සමාජ වෙබ් අඩවි හරහා නැටවෙන නැළවෙන තාරුණ්‍යය – Social web sites and Youth

0
712
Social web sites and Youth

”නංගි මම ඔයාගේ එෆ්.බී. වෝල් (Face Book Wall) එක බැලූවා. මට හිතෙන්නෙ ඔයා මං වගේම හිතන කෙනෙක් කියලා. මේ එක්තරා අයියෙක් නංගි කෙනෙක් කියලා හිතාගෙන කාට හරි (chat) චැට් කරපු විදිය. ඉතින් මා මුලින් ලියපු වාක්‍ය කිහිපයේ මේ දිනවල තාරුණ්‍යය බොහෝ විට භාවිත කරන වචන කිහිපයක් තිබුණා. වැඩිහිටියන්ට එතරම් හුරු නැති මේ වචන අපේ තරුණ පරපුර වැළඳගත්තේ කෙතරම් ඉක්මණින්ද?

මුහුණු පොතේ ඔබ පළකරන බොහෝ වැකි හෝ චිත‍්‍ර වෙනත් අයකු පළකළ ඒවා බව ඔබ මේ වන විට දන්නවා. ඉතින් කෙනෙකු මෙසේ තම පිටුවේ අන් අයගේ අදහස් හොරාගෙන  පළකිරීමෙන් ඒ ගැහැණු ළමයාගේ දිවිය මැනිය නොහැකි බව මේ නාඳුනන අයියාත් හොඳටම දන්නවා. එහෙත් ඔහුගේ චාටු බස ඉදිරියේ අර නොහඳුනන නංගී තම ගෙල කෙළින් කොට තම පරිගණකය ඉදිරියේ ලක ලෑස්ති වෙන්නේ දිගු වචන හුවමාරුවකටයි.

මෙම වචන අකුරු කිරීම හා එය ඈතින් සිටින අයකුට විද්‍යුත් තරංග හරහා යැවීම ජය්එ හෙවත් පරිගණක කතා බහ ගණයට වැටෙනවා. තමා අතේ තිබෙන ජංගම දුරකථනයෙන් චැට් කිරීම ඉතා පහසු කරුණක්. ”මටනම් දැන් බස් එක කොයිතරම් කෙටුවත් ගාණක් නැහැ මෙයා, කොල්ලො දෙන්නෙක්ගෙ චැට් දෙකක්  ඕපන් කරගත්තාම ගෙදර යන්න හෙට උදේ උනත් කමක් නැහැ” එක ගෑණු ළමයෙක් මෙහෙමත් දවසක් කිව්වා.

ඉතින් මෙහෙම බලනකොට ගැහැණු පිරිමි භේදයකින් තොරවම දෙගොල්ලම, දෙගොල්ලන්වම කඬේ යවනවා නේද?
ගම්පෙරළියෙ ”නන්දා”, අහසින් පොළොවට ”කුසුම්”, ගොළු හදවතේ ”දම්මි” මගේ හිතේ මැවෙමින් මට ඔච්චම් කරමින් බොඳවෙලා යනවා. ”ඉතින් ඊට පස්සේ” චිත‍්‍රකතාවේ ”කැළුම්”,  විරාගයේ ”අරවින්ද” වාගේ අහිංසක පේ‍්‍රමවන්ත වීරයෝ පුංචි පුංචි වෙලා නොපෙනී යනවා. තවමත් නිම නොවුන ඒ පරම්පරාවේ නූතන නංගිලා, මල්ලිලාගේ ජීවිතවල වටිනාකම් සුළඟට ගසාගෙන යන අරුමය දරා ගැනීම අපහසු බැව් හැඟී යන අවස්ථා එමටයි.

මුහුණු පොත, ට්විටර් වැනි සමාජ වෙබ් අඩවිවල මෙසේ නැළවෙන තාරුණ්‍යය බොහෝවිට ගමෙන් නගරයට සංක‍්‍රමණය වූවන් වීම විශේෂිතයි. මෙම වචන හරඹ ජය්එ කිරීම් බොහෝ විට තම රැකියාව අතරතුර මෙන්ම ගමනේ යන එන අතරතුරත් සිදුවෙනවා. එමෙන්ම තම සියලූ වැඩ කටයුතු නිමාකොට බෝඩිමේ ඇඳේ ඇළවෙන ඔවුන් රාතී‍්‍ර දොළහ, එක වනතුරු ජංගම දුරකථනයේ නැළවෙන අවස්ථාද බොහෝයි.

හිරිමල්වියේ තරුණ තරුණියන් සමහර විටක තමාගේ මවට පියාටද වඩා වයසින් වැඩිමහළු පුද්ගලයින් සමඟ මෙලෙස වාචික ආලයෙන් බැඳෙනවා. එක්තරා විදිහක ඇබ්බැහිවීමක් ලෙසද මෙය සැලකිය හැකියි.
නිවසට හෝ නවාතැනට ආ විගස සිටම තම ශාරීරික පරිවෘත්තිය කි‍්‍රයාවන්ට පවා නිසි ලෙස අවධානය යොමු නොකරමින් තම පරිගණකය හෝ ජංගම දුරකථනයට එබෙන ඔවුහු ඒ ආලවන්ත වචන විඳීම අවසන් කරන්නේ බොහෝ විට තම දුරකථනය මතම නින්දට වැටීමෙනුයි.

තරුණ වියේ මානසිකත්වය සළකා බැලීමේදී ඉහත සංසිද්ධීන් විවිධාකාරයෙන් විශ්ලේෂණය කළ හැකියි. මෙම චර්යාවන් බොහෝ විට පටන්ගැන්මේදී අතිශයින් ස්වභාවික සංසිද්ධීන් වන අතර ඇබ්බැහි වීම හා පටු වාසි තකා මෙවන් වාචික සම්බන්ධතා පවත්වාගෙන යාම සමහර අවස්ථාවලදී පෞරුෂත්ව මානසික ගැටලූ (Personality Disorders) ගණයට වැටෙනවා. තමාගේ සියලූ වැඩ අමතක කරමින් වගකීම් හා යුතුකම් පසෙකලා දුරස්ථ තාක්ෂණයේ මෙවන් හැරවුම් ලක්ෂ්‍යයන්හිදී අසරණ වීම තාරුණ්‍යයේ පෞරුෂයට මහා බලපෑමක් එල්ල කරනවා.

ජීවත්වීමේදී අත්දැකීම් ලබමින් ජීවිතය හැඩගස්වා ගැනීමට තිබෙනා තමාගේ වටිනාම කාලය මේ අයුරින් නිෂ්ඵල වචන ගොඩක දියකර හැරීම ඔබටත් හොරා ඔබගේ තාරුණ්‍යය අවසන් කරනවා. එමෙන්ම මේ කුඩා වාක්‍ය කෑලි එහෙ මෙහෙ යවමින් කෙරෙන සන්නිවේදනයේදී බොහෝ විට එකිනෙකාගේ පිට කසාගැනීමකුත් සිදුවෙනවා. තමාගේ සැබෑ හැකි නොහැකියාවන් වෙනුවට මවාගත් චරිතයකට තමා ආරුඪ වීමෙන් අනතුරුව සැබෑව සඟවමින් ගෙන යන ව්‍යාජ බැඳීමක් තමයි මෙයින් ගොඩනැගෙන්නේ.
බොහෝ තරුණ, තරුණියන් මෙම chat හෙවත් විද්‍යුත් කතාබහ සදහටම පවත්වාගන්නට බලාපොරොත්තු දෙමින් ඉදිරියට ගෙන ගියාට කිසිදු අවස්ථාවක විවාහය වැනි බැඳීමක් දක්වා මෙය ගෙන යෑම වළක්වා ගන්නවා.
ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන අවස්ථාවන්හි දී මේ සියලූ විද්‍යුත් බැඳීම් අමතක කරමින් තමාට වාසි සහගත අයුරින් විවාහය වැනි බැඳීම් ඇතිකරගන්නවා. යම් හෙයකින් මෙම සම්බන්ධතාවයේදී එක් අයකු අවංක බැඳීමකින් කතා බහ පවත්වාගෙන ගොස් තිබුණි නම් එම බැඳීම එක් පාර්ශ්වයක් හදිසියේ ඉවත් වීම නිසා කඩාවැටෙනවා. මෙහිදී මානසික අවපීඩන තත්ත්වයට (Depression) වුවත් එම අවංක පුද්ගලයා ලක්විය හැකියි.

මෙලෙස chat සම්බන්ධතා පවත්වාගන්නා බොහෝ යුවල් එකිනෙකාව භෞතිකව දැක ඇසුරුකොට නැහැ. සමහර විට සමාජ ජාලයේ දකින ඡුායාරූපය හා බැඳෙමින් සම්බන්ධතාවය ඉදිරියට ගෙන ගියාට එයත් වෙනත් අයකුගේ රූපයක් මිස chat මෙම කතා පවත්වාගන්නා අයගේ නොවූ අවස්ථාද බොහෝයි.
කෙතරම් බල කළත් ඉල්ලූවත් මෙවන් ලිඛිත වචනවලින් පමණක් අදහස් හුවමාරු කරගන්නා සමහරුන් කටහඬ අනෙකාට ඇහෙන්නට සලස්වන්නේ නැහැ. දුරකථනය ඔස්සේ කතා කරන්නේ කලාතුරකින් එහෙමත් අයෙකුයි.

මෙවන් විද්‍යුත් ලිඛිත වචන හුවමාරුවකට ඇබ්බැහි වූවකු එම සබඳතාවය එක් පැත්තකින් නැවැත්වූ පසු බොහෝ විට අනෙකා දී තිබෙන ව්‍යාජ විස්තර අනුව යළි සොයාගත නොහැකිව ලතවෙනවා. මෙහිදී පරාජිත මනෝභාවයකට ලක්වීම වළක්වාගැනීම අපහසුයි. තම ආත්ම අභිමානයට මෙහිදී විශාල තර්ජනයක් එල්ල වන්නටත් පුළුවන්. තමා රැුවටීමකට ලක්වීම පිළිබඳව උපේක්ෂාභංගත්වයෙන් පෙළෙන්නටද පටන්ගත හැකියි.ඉතින් මෙවන් තත්ත්වයන් වළක්වාගැනීම මේ සියලූ අහිතකර මානසික තත්ත්වයන්ගෙන් මිදීමට හොඳම මගක් වෙනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ කුමරියගේ සිටම තමා ආදරය කළවුන් පාවාදීම මනුෂ්‍ය ගතියක්ව පැවතුනා. ලොව මොනතරම් දියුණු වුවත් මෙම රැුවටීම විවිධාකාරයේ මුහුණුවලින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම විය හැකියි. නූතන ලෝකයේ සමාජ වෙබ් අඩවි හරහා පවත්වාගන්නා සියලූ සම්බන්ධතාවලදී ඔබ බෙහෙවින් පරෙස්සම් විය යුත්තේ ඒ නිසාවෙනුයි.

ඔබගේ අතිශයින් සුන්දර පෞද්ගලිකත්වය මෙම සම්බන්ධතා ඔස්සේ මුළු ලොවටම ප‍්‍රදර්ශනය විය හැකියි. මෙම ව්‍යාජ පේ‍්‍රමවන්තයා හෝ පේ‍්‍රමවන්තිය ඔබව නළවමින් ඔබෙන් සොරාගන්නා පෞද්ගලිකත්වය පොදු මෙවලමක් කොට මිල කරන්නටද බලාවි. තෙවැනි පාර්ශ්වයක් මේ දෙස බලා සිටි අවස්ථාද බොහෝමයි.

සමහර මෙවන් සම්බන්ධතා නිසා නීතිමය උපදෙස් පවා පතන්නට වූ අවස්ථා දැකගන්නට ලැබෙනවා.
මෙවැනි සම්බන්ධතා හරහා ඔබෙන් ලබාගන්නා රහස්‍ය තොරතුරු රහස්‍ය අංක යොදාගනිමින් ඔබේ මුළු ජීවිතයම ග‍්‍රහණයට ගැනීමේ හැකියාවද පවතිනවා. බැංකු ගිණුම්, රැුකියාවේ තොරතුරු පවා හෙළිකරන සමහරුන්ගෙන් මූල්‍යමය වංචා මෙන්ම පරිපාලන කටයුතු නොමඟ යැවීම් පවා සිදුවී තිබුණා.

මෙවන් සමබන්ධතාවයක් බිඳවැටීමේදී ද ඔබ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ලබාගැනීම වැදගත්. ඔබට අහිමි වූ අතීතය පිළිබඳව සිතමින් තැවෙනවාට වඩා ඔබට ඉතිරි වූ ජීවිතය පිළිබඳව සිතමින් ජීවත් වීමට දිරි ගැනීම මෙහිදී වඩාම වැදගත් කාරණයයි.
දෙදෙනාම එකිනෙකාට වංක වෙමින් පවත්වාගන්නා සම්බන්ධතා බිඳවැටුණ පසු යළිත් වෙනත් අලූත් සම්බන්ධතා ඔවුන් විසින් ගොඩනගා ගැනීම පහසුවෙන් කළද අවිහිංසක පෙම්වතුන් මෙහිදී පත්වන අසීරුතාවය කියා නිමකරන්නට බැහැ. මෙය පුරුද්දට කරන පුද්ගලයන් බොහෝ විට එකවර කිහිප දෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වන අතර ඔවුන් ඉතා සූක්ෂම ලෙස විවිධ නම්වලින් සමාජ වෙබ් අඩවි පිටු එළිදක්වා තිබෙනවා. මේවා හදිසියේම අතුරුදන් වීමද අපි නිතරම දකිමු. ඔබේ සොහොයුරිය හෝ සොහොයුරා මෙවන් විද්‍යුත් මෙවලම් හරහා අමාරුවේ වැටුණහොත් යළි ඔහුට හෝ ඇයට ආත්ම අභිමානය ගොඩනගාගැනීමට පිටිවහලක් වීමට ඔබට හැකියාව ලැබී තිබෙන බව මම දනිමි.

මෙවන් රැවටීමකට ලක්වූ අයෙකු බොහෝ විට තමා සමච්චලයට භාජනය වේ යැයි බියෙන් තම අත්දැකීම් සමාජය සමඟ බෙදා නොගනී. නමුත් තම අමිහිරි අත්දැකීම සමාජයේ සෙසු කොටස් සමඟ බෙදාගැනීමෙන් තමාගේ හිත දවන මානසික ආතතියෙන් මිදිය හැකි අතරම ඉදිරියේදී මෙවන් රැුවටීම් වලට ලක්වන්නන් සඳහා ඉතා හොඳ පණිවුඩයක් ද ඔබට ලබා දිය හැකියි.

විවිධ මානසික ව්‍යාකූලතාවයන්ගෙන් හෙබි මිනිසුන් සැරිසරන මේ මනු ලොව තුළ අනතුරේ නොවැටී අතුරේ ගමන් කිරීම සඳහා ඔබ හදවතින් නොව මොළයෙන් සිතා තිරණ ගත යුතු කාලය සපැමිණ තිබේ. පෙරදා සුවඳම සුවඳ පුයර බිඳිත්තක් මැදිකොට හතරට නැමූ නම් දෙකේ මුලකුරු මැහූ ලේන්සුව ජීවිතයේ එකම එක වතාවක් පමණක් හුවමාරු කරගත් අපි මේ සියවස ගෙවී යන්නටත් මත්තෙන් බහුවිධ ව්‍යාජ සම්බන්ධතා එකම වර ගොඩනගාගනිමින් අපගේම මානසික සෞඛ්‍යය මෙන්ම ලිංගික සෞඛ්‍යයද අභියෝගයට ලක්කර ගන්නෙමු. තාක්ෂණය කෙතරම් දියුණු වුවද බොහෝ සටකපට වූවන්ට ඔබගේ මනසේ අතිශය සුන්දර එහෙත් දුර්වල අඩවි ආක‍්‍රමණය කිරීමට නොහැකි ලෙස අවහිර කොට ඔවුන් අදම ඔබේ සිත් අඩවියෙන් මකා දමන්න. එවිට ඔබේ කායික හා මානසික සෞඛ්‍යය සුරැුකෙනු ඇත. තීරණය ඔබ අතේමය.

– lankadeepa