රී ලංකාවේ අයිසිස්‌ ඒජන්තවරයකු සිටිනවා

0
683
ISIS

ඉන්දීය ත්‍රස්‌තමර්දන බලකාය හෙළි කරයි

මෙයට පෙර විදේශ බුද්ධි සේවාවක්‌ විසින් මහනුවර පදිංචි මුස්‌ලිම් ජාතිකයකුගේ සහය ලබාගෙන තමිල්නාඩුවේ ඇමරිකානු සහ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක්‌ දියත් කර තිබුණි. මේ සැලසුම කල්තියා අනාවරණය වූයේ එම ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයා තමිල්නාඩුවේදී අසුවීම නිසාය. මේ පසුබිම මැද වන්නි මෙහෙයුම සමයේ ක්‍රියාත්මක වූ කාර්යක්‍ෂම බුද්ධි සේවාවක අවශ්‍යතාවය තවදුරටත් මතුවී ඇත.

ශ්‍රී ලංකාව අයිසිස්‌ ත්‍රස්‌ත තර්ජනයට මුහුණපා ඇති බව රජයේ බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

බුද්ධි අංශ විසින් සකස්‌ කළ අතිශයින්ම රහසිගත වාර්තාවකින් මේ බව හෙළි වී තිබේ.

ගලේවෙල පදිංචිව සිටි මූෂින් නමැති කරාටේ ගුරුවරයා අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වී සටන් කිරීමේදී මියගිය බව හෙළි වූයේ අයිසිස්‌ ත්‍රස්‌ත වෙබ් අඩවියකිනි.

මෙයට මසකට පෙර ඉන්දියාවේ පූනේ නගරයේදී අසුවූ පාසල් සිසුවියක්‌ පැවසුවේ තමාව මෙහෙයවන අයිසිස්‌ ඒජන්තවරයා ශ්‍රි ලංකාවේ සිටින බවය.

මේ හෙළිදරව්ව වසන් කළ නොහැකිය. නැගෙනහිsර ප්‍රදේශයේදී ජිහාද් කණ්‌ඩායම් බිහිවී තිබිණි. මේ ජිහාද් කණ්‌ඩායම්වලට විදේශ රටවලින් අරමුදල් ලැබී තිබුණි.

මෙය පුදුමයක්‌ නොවේ. පාකිස්‌තානයේ සිට සංචාරකයන් වේශයෙන් පැමිණෙන පාර්ශ්ව කොළඹ සිට කෙළින්ම යන්නේ නැගෙනහිර පළාත්වලටය. ඒ කුමක්‌ සඳහා ද?

ශ්‍රී ලංකා බුද්ධි අංශ දක්‌වන්නේ අයිසිස්‌ සංවිධානය වෙනුවෙන් ඇතැම් පිරිස්‌ තුර්කිය හරහා සිරියාවට යැම ගැන වාර්තා වී ඇති බවයි. මේ වනවිට පවුල් නවයක්‌ සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ සකස්‌ කළ වාර්තාවේ සඳහන් වී තිබේ. මොවුන්ට කොළඹ තුර්කි තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ලැබී ඇත.

මේ වසරේ ජුලි මස වාර්තා වූයේ මූෂින් හෙවත් ෂුරයා සලිම් නමැත්තා සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌වීම සඳහා තුර්කිය හරහා සිරියාවට ගිය බවයි. මෙමතොරතුරු හෙළිදරව් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවලට තවදුරටත් වාර්තා වූයේ නැගෙනහිර පළාතට අමතරව කොළොන්නාව, දෙහිවල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවල පාර්ශ්ව ද අයිසිස්‌ සංවිධානයට සහය දක්‌වන බවයි.

එහෙත් මෙරට මුස්‌ලිම් සංවිධාන අයිසිස්‌ සංවිධානය හෙලා දකිමින් එහි නායක අබුබකර් නමැත්තා ඉස්‌ලාම් ධර්මයට පටහැනිව ක්‍රියා කරන බව පවසා ඇත. එසේ වුවත් අන්තර්ජාලය ඔස්‌සේ අද අන්තවාදය ව්‍යාප්ත වී තිබේ.

මේ අන්තවාදී ක්‍රියාදාමයන් හි අතීතය ද සොයාබැලිය යුතුයි. අල්කයිද්‍රd නායක බින්ලාඩන්ගේ ඡායාරූපය මුද්‍රණය කළ ටී ෂර්ට්‌ පැළඳ ඇතැම් අන්තවාදීන් කොළඹ මරදානේදී විරෝධතා පැවැත්වූ බව අමතක නොකළ යුතුයි.

ඉන්දීය බුද්ධි අංශ මෑතකදී පැවසුවේ අයිසිස්‌ ජාලයක්‌ ඉන්දියාවේ ද ක්‍රියාත්මක වන බවයි.

මේ තත්ත්වය මැද විදෙශ් රටවල් දෙකක්‌ ද ශ්‍රී ලංකාවට අනතුරු අඟවමින් ශී ලංකාවේ අයිසිස්‌ ක්‍රියාකාරීත්වය ගැන හෙළි කර තිබේ.

මෙයට පෙර විදේශ බුද්ධි සේවාවක්‌ විසින් මහනුවර පදිංචි මුස්‌ලිම් ජාතිකයකුගේ සහය ලබාගෙන තමිල්නාඩුවේ ඇමරිකානු සහ ඊශ්‍රායල් කොන්සල් කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක්‌ දියත් කර තිබුණි. මේ සැලසුම කල්තියා අනාවරණය වූයේ එම ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයා තමිල්නාඩුවේදී අසුවීම නිසාය.

මේ පසුබිම මැද වන්නි මෙහෙයුම සමයේ ක්‍රියාත්මක වූ කාර්යක්‍ෂම බුද්ධි සේවාවක අවශ්‍යතාවය තවදුරටත් මතුවී ඇත.

එසේමඅයිසිස්‌ ත්‍රස්‌ත තර්ජනය හමුවේ ත්‍රස්‌ත මර්ද්‍රන පණත අහෝසි කළ යුතු ද යන බරපතළ ප්‍රශ්නය මතුවී තිබේ.

අයිසිස්‌ යනු භයානක සංවිධානයකි. ෂාරියා නීතිය යෑයි කියමින් සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කරන අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය රටවල් රැසකට සිය අන්තවාදය දියත් කර තිබේ.

මෝල්ටාවේ රාජ්‍ය නායකයා වරක්‌ පැවසුවේ අයිසිස්‌ සංවිධානය තරුණ තරුණියන්ගේ සිත් සතන් තුළට අන්තවාදී අදහස්‌ ඇතුළු කිරීමේ ක්‍රමවේදය වර්ධනය කර ඇති බවයි.

එය සනාථ වන්නේ ඇමරිකාවේ කැලිපෝනියාවේ ආබාධිතයන්ගේ මධ්‍යස්‌ථානයකට එල්ලවූ අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරයකිනි. මෙම ඝාතනයට සම්බන්ධ එක්‌ කාන්තාවක්‌ පාකිස්‌තානයේදී අයිසිස්‌ ත්‍රස්‌තයන්ට සම්බන්ධ වී ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෑත දී ප්‍රංශයේ පැරිස්‌ නුවරට ද අයිසිස්‌ ප්‍රහාර එල්ල විය. ඊට ප්‍රධාන හේතුවක්‌ වූයේ යුරෝපා රටවල් සංක්‍රමණිකයන්ට දේශසීමා විවෘත කිරීමයි. බුද්ධි අංශ විසින් මාස ගණනකට පෙර යුරෝපා දේශපාලකයන්ට ත්‍රස්‌ත ප්‍රහාර ගැන අනතුරු අඟවා තිබුණත් එකී දේශපාලකයෝ ඒ ගැන සැලකීමත් දැක්‌වූයේ නැත.

එහි ප්‍රතිඵලය වූයේ ටියුනීසියාවේ සිට සිනායි අර්ධද්වීපය ඔස්‌සේ පැරිසිය වෙත ද අයිසිස්‌ ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වීමයි. ඇමරිකාවේ ධවල මන්දිරයේ කථා රචකයකු ව සිටි ඩේවිඩ් ෙµ්‍රdම් වරක්‌ පැවසුවේ තක්‌කඩි දේශපාලකයන් විසින් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇති බවයි. යුරෝපයේ සිදුවූයේ ද ෙµ්‍රdම් කළ ප්‍රකාශයයි.

මේ තත්ත්වය මැද සංචාරක වීසා වලින් මෙරටට පැමිණෙන විවිධ රටවල පිරිස්‌ ගැන දැඩි අවධානය යොමු කළ යුතු ඇත. ශී ලංකාවද දැන් අන්තර්ජාලය ඔස්‌සේ වීසා ලබා ගැනීමේ ක්‍රමය දියත් කර තිබේ.

මෑතකදී රුසියානු ජනාධිපති ව්ලැඩමිලර් පූටින් පැවසුවේ රටවල් රැසක්‌ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට අරමුදල් සපයන බවයි.

එම තොරතුරු රුසියානු එµa.එස්‌. බී. බුද්ධි සේවාව සොයා ගෙන ඇති බව හෙතෙම හෙළි කළේය.

මේ වාතාවරණය යටතේ මෙයට වසර ගණනාවකට පෙර සිදුවූ සිද්ධියක්‌ අපි අනාවරණය කරන්නෙමු.

යාපනයේ පොලිස්‌ අධිකාරිවරයකු ව සිටි සුන්දරලිංගම් වසර ගණනකට පෙර එවකට සිටි පොලිස්‌පති වෙත හදිසි සංදේශයක්‌ එවමින් උතුරේÊත්‍රස්‌තවාදය බිහිවීමේ අවදානමක්‌ ඇතැයි සඳහන් කර තිබිණි. එහෙත් ඒ සංදේශය කෙරෙහි අවධානය යොමු වූයේ නැත. එහි ප්‍රතිපලය වූයේ කොටි ත්‍රස්‌තවාදය වර්ධනය වීමයි. අයිසිස්‌ ත්‍රස්‌තවාදීන් ශ්‍රී ලංකාව වෙතද යොමුවී ඇතැයි 2014 වර්ෂයේදී වාර්තා වීය. එහෙත් එවකට පැවැති රජය පැවසුවේ එවන් අවදානමක්‌ නැති බවයි. ඒත් දැන් අයිසිස්‌ තර්ජනයක්‌ ඇති බව බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

ඉන්දීය ත්‍රස්‌ත මර්දන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය අයිඕසී තෙල් සමාගමේ විධායක නිලධාරියකු වූ මොහමඩ් සිරාජුඩීන් නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී පූනේ නගරයේ 16 හැවිරිදි පාසල් සිසුවිය ගැන හා ශ්‍රී ලංකාවේ සිටින අයිසිස්‌ ඒජන්තවරයා ගැන අනාවරණය විය.

මෙම අයිසිස්‌ ඒජන්තවරයා ෙµaස්‌බුක්‌ හා වට්‌ස්‌ඇප් නමැති වෙබ් අඩවි හරහා ඇය සමඟ සබඳකම් පවත්වා ඇතැයි හෙළි වී තිබේ.

එහෙත් ඔහුව මේ දක්‌වා අල්ලා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ට හැකිවී නැත්තේ මන්ද?

ඉන්දීH ත්‍රස්‌ත මර්දන බලධාරීහු මොවුහු හඳුනාගෙන ඇත. පසුගිය නත්තල් දින කෝට්‌ටේ දියත උයනේදී සාකච්ඡාවක්‌ පවත්වන විදේශිකයන් පිරිසක්‌ අපට දක්‌නට ලැබිණි. ඔවුන් කතා කළේ වෙනස්‌ භාෂාවකිනි. ඔවුන් කවුද හා කොහේ සිට පැමිණියේ ද යන්න කිසි කෙනෙක්‌ දන්නේ නැත. මෙය දැඩි සැකයට ලක්‌වන කරුණකි. මොවුන් අයිසිස්‌ අනුගාමිකයන් විය නොහැකිද? ඉන්දීය ත්‍රස්‌ත මර්දන බලධාරීන් දක්‌වන්නේ පිලිපීන ශ්‍රී ලංකාව, ඩුබායි, සවුදි අරාබියාව සහ කෙන්යාව වැනි රටවල ඒකාබද්ධ අයිසිස්‌ ජාලයක්‌ ක්‍රියාත්මක වන බවයි. මෙලෙස අයිසිස්‌ තර්ජනය ගැන බුද්ධි අංශ අනතුරු අඟවද්දී ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙසත් ආරක්‍ෂක වැය අඩු කරන ලෙසත් ද්‍රවිඩ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටී.

මෙමපසුබිම මැද රජය රටේ ජාතික ආරක්‍ෂාවට මුල් තැන දිය යුතුව ඇත.

කීර්ති වර්ණකුලසූරිය
– Divaina