ජෛවවිවිධත්වයේ ප්‍රතිමූර්තිය බඳු දොතළුගල වන අරණ – Dothalugala forest Nuckles Sri Lanka

0
859
dothalugala-forest

සුප්‍රකට සුළං කපොල්ල, ‘කොබර්ට්‌ස්‌ හැප්’ නොහොත් ‘අට්‌ටලමෙට්‌ටුව’ පසුකර තවත් කිලෝමීටර් 5-6 ක්‌ පමණ හුන්නස්‌ගිරිය දෙසට ගිය විට ඩීන්ස්‌ටන්හි නකල්ස්‌ සංරක්‌ෂණ මධ්‍යස්‌ථානය හමුවේ. එය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන්නකි. මහනුවර දිස්‌ත්‍රික්‌කයට අයත් දුම්බර වනපෙතේ සංරක්‍ෂණ කටයුතු අයත් වන්නේ එයටය.

නකල්ස්‌ සංරක්‌ෂණ මධ්‍යස්‌ථානය පවතින ස්‌ථානයේ සිට තවත් වැදගත් ආකර්ෂණීය ස්‌ථාන දෙකකට ළඟා විය හැකිය. ඒ ඩීන්ස්‌ටන්හි කුඩා ලෝකාන්තය හා දෝතළුගල (මිනිසා සහ ජෛවගෝල) රක්‌ෂිතයයි. මෙම දෝතළුගල යනු ජෛව විවිධත්වයෙන් අතිශය පොහොසත් වලාකුළු වනාන්තර ආකාරය සහිත කාලගුණික රක්‌ෂිත කලාපයක්‌ද වේ. එසේම මෙම කඳු මුදුන දක්‌වා වන මං පෙතක්‌ද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබයි. මෙම වනමං පෙතට සමගාමීව මහනුවර නකල්ස්‌ අඩවියේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කඳවුරු බිමද පවත්වාගෙන යයි. එය හඳුන්වන්නේ ඩීන්ස්‌ටන් දෝතළුගල කඳවුරු බිම ලෙසිනි. අද අපගේ නවාතැන්පළ බවට පත්වන්නේත් මෙම කඳවුරු බිමය. මෙහි සිට දෝතළුගල හා කුඩා ලෝකාන්තයේ තොරතුරු සොයා බලමු.

කොළඹ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක නිවහන් වෙන්කර ගන්නා අංශයෙන් කලින් වෙන්කරවා ගත් පරිදි දෝතළුගල කඳවුරු බිමට අප ගියේ ඩීන්ස්‌ටන් මධ්‍යස්‌ථානයේ නිලධාරීන්ගේ අනුදැනුම මත, එහි කඳවුරු සහකරුවකුගේද සහාය ඇතිවය. මධ්‍යස්‌ථානයේ සිට මේ දක්‌වා කිලෝමීටරයක තරම්වත් දුරක්‌ ඇත. දෝතළුගල කඳු පාමුල අතිශය රමණීය භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම කඳවුරු බිම, එම කටයුත්තට මනාව ගැලපෙන තැනකි. එහි ගැහැනු පිරිමි දෙකොටසකට වශයෙන් හෝ කණ්‌ඩායම් දෙකක්‌ බෙදී ඉන්නට හැකි පරිදි සැකසුනු ස්‌ථිර කුඩා ගොඩනැඟිල්ලක්‌ තිබේ. එසේම ඒ සඳහා මුළුතැන්ගෙයක්‌ හා වැසිකිලි පද්ධතියක්‌ද ඇත. මෙම සංකීර්ණයේ පහසුවෙන් දස දෙනකුට නවාතැන් ඇති අතර, ආහාර පිළියෙල කර ගැනීමටද පහසුකම් ඇත. ඊට වැඩිමනත්ව කූඩාරම් ප්‍රියකරන්නන් සඳහා වෙනම කඳවුරු බිමක්‌ද එහි ඇත.

කූඩාරම් 2-3 ක්‌ අටවා ගැනීමට සැකසූ අත්තිවාරම් එහි තිබේ. එසේ වන විට අප ගෙන යන කූඩාරමක්‌ දෙකක්‌ මේ මත අටවා අපූරු අත්දැකීමක්‌ විඳගත හැකිය. මෙම කඳවුරු බිමට හාත්පස දුම්බර කඳුවැටිය මනාව දර්ශනය වේ. පුළුල් දර්ශන තලයක්‌ ඇති මෙහි සිට අප පෙර දැක්‌වූ කුඩා ලෝකාන්තයේ ඉම සහ එතනින්ම ඈතට දිවෙන මහියංගන මායිමේ යහන්ගල කඳුතීරයද ගැරඬිඇල්ල ප්‍රදේශයද මනාව දර්ශනය වේ.

මෙම කූඩාරම් බිමත් සමඟම තවත් පහළට ඇති වන මං පෙතේ ඇවිද ගිය විට දොaතළුගල දියඇල්ල සමඟ නාන මංකඩ හමුවේ. තරමක්‌ ලොකු ගල්බේසමක්‌ තනා මෙහි ජලය රැස්‌කරගන්නා අතර, එය දිය නෑම සඳහා සැකසූ ස්‌ථානයයි. එම නිසා කඳවුරු බිමට ‘පරිසර ලෝලීන්ට’ මේ සියලු පහසුකම් දොaතලළුගල කඳවුරු බිමේදී ලැබේ. එසේම මෙම දිය ඇල්ලට පහළ වනාන්තර කොටස අපූරු කුරුලු නිරීක්‍ෂණ කේන්ද්‍රස්‌ථානයකි.ඒ සඳහාද වනමං පෙත් ඉදිකර ඇති අතර තැනෙක කුරුලු නිරීක්‍ෂණ අට්‌ටාලද තනා ඇත. එබැවින් දොaතළුගල කඳවුරු බිම පරිසරයේ අපූරුව විඳින පරිසර ලෝලීන්ට කදිම නවාතැන් පළක්‌ ලෙස හඳුන්වාදීම නිවැරැදිය වැඩිමනත් ලෙස සඳහන් කළ හොත් නකල්ස්‌ සංරක්‌ෂිත මධ්‍යස්‌ථානයේද සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් තිබේ. එහිද දස දෙනකුට පමණ නවාතැන් පහසුකම් ඇත. කඳවුරු බිමට යා නොහැකි අයට මෙහිද නවාතැන් ගන්නට නම් එයද කලින් වෙන්කරවා ගත යුතුය.

අද අපගේ නවාතැන්පළ මේ දෝතළුගල කඳවුරු බිම්ය. ඒ සඳහා අවශ්‍ය ආම්පන්න අප රැගෙන ආ අතර ආහාර පිසීම සහ ආරක්‍ෂාව සඳහා සංරක්‌ෂිත මධ්‍යස්‌ථානයෙන් ලබාදුන් කම්කරුවාගේද සහාය දැන් ලැබී ඇත. ඔහුට මූලික කටයුතු කරගන්නට එහි ඉඩ දී අප එදිනම දෝතළුගල වනමංපෙත තරණය කරන්නට තීන්දු කළෙමු. මන්ද( පසුදා උදයේ කුඩා ලෝකාන්තය නැරඹීමට යායුතුව ඇති බැවිනි.

දෝතළුගල වන මං පෙත හොඳින් නඩත්තු වන්නකි. එහි ආරම්භයද අවසානයද එකම තැනකින් සිදුවන තැන, වන මං පෙත ගැනද දෝතළු ගලේ තවත් තොරතුරු ගැනද ඉතා හොඳින් සනිටුහන් කර තිබේ. එසේම සංචාරකයකු කටයුතු කළ යුතු ආකාරයද එහි පැහැදිළිව සටහන් වේ. මේ සියල්ල වන සංරක්‌ෂණ නීතියට යටත්ය.

මාධව, කෝලිත, ඉනෝකා, නිශා, භාතික, බානු යන තරුණ නවකයන් පෙරටු කරගෙන අපි දොaතළුගල නැඟීම ආරම්භ කළෙමු. හිරු අවරට හැරී තිබුණද පරිසරය දැකුම්කලුය, නැගෙනහිර කඳුපන්තීන් මෙන්ම, දුම්බර වන පෙත ද අතිශය අලංකාරව මෙහි දිස්‌වේ. එහෙත් බටහිර අහසේ පැතිර ඇති දොaතළුගල කඳුමුදුන මිහිදුමෙන් වැසී ගොසිනි. අපි ඒ මිහිදුම් සළුවේ සැඟවෙනු පිණිස වනමං පෙත දිගේ කඳු නැගීම ඇරඹුවෙමු. දෙපස තෙත් වනාන්තරය කූඩැල්ලන්ගෙන්ද අඩුවක්‌ නැති මෙහි බොහෝ දෙනකු අවට පරිසරයේ විචිත්‍රත්වය සොයනු වෙනුවට සෙව්වේම තම දෙපාවල එල්ලෙන කූඩැල්ලන් ගැනම පමණි. කූඩැල්ලන් කඩ කඩා (ගලවා දමමින්) කාලයද කා දමමින් දොaතළුගලේ කිලෝමිටරය දෙක අප ඉහළට ගමන් කළෙමු. සැබවින්ම මේ ගමන ආශ්වාදජනකය. වනමං පෙත නිරන්තරයෙන්ම සිසිල්ය.

ඇඟ කිලි පොලා යන සීතල සුළං නිරතුරුව මෙහි ඇදී එයි. එසේම, මිහිදුම් පට එකවරම ගසා ගෙනවිත් අපි වෙළාගනී. අවට ගණ වනාන්තරයට අමතරව ඕකිඩ්, පර්ණාංග පෙඳ පාසි ලයිකන වැනි අපිශාක වර්ගවලින් දුම්බර වනාන්තරයේ ජෛව විවිධත්වය ගැන අපූරු කතාන්දරයක්‌ අපට කියයි. මෙම වන වදුලේ මහ හැඩයා, කුඩා හැඩයා වැනි අති දුලබ අපිශාක (ගස්‌ කඳන් මත වැඩෙන) ද වේ. එසේම දුම්බර අංකටුස්‌සා, දුම්බර කුරු කටුස්‌සා යන දුම්බරට පමණක්‌ ආවේණික සතුන්ගේද පීත කන්කොණ්‌ඩයා ලංකා සිතෑසියා, ලංකා මඬිලගොයා, ලංකා සැළලිහිණියා වැනි ආවේණික හා නේවාසික වනබද කුරුල්ලන් ගේද අපූරු නවාතැනකි. මෙවන් විසිතුරු නරඹමින් හා තොරතුරු කතා කරමින් අපි තවත් හෝරාවකදී පමණ දොaතළුගල කඳු මුදුනට ළඟාවීමු. අතිශය චමත්කාරජනක දර්ශන පෙළකි. හෝ….. හෝ නදින් හමන ඇඟ ගල් කරවන හීතල සුළඟ සිරුර තෙමාගෙන යන පොද වැස්‌සක්‌ සහිත මිහිදුම් පතනය, කුරුල්ලන්ගේ, කිචිබිචිය බඹරුන්ගේ රැහැයියන්ගේ නාද අතර, සුළඟට තදින් සෙළවෙන වන වදුල අතර හිඳ අපි නැගෙනහිර දක්‌වා වැටී ඇති සුන්දරත්වය අත්විඳිමු. අප ඉන්නා නැගෙනහිර බෑවුමට හිරු මුවා ඇති නමුත් මුළුÊනැගෙනහිර ප්‍රදේශයේ කඳු පන්තිද වන වදුල හා මහියංගනයෙන් එපිට දිගාමඩුල්ල ප්‍රදේශය දක්‌වා අපූරුව මෙහි සිට කදිමට නිරීක්‍ෂණය වේ. පුළුල් දර්ශන තලයක දෙඇස්‌ රඳවාගෙන අපි දෝතළුගල අපූරුව විඳින්නට කාලය වෙන් කළෙමු. මිනිසා සහ ජෛව ගෝල රක්‌ෂිතයක්‌ ලෙසද නම්කර ඇති මෙය ජාතික හා අන්තර්ජාතික වැදගත් රක්‌ෂිත වනාන්තරයකි. එය ලෝක ප්‍රජාවගේම උරුමයකි. ඒ බවද එහි යන කා වුවද සිහි තබාගත යුත්තකි. අපගේ නඩය කවදත් දුම්බර වනපෙතේ උරුමය හොඳින් සුරකින කණ්‌ඩායමකි. එහි සුන්දරත්වය, අපූරුව මෙන්ම අද්විතීයත්වයද හැම විටම අගය කරන්නන්ය. ඒ සියල්ල මෙනෙහි කරමින් අප අපහසු දෝතළුගල වටපාරෙන් පල්ලම් බැසීම ආරම්භ කළේ කඳවුරු බිමේ නවාතැන් ගැනීමද පිළියෙල කරගත යුතුව තිබූ බැවිනි. තවත් අඩ හෝරාවකට වැඩි කාලයකදී මෙම මාවතෙන් දෝතළුගල කඳවුරු බිමට එන්නට අපට හැකි වූහ. අද රාත්‍රී නවාතැන්පළ වනාන්තරය මැද පිහිටි මෙම සුවිශේෂ කඳවුරු බිමය.

ජගත් කණහැරආරච්චි

– Divaina