රාවනා ඇල්ලට පැන දිවි නසා ගැනීමට හැදූ පියා හා දියණියන් බේරා ගැනේ

0
985

රාවනාඇල්ල දියඇල්ලට පැන සියදිවි නසාගැනිමට පැමිණි බව කියන පියෙක් සහ දියණියන් තිදෙනෙක් බේරාගත් බව ඇල්ල පොලිසිය පවසයි. 32 හැවිරිදි පියා සහ 12 – 8 සහ 5 යන වයස් කාණ්ඩවල පසුවන දියණියන් තිදෙනා අද (16) උදේ දියතලාව උvකන්fදfj, සිය නිවසේ සිට බස්රථයකින් රාවනාඇල්ල දිය ඇල්ල අසලට පැමිණ තිබේ.
දිය ඇල්ල උඩට යන අතර එම ස්ථානයේ සිටි තරණයෙකුගෙන් ජංගම දුරකථනයක් ඉල්ලාගෙන මෙම දියණියන් තිදෙනා සිය මෑනියන්ට කතාකර ඔවුන් දියඇල්ලට පැන සියදිව නසාගන්නා බවට දැනුමි දි ඇති බව පොලිසිය පවසයි.
ටික මොහොතකට පසු එම දුරකථනය හිමි තරුණයාට දුරකථන ඇමතුමක් ලැබි ඇති බවත් අනේ ඒ අයට ඇල්ලට පනින්න දෙන්න එපා යැයි   දරුවන්ගේ මව ආයාචනා කර ඇති බවත් පොලිසිය පවසයි.

three-children
ලහිරු ප්‍රභාත් ජයසේකර නමැති එම තරුණයා විසින් මේබව සිය පියා වන ප්‍රදේශයේ හදිසි මරණ පරික්ෂක ජයසේකර මහතාට දැනුම්දි ඇති අතර ජයසේකර මහතා ඇල්ල පොලිසියට මේ බව දැනුමි දී තිබේ. එසැනින් ක්‍රියාත්මක වු ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඩී.එන්.කරුණාරත්න මහතා තරුණයාගේ දුරකථනයට කතාකර පවසා ඇත්තේ පොලිසිය එන තෙක් කෙසේ හෝ ඔවුන් අල්ලා‍ගන්නා ලෙසයි.
ඒ අනුව එම තරැණයා එතැන සිට තවත් අයගේ උදව් ඇතිව ඹවුන් දියඇල්ලට පැනීම වලක්වාගෙන සිටියදි පොලිසිය විසින් ඔවුන් සිය භාරයට ගෙන ති‍බේ.

සeමියා සමග ඇතිවු පවුල් ආරවුලක් මත මෙම දියණිවරුන්ගේ මව නිවසින් පිටවි ගොස් ඇති බව පරික්ෂන වලදි හෙලිවු බව පොලිසිය පවසයි. මේ අතර මෙම දරුවන්ගේ නිවස වසා තිබිම ගැන සැකසිතූ අසල්වැසි ඥාතියෙකු නිවසේ දොර කඩා බලන විට, මම දරුවන් සමග රාවනාඇල්ලට පැන සිය දිවි නසාගන්නවායැයි, නිවෙස් හිමියා නිවසේ බිත්තියක ලියා තිබෙනු දැක ඇතැයිද අැය ඒ පිලිබදව දියතලාව පොලිසියිට පැමිණිලි කරනවිටත් ඔවුන් සිවුදෙනා බේරාගෙන තිබු බවද ඇල්ල පොලිසිය පවසයි.

three-children1
උෟව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු බණ්ඩාරවෙල පොලිස් අධිකාරි ජේ.යූ.රාමවික්‍රම හා සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල් .ඩී..එන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරික්ෂක සනත් ප්‍රියන්ත ඇතුථ කණ්ඩායමක් මේ සිද්ධිය පිලබිදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

Source : Lakbima