එ.ජ.නි.ස ලේකම්ගේ හදිසි වාරණය: මැ.කො ගේ මතය ඡන්දයෙන් පසුව

0
637

මෙවර මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ලේකම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව පිළිබඳව තමන්ට පැවරී ඇති රාජකාරියට අදාළ බලතලවලට අනුව නියමිත වෙලාවට තීන්දුව ගන්නා බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා “දිවයින” ට පැවසීය.

මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජාතික ලැයිස්‌තුවට මන්ත්‍රීවරුන් නම් කිරීමේදී තමන්ට වලංගු වන්නේ පක්‍ෂ ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනද, එසේ නොමැති නම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අත්සන ද යන්න ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුව තීරණය කරන බව ද හෙතෙම පැවසීය.

ඡන්ද විමසීමට පෙර ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් එක්‌ පාර්ශ්වයකට අගතියක්‌ මෙන්ම අනිත් පාර්ශ්වය ප්‍රකාශයම යොදාගෙන ප්‍රවර්ධන ක්‍රියාදාමයකට යොමුවිය හැකි බව ද කොමසාරිස්‌වරයා පැවසීය.

මේ වනතෙක්‌ මැතිවරණ කටයුතුවලට එම ලේකම් අර්බුදය ප්‍රශ්නයක්‌ වී නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

Source : Divaina