ඔරුව, කොල්ලෑව සහ අපේ නිදහස

0
1558
Sri Lanka's National Freedom Front activists walk towards the Russian Embassy during a rally in Colombo on July 9, 2010, to thank Russia for expressing concern in support of Sri Lanka on the decision made by United Nations Secretary General Ban Ki-moon to appoint a war crimes panel. Weerawansa vowed to continue his anti-UN hunger strike outside its base in Colombo despite Secretary General Ban Ki-moon recalling his top envoy and shutting the offices. AFP PHOTO/Ishara S.KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා විසින් දෙන ලද, අප විසින් ඔය්බන ශදම කියා භාරගන්නා ලද නිදහස ඔය්බන ශදම ඩැරහ පමජය කියා ආපසු භාරදීමට සිදුවීමේ තත්ත්වයක්‌ දැන් පැන නැගී තිබේ. සුද්දා 1948 දී අපට නිදහස දුන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මතයක්‌ සහ විකල්ප මතයක්‌ යනාදී වශයෙන් මත දෙකක්‌ තිබේ. ප්‍රසිද්ධ මතය නම් 1948 වන විට ජීවතුන් අතර සිටි අපගේ ජාතික වීරයන් ඉතා මහන්සියෙන් නිදහස ලබා ගන්නා ක්‍රමයක්‌ ගැන කල්පනා කර, ඉතා මහන්සියෙන් මිනිසුන් සංවිධානය කර, ඉතා මහන්සියෙන් මහ රැජනට පෙත්සම් ගසා නිදහස දිනාගත් බවය. විකල්ප මතය නම් ඉන්දියාවේ මහත්මා ගාන්ධි ඇතුළු අවිහිංසාවාදී නායකයන්ගේ කන් කෙඳිරියත්, ඔවුන් පසුපස පැමිණි ප්‍රගතිශීලී ඉන්දියානු ජනතාවගේ බලවේගයත් නිසා ඉන්දියාවට නිදහස දීමේදී ලංකාවටත් නිකම්ම නිදහස ලැබුණු බව ය. එහි රහස මෙයයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදියා ඉන්දියාව සහ ලංකාව යන දෙරටම පාලනය කරන ලද්දේ එක එකවුන්ට්‌ එකක්‌ හෙවත් තනි ගිණුමක්‌ යටතේ ය. ඉන්දියාව යනු සාගරයක්‌ වැනි රාජධානියකි. එහෙත් ඒ කාලයේදී ලංකාව යනු ඒ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ නොහොත් බ්‍රිතාන්‍ය ජනතාවගේ බදු සල්ලිවලින් නඩත්තු වෙමින් පැවති පුංචි තිතකි. 1940 න් පසු ශ්‍රී ලංකාවේ වාර්ෂික අය වැය ලේඛනය සෑදීමේදී තේ, පොල්, රබර්, කුළුබඩු යන සාම්ප්‍රදායික ආදායම්වලින් රටේ වියදම තවදුරටත් පවත්වා ගෙන යැමට බැරි තත්ත්වයක්‌ මතුව තිබිණි. මදි හරියට මුදල් පොම්ප කරන ලද්දේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවයි. එහෙත් ඉන්දියාවේ එකවුන්ට්‌ එක හරහා මෙය කිරීමේදී බ්‍රිතාන්‍යයට ඒ කාරණයේදී වැඩි බරක්‌ නො දැනුනේ ඉන්දියාවෙන් සැලකිය යුතු ආදායමක්‌ ලැබුණ හෙයිනි. ඒ නිසා ලංකාව වෙනම ගිණුමක්‌ යටතේ පාලනය කරන්නට ගියහොත් ඇති විය හැකි වියදම් අර්බුදය සැලකූ බ්‍රිතාන්‍යය ඔරුව අත් හරින විට කොල්ලෑව ගෙදර ගෙන යන සිරිතක්‌ නැති බැවින් ඉන්දියාව අත්හරින විට ලංකාව ද අත්හැර දැමුවේ ය. හෙවත් ඉන්දියාවට නිදහස දී අවුරුද්දකින් පමණ ලංකාවට නිදහස දුන්නේ ය.

ඒක තමයි නිදහස පිළිබඳ විකල්ප මතය. මෙය විකල්ප මතය මිස සැබෑ මතය බව අපි නිකමටවත් නො කියන්නේ එසේ කිව හොත් සඳුදා වන විට අපගේ සමහර පාඨකයන් අපට දුරකථනයෙන් බැණ වැදීමට ඉඩ තිබෙන නිසාය. කෙසේ වුවද, ශ්‍රී ලංකාව නිදහස්‌ රටක්‌ බව ජාත්‍යන්තර ප්‍රජාව හරියටම වටහා ගත්තේa 1977 න් පසු ගෝලීය සමාජය සහ නවලෝක අනුක්‍රමය යන සංකල්ප විවෘත ආර්ථිකය හරහා මෙරටට පැමිණීමත් සමඟය. අපේ රට කලාපීය වශයෙන් කොතරම් වටනේද යන්න ඔවුන් වටහා ගත්තේ එවිටය. එදා සිට අද දක්‌වා අපට ඇමරිකාවෙනුත් නිදහසක්‌ නැත. ඉන්දියාවෙනුත් නිදහසක්‌ නැත. එංගලන්තයෙනුත් නිදහසක්‌ නැත. නෝර්වේ රටිනුත් නිදහසක්‌ නැත.

එසේ නම් අප කළ යුත්තේ කුමක්‌ද? ලැබුණු නිදහස ඔය්බන ශදම ඪැරහ පමජය කියා ආපසු භාරදීමද? නැත්නම් තවදුරටත් තබා ගැනීම ද?

වඩා හොඳ අප ළඟම එය තබා ගැනීමය. එහෙත් එය යළි අපෙන් උදුරා නොගනිතැයි සහතිකයක්‌ දිය හැකිද?
– Divaina