මුත්තයියාගේ වෙඩිල්ල

0
595

තන්වැසියා දුටු දෙය

මුත්තයියා දකුණු පළාතෙ පුද්ගලික තේ වත්තක කුලී වැඩ කරමින් සිටි දෙමළ කෙනෙක්‌. ඒ වත්තෙ මුර පවුලකුත් හිටිය. මේ මුර පවුලෙ දෙන්න දෙමහල්ලො සිංහල උදවිය. මේ අම්මටයි තාත්තටයි අත දරුවෙක්‌ හිටිය. ඒ ළමය ගැහැනු දරුවෙක්‌. මේ දෙන්න දෙමහල්ලො ළමය තොටිල්ලෙ නිඳි කරවල තේ වත්තෙ වැඩට ගිහිල්ල. ගෙයි ඉස්‌තෝප්පුවෙ වහළයෙ පරාලයට තමයි තොටිල්ල එල්ලල තිබුණෙ.

මුත්තයිය දවල් එකොළහට දොළහට විතර මේ ගේ ළඟින් කඩිමුඩියෙ යන්න ගියා වත්ත පහළට මොකක්‌ දෝ වුවමනාවකට.

මුත්තයියට එකවිටම දරුව හිටපු තොටිල්ල පැත්ත බැලුණා. මුත්තයියා එකපාරටම ගැස්‌සුණ. බැලින්නම් විශාල නාගයෙන් දරුවගෙ තොටිල්ල වෙලාගෙන පෙනේත් පුප්පගෙන ඉන්නව ඔහු දුටුවා. මුත්තයිය තම ගමන නතර කරල දිව්ව වත්ත අයිති මහත්තයලගෙ ගෙදරට වෙඩිල්ලක්‌ පත්තු වෙන ඉක්‌මනට ඔහු ආපසු එතැනට ආවෙ කාණු දෙකේ තුවක්‌කුවකුත් අරගෙන. තවමත් නාගය පෙනේ පුප්පගෙන පින්තූරයක්‌ ඇඳපු ගානට ඉන්නවා.

මුත්තයිය ඉලක්‌කයට වෙඩි තියන්න දක්‍ෂ වෙඩික්‌කාරයෙක්‌. ඔහු දෙවරක්‌ හිතුවෙ නැහැ. නාගයගෙ පෙනේටම වෙඩි පාරක්‌ තිබ්බ. වෙඩි පාරේ සද්දෙට දරුව තොටිල්ල හොල්ල හොල්ල අඬන්න පටන් ගත්ත. නාගයා බිමට වැටුණා. උගේ වලිගෙ ටිකක්‌ වෙලා පෙරළි පෙරළි මොනවදෝ කිව්වා. නෑ මිනිස්‌සුනේ මම මේ දරුවාව මරන්න හිටියෙ නෑ. මම මේ දරුව ළඟ හිsටියෙ ආරක්‍ෂාවට කෙනෙක්‌ව මරන්න කලින් ටිකක්‌ හිතපන්”

නාගය එහෙම හිතන්ට ඇති කියලා මුත්තයියට පස්‌සෙ හිතුණා. මුත්තයිය නාගය වත්ත පහළට අරගෙන ගිහිල්ල ළමයගෙ තාත්තට අම්මට පෙන්නන්න කියල නාගයව අතට ගත්ත. එවිටම දරුවගෙ අම්මයි තාත්තයි දෙන්නම දුවගෙන ආව. මුත්තයියා තොරතෝංචියක්‌ නැතුවම සිද්ධිය අකුරක්‌ නෑරම කිව්ව. මේ සිද්ධිය වෙලා වසර ගණනාවකට පසුව මුත්තයියගෙ පුතයි තොටිල්ලෙ හිටපු දුවයි ප්‍රේමයෙන් බැඳුණා. දෙදෙනා ඉක්‌මනින් එක වහළක්‌ යටට වුණා.

අශෝක කාරියවසම්
Source : Divaina