වෙළෙඳපොළ ආර්ථිකය ඉදිරියේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ අනාගතය !

0
594

පාලකයෝ නිතරම කියන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සංවර්ධනයට මුදල් නොමැති බවය. තේ – රබර් – පොල් – සංචාරක ව්‍යාපාරය – සුළු අපනයන භෝග – එතනෝල් – මත්කුඩු – ඇඟලුම් හා කාන්තා විදේශ වහල් සේවය වැනි විදේශ විනිමය ලැබෙන මාර්ග අතරට “පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධති කරණය” ඇතුළත් කළ හැක. එවිට වාර්ෂිකව ලක්‌ෂයක්‌ වන සරසවියට (දේශීය) ඇතුළත් නොකරගන්නා එහෙත් සල්ලි දී විදේශ සරසවි වලට යන අය හෝ මුදල් සහ විදේශවලින් මෙරටට එන අය (මෙරට සරසවි වල ගුණාත්මක බව – භෞතික සම්පත වැඩිකර) හෝ මුදල් දේශීය ආර්ථිකයට එකතු වනු ඇත. අසමතුලිත අධ්‍යාපන යන්ත්‍රයක්‌ හා දැනුමට මුල් තැන දෙන අධ්‍යාපන රටාවක්‌ නොමැති කම අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලීකරණය වීමට හේතු වන සාධක වී ඇත.

හතළිස්‌ ලක්‌ෂයක්‌ වන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වාර්ෂිකව උසස්‌ පෙළ සරසවි පිවිසුමට පෙනී සිටින ලක්‌ෂ තුනහමාරක්‌ අතරින් සරසවි අධ්‍යාපනයට එක්‌ ලක්‌ෂ විසිපන්දහසක්‌ පමණ සුදුසුකම් ලබති. එහෙත් සරසවි පහළොවට ඇතුළත් කරගන්නේ දළ වශයෙන් විසිපන්දහසක්‌ පමණි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ නොමැතිකම, නිසි අධ්‍යාපන ආයතනික ක්‍රියාවලියක්‌ නොමැතිකම, සරසවිවල ඉඩකඩ (භෞතික පහසුකම් ) නොමැතිකම යන විවිධ හේතුන් ඉදිරිපත් කරමින් පැවැති හා පවතින ආණ්‌ඩු සහ සරසවියෙන්ම අධ්‍යාපනය ලබා අධ්‍යාපන පරිපාලකයින් වී සිටින බලධාරීන් විසින් වාර්ෂික සරසවි සමත් ලක්‌ෂයකට පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම අසුරා දමා ඇත.

ලක්‌ මාතාවගේ කුසින් බිහි වූ අනාගත වෛද්‍ය – ඉංජිනේරු – ගණකාධිකාරී – මහාචාර්ය හා විද්‍යාඥයින් වීමට කුසලතාව ඇති මෙම මානව සම්පතින් උපරිම මෙහෙවර සමාජ ආර්ථික – පරිපාලන – අධ්‍යාපන ක්‌ෂේත්‍රයට ලබා නොගැනීම මානව ෙ€දවාචකයකි. එම හිඩැස පුරවාගැනීමේ මාර්ග වනුයේ 1971 – 1989 මෙන් ප්‍රචණ්‌ඩත්වයද ? විදේශ රටවල සංක්‍රමණයක්‌ද? ඝාතන මංකොල්ලකෑම් – කප්පම් ගැනීම – වංචාවලට පෝෂක ප්‍රදේශයන් වූ පාතාලයට යාවජීව සාමාජිකයෙක්‌ වීමෙන්ද ? ඊනියා විමුක්‌තිකාමී අරගලවල සේවාදායකයෙක්‌ වීමෙන්ද ?

පිරිවෙන් – මහාවිද්‍යාල – මධ්‍ය විද්‍යාල – ජාතික පාසල් – ජාත්‍යන්තර පාසල් තුළින් විකාශනය වූ අධ්‍යාපන ක්‍රියාවලිය පෞද්ගලික පාසල් – පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල දක්‌වා ව්‍යාප්ත වී ඇත. අධ්‍යාපන යන්ත්‍රයේ ඉන්ධන හෙවත් ජීව රුධිරය ශිෂ්‍යයන්ගේ දැනුම – ආකල්ප හා කුසලතාව පමණි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ සරසවි සංඛ්‍යාව දැනට 15 දක්‌වා වර්ධනය වී ඇත. මුල් වරට උසස්‌ පෙළට ඉල්ලුමක්‌ ඇත්තේ 653 පමණි. දැනට එම සංඛ්‍යාව ලක්‌ෂ තුනහමාර දක්‌වා වැඩිවී ඇත. අධ්‍යාපනය ලබන උපාධි අපේක්‌ෂකයින් දළ වශයෙන් ලක්‌ෂයක්‌ පමණ වේ. එදා මෙදා තුර සරසවි තුළින් බිහිවී ඇති උපාධිධාරීන් ලක්‌ෂ පහකට ආසන්නය. 1964 වන තෙක්‌ සරසවි ප්‍රවේශය සමත්aවන සෑම කෙනකුටම සරසවියට ඇතුළත් කරගත් අතර උපාධිය ලබන සෑම අයෙකුටම රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා අනිවාර්යයෙන්ම ලබා ගැනීමේ අවස්‌ථාව සැලසී තිබිණ.

පෞද්ගලික සරසවි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා පෞද්ගලික රෝහල් සංකල්පය යථාර්ථයක්‌ බවට පත්වූයේ 1980 දශකයෙන් පසුවය. එය නව යටත් විජිත වාදීන්ගේ අභිප්‍රාය ක්‍රියාත්මක වීමක්‌ද ?

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි බටහිර රටවල සහ ඉන්දියාව, චීනය, ජපානය වැනි ආසියාතික රටවල ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික සරසවි හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රමය බව සනාථ වී ඇත. කියුබාව, බ්‍රසීලය, කොරියාව සහ වියට්‌නාමය වැනි රටවල අර්ධ රාජ්‍ය සරසවි පද්ධතියක්‌ අනුගමනය කරයි.

ලෝකයේ බොහෝ රටවල් ලංකාවේ උගත් ශ්‍රම බලකාය ගැන අවධානයෙන් පසු වේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ එම උගතුන් එම රටවලට ආනයනය කිරීමටය. ඒ සඳහා පළමුවෙන්ම අත්හදා බැලීමක්‌ කළේ. ජාත්‍යන්තර පාසල් තුළිනි. එම රටවලට සුදුසු නෛපුණ්‍යයෙන් පිරි අපේ රටේ දරුවන් එම රටවලට නීත්‍යානුකූලව රැගෙන යති. එයට අමතරව හොර රහසේ අපේ රටේ විවිධ දක්‌ෂතා ඇති සිසුන් තෝරා ගෙන (භෞතික සම්පත් හා මුදල් දෙමව්පියන්ට ලබා දී) එම රටවලට රැගෙන යන අවස්‌ථා ද ඇත. මෙයට අමතරව තම රැකියාවට, උගත්කමට ගැලපෙන වැටුපක්‌ නොලැබෙන නිසා පිටරට රැකියාවට යන උගතුන්ගේ ප්‍රමාණය ද වර්ධනය වෙමින් පවතී. එය බුද්ධිගලනය නම් වේ.

1505 සිට බටහිර ජාතීන් ලක්‌බිමේ ආර්ථික – සම්පත් – ජාන මංකොල්ල කන ලදී. දේශීය කෘෂිකර්මය විනාශ කර යෑපුම් වෙළෙඳ වැවිලි ආර්ථිකයක්‌ ස්‌ථාපිත කරන ලදී. ජාතික චාරිත්‍ර වාරිත්‍ර විනාශ කර විජාතික සිරිත් පුරුදු කරන ලදී. බෞද්ධාගම වෙනුවට මහායාන – මුස්‌ලිම් – ක්‍රිස්‌තියානි ආගම් ව්‍යාප්ත කරන ලදී. ආණ්‌ඩුක්‍රමය මෙන්ම අධිකරණ ක්‍රියාවලියන් බටහිර අධිරාජ්‍යවාදීන්ට ගැලපෙන ලෙසට සකස්‌ කරන ලදී. ඔවුනට වෙනස්‌ කිරීමට නොහැකි වූයේ සිංහල දේශයේ රණකාමයත් ලක්‌බිමේ දූ -පුතුන්ගේ උගත්කම – බුද්ධිමත්කම පමණි. ඔවුගේ දැනීම – හැකියාව දේශීය දැනුමෙන් පුනර්ජීනනීය කරගැනීමට පෞද්ගලික රෝහල් ඒකාබද්ධ කර ගෝලීයකරණයට අනුගත කිරීම යුග කාර්ය බවට පත්කර ගනිමු.

වාර්ෂික රාජ්‍ය වියදම කෝටි ලක්‌ෂ 6 1/2 කි. දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන් කරන්නේ කෝටි 6580 කි. සෞඛ්‍යයට වෙන්කරන්නේ කෝටි 9400. මේ සොච්චම් මුදලින් රටේ අධ්‍යාපනයත් සෞඛ්‍යත් සංවර්ධනය කළ නොහැක. රජයත් පෞද්ගලික අංශයත් ඒකාබද්ධව තිරසර අධ්‍යාපන, සෞඛ්‍ය ජාතික ප්‍රතිපත්තියක්‌ එළිදැක්‌වීමේ සංවර්ධන යුගය උදාවී ඇත. සේනක බිබිලේ සෞඛ්‍ය යෝජනාවලියද මේ සඳහා උපයෝගි කර ගත හැක.

ප්‍රාදේශීය රෝහල් සමඟ රටේ රෝහල් 940 කි. ඇඳන් 85,000 කි. වෛද්‍යවරු 18,000කි හෙද හෙදියන් 31,000 කි. එහෙත් දැනට වෛද්‍යවරු 3000 ක හිඟයක්‌ ඇත. හෙද හෙදියන් 20,000 ක හිඟයක්‌ ඇත. ඖෂධ හිඟය උත්සන්න වී ඇත. ශල්‍ය උපකරණ ඇතුළු අනෙකුත් උපකරණ – ඇඳන් මෙන්ම වාට්‌ටුවල විශාල හිඟයක්‌ ඇත. ලෝකයේ ප්‍රීතිමත්ම ජනතාව ජීවත්වන රටවල් අතරින් ලංකාව 137 ස්‌ථානයට පත්ව ඇත. සෞඛ්‍යයට හා අධ්‍යාපනයට (4% – 2%) අඩුම වියදමක්‌ වෙන් කරන ලෝකයේ (289 අතරින්) 5 තැනට පත්ව ඇත්තේ අප ශ්‍රී ලංකාවයි.

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් බහුජාතික වෙළෙඳුන්ගේ “ආවතේවකරුවන්” වී ඇත. පරමාදර්ශ වෛද්‍යවරු අතළොස්‌සක්‌ හැර බහුතරයට අවශ්‍ය වී ඇත්තේ ධනවත් පවුලකින් විවාහයක්‌ සුවිසල් නිවසක්‌ – සුඛෝපභෝගී විවාහයක්‌ සහ උපරිම වැටුපක්‌ යන “සතර මහා නිධානය” හිමිකරුවන් වීමටය. එදා වරාය කම්කරුවන්ගේ ගණයට වැටී රෝගීන් බිල්ලට දී වැඩවර්ජනය කිරීමට සහ රජයේ සේවය වඩා චැනල් සේවයට කාර්යක්‌ෂම වීමට මොවුන් පෙළඹී ඇත.

එදා රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයටත් මෙදා මාලඹේ පෞද්ගලික රෝහලටත් විරුද්ධව විරෝධතා බලවේග ඇති වුණි. එහෙත් මෙහි රෝග නිධානය ඇත්තේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක්‌ නොමැතිකම තුළය. ඇමැතිවරුන් සහ සෞඛ්‍ය නිලධරීන් බහු ජාතික ඖෂධ සමාගම්වල හුරතලුන් වී ඇත. වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනික බලපෑම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ලාංකීය විශ්වවිද්‍යාල පර්යේෂණ තුළින් සනාථ වෙද්දී එම කෘෂි රසායනික සමාගම් තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට නොහැකි වී ඇත. සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිත්තියද ඖෂධ වෙළෙන්දන්ට බියේ වසර 20 ක්‌ම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොතිබිණි.

සෞඛ්‍ය මානව දත්ත අනුව සෑම 10 න් 1 අයෙක්‌ම මානසික රෝගියෙකි. සෑම 10 න් 5 දෙනෙක්‌ම කුමන හෝ රෝගයකට දිනපතා ප්‍රතිකාර ගැනීම සඳහා රජයේ රෝහල්වලට පැමිණේ. කොළඹ නගරයේ පමණක්‌ පෞද්ගලික රෝහල් 15 කි. පිට පළාත්වල 50 පමණ ඇත. ජනතාව නීරෝගී – සෞඛ්‍ය සම්පන්න තත්ත්වයට පත්කිරීම රජයේ වගකීමකි. එය රාජ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලින් ඉටුකර දීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇත. පෝෂණය වී ඇත්තේ, තර වී ඇත්තේ සෞඛ්‍ය ඇමති නඩයයි.

ගමනාගමනය, විදුලිය, තෙල්, ගෑස්‌ පෞද්ගලීකරණය කිරීමට සමාන්තරව – සමගාමීව සෞඛ්‍ය පෞද්ගලිකකරණය කිරීමේ කෂ්ණික අවශ්‍යතාවයක්‌ පැන නැගී ඇත. පෞද්ගලික ප්‍රවාහන ඇමැති මෙන් පෞද්ගලික සෞඛ්‍ය ඇමැතිවරු 11 දෙනෙක්‌ පත්කර ගැනීමටද පිළිsවන.

සෞඛ්‍ය ක්‌ෂේත්‍රය දැන් පරිවර්තනය වෙන්නේ 1956 පෙර යුගයටය. ධනවතුන්ගේ – නිලධාරීන්ගේ දුප්පත් දරුවන් ඉගෙන ගන්නේ විදේශීය වෛද්‍ය විද්‍යාලවලය. දුප්පත් දරුවන්ට හිමිව ඇත්තේ රජයේ සරසවිය. ධනවතුන් ප්‍රතිකාරගන්නේ විදේශීය සුපිරි රෝහල්වලය. වර්තමානයේ “වෙනස” වී ඇත්තේ සංඛ්‍යාව පමණි. උසස්‌ පෙළ සමත් සරසවියට නොතේරුණු හා අවශ්‍ය ලකුණු නොලත් අය ලක්‌ෂ ගණනින් මුදල් ගෙවා විදේශ සරසවිවලට යති. ඒ අතර මෙරට සරසවි අධ්‍යාපනය ලත් වෛද්‍යවරු වැඩි වැටුප් හා ජීවිත සුඛවිහරණය සඳහා විදේශගත වෙති. විදේශ රටවල වෛද්‍ය ශිෂ්‍යයන් මත හෝ මුදල් ගෙවා මෙරට විsශ්වවිද්‍යාලවලට පැමිණෙති. මෙම මානව සම්පත්a ත්‍රිත්වය ” සංයෝජනය” කර පෞද්ගලික අංශයට සෞඛ්‍ය සම්පත කළමනාකරණයට හා පරිපාලනයට භාරදීමට සුදුසුම යුගය එළඹ ඇත්තේ වැරදි ආහාර රටාව, මත්ද්‍රව්‍ය, හදිසි අනතුරු සහ පෙරකර්ම රෝග නිසා (බෝ නොවන රෝග සමඟ) ලෙඩ වන රෝගීන් සුවපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය “අසමත්” වී ඇති නිසාය.

පාලකයෝ නිතරම කියන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සංවර්ධනයට මුදල් නොමැති බවය. තේ – රබර් – පොල් – සංචාරක ව්‍යාපාරය – සුළු අපනයන භෝග – එතනෝල් – මත්කුඩු – ඇඟලුම් හා කාන්තා විදේශ වහල් සේවය වැනි විදේශ විනිමය ලැබෙන මාර්ග අතරට “පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධති කරණය” ඇතුළත් කළ හැක. එවිට වාර්ෂිකව ලක්‌ෂයක්‌ වන සරසවියට (දේශීය) ඇතුළත් නොකරගන්නා එහෙත් සල්ලි දී විදේශ සරසවි වලට යන අය හෝ මුදල් සහ විදේශවලින් මෙරටට එන අය (මෙරට සරසවි වල ගුණාත්මක බව – භෞතික සම්පත වැඩිකර) හෝ මුදල් දේශීය ආර්ථිකයට එකතු වනු ඇත. අසමතුලිත අධ්‍යාපන යන්ත්‍රයක්‌ හා දැනුමට මුල් තැන දෙන අධ්‍යාපන රටාවක්‌ නොමැති කම අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලීකරණය වීමට හේතු වන සාධක වී ඇත. සරසවිවලින් අධ්‍යාපනය ලබා දේශපාලන හා අධ්‍යාපන සෞඛ්‍ය කුටුම්බයේ වැජඹෙන – තීරණ ගන්නා නිලධාරීන් විසින්ම සෞඛ්‍ය අධ්‍යාපනය විනාශ කිරීම උක්‌ත පරිහානියට හේතු වේ.

1970 වනතෙක්‌ ලංකාවේ ක්‍රියාත්මක වූයේ සැලසුම්ගත සුබසාධක රාජ්‍ය ක්‍රමයකි. ඉන් පසුව එය වෙළෙඳපළ ආර්ථිකයකට පරිවර්තනය විය. ලෝකයේ රටවල් අතරින් 2/3 ම සමාජවාදී අර්ථ ක්‍රමයක්‌ මඟින් හසුරුවන ලදී. වර්තමානයේ රටවල් කීපයක්‌ (කියුබාව – වියට්‌නාමය – උ. කොරියාව – බ්‍රසීලය) හැර බහුතරය පෞද්ගලික ව්‍යවසාය පිළිගන්නා ධනේශ්වර ආර්ථිකයකට හැඩ ගැසෙමින් සිටිත්. හැම පවුලක්‌ම ව්‍යවසායක පවුලක්‌ බවට අනුවර්තනය වෙමින් පවතී. අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශ ද මේ හැඩතලයට අනුරූපව සකස්‌ වීම ජීවමාන යථාර්ථයක්‌ම වනු ඇත.

=== Divai