නල දරු ක්‍ර‍මයත් ඉවතට ? – No more IVF babies

0
990
IVF babies

නලයක ක්‍ර‍මයෙන් දරුවකු බිහිකිරිමේ නල දරු උපත් වෙනුවට ගැහැනියකගේ සිරුරේම ස්වභාවික තත්ත්වය යටතේ කෘතිම ගැබ් ගැන්නවීමක් කිරීමේ නව ක්‍රමයක් සාර්ථක වි ඇතැයි විද්‍යාඥයෝ කියති.

මේ නව ක්‍ර‍මය බ්‍රිතාන්‍ය යුවලකට අත්හදා බලා එය සාර්ථක වූ බව ද ඔවුන් පවසයි. පිරිමියාගේ ශුක්‍රාණු හා ස්ත්‍රියගේ ඩිම්බ සම්මිශ්‍ර‍ණයක් ගර්භාෂයේ තැන්පත් කරනු ලබන්නේ ගිනිකූරකට වඩා ප්‍ර‍මාණයෙන් කුඩා වූ විශේෂ උපකරණයක් උපයෝගී කර ගනිමිනි.

එලෙස තැන්පත් කර පැය විසි හතරකට පසු කෘතිම ගැබ් ගැන්නවීම සාර්ථක දැයි සොයා බලා එම උපකරණය ඉවත්කරනු ලබයි.

මෙතෙක් පවත්වාගෙන ආ ක්‍ර‍මය වූයේ රසායනාගාරයක දී සංසේචනය කර සෑදූ කළලයක් ගර්භාෂය වෙත මාරු කිරීමයි.

ස්ත්‍රී සාඵල්‍යතා විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ මේ නව ක්‍ර‍මයෙන් ස්ත්‍රීන්ට කලින් ක්‍ර‍මයට වඩා මානසික සුවයක් ලැබෙන බවයි.

බ්‍රිතාන්‍යයේ දකුණු ඇම්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍ර‍සව හා නාරිවේදය පිළිබඳ මහාචාර්ය නිකොලොස් මැක්ලන් මෙසේ කියයි.

‘‘මේ නව ක්‍ර‍මය ඉතා සාර්ථකයි. කළලය සෑදීම ආරම්භ වන්නේත් මවගේ ගර්භාෂය ඇතුලේම නිසා මව සැබෑ මවක් වනවා. ඒ වගේ ම මෙය පැරණි නල දරු උපත් ක්‍ර‍මයට වඩා ලාභදායී බැවින් ඉතා ඉක්මණින් ජනප්‍රිය වේවි. “

කලින් පැවති නල දරු උපතක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 3800ක් පමණ වැය වූ බවත් මේ සඳහා වැය කරන්නට සිදුවන්නේ පවුම් සියයකට ආසන්න මුදලක් බවත් විද්‍යාඥයෝ කියති.

– Lankadeepa