ශ්‍රී ලංකාවට අවමන් කරන චැනල් 4 කොන්ත්‍රාත්තුව

0
636

බ්‍රිතාන්‍ය චැනල් පෝ රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහිව දියත්කර ඇති මෙහෙයුම දැන් සනාථ වී ඇත.

චැනල් පෝ රූපවාහිනිය පසුගිය වසර කීපය තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම් මෙසේයි.

1. ශ්‍රීලංකා හමුදාව ද්‍රවිඩයන් 100000 ක්‌ මැරූ බව කියමින් කිලිංපීල්ඩ් වීඩියෝ පටය නිර්මාණය කිරීම.

2. ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් මරා දැමූ බව දක්‌වමින් නෝ µයර් සෝන් වීඩියෝ පටය නිර්මාණය කිරීම.

3. වන්නියේ සිටි ද්‍රවිඩ වෛද්‍යවරයකු වූ වර්ධ රාජා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙනඒම.

4. ශ්‍රී ලංකාවට එරෙහිව නිපදවූ වීඩියෝපට ජිනීවා ඇතුළු නගර කීපයක තිරගත කිරිම.

5. ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකා හමුදාව වරදකරුවකු කිරීම.

6. තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කළ අභියෝගය පිළිනොගැනීම.

7. කොටි හිතවාදීන් සමග එක්‌ව ක්‍රියාකිරීම.

සැප්තැම්බර් 14 දා ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන අතර ඊට දින 47 කට පෙර චැනල් 4 රූපවාහිනිය මානව හිමිකම් කවුන්සිලයෙන් සොරාගත් රහස්‌ ලියවිල්ලක්‌ එළි දැක්‌වීය. මේ රහස්‌ ලියවිල්ල යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත්‍රණයට අදාළ එක්‌සත් ජාතීන්ගේ කෙටුම්පතවේ. මේ කෙටුම්පතට අනුව එම දේශීය යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවන් ලෙස ශ්‍රී ලංකා රජය සහ උතුරු පළාත් සභාව නම්කර ඇත. මෙම කෙටුම්පත පිළිබඳ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන දැනටමත් විරෝධය පා තිබේ. පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට පැවති සමයේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කළ බලපෑම් නිසා චැනල් 4 කල්ලියට මෙරටට ඒමට ඉඩ ලැබිණි. ඔවුන් යාපනයට ගොස්‌ සිදු කළේ උතුරේ කොටි හිතවාදීන්ගෙන් පෙත්සම් සහ සාක්‍ෂි එකතු කිරීමයි.

චැනල් 4 කල්ලියට සම්බන්ධ පීටර් ස්‌නෝ උතුරේ පාර්ශ්ව වෙතින් පෙත්සම් එකතු කරන අයුරු දැක ගත හැකි විය. චැනල් 4 සහ පීටර් ස්‌නෝ උතුරට ගොස්‌ සිදු කළේ මෙරට ජාතික ආරක්‍ෂාවට එරෙහි ක්‍රියාදාමයයි.

මේ අන්දමට කොටි හිතවාදීන් වෙනුවෙන් කැලම් මැක්‌රේ ඇතුළු පිරිස්‌ මෙහෙයුම් ක්‍රියාකරන්නේ මන්ද? ජිනීවා නුවරට පැමිණි කැලම් මැක්‌රේ නතර වූයේ ඉහළ පෙළේ හෝටල් වලය. මානව හිමිකම් සමුළු ශාලව තුළ කැලම් මැක්‌රේගේ පිටුපසින් සිටින්නේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ එම්මානුවෙල් දේවගැති හිටපු ? කරුවකුවූ සුනන්ද දේශප්‍රිය ඇතුළු එන්ජීඕ කල්ලියයි.

මේ තත්ත්වය මත චැනල් 4 රූපවාහිනිය විශාල කොන්ත්‍රාත්තුවක්‌ මත ක්‍රියාකරන බව සනාථ නොවන්නේද? ඉරාක යුද්ධයට බ්‍රිතාන්‍ය හමුදාව යෑවීම සම්බන්ධව හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හා හිටපු හමුදා ප්‍රධානීන්ට චෝදනා එල්ලවී තිබියදි ඒ ගැන වීඩියෝපට නිර්මාණය කිරීමට චැනල් 4 රූපවාහිනිය ක්‍රියාකර නැත. කැලම් මැක්‌රේ මෙරටට පැමිණි අවස්‌ථාවේ ජායික්‌ හිල්ටන් හෝටලයේදී අපට හමුවිය.

කොටි සංවිධානය බිහිසුණු යුද අපරාධ කළා. එම අපරාධ ගැන වීඩියෝ පට නිර්මාණය නොකලේ මන්දැයි මම විමසුවෙමි.

කොටි කළ අපරාධ ගැනත් මම වීඩියෝ පටයක්‌ නිර්මාණය කරනවා යයි මැක්‌රේ ප්‍රතිචාර දැක්‌වීය. එහෙත් අද වනතුරුත් ඔහු කොටි සිදුකළ අපරාධ ගැන වීඩියෝ පටයක්‌ නිර්මාණය කළේ නැත.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ලකරන අවස්‌ථාවේ කොටි සිදු කළ අපරාධ රැසක ඡායාරූප සහ තොරතුරු හමුදා බලධාරීන් සතුව තිබිණි. මේ තොරතුරුවලින් වීඩියෝ පට රැසක්‌ නිපදවා ලොව පුරා විකාශය කිරීමේ හැකියාව තිබුණි. එහෙත් වන්නි මෙහෙයුමෙන් පසු එදා රජයට සම්බන්ධ අතරමැදියෝ ඊට අවාකාශ දුන්නේ නැත.

වන්නි මෙහෙයුමින් පසු යටතේ අතරමැදියන් හතුපිපෙන්නාක්‌මෙන් මතුවිය. ඔව්හු එදා රජයේ ඉහල බලධාරීන් නොමග යෑවූහ. එහි ප්‍රතිඵලය වූයේ කැලම් මැක්‌රේලා වීඩියෝ පට නිපදවීමයි. යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණයට අදාළ ලියවිල්ල හෙළිකිරීම චැනල් 4 මෙහෙයුමේ තවත් පියවරකි. මෙම රහස්‌ ලියවිල්ල චැනල් 4 වෙත සැපයුවේ සහ එකී අඩංගු කරුණු අනාවරණය කර ඇත්තේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයකට මග පෑදීම සඳහායි.

උතුරා මහ ඇමති මෙම කෙටුම්පත ප්‍රතික්‍ෂේප කරන බව පවසා ඇත. එසේ නම් ද්‍රවිඩ සංධානය ප්‍රමුඛ උතුරු පලාත් සභාවේ ඉලක්‌කය දේශීය යාන්ත්‍රණය වෙනුවට අන්තර්ජාතික විමර්ශනයක්‌ යෝජනා කිරීමයි. දේශීය යාන්ත්‍රණයට එකඟ නොවන බව ද්‍රවිඩ සංධාන ප්‍රකාශන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද පවසා තිබිණි.

මේ තත්වය මත ජාති සංහාරය නමින් යෝජනාවක්‌ සම්මත කර ගැනීමට මහ ඇමති විග්නේශ්වරන් ක්‍රියා කළේ එකී අන්තර්ජාතික විමර්ශනයකට මග පාදා ගැනීම සඳහායි.

කීර්ති වර්ණකුලසූරිය
Source : Divaina