සන්ධානයේ 36ක් ස්වාධීන වෙන්න ඉල්ලති

0
524
UPFA

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 36 දෙනෙකු පාර්ලිමේන්තුවේ වෙනමම කණ්ඩායමක් ලෙස පෙනී සිටීම සඳහා අවසර දෙන්නැයි එම කණ්ඩායම සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය. යහපාලන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ඇමැති ධුර ලබා නොගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිස සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ අනෙකුත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවසරය ඉල්ලීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට මෙම සතිය මැද දිනයකදී එම කණ්ඩායම කොළඹදී රැස්වේ. ඉන්පසු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඒ සඳහා අවසර ගැනීමට කටයුතු යොදා ඇත. ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබිමෙන් පසු මෙම කණ්ඩායම තම තීරණ පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දීමට පියවර ගන්නා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම කණ්ඩායම පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදවලදී කාලය ලබා දෙන්නේ අගමැතිවරයා ද එසේත් නැත්නම් විපක්ෂ නායකවරයා ද යන්න පිළිබඳව කථානායකවරයාගේ පැහැදිලි කිරීමක් ලබා ගැනීමටද නියමිතය.

Source : Lakbima