කේවල ක්‍රමයට ඇයි? මේ කේවල්

0
577

කොට්‌ඨාස හෙවත් කේවල ක්‍රමය බැහැර කොට සමානුපාතික ඡන්ද ක්‍රමයක්‌ ආරෝපණය කිරීම හේතුවෙන් ප්‍රාදේශීය, ග්‍රාම්‍ය, කොට්‌ඨාස වශයෙන් හැම අංශයකින්ම පරිහානියක්‌ ඇති වී තිබීම පැහැදිළි කරුණකි.

ගම් කාර්ය සභා ක්‍රමය යටතේ ඒ ඒ කොට්‌ඨාසවලට ස්‌ථිර නියෝජිතයෙක්‌ සිටියේය. පළාත් හා ප්‍රාදේශීය වශයෙන්ද කොට්‌ඨාස මට්‌ටමින් ස්‌ථිර නියෝජිතයෙක්‌ සිටීම අනුව එම කොට්‌ඨාසය ප්‍රවර්ධනය කිරීමට එම නියෝජිතයා බැඳී සිටියේය.

මේ සමානුපාතික ක්‍රමය හේතුවෙන් කොට්‌ඨාසයට නිත්‍ය නියෝජිතයෙක්‌ නැත. මුළු දිසාවක්‌ පුරා ඡන්දය උදෙසා පොරයක්‌ කිරීමට බැඳී ඇති හෙයින් එම නියෝජිතයා මුළු දිස්‌ත්‍රික්‌කයටම බලපාන නියෝජිතයෙකි. මනාප පොරය හේතුකොට ගෙන ඡන්දාපේක්‍ෂකයා මුළු දිසාවටම බලපාන හෙයින් කොට්‌ඨාසය අමතක වී ඇත.

අද්‍යතන අවදියේ මේ කොට්‌ඨාස ක්‍රමය නාම මාත්‍රවීමක්‌ පමණි. නිත්‍ය නියෝජිතයෙක්‌ නැත. පක්‍ෂ කිහිපයකින්ම නියෝජිතයන් සිටියත් ඒ අයගෙන් කිසිදු පළක්‌ නැත.

කේවල හෙවත් කොට්‌ඨාස ක්‍රමය යටතේ නිත්‍ය නියෝජිතයා සමඟ මහ ජනතාව අතිශය බැඳීමක්‌ තිබුණි. නිතරම කොට්‌ඨාසයට යැම ඔහුගේ චර්යාවයි. ජනතාවගේ ප්‍රශ්න කඩිනමින් විසඳන්නට හැකියාවක්‌ද තිබුණි.

ගම් මට්‌ටමින් ජනතාව හමුවීමේ හැකියාවක්‌ද තිබුණි. එහෙත් අද එබඳු තත්ත්වයක්‌ නොමැත. නාම මාත්‍ර නියෝජිතයා සමඟ මහජනතාව නිසි බැඳීමක්‌ නොමැත. තමන් බලයට පත් කළ කොට්‌ඨාසවාසීන්ට යුතුකම් ඉටුකරන්නට නියෝජිතයා බැඳී සිටී.

කොට්‌ඨාසයේ ප්‍රවර්ධනයට මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදයක්‌ තිබුණි. එහෙත් අද්‍යතන අවදියේ එවන් තත්ත්වයක්‌ නොමැත. කොට්‌ඨාසයේ පාසල් වර්ධනයට රෝහල්, මාර්ග, ජලය, කෘෂිකර්මාන්තය, කාණු පද්ධතිය, විදුලිය සැපයීම, ළමා පොත්ගුල්, ළමා උද්‍යාන, ළමා ක්‍රීඩාංගණ ආදී වශයෙන් අදාළ අංශ වර්ධනය කිරීමට කොට්‌ඨාස නියෝජිතයා බැඳී සිටී. එහෙත් අද්‍යතන අවදියේ එබඳු තත්ත්වයක්‌ නොමැත.

කොට්‌ඨාස නියෝජිතයාගේ සහසම්බන්ධය හේතුකොට ගෙන ආර්ථික වශයෙන් විශාල ප්‍රභවයක්‌ එදා දක්‌නට ලැබුණි. එහෙත් අද මේ තත්ත්වය කොට්‌ඨාසවල නොමැත. කේවල හෙවත් කොට්‌ඨාස ක්‍රමය යළි ස්‌ථාපිත කළ යුතු යෑයි පවසන්නේ ඒ හේතුව නිසාය.

නියෝජිතයාගෙන් අපේක්‍ෂිත දේ නොලැබුණු විට ඔහුව පරාජය කිරීමේ හැකියාව ජනතාවට තිබුණි. එහෙත් අද්‍යතන අවදියේ දිසා මට්‌ටමින් මනාප ක්‍රමයකට යොමුවීම හේතුකොට ගෙන දිසාව ඔස්‌සේ දුවන්නට නාම මාත්‍ර කොට්‌ඨාස නියෝජිතයාට සිදුවෙයි.

මනාප ඡන්ද පොරයට දිසාවක්‌ පාසා යොමුවීම අතිශය දුෂ්කර කාර්යකි. සීමිත කොට්‌ඨාස ක්‍රමය දුෂ්කර නැත. අනෙක්‌ කරුණ වන්නේ දිසාවේ ඡන්ද ක්‍රමයට නියෝජිතයාට විශාල මුදලක්‌ වැය කරන්නට සිදුවීමයි. එහෙත් කොට්‌ඨාස ක්‍රමයට නියෝජිතයාට විශාල මුදලක්‌ වැය කරන්නට සිදුවන්නේ නැත. තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය යන ත්‍රිකය දිසාවට යොමුකිරීම හේතුකොට ගෙන ජනතාවට විශාල මෙහෙවරක්‌ කරන්නට අවකාශ සැලසෙන්නේ නැත.

ප්‍රාදේශීය මට්‌ටමින් ප්‍රදේශයට ස්‌ථිර හෙවත් නිත්‍ය නියෝජිතයෙක්‌ නැත. මනාප ක්‍රමය යටතේ ඡන්දය ගැනීමට ගෙයක්‌ ගෙයක්‌ පාසා පැමිණියත් ඡන්දය ගත්තාට පසු නියෝජිතයා දකින්නටවත් නැත.

එදා ගම් සභා ක්‍රමය යටතේ ප්‍රදේශයට නිත්‍ය නියෝජිතයෙක්‌ සිටියේය. ගමේ අඩුපාඩු සොයා බලන්නට ඔහු බැඳී සිටියේය. අද ගමේ අඩුපාඩු කාට කියන්නද. ගමේ පාරවල්වල අද කාණු නැත. එදා ගම්සභා නියෝජිතයාට පාරවල් ගැන දැඩි ඇල්මක්‌ තිබුණි. පාරවල් දෙපැත්තේ කාණු කපා ජලය බැස යන්නට නිසි ක්‍රමවේදයක්‌ සකස්‌ කළේය. එහෙත් අද ගම්බද පාරවල්වල කාණු නැත. ජලය ගලා යන්නේ පාර මැදින්ය. සමහර වෙළෙඳ ව්‍යාපාරිකයන් පාරවල්වල කාණු ගොඩකර රථවාහන ගැනීමට කටයුතු යොදා ඇත.

ගම්සභා නියෝජිතයා යටතේ මෙබඳු දේවල් සිදුවන්නට අවකාශ සැලසුවේ නැත. නිතර දෙවේලේ තමන්ගේ කොට්‌ඨාසයේ පරීක්‍ෂාවට බඳුන් කිරීමෙන් මෙබඳු දේවල් සිදුවන්නට ඉඩ දුන්නේ නැත. දැන් මෙබඳු තත්ත්වයක්‌ නැත. ගමට නිසි නියෝජිතයෙක්‌ නොමැතිකම හේතුකොට ගෙන ගම් පරිහානියට පත්ව ඇත.

ගමට යළි කල එළියක්‌ ගෙන දෙන්නට නම් යළි මේ කේවල ක්‍රමය ස්‌ථාපිත කළ යුතුය.

ප්‍රාදේශීය මට්‌ටමේ සිට කොට්‌ඨාස මට්‌ටම දක්‌වා කේවල හෙවත් කොට්‌ඨාස ක්‍රමය යළි ක්‍රියාත්මක කළ යුතුය.

කොට්‌ඨාස හෙවත් කේවල ක්‍රමය තවත් වාසියක්‌ වන්නේ ඒ ඒ කොට්‌ඨාසවල නියෝජිතයන් අතර තරගයක්‌ පවතින්නේය. මන්ද යත් තමන්ගේ කොට්‌ඨාසයේ විධිමත් සැලැස්‌මක්‌ මත ඉහළ තලයකට ගෙන යන්නයි. එහෙත් අද්‍යතන අවදියේ මෙබඳු තත්ත්වයක්‌ නැත්තේ ප්‍රදේශයට ස්‌ථිර නියෝජිතයෙක්‌ නැති හෙයිනි. ප්‍රදේශානුබද්ධ ආර්ථික ක්‌ෂේත්‍රය අද අවරට ගොස්‌ ඇත.

සීමා නිර්ණය සංශෝධන පනත පාර්ලිමේන්තුවට යොමුකළත් තවම එය ක්‍රියාත්මක වී නැත. විවිධ මතබේද හේතුකොට ගෙන කේවල ක්‍රමය තවදුරටත් ආපස්‌සට යන්නේද? එසේ ආපස්‌සට ගියොත් එහි අවාසිය කාටද? ජනතාවට නොවේද?

කොට්‌ඨාස ක්‍රමය ක්‍රියාත්මක වූ වකවානුවේ ලැබූ ප්‍රගතියත් එය ඉවත් කිරීමෙන් අත්වූ ඉරණමත් අතර ඇතිවූ ප්‍රභේද ගැන විමර්ශනයක්‌ කළ යුතුය.

ජනගහනයේ වැඩිවීම මත “බහු ආසන” ක්‍රමයක්‌ද තිබුණු බව පැහැදිළිය. මෙයට නිදසුන් වශයෙන් “බළපිටිය, අම්බලන්ගොඩ” බහු ආසනය “මැද කොළඹ” බහු ආසනය හැඳින්විය හැකිය. මේ බහු ආසනය හේතුවෙන් නියෝජිතයන් දෙතුන් දෙනකු සිටීම මත ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පහසුකම් ඇතිවිය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකදී ජනතාවට ආර්ථික, දේශපාලනික, සංස්‌කෘතික, ආගමික අදහස්‌ ප්‍රකාශ කිරීමේ අදීනත්වය මත නිදහසක්‌ ඇත. ඒ නිදහස මත පාලන තන්ත්‍රය වඩාත් උත්ප්‍රේරණීය තලයකට ඈ¹ගෙන යන්නේය. කොට්‌ඨාස ක්‍රමය වඩාත් උත්තලයකට පත්වන්නේය.

කේවල ක්‍රමයේ පවත්නා අති රමණීයත්වය දැනෙන්නේ දැන්ය. එය අහෝසි වීමෙන් පසු අත්වූ ඉරණම දෙස බලන විට ඊට පෙරාතුව පැවැති පාලන ක්‌ෂේත්‍රාභිවර්ධනය අතිශය චමත්කාර තත්ත්වයට පත්විය.

දේශපාලන ක්‌ෂේත්‍රය වඩාත් පුළුල් තලයකට පත්විය යුතුය. දේශපාලනය පටු ක්‌ෂේත්‍රයක පිහිටා නොව පුළුල් වූ ක්‌ෂේත්‍රයකින් උපයුක්‌ත විය යුතුය. ආර්ථිකය හා දේශපාලන ව්‍යqහය අතර ඇත්තේ සමගාමී, සාපේක්‍ෂක තත්ත්වයකි.

දේශපාලනය පසෙකට ඇද දමා ආර්ථිකය ඉදිරියට ගෙන යන්නට බැරිය. එමෙන්ම ආර්ථිකය බැහැරකොට දේශපාලන ව්‍යqහය සිඳ, බිඳ දමන්නට නොහැකිය. එබැවින් මේ අන්තද්වය අතර ඇත්තේ සමීපස්‌ථ සබඳතාවකි. මේ යථාර්ථය (Reaකසඑහ) අපේ පාලන තන්ත්‍රය තේරුම් – බේරුම් කරගත යුතුය.

කොට්‌ඨාස ක්‍රමය හෙවත් කේවල ක්‍රමයට කේවල් නොකර ඉතා කඩිනමින් එය ක්‍රියාත්මක කරන්නට ජාතික ආණ්‌ඩුවක්‌ යටතේ යහපාලන තන්ත්‍රයේ අවධානය කඩිනමින් යොමුවිය යුතු කඩඉමකට දැන් ප්‍රවේශ වී ඇත.

– Divaina