්ඤ කපිතාන්වරයෙකි. සෑම උදයකම පෘතුගීසි භාෂාවෙන් යාපනය කොටු දොරකඩ පල්ලියේ යාඤ්ඤාව කරගෙන යන අතර තමන්ට මැනවින් අසා සිටිය හැකි ස්‌ථානයක්‌ ලෙස පෘතුගීසි භටයන් තෝරාගෙන ඇත්තේ ආසන්නයේ ඇති උස්‌ බිම් කඩකි. රෙපරමාදු ආගම දේශනා කරන අතර මොවුන් උස්‌ ස්‌ථානයේ සිට තමන්ගේ තුවක්‌කුද ආරක්‍ෂාව සඳහා යයි අඟවමින් කණ්‌ඩායම් වෙත එල්ල කරගෙන සිට ඇත. දින කිහිපයක්‌ මේ ක්‍රියාව කර ගෙන යන අතර ඔවුන්ගේ හැසිරීම පිළිබඳව මැනුවෙල්a අන්ද්‍රdදි සැක උපදවා ඇත. ඔවුන්ගේ ඉලක්‌කය වී ඇත්තේ උස්‌ ස්‌ථානයේ සිට ලන්දේසි භටයින්ට හා එහි ප්‍රධානීන්ට වෙඩි තබා මරා දමා ඉබි යතුරු උදුරාගෙන පෘතුගීසී සිරකරුවන් නිදහස්‌ කර ගැනීමයි. ඇති වූ සැකය මත එක්‌තරා තුප්පහිවරයකුගෙන් කරුණු විමසීමේදී සම්පූර්ණ විස්‌තරය හෙළි කිරීමට ඔහු කටයුතු කර ඇත. වහාම කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගෙන ආණ්‌ඩුකාරයා වෙත ඉදිරිපත් කර ඔවුනට දඬුවම් පැමිණවීමට ක්‍රියා කර ඇත. එම දඬුවම් කොතරම් දරුණු ද යත් බැල්දියස්‌ කර ඇති විස්‌තරය (ලන්දේසි පූජකවරයා) බැලිදියස්‌ගේ ලංකා පුරාවෘත පොතේ 426,427 හා 428 පිටුවල දැක්‌වේ. එම දඬුවම්වල දරුණු බව තේරුම් ගැනීමට පොතේ ඇති දේ එලෙසින්ම මෙහි උපුටා දක්‌වමි.

මෙම අදේව වාදී කුමන්ත්‍රණයේ ප්‍රධාන වරදකරු මන්නාරමේ වැසියෙක්‌ විය. ඔහුද දොන් ලුවිස්‌ නමැත්තාද තවත් පෘතුගීසි ජාතිකයෙක්‌ ද දඬුරාමුවකට බැඳ තබා පළමුව බෙල්ලට පොරවකින් කොටා අනතුරුව පපුවටද පොරවෙන් කොටා ඔවුන්ගේ පපු කැනති එළියට ඇද ෙද්‍රdaහී මුහුණුවල අතුල්ලන ලදී. මෙය කියවන විට ඔබට එහි දඬුවම කොතරම් බරපතල දැයි වැටහෙනු ඇත. මෙම අවාසනාවන්ත සිද්ධියෙන් දිවි තොරකළ අය අතර කල්දේරා නමැති ෙ-සු නිකායික පූජකවරයෙක්‌ ද විය. ඔහු කර ඇත්තේ මේ කුමන්ත්‍රණය පිළිබ`ද සියලු රහස්‌ දැනගෙන තමන්ගේ මිනිසුන් පාවාදිය නොහැකි නිසා රහසක්‌ වශයෙන් තබා ගැනීමයි. අසනීප හේතුවෙන් පෘතුගීසීන් සමග ආපසු යාමට නොහැකි වූ මෙම පූජකවරයා අහිංසකයෙකි. එහෙත් ඔහු දඬුවමට පාත්‍ර විය. මේ අවාසනාවන්ත සිද්ධිය ජන හදවතට කෙතරම් බලපාන්නට ඇද්දැයි කල්පනා කරන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොල කුමාරි හාමිටත් දරුවන්ටත් කළ විපත සිහිවේ. එකම වෙනස මෙම කුමන්ත්‍රණයේදී කුමන්ත්‍රණකරුවන් ස්‌ත්‍රීන් හෝ කුඩා දරුවන් නොවීම. සෙසු අයට පාඩමක්‌ වීමට මරා දැමූ අයගේ සිරුරු ප්‍රසිද්ධියේ එල්ලා තැබීමද මෙහි විශේෂයකි.

මෙම සිද්ධිය 1830 දී මන්නාරමේ ජුවාන් කොස්‌තා නමැති අයෙකුගේ පුතකු වන ඩේවිඩ් නම් අයෙකු කාව්‍ය සංග්‍රහයක්‌ මගින් එළි දක්‌වා ඇත. ඉන් ටික කලකට පසු ඔහුගේ කලා නිර්මාණය තවත් අලංකාර එකතු කරමින් පරිමාලන් නමැති අයෙකු නාට්‍යයක්‌ නිපදවා ඇත. මෙම නාට්‍යයේදී දොන් ලුවිස්‌ නමැති නමට පුත්තතම්බි යනුවෙන් දෙමළ නමක්‌ ද එකතු කර ඇත. එම නාට්‍යයේදී පුත්තතම්බි මුදලිවරයාගේ සුරූපී බිරිඳ ගේ චරිතයක්‌ ඊට එකතු කර ඇත. ඒ අනුව මුළු නාට්‍යයම සැබෑ සිද්ධියෙන් වෙනස්‌ මගකට යොමු කර ඇත. එහි කියන්නේ මැනුවෙල් අන්ද්‍රdදී නමැත්තා පුත්තතම්බි සුරූපී බිරිඳ දැක ඇයට වශී වී ඇයට අයුතු යෝජනාවක්‌ කර එය නින්දාසහගත ලෙස ප්‍රතික්‌ෂේaප කළ නිසා ඔහු වංචනික කුමන්ත්‍රණයකට පැටලූ බවයි. මුහන්දිරම් මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා අභයසිංහ විජයශ්‍රීවර්ධන සිංහලයට පෙරලූ යාල්පාන වෛපමාලයේ නව වන පරිච්ඡේදයේ කොටසක්‌ මෙසේ උපුටා දක්‌වමි.

ඕලන්දයෝ ඉනික්‌බිති බලයට පැමිණියෝය. ඔවුන්ගේ පළවන ප්‍රසිද්ධ ක්‍රියාව වූයේ රෙපරමාදු ක්‍රිස්‌තු ලබ්ධිය පිළිබ`ද ප්‍රකාශය ඉදිරිපත් කිරීමය. සිවිල් ආණ්‌ඩුවේ ආදායම් අංශයෙහි මුදලි පදවියට පුත්තතම්බි නම් වෙල්ලාලන් ගෝත්‍රිකයාද ලියකිවිලි පිළිබ`ද අංශයෙහි මුදලි ධුරයට මැනුවෙල් අන්ද්‍රdදි නම් කුරුකුල ගෝත්‍රයාද ඔවුන් විසින් පත් කරනු ලැබූහ. මේ මුදලිවරු දෙදෙනා ඔවුන් කෙරෙහි හිත මිතුරු බවෙන් බැ`දී ගියෝය. එක්‌ දිනෙක රාත්‍රී භෝජනය ස`දහා ආරාධිත වූ අන්ද්‍රdදි මුදලිවරයා පුත්තතම්බි මුදලිඳුන්ගේ නිවසට සැපත් වූයේය.

පුත්තතම්බි බිරිඳ අතිශයින්ම රූමත් කෝමල කාන්තාවකි. ඇයගේ කාන්තිමත් දේහය පියුම් වෙනෙහි බැඳී ගිය අන්ද්‍රdදි මුදලිඳුන්ගේ දෙනෙත් බඹරුන් එයින් ඉවතට ගත නොහුනේය. ඕ තොමෝ වනාහි කයිලෙයි වන්නියාගේ සොහොයුරියක, ස්‌ථිරසාර චරිතයක්‌ උදාර හැ`ගීමක්‌ යන වංශවතුන් අතර මහත් ප්‍රසිද්ධියක්‌ ඇති ඇයගේ මුතුන් මිත්තන්ගේ පරපුරෙහි ආරයෙන් හා ගතිගුණ ඇය කෙරෙහි ද නොඅඩුවම පිහිටියේය. අන්ද්‍රdදිගේ අවිනීත යෝජනාවට මහත් උදහස්‌ දැක්‌වූ ඇය, ඒ අපවිත්‍ර පණිවුඩය ගෙන ආ සේවකයාට අවඥා සහගත ලෙස ඉලපතකින් පහර දෙවා තම කෝපයද පළ කළා. මෙසේ තම යෝජනාවත් තමනුත් හෙලා දක්‌නා ලැබූ ප්‍රේමයෙනුත් ආතුර වූ අන්ද්‍රdදි මුදලි පලි ගැනීමේලා උත්සුක වූයේය. සාමාන්‍ය රිදවීමකින් තමාට කළ අවනම්බුවේ වන්දිය නොගෙවෙන බව ඔහු සිතුවේය. දරුණුතම ක්‍රෑර වූ පළිගැනීමක්‌ පිළියෙළ කර ගැනීමට ඔහු පෙළඹුණේ එහෙයිනි.

කච්චෙයි තොටින් රජයේ දැව දඬු තොගයක්‌ ගෙනයැම සඳහා යෑයි ව්‍යාජයෙන් හ`ගවා අන්ද්‍රdදි විසින් පුත්තතම්බිගේ අත්සන හිස්‌ කොළයකට තබ්බවා ගන්නා ලදී. මිත්‍රයා ගැන යන්තමින් හෝ සැකයක්‌ නොපැවැත්වූ පුත්තතම්බිගේ අත්සන එයට යෙදුවේ අවශ්‍ය ආඥාව එහි පසුව ලිපිකර ගනු ඇතැයි යන විශ්වාසයෙනි. පළිගැනීමට අවස්‌ථාවක්‌ සොයමින් සිටි අන්ද්‍රdදි ඒ හිස්‌ කොළය ලියමනකින් පුරවාලුවේය. දැන් එහි ඇත්තේ පුත්තතම්බි විසින් සිය අත්සන යොදා පරංගීන්ට යවන රාජෙද්‍රdaහි රහස්‌ සන්දේශයකි. එහි සඳහන් වූයේ ලන්දේසීන්ගේ රාජධානිය උදුරා ගැනීමට ඔවුන් නැවතත් වෑයමක්‌ කරතොත් එයට තමාගේ සම්පූර්ණ සහයෝගයම ලැබෙන බවය.

පරංගින් වෙත මේ හසුන් පත ගෙනයමින් සිටි පණිවුඩකරු අල්ලා ආණ්‌ඩුකාරවරයා ඉදිරියට පමුණුවනු ලැබීය. රාජෙද්‍රdaහී ක්‍රියාව ඔප්පු කිරීමෙහිලා බාහිර සාක්‍ෂි වුවමනා වූයේ නොවේ. නියම අත්සන සහිත සන්දේශයම එයට ප්‍රමාණවත් වූ බැවිනි. එහෙත් එහිලා විධිමත් විභාගයක්‌ පවත්වනු ලැබී ය. එහිදී පුත්තතම්බි සිය නිර්දෝෂී භාවය නිරනුමාන ලෙස දක්‌වා සිටියේය. එය එසේ වුවද අන්ද්‍රdදිගේ හිතමිත්‍රයකු වූ ආණ්‌ඩුකාරයාට, ඔහුගේ සියුම් තර්කවලට සහ යාඥා සහගත අයෑදීම්වලට කිසි ලෙසකින් කන් නොදී සිටිනු නොහැකි විය. අවසානයේදී නිරපරාධි පුත්තතම්බි මරණීය දණ්‌ඩනයට යටත් කරනු ලැබීය. දණ්‌ඩනය ද නොපමාව ක්‍රියාවේ යොදවන ලදී.

ඕලන්ද ආණ්‌ඩුකාරයාට සහෝදරයෙක්‌ විය. ඔහු පුත්තතම්බි මුදලිගේ ඉතා හිතවත් මෙන්ම බලවත් මිත්‍රයෙකි. එකල ඔහු සිටියේ උරුවක්‌තොට කඩක්‌කෝඩ්ටය ගොඩ නංවමිනි. පුත්තතම්බිට නියම කළ දණ්‌ඩනය පිළිබ`ද ආරංචිය ඔහු වෙත ළ`ගා වීමට පෙරාතුවම මරණීය දණ්‌ඩනය ක්‍රියාවේ යොදවනු ලැබීය. එහෙත් කයිලෙයි වන්නියා කොළොම්පුරට පැමිණ මේ අපරාධය ගැන පැමිණිලි කර සිටියේය. ඒ ගැන විභාගයක්‌ පැවැත්වීම සඳහා අන්ද්‍රdදිව කොළඹට කැඳවුණු ලැබූහ. මෙසේ මේ ආඥාව නිකුත් කරනු ලැබූවේ විලම්බි නම් වර්ෂයෙහි බිනර මාසයෙහිය. ආණ්‌ඩුකාරයා කොළඹ බලා නැවෙන් ගමන ආරම්භ කළේය. නැව බි`දී හේ මුහුදු බත් විය. අන්ද්‍රdදි කොළඹ බලා නික්‌මුනේ ගොඩමාර්ගයෙනි. පළිගැනීමේ ශූර වූ අන්ද්‍රdදි මුදලි වන මාර්ගයේදී වල් අලියෙකුගේ පයින් පෑගී මිරිකී සුන් බුන් ගොඩක්‌ බවට පත් වූයේය. මේ අවුරුද්දෙහි සැඩ ගංවතුරකින් උරුවක්‌තොටෙහි බොහෝ මිනිසුන්ගේ සහ සතුන්ගේ ජීවිත විනාශයට පත්විය.

ඉහත දැක්‌වූ ෙ-දය කියවන විට ඔබට බැල්දියස්‌ සිය පොතේ ලියූ දෙය සහ වෛපමාලයේ දැක්‌වෙන කතාව එකිනෙකට වෙනස්‌ බව පෙනේ. යාල්පාන වෛපමාලයේ කතාන්දරය කියවන්නෙකුට හැෙ`ගනුයේ පුත්තතම්බි නම් මුදලිවරයාගේ බිරිඳ මනා යහගුණයෙන් යුක්‌ත කුල කාන්තාවක්‌ බවයි. එය එසේ වීමට ඉඩ ඇත. අන්ද්‍රdදි සල්ලාල පිරිමියෙකු බවත් ඔහු සිංහලයෙකු බවත් ඔහු කරාවේ වංශයට අයිති බවත් කතාවේ කියා ඇත. මෙයින් යාපනයේ ඇති කුල භේදයද කුලවතුන්ගේ යහගුණද ඉස්‌මතු කරයි. සිංහලයින්ට අපහාස කිරීම එහි ඇත. දැන් ප්‍රශ්නයක්‌ පැන නගී. එනම් යාල්පාන වෛපමාලය පොත 1736 ලිවුවානම් එම පොතට 1830 ලියූ කථාවක්‌ ඇතුළත් වූයේ කෙසේද? ඇත්ත කතාව බැල්දියස්‌ නමැති රෙපරමාදු පූජකවරයා සියෑසින් දැක ඇසින් දුටු සාක්‍ෂි සහිතව ලියූ දෙය 1672 දී ඇම්ස්‌ටර්ඩෑම් නගරයේදී පොතක්‌ ලෙස එළි දක්‌වා ඇත. බැල්දියස්‌ගේ ලංකා පුරාවෘත යනු එම පොතේ සිංහල පරිවර්තනයයි. ඔහු රෙපරමාදු ආගම යාපනයට හඳුන්වා දුන් පළමු පූජකවරයාය. මේ පරස්‌පරයෙන් ජාතිවාදී අදහස්‌ ප්‍රචාරය කිරීම යාපනයේ ජයටම සිදු වූ බව මැනවින් තේරුම් ගත හැක. මෙය සිදු වූයේ 1815 සිංහල රාජ්‍ය ඉංග්‍රීසීන් යටත් කරගත් පසු 1816 දී යාපනයට ගෙන්වා ගත් ඇමරිකානු මිෂනාරීන් එහි අධ්‍යාපනය දියුණුකරනවාට අමතරව ජාතීන් බේද කිරීමේ ව්‍යාපාරය ද කර ගෙන ගොස්‌ ඇත. ඒ බව මෙම සාක්‍ෂිවලින් මැනවින් පැහැදිලි වේ.

මෙම නාඩගම යාපනයේ පල්ලිවල කෝවිල් වල පෙරහැර හෝ උත්සව අවස්‌ථා වල ර`ග දක්‌වන අතර රබන් හා උඩැක්‌කි වයමින් කණ්‌ඩායම් වශයෙන් තාලයට ගී ගයමින් රඟ දැක්‌වීම මහජන ආකර්ෂණය හේතු විය. මෙම නාට්‍ය තුළ ලන්දේසීන් දෝෂ දර්ශනයට ලක්‌ කර නැති අතර තමන්ට සිදු වූ අසාධාරණයට සිංහලයාට සාප කර ඇත. එහිදී ඔවුන් හින්දු දෙවිවරුන්ට යාඥාකරමින් ආයාචනය කර ඇත්තේ පුත්තතම්බිට යුක්‌තිය ඉටු කර දෙන ලෙසයි. මෙය දීර්ඝ කාලයක සිට සිදුවන බව ඇඟවීමට යාල්පානය වෛපමාලය රචකයා උත්සාහ කර ඇත. එහෙත් ලන්දේසි කාලයේ හින්දු ආගමේ සහ කතෝලික ආගමේ උත්සව තහනම් කර තිබූ නිසා එම වකවානුවේ හින්දු දෙවියන්ට යාඥා කරන මෙවැනි නාඩගමක්‌ පැවතුණේ යෑයි සිතීමට ඉඩක්‌ නැත. එම නිසා මෙම නාට්‍ය රචනාව යාල්පාන වෛපමාල ලේඛකයා ලියන පරිදි දොන් ජුවාන් කොස්‌තා හා ඔහුගේ පුතා 1830 දී රචනා කළ බව පිළිගැනීම සාධාරණය. පරිමාලන් නමැති අයෙක්‌ 1835 දී එය නාට්‍යයක්‌ බවට පත් කළ බවද සඳහන් වේ.

මෙම නාට්‍ය කියන්නේ මෙම කුමන්ත්‍රණය කීර්ති ශ්‍රී රාජසිංහ රජුට යාපනය රාජ්‍ය අල්ලා දීමට කුමන්ත්‍රණය කළ බවයි. නමුත් එම රජු උඩරට රජවූයේ 1747 දීය. මෙම සිද්ධිය වුයේ 1658 දීය. එසේ නම් කුමන්ත්‍රණය කර ඇත්තේ එවකට නමවත් නොදන්නා රජකෙනෙකුට රාජ්‍ය අල්ලා දීමටද? මේ වකවානුවේ ඇත්ත වශයෙන්ම රජකම් කළේ ෂෂ රාජසිංහ රජුය.

මෙම නාඩගමේ වැරදි විශාල සංඛ්‍යාවක්‌ දක්‌නට ඇත. එහි කියන පරිදි කොළඹ ලන්දේසි ප්‍රතිරාජයා විසින් ඇන්තනි අම්රාල් යාපනයේ ආණ්‌ඩුකාරයා ලෙසත් කුරුකුල වංශයේ අන්ද්‍රdදි මුදලිවරයෙකු ලෙසත් යාපනයට යෑවූ බව කියයි. එහිදී සිදුවී ඇති වරද නම් අන්තෝනියෝ ද අම්රාල් ද මෙන්සිස්‌ (1656 – 1658) යාපනය පෘතුග්‍රීසි ආණ්‌ඩුකාරවරයාය. ඔහු ලන්දේසීන් විසින් පත් කල අයෙකු නොවේ. ඔහුට යාපනය යාමට සිදු වූයේ සෙසු ප්‍රදේශ ලන්දේසීන්ට යටත් වූ පසු ඔවුන්ගේ එකම ප්‍රදේශය නිසාය. මෙම පෘතුගීසි ආණ්‌ඩුකාරයාව ලන්දේසීන් විසින් කොට තුවක්‌කුවකින් (Arquebse) වෙඩි තබා මරා දමා ඇත. ඔහු ලන්දේසි ආණ්‌ඩුකාරවරයෙකු ලෙස හැඳින්වීම කරුණු වරදවා පටලවා ගැනීමකි. 1658 දී ලන්දේසි ආණ්‌ඩුකාරවරයාව සිටියේ ඒඩි්‍රයන් වෑන් ඩි මෙයිඩන් නම් අයෙකි. එම නිසා වෛපමාලයත් මෙම කරුණු වරදවා ලියා ඇත.

1905 දී යාපනයේ දුම්රිය මාර්ගය විවෘත කිරීමේදී යාපනය පිළිබඳ තොරතුරු ඇතුළත් පොත් පිංචක්‌ සකස්‌ කිරීමට එක්‌තරා නීතිඥයකුට අවස්‌ථාව ලැබී ඇති අතර එහිදී Hand
book of Jaffna නමින් පොත් පිංචක්‌ පළ කර ඇත. එම පොතේ ද මේ පුත්තතම්බි සිද්ධිය නාට්‍යයේ තිබූ අන්දමින් වාර්තා කර ඇත. එයින් අදහස්‌ කරන්නේ දුම්රිය මාර්ගය විවෘත කරමින් යාපනයට පැමිණි ආණ්‌ඩුකාරයාට ද මෙම වැරදි පණිවුඩය දී ඇති බවයි. මේ කාලය වන විට බැල්දියස්‌ ලන්දේසි බසින් ලියූ පොත පීටර් බ්‍රොaහියර් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබී ඇත. සමහරවිට ඇත්ත දැන දැනත් මෙම පොතට වැරදි කතාවක්‌ ඇතුළත් කළා විය හැක. කෙසේ වුවද මෙම නාඩගම මෑතදී කොළඹ ජෝන් ද සිල්වා ර`ගහලේද ර`ග දක්‌වා ඇත. මේ නාඩගම සිත් කාවදින අන්දමින් සිංහල විරෝධයක්‌ දෙමළ ජනයා තුළ ඇති කිරීමට සමත් වී ඇත. අද තිබෙන වියවුල්වලට මුල මෙවැනි නාඩගම් හා පොත්පත් ආදියයි.

මේ නිසා අද ජාතිවාදයට අනුබල දෙමින් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන නමැති නාඩගම් කාරයෝද නටන්නේ ඊට සමානම දෙයකි. එමනිසා අපට වැරදුනේ කොතනදැයි නිවැරදිව තේරුම් ගැනීමට මහත් බාධා පැනනැගී ඇත. නමුත් අප සමාජය පිළිබඳ ප්‍රවේසමෙන් පර්යේෂණ කරන්නේ නම් මේ ජාතිවාදයේ අක්‌මුල් සොයා ගැනීම දුෂ්කර නොවනු ඇත.

පියසිරි අමරකෝන්
ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවා
සංගමයේ හිටපු සභාපති

-Divaina