රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්ථවත් කළේ

0
826
past-story

ඉරගල වැටෙන්න කලියෙන් ගෙදර එන ලෙස මේ විනම්බෑසිය වෙච්චි දුවට අම්ම කිව්ව මේ දුවගෙ තාත්ත මොරටුවෙ රක්‍ෂාව කරන නිසා ගෙදර එන්නෙ ඉඳලහිටල බාගෙදා සතියකට පාරකුත් එනව.

ගාල්ලෙ වක්‌වැල්ලෙ ඉස්‌කෝලෙ හාමිනේ කෙනෙක්‌ මේ දරුවට නොමිලේ ගණිතය විෂයය උගන්වන ඉරිදා දොහොක තමයි ඉරගල වැටෙන්න කලියෙන් පුතේ ගෙදර එන්න කියල අම්ම කිව්වේ.

ඈ පන්තිය ඇරිල එදා ගෙදර එනකොට ඉරගල වැටිල. අන්දොa සංසාරෙ මට නිනව්වක්‌ නැතුව ගියා මේ දරුවගෙ ගෙදර තියෙන්නෙ කොහේද කින්ද මන්ද කියල කියන්න ගාල්ලේ කිබී ඇළ ඕරහේනට යන පාරෙ තමයි මේ දරුවගෙ ගෙදර තියෙන්නෙ. වංගු සහිත පාරවල් පොඩි පොඩි කැලෑ රොදවල් තේ වතු මඤaෙදාක්‌කා හේන් පාස්‌ කරගෙන තමයි ගෙදරට ළංවෙන්න තීන්නෙ.

ඉරගල වැටුණම මේ පාරවල බලු බල්ලෙක්‌ නෑ, දැන් ඉතිං මේ දරුව වංගු දෙක තුනක්‌ පහුකරල විශාල මඤaෙඤක්‌ක හේනක්‌ අසලින් ආවයි කියමුකො. ඔන්න ඊට පස්‌සෙ තමයි ගිනිවිඡ්ජුම්බරේ අලගියතැන් මුලගියතැන් පටන් ගත්තෙ. මේ ළමයින් කිසිම හැලහොල්මනක්‌ නැතුව බයක්‌ හැකක්‌ නැතුව ගෙවල් මණ්‌ඩිය තීහ පැත්තට හැරුණා. ඔන්න බොලේ එක පාරටම මිනිහෙක්‌ මේ දරුව ඉස්‌සරහට පැනල කට අතින් වහල උස්‌සගෙන ගියයි කියමුකො. මයියොක්‌කා ගාලකට. ඊට පස්‌සෙ ළමයව බිමින් තියල මෙන්න මෙහෙම කියපි. “මට සමාවෙන්න මගේ පුතේ… පුතාලයි විස්‌තර මම සේරම දන්නව. පුතා මට බය වෙන්න එපා. මම දැන් ඉන්නෙ වෙස්‌වලාගෙන. මට ඕන එකම එක දෙයයි. මගේ ළඟ එක තඹදොයිතුවක්‌ දැන් නෑ. රත්තරන් දුවේ, මට දෙන්න දූ අර අපලෙකට ඉනේ බැඳගෙන ඉන්න රත්තරන් පංචායුදේ. ඒක සෑහෙන ගාණක්‌ වටිනව කියල මම දන්නව. එච්චරයි මට ඕන” “ඇය දෙවරක්‌ නොසිතාම ඉනේ බැඳි රන් වංචායුදේ ගලවා ඔහු අතට දීල දනිපනිගාල යන්න දැඟලුව.

“පුතේ මේ විත්තියක්‌ සටහනක්‌ අම්මට තාත්තට කියන්නෙපා. පුතාට මොන අපලයක්‌වත් නෑ පුතේ ලෙඩක්‌ දුකක්‌ හැදුනම බේතක්‌ හේතක්‌ ගන්ට. පුතා උස්‌සහ ගන්න. පුළුවන් තරම් හොඳින් ඉගෙන ගෙන විභාග පාස්‌ කරල ලොකු නෝන කෙනෙක්‌ වෙන්න. මට ඇහැක්‌ වුණොත් දවසක පුතාට මීට වැඩිය වටින රත්තරන් බඩුවක්‌ මම අරගෙන දෙන්නම්. මතක තියාගන්න පුතාට කිසිම අපලයක්‌ නැහැ පුතේ. එහෙම දේවල් මේ ලෝකෙ නැහැ පුතේ.

ඔහුගෙ දේශනාව හොඳින් අහගෙන හිටපු මේ දුව පිටුපස බලබල ගෙදර දිව්ව.

මේ සිද්ධිය මේ දරුව කටක්‌ ඇරල අම්මට තාත්තට කිව්වයි කියල ඔබ හිතනවද… නෑ. අම්මටවත් කිව්වෙ නෑ. දරුව හොඳට ඉගෙන තියාගත්ත. සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ ඒ විතරක්‌ද විශ්වවිද්‍යාලෙත් ගියා. කිසිම අපලයක්‌ නෑ.

පස්‌සෙන් පහු කාලෙක ඇයට ලැබුණු අමාත්‍යංශ පත්වීම තිබුණෙ ගාල්ලෙ. මෙන්න බොලේ සතියක්‌ ගියේ නෑ. රක්‍ෂාවට ගිහිල්ල ආයතනයේ ලිපිකරුවෙක්‌ ගෙනත් දීපු පාර්සලයක්‌ ඇතුළෙ තියෙනව රත්තරන් මුද්දක්‌. පස්‌සෙන් පහු මේ යුවතියට කල්පනා වුණා අතීත සිද්ධිය. නමුත් අද වෙනතුරු හාංකවිසියක්‌ දන්නෙ නෑ, මේ නාඳුනන පුද්ගලයා කවුද කියල.

මේ සිද්ධිය අසූව දසකයේ ගාල්ලේ කිබීඇළ සුන්දර ගම්මානයේ අස්‌සක මුල්ලක වූ සිද්ධියක්‌. සෑහෙන කාලෙකට පසුව තමයි මේ යුවතිය කාටදො කියල ඔසිලිප්පු වෙලා තියෙන්නෙ.

අශෝක කාරියවසම්
Source : Divaina