යහපාලනයේ ලොකුම පොරොන්දුවත්… ඖෂධ අධිකාරියත් ජාවාරමුන් අතටද… – Drugs Authority crisis Sri Lanka

0
526
Drug-pills

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාව සිටියේ මහාචාර්ය ක්‍රිෂාන්ත විෙ-සූරියය. සභාපතිවරයා මහාචාර්ය ලාල් ජයකොඩිය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝගය මත මේ විද්වත්හු පසුගිය සිකුරාදා තම ඉල්ලා අස්‌වීමේ ලිපි සෞඛ්‍ය ලේකම්වරයාට භාරදී ස්‌වකීය තනතුරු හැර ගියහ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු වූ වගකීම

2015 අංක 05 දරන ඖෂධ නියාමන අධිකාරී පනත අනුව ඊට පැවරී ඇති බලතල පුළුල්ය. ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්‌ථ නිෂ්පාදන සහ විමර්ශනාත්මක ඖෂධීය නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීම අනුමත කිරීමත්, නියාමනය කිරීමත්, එවැනි ලියාපදිංචි කිරීමක්‌ හෝ බලපත්‍ර ලබාදීමක්‌ අවලංගු කිරීම හෝ අත්හිටුවීමත්, එම සැපයුම් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ගබඩා කිරීම, නැවත ඇසුරුම් කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම, විකිණීම, ප්‍රචාරණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ආපසු කැඳවීම සහ බැහැර කිරීම නියාමනය කිරීමත්, එA ස`දහා බලපත්‍ර ලබාදීම හා අවශ්‍ය අවස්‌ථාවල පනතේ නියමය ප්‍රකාරව බලපත්‍රවල බලය අවලංගු කිරීමත්, ඔසුසල් හා ඖෂධ ගබඩා ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීමත් නෛතික විධිවිධානවලට යටත්ව ඖෂධ, වෛද්‍ය උපකරණ යන්ත්‍රොaපකරණ හෝ රසායනාගාර ද්‍රව්‍ය තොග රේගුවෙන් නිදහස්‌ කර ගැනීම සඳහා අනුමතය ලබා දීමත්, ලියාපදිංචි කර ඇති සහ බලපත්‍ර ලබාදී ඇති ඖෂධ හෝ වෛද්‍ය උපකරණවල තත්ත්වය සහ ආරක්‌ෂාව පිළිබඳ පශ්චාත් අලෙවි සමීක්‌ෂණ පැවැත්වීමත්, මෙම නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා අධීක්‌ෂණය කිරීම සහ එවැනි අවස්‌ථාවලදී ක්‍ෂණික සහ අවශ්‍ය පියවර ගැනීමත්, ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්‌ථ නිෂ්පාදනවල ආරම්භක මිල තීරණය කිරීම සහ පසුකාලීන මිල ප්‍රතිශෝධනය පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස්‌ ලබාදීමත්, ඖෂධ වෛද්‍ය උපකරණ සහ සීමාස්‌ථ නිෂ්පාදනවලට අදාළ මාර්ගෝපදේශ, නිර්දේශ, විධාන සහ රීති නිකුත්කිරීමත්, ඒවා අධීක්‌ෂණය සහ යාවත්කාලීන කිරීමත් ඇතුළු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය රට තුළ ක්‍රියාත්මක කිරීම ස`දහා වූ පුළුල් පරාසයක වගකීම් කොටසක්‌ මෙම අධිකාරිය වෙත පැවරී තිබිණි. මෙම වගකීම් සියල්ල ක්‍රියාත්මක කිරීම ස`දහා වගකීමෙන් බැ`දී සිටි අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වූයේ මහාචාර්ය ක්‍රිෂාන්ත විඡේසූරිය ය. එමෙන්ම නිලබලයෙන් හෙතෙම අධිකාරියේ ලේකම්වරයාද වූයේය. පනත ප්‍රකාරව පත්කළ සාමාජිකයන් 14 දෙනාගේ එක`ගතාවය මත අමාත්‍යවරයා විසින් පත්කරනු ලබනා අධිකාරියේ සභාපතිවරයෙක්‌ වේ. එම සභාපතිවරයා මහාචාර්ය ලාල් ජයකොඩිය.

ඉල්ලා අස්‌වීමට හේතුව මාධ්‍ය වාර්තා කළ ආකාරය

මහාචාර්ය ක්‍රිෂාන්ත විඡේසූරිය මහලුය. මහාචාර්ය ලාල් ජයකොඩිත් මහලුය. හැට පැනලාය. දෙන්නාම පැන්ෂන් ගිය මහාචාර්යවරුය. මේ දෙන්නා අලුත් බෙහෙත් ගැන දන්නේ නැත. දෙපළම අකාර්යක්‌ෂමය. ඒ නිසා රටේ බෙහෙත් හි`ගයක්‌ ඇති වී තිබේ. පිළිකා රෝගීන් ස`දහා වූ බෙහෙත් උග්‍ර ලෙස හි`ගය.

මේ අය වැඩ භාරගත් පසුගිය ජූලි මස 01 දා සිට ගෙන්විය යුතු අලුත් ඖෂධ වර්ග ලියාපදිංචි කර නැත. මහරගම පිළිකා රෝහලේත් රජයේ රෝහල් ගණනාවකත් ඖෂධ හි`ගයක්‌ ඇතිවෙලා ඇත්තේ ඒ නිසාය. පිළිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය බෙහෙත් ගණනාවක්‌ මේ වනවිට මහරගම පිළිකා රෝහලේ හා අනෙක්‌ රෝහල්වල හි`ග නිසා පිළිකා වෛද්‍ය විශේෂඥවරු ඉන්නේ කම්පනයෙනි. අලුත් බෙහෙත් ලියාපදිංචි නොකිරීම හේතුවෙන් මේ මහාචාර්යවරුන් දෙදෙනාට සෞඛ්‍ය අමාත්‍යංශය තුළදී පිළිකා රෝග විශේෂඥවරුන් එක්‌ව හො`දටම බැණ ඇත. මහාචාර්යවරු දෙපළ තම හිතවත් මහා පරිමාණ සමාගම් ප්‍රමෝට්‌ කරමින් සිටී. ඒ නිසා දුප්පත් මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ වෛද්‍ය සැපයුම්කරුවන් ඉන්නෙ හත වැදිලාය. ඒ නිසා මේ තනතුරුවලින් මෙම මහාචාර්යවරුන් දෙපළ ඉවත්කර වෙනත් පලපුරුදු දක්‌ෂ නිලධාරියෙක්‌ පත් කරන ලෙස මේ වෛද්‍යවරු ඉල්ලා ඇත.

ඇත්තටම මේ වනවිට ඒ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම ඉෂ්ට වී තිබේ. මහාචාර්යවරුන් දෙපළ ඉවත් වී ඇත. පළපුරුදු දක්‌ෂ නිලධාරියෙක්‌ වූ ෙµdන්ටෙරා බහුජාතික කිරිපිටි සමාගමේ අධ්‍යක්‌ෂවරයෙක්‌ ලෙසත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරන හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අතුල කහ`දලියනගේ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් පත් කර ඇත. දොස්‌තරලාටත් සතුටුය. ඇමතිටත් සතුටුය. වෛද්‍ය සැපයුම් අංශයට මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවටත් සතුටුය. හෙට සිට රටේ ඖෂධ ප්‍රශ්න සියල්ල නිට්‌ටාවට සුව වීමට නියමිතය.

මෙතැන් සිට මේ ලියවිල්ල ඔබ වඩාත් සිහි බුද්ධියෙන් කියවිය යුතුය. මේ ලියෑවෙන්නේ මේ රට තුළ ඔබත් මාත් පත්කර ඇති අමානුෂික ව්‍යසනය පිළිබ`ද කතාව වන හෙයිනි. රටේ මෙතෙක්‌ පැවතෙමින් තිබූ බිහිසුණු මාµsයාවේ ඇතුළාන්තය මින් යම් පමණකට හෙළිවන බැවිනි.

ලංකාවේ ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක්‌ තිබේ. යම් ඖෂධයක්‌ රට තුළ ලියාපදිංචි කිරීමට ප්‍රථම එම ඖෂධයේ සාඵල්‍යතාවය පිළිබ`දව පිළිගත් නිසි ඇගැයුම් ක්‍රමවේදයක්‌ ඇත. එම අනුමිතීන් සපුරණ ඖෂධ මෙන්ම ලෝක ප්‍රමිතිය පූරණය කරමින් ලෝකයේ පිළිගත් පර්යේෂණාගාරවලින් ප්‍රමිති සහතිකය ලද ඖෂධද ජාතික අවශ්‍යතා මත ලියාපදිංචිය ස`දහා තෝරා ගැනේ. ලියාපදිංචිය මුලින්ම ලබා දෙන්නේa වසරක්‌ ස`දහාය. ඒ වසරක කාලය තුළ සායනික ප්‍රතිඵල සලකා බලා යළි වසර දෙකක්‌ ස`දහාත් ඒ වසර දෙක අධීක්‌ෂණයෙන් අනතුරුව වසර පහක්‌ ස`දහාත් අදාළ ඖෂධ ස`දහා ලියාපදිංචිය ලබා දේ.

ලියාපදිංචි නොකළ සමහර ඖෂධ ගෙන්වීම ස`දහා අවස්‌ථාව සැලසෙන විශේෂ අවස්‌ථාද පවතී. සමහර ඉතා සුළු ඖෂධ ප්‍රමාණ රටට ගෙන්වීමේදී අවශ්‍යතාවයේ ප්‍රමුඛතාව සලකා ඖෂධය ස`දහා ලියාපදිංචි නොවූ සමාගම් වෙත ඒ ස`දහා අවසර ලබා දේ. එසේ ගෙන්වූ බෙහෙත් වර්ග රේගුවෙන් මුදා ගැනීම ස`දහා විරෝධතා නොදැක්‌වීමේ ලේඛනයක්‌ (භද ධඉවැජඑසදබ ඛැඑඑeර) ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දිය යුතුය. මේ ලේඛනය අවභාවිත කරමින් මේ රටේ ජනතා මුදල් මතු නොව රෝගීන්ගේ ජීවිතද ගසා කෑ නින්දිත ඉතිහාසයක්‌ අපට තිබිණි.

පළමු සිදුවීම

ඇත්තම කතාව නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචිය ප්‍රමාදකර තිබුණේ නැති බවය. ඖෂධ ප්‍රමාදයක්‌ වීනම් එහි වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට නොපැවරෙන බවය. පසුගිය අ`ගහරුවාදා සවස ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් දැනට හි`ග බව කියන අත්‍යාවශ්‍ය ඖෂධ 20 ට අයත් බෙහෙත් 72 ක ලැයිස්‌තුව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළේය. ඖෂධ නියාමන අධිකාරිය විසින් එම බෙහෙත් ලැයිස්‌තුවේ එක්‌ ඖෂධයක්‌ හැර අනෙක්‌ සියලුම ඖෂධවල ලියාපදිංචිය සහතික කර තිබිණි.

එහෙත් මේ ලැයිස්‌තුවේ එක්‌ ඖෂධයක්‌ පමණක්‌ ගෙන්වීම තහනම් කළේය. එය රුධිරය කැටිගැසීමේ අවදානම සහිත රෝගීන්ට විශේෂයෙන් ලබාදෙන Warfarin නමැති ඖෂධයේ මිලි ග්‍රෑම් 0.5 පෙති විශේෂය ය. එහෙත් එම ඖෂධයේ මිලි ග්‍රෑම් 1 සහ 2 පෙති ස`දහා ලියාපදිංචිය ලබා දී තිබිණි. මිලි ග්‍රෑම් 0.5 පෙති ගෙන්වීම ස`දහා අවසර ලබා දීම ප්‍රතික්‌ෂේප කිරීමට හේතුවක්‌ විය. මේ ඖෂධය ගෙන්වීමට අවසර ඉල්ලා තිබුණේ ප්‍රමිතිය පිළිබ`ද වගවීමක්‌ නැති ලියාපදිංචිය නැති නිෂ්පාදනයක්‌ ලෙසය. රුධිරය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු මෙවැනි ඖෂධ ගෙන්වීමට දැඩි ලෙස එරෙහි වෙති. සුළු වැරදීමකින් නියත මාරක තත්ව ඇති කරන ඖෂධයක්‌ වගකීමක්‌ නැති සමාගමක්‌ හරහා ගෙන්වීමට කළ උත්සාහයට අනුමැතිය නොලැබිණි.

මීට අමතරව Gentamicin Eye Drop නමැති ඖෂධය ගෙන්වීමට වෛද්‍ය සැපයුම් අංශය වරෙක අවසර ඉල්ලීය. මෙම ඖෂධය ඇසට දමන දියරයකි. වෛද්‍ය සැපයුම් අංශය ඉල්ලුම් අංක MSD/LP/PU5/271/2015 යටතේ ඉල්ලීමක්‌ කරමින් ලියාපදිංචි නොකළ මෙම ඖෂධය රටට ගෙන්වීමට විරෝධතා නොදැක්‌වීමේ ලේඛනයක්‌ (No Objection Letter) ඉල්ලුම් කළේය. ප්‍රමිතිය පිළිබ`ද රටේ ප්‍රතිපත්තිය අනුව වගවීමකින් තොර, ඇස්‌වලට දැමීම ස`දහා යොදා ගන්නා මෙම ඖෂධය ගෙන්වීමට අවසර ලබාදීම ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රතික්‌ෂේප කර තිබිණි.

තවත් වරෙක ඖෂධයක්‌ ස`දහා ලියාපදිංචි සැපයුම්කරුවන් 18 දෙනෙක්‌ සිටියදී එම ඖෂධ ගෙන්වීමට ලියාපදිංචිය නොලද ආයතන තුනක්‌ වෙත ටෙන්ඩරය ලබාදීම ස`දහා විරෝධතා නොදැක්‌වීමේ ලේඛනයක්‌ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප විය. ඖෂධය ස`දහා ලියාපදිංචි සැපයුම්කරුවන් හරහා ටෙන්ඩර් මගින් එම ඖෂධය ගෙන්වා ගැනීමට උපදෙස්‌ ලැබිණි. ගැටුම් ඇරඹෙන්නේ එසේය. මේ සිදුවීම් මාලාවේ අතිශය බිහිසුණු යථාර්ථය හෙළිකරන සිද්ධි තුනක්‌ පමණක්‌ ලියා දක්‌වමු.

සිද්ධි තුනක්‌

Lorozepam නමැති ඖෂධයක්‌ තිබේ. එම නිර්දේශ කරන්නේ දෙන්නේ නින්ද අඩු රෝගීන්ට නින්ද ලබාදීම ස`දහාය. මෙම ඖෂධය ලියාපදිංචි නොවන සමාගමක්‌ හරහා ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව සැලසුම් කර තිබිණි. එම බෙහෙත් රේගුවෙන් නිදහස්‌ කරගැනීමට විරෝධතා නොදැක්‌වීමේ ලේඛනයක්‌ (No Objection Letter) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා තිබිණි. එවැනි පියවරක්‌ ගැනීමට හේතුව ලෙස දක්‌වනු ලැබ තිබුණේ ඖෂධය ස`දහා ලියාපදිංචි සමාගම් එකක්‌වත් සැපයුම් කිරීමට ඉදිරිපත් නොවීමය. බෙහෙත් තොගය ගෙන්වීමට අනුමැතිය ලද ටෙන්ඩරයේ වටිනාකම රුපියල් මිලියන 36 ක්‌ විය.

විරෝධතා නොදැක්‌වීමේ ලේඛනය (No Objection Letter) දෙනවා වෙනුවට අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වූ මහාචාර්ය ක්‍රිෂාන්ත විඡේසූරිය එම ඖෂධය සැපයීම ස`දහා ලියාපදිංචි වූ සමාගම් සියල්ලට කතා කළේය. ඔවුන් කිසිකෙනෙක්‌ මේ සැපයුම පිළිබ`දව දැනගෙන සිටියේ නැති බව කියෑවිණි. මහාචාර්යවරයාගේ උපදෙස්‌ පිට ඔවුන් සියලු දෙනා තමන්ගේ මිල ගණන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව වෙත යොමු කළහ. අවසානයේ අඩුම මිලට ටෙන්ඩරය ලබාදෙන්නට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවට සිදුවිය.

එහි වටිනාකම රුපියල් දෙලක්‌ෂ පනස්‌ දහසක්‌ පමණක්‌ විය.

මේ මොහොත වනවිට පිළිකා වෛද්‍ය විශේෂඥවරු ලෙස සැලකෙන පිරිසක්‌ පොළවේ පස්‌ කමින් සිටින පිළිකා ඖෂධ හි`ගය පිළිබ`ද කතාවේ වාර්තා වන යථාර්ථය පිළිකාවක්‌ හැදී මිය යනවාට වඩා වේදනා සහගතය. බෙහෙතක්‌ නිෂ්පාදනය කළ විට එහි ප්‍රමිතිය සහතික කිරීම පියවර තුනකින් සිදුවේ. එකක්‌ පිළිගත් රසායනාගාරයක සිදුකරන රසායනික පරීක්‌ෂණයකි. දෙවැන්න පර්යේෂණාගාරය තුළදී සතුන් ඇසුරින් කරන පරීක්‌ෂණයකි. තෙවැන්න එම ඖෂධය මිනිසුන් ඇසුරෙහි කරන අත්හදා බැලීමකි. මෙම සායනික පරීක්‌ෂණවලින් අනතුරුව ප්‍රමිතිය සහතික වූ ඖෂධ පමණක්‌ ස්‌වකීය රෝගීන් වෙනුවෙන් ගෙන්වීමට කටයුතු කිරීම සරල ලෝක පිළිවෙතය. එවන් ඖෂධයක්‌ රාජ්‍ය ධනය වියදම් කරමින් ගෙන්වා ස්‌වකීය රෝගීන් කොම්පැණියක පර්යේෂණාගාර මීයන් කරන්නට හරිහමන් රටක්‌ තුන් හිතකින්වත් හිතන්නේ නැත.

එහෙත් අප ඒ නින්දාසහගත ගනුදෙනුව කර තිබිණි. පසුගිය රජය සමයේ පිළිකා රෝගීන් ස`දහා නිෂ්පාදනය වෙමින් තවමත් සායනික මට්‌ටමේ පවතින Nimotuzumab නමැති ඖෂධය අවුරුද්දක තාවකාලික බලපත්‍රයක්‌ ලබාගෙන රටට ගෙන්වා තිබිණි. එක්‌ අතකට අපේ රෝගීන් ලවා ඖෂධය පරීක්‌ෂා කරගන්නවාක්‌ බ`දු වූ මෙම සායනික මට්‌ටමේ ඇති බෙහෙතේ එන්නත් 2300 ක්‌ නැවත ගෙන්වීමට රුපියල් මිලියන 150 ක්‌ වියදම් කිරීම ස`දහා සැපයුම් අංශ සූදානම් විය. රෝගීන්ට යම් හෝ සහනයක්‌ ලැබෙනවා යෑයි නිශ්චිත නැති, තවමත් පර්යේෂණ මට්‌ටමේ ඇති ඖෂධයක්‌ ලංකාවට නැවත ගෙන්වීම ස`දහා සැපයුම් අංශවල සූදානම වැලැක්‌විණි. පිළිකා රෝගීන් ස`දහා නිෂ්පාදනය වෙමින් පවත්නා සායනික පර්යේෂණ මට්‌ටමේ ඇති එවැනිම ඖෂධයක්‌ වූ CIMAVAX-GF නමැති ඖෂධය ගෙන්වීම ස`දහා අනුමැතියද ඖෂධ නියාමන අධිකාරියෙන් ලැබුණේ නැත. විශ්‍රාමික මහාචාර්යවරුන් අලුත් ඖෂධ නොදන්නා බව ඇසෙන්නේ එතැන් සිටය.

තුන්වන සිදුවීම ඇසෙන විට අපට අප ජීවත්වන රටේ කාලකණ්‌ණිකම ගැන දුක හිතෙන්නේය. වෛද්‍ය සැපයුම් අංශය විසින් Primaquine නැමැති ඖෂධයේ පෙති 60000 ක්‌ ගෙන්වීම ස`දහා විරෝධතා නොදැක්‌වීමේ ලේඛනයක්‌ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා සිටියේය. කඩිමුඩියේ ගෙන්වන්නට හදන මෙම ඖෂධය අවශ්‍ය වන්නේ මැලේරියා රෝගීන් ස`දහාය. අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මැලේරියා මර්දන ව්‍යාපාරය ඇමතුවේය. මැලේරියා වසංගත තත්ත්වයක්‌ හෝ මෙවැනි ඖෂධයක අවශ්‍යතාවක්‌ ඇතිවන පසුබිමක්‌ ඇත්දැයි විමසුවේය. එවැනි අවම අවදානමක්‌වත් ඇතිවී නොතිබිණි. මෙම ඖෂධය රටට ගෙන්වීමේ අර්ථය කුමක්‌දැයි වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසූ විට ඒ ස`දහා ඔවුන්ට තාර්කික පිළිතුරක්‌ නොවුණි. එම ඖෂධය ගෙන්වීම නැවතිනි. රටකට අලෙවි කළ නොහැකි කල් ඉකුත්වීමට ආසන්න බෙහෙත්වර්ග අපේ රටේ ජනතා මුදලින් මිලදී ගෙන ටික දිනක්‌ ගබඩාකර තබා කල් ඉකුත් වූ පසු විනාශ කරදැමීමේ ඉතිහාසයක්‌ අපට තිබේ. මේ සිදුවීම් කිහිපය පමණක්‌ යථාර්ථය අවබෝධ කරගැනීමට ප්‍රමාණවත්ය. රටේ අයවැයෙන් ඖෂධ ස`දහා වියදම් කිරීමට වෙන්වන මුදල විද්‍යාත්මකව කළමනාකරණය කරන්නට යැමේ අවසන් ප්‍රතිඵලය ලෙස මහාචාර්ය ක්‍රිෂාන්ත විඡේසූරිය හා මහාචාර්ය ලාල් ජයකොඩි ගෙදර ගියේය.

මහාචාර්ය ක්‍රිෂාන්ත විඡේසූරිය හා මහාචාර්ය ලාල් ජයකොඩි

ජාතික ඖෂධ නියාමන කොමිසමෙන් ඉවත්වෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ලද නියෝගය අනුව ඉල්ලා අස්‌වූ එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මහාචාර්ය ක්‍රිෂාන්ත විඡේසූරිය ගැනත් එහි සභාපතිවරයා වූ මහාචාර්ය ලාල් ජයකොඩි ගැනත් මේ රටේ මිනිස්‌සු හරියට දන්නේ නැත. ලෝකයේ අලුත් දැනුම නැති, වියපත්, විශ්‍රාමික, බෙලහීන මහල්ලන් බව කියමින් පසුගිය වකවානුව පුරාම මාධ්‍ය විසින් පතුරු ගැසූ මේ විද්වතුන් දෙපළ ලෝක සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ටයන්ය. රටට නොගැලපෙන තරම් අවංක, සරල, පෞරුෂවත්, මිනිසුන්ය. අඩුම තරමින් රටට වංචා නොකළ, බහුජාතික කොම්පැණිකාරයන්ට ස්‌වකීය අධ්‍යාත්මය පාවා නුදුන්, තම වෘත්තික භාවය පේව්මන්ට්‌ එකේ දමා අලෙවි නොකළ විරල මනුෂ්‍යයන් සේ ඔවුන්ට කැමති අකමැති හැමෝම ඔවුන්ව හ`දුනාගෙන තිබිණි.

මහාචාර්ය ක්‍රිෂාන්ත විඡේසූරිය ඖෂධවේදය පිළිබ`ද කොළඹ වෛද්‍යපීඨයේ හිටපු මහාචාර්ය වරයෙකි. රටේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මහාචාර්ය සේනක බිබිලේ විසින් ඉදිරිපත් කළ මූලධර්ම ප්‍රකාරව යළිත් සකස්‌ කරනු ලැබීමට මූලික වූ විද්වතෙකි. ඖෂධ ප්‍රතිපත්තිය පිළිබ`ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු උපදේශකවරයා ලෙස කටයුතු කළ විශිෂ්ටයෙකි. මහාචාර්ය රවීන්ද්‍ර ලාල් ජයකොඩි වර්ෂ 2001 සිට වර්ෂ 2009 දක්‌වා කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධවේද අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙස කටයුතු කළ විරල විද්වතෙකි. ඖෂධවේදය පිළිබ`ද එම පීඨයේම මහාචාර්ය වරයෙකි. ලෝක සම්භාවනාවට පාත්‍රවූ පර්යේෂණ පත්‍රිකා ගණනාවක්‌ ඉදිරිපත් කළ අයෙකි. මොවුන් දෙදෙනාම වෛද්‍ය උපාධිධරයන්ය. වෛද්‍ය විද්‍යාව පිළිබ`ද පශ්චාද් උපාධි හිමිකරගත් වුන්ය. දැනට ඖෂධවේදය පිළිබ`ද මේ රටේ සිටිනා අත්දැකීම් බහුල ප්‍රවීණම විද්වතුන් දෙපළ මොවුන්ය. මේ රටේ සිටිනා බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් ඔවුන් ඇසුරෙහි හැදී වැඩුණු ශිෂ්‍යයන්ය. ”තැපැල් නයින්ටිය” පැදගෙන වෛද්‍ය විද්‍යාලයට පැමිණ තමන්ට ශිල්ප ඉගැන්වූ ලෝක සම්භාවනාවට පත් විද්වතා, මහාචාර්ය ක්‍රිෂාන්ත විෙ-සූරියත් ගැනත්, අතිශයින්ම සරල ලෙස දිවි පැවැත්වූ මහාචාර්ය ලාල් ජයකොඩි ගැනත් වෛද්‍ය ක්‌ෂේත්‍රයේ ඇත්තන්ට අමුතුවෙන් හ`දුන්වාදිය යුතු නැත. ඇත්තනම් මේ රටේ වෘත්තිකයන්ට දින සීයේ ආණ්‌ඩුවේදී මේ රටට යහපාලනය සම්බන්ධ විශ්වාසයක්‌ ඇතිකළ විශිෂ්ටම සහතිකයක්‌ වුයේ මේ විද්වත් දෙපළ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පත්කිරීම බවය.

ඔවුන් අධිකාරියේ වැඩ භාරගන්නා ජූලි 01 දා වනවිට ඖෂධ ස`දහා ලියාපදිංචි බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ හය දහසකට වැඩි අයදුම්කරුවන්ගේ µයිල් ගොඩගැසී තිබුණු ආකාරයත්, මෙම ඉල්ලුම්පත්‍ර පන්දහසකට වඩා විමර්ශනය කර සුදුසු පිළියම් යෙදූ ආකාරයත්, අතිශය සංකීර්ණ කටයුත්aතක්‌ වන ඖෂධ මිල පාලනය පිළිබ`ද විධිමත් ක්‍රමවේදයක්‌ සැකසෙමින් තිබූ ආකාරයත්, පමාවකින් තොරව ඖෂධ ලියාපදිංචි කිරීම මෙන්ම අනවශ්‍ය කිසිම ඖෂධයක්‌ රටට ගෙන්වීම නැවැත්වූ ආකාරයත්, රාජ්‍ය ආයතන තුළ තිබූ ඖෂධ මාµsයාවේ පදනමටම පහර එල්ල කළ ආකාරයත් පිළිබ`දත් අපට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ම එම අධිකාරියේම වෘත්තිකයන්ය. රටේ ජනාධිපතිවරයා විසින් දිවි හිමියෙන් ගෙනා බව කියන ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ මේ ක්‍රියාත්මක ස්‌වරූපය මෙය නම්, ඊට ඔහුත් එක`ග නම් අපට කරන්නට දෙයක්‌ නැත. මොවුන් අපේ ඇස්‌ ඉදිරිපිට කඩා දමා ඇත්තේ යහපාලනයේ දල්ලය. කුරු වී ව`ද බහින්නට නියමිත ගසක්‌ මහත් ඵල උපදවන්නේ නැත.

ඒ ස`දහා වූ සහතිකය දැන් අපට ලැබී තිබේ.

ජානක ලියනආරච්චි
– Divaina