සමූහ දූෂණයට ලක්වූ අම්බලන්ගොඩ දැරියගේ කතාව

0
882

මල්ලීගේ පෙම්වතිය සමූහ දූෂණයට කොන්ත්‍රාත්තුව දී තිබෙන්නේ අක්කා

විද්‍යා….. පාපතරයන් පිරිසකගේ සමූහ දූෂණයට ලක්ව මරා දැමූ දියණිය ඇයයි. අහස ‍පොළොව නුහුලන ඒ අපරාධය උතුරේ සිදුවුණද විද්‍යාගේ මරණයේ දෝංකාරය දකුණට දැනුණේය. ඒ එම ඝාතනය මුළු රටම කම්පාවට පත් කළ බැවිනි.
කෙසේ නමුදු විද්‍යා වැනි දියණියන් සිටින්නේ උතුරේ පමණක් නොවේ. දකුණේද එවැනි අවාසනාවන්ත සිද්ධීන්වලට මුහුණදුන් දියණියෝ සිටිති. එවැනි සිද්ධියක් ගිය සතියේ වාර්තා වූයේ අම්බලන්ගොඩිනි. අපි ඇයට නදීකා යනුවෙන් කියමු. ඇය ගිය සතියේදී පාපතරයන් රැසකගේ ග්‍රහණයට හසු වී සමූහ දූෂණයට ලක්වූයේ නොසිතූ සිද්ධියක් හේතුවෙනි. ඇගේ කතාවත් බොහෝ දුරට විද්‍යාගේ කතාවට සමානය. විද්‍යා පැහැරගෙන ගොස් දූෂණය කර තිබුණේ අසල්වැසි කාන්තාවක් විද්‍යාගේ මවට පාඩමක් ඉගැන්වීමටය. නදීකා සමූහ දූෂණය
කිරීම පිටුපස ඇත්තේ එවැනි කතාවක්ය. ඒ නදීකා දූෂණය කර ඇත්තේ ඇගේ පෙම්වතාගේ සොයුරියගේ අනුදැනුම මතය. ඒ ඇයට බැණ වැදීමේ සිද්ධියකට පළි ගන්නටය.
නදීකා ජීවත් වූයේ ගාල්ලේ බට‍පොලය. ඇය අවුරුදු 15යි මාස 11ක් වයසැති දැරියකි. විවිධ දුෂ්කරතා මැද ජීවත් වූ ඇයට පාසල් ජීවිතයද කෙටි කාලයකදී අවසන් කිරීමට සිදුව තිබිණි.
මවගේ රැකවරණය යටතේ දිවි ගෙවූ ඇයට අහම්බෙන් ආදරවන්තයකු මුණගැසුණි. ඔහු ප්‍රදේශයේ පදිංචි වී සිටි දහඅට හැවිරිදි තරුණයෙකි. දෙදෙනාගේ ආදර අන්දරය කාටත් රහසේම දළු කොළ මල් දමා වැඩෙමින් තිබිණි. එහෙත් එම රහස ආදරවන්තයාගේ වැඩිමහල් සහෝදරියට දැන ගැනීමට වැඩි කාලයක් ගත නොවීය.
ඇය විවාහයෙන් පසුව පදිංචිවී සිටියේ මාතර දික්වැල්‍ලේය. ඇයගේ වයස අවුරුදු 22කි. සිය සොහොයුරා නදීකාගෙන් ඈත් කිරීමට සිතා ඇය ඔහුද දික්වැල්ල ප්‍රදේශයට ගෙන්වා ගත්තාය.
එහෙත් සම්බන්ධය නතර කරන බවක් ඇයට නොපෙනුණි. සිය සොයුරා වරින් වර දුරකථනයෙන් නදීකා අමතන අයුරු ඇය බොහෝ අවස්ථාවලදී දුටුවාය.
පරට්ටි තෝ මගේ මල්ලිත් එක්ක තියෙන සම්බන්ධය නතර කර දාපන්. නැත්නම් තොට කරන දේ බලාගනින්… යැයි ඇය දිනක් නදීකාට ගෝරනාඩුවක් කළාය.
නදීකාට එය ඉවසුම් නොදෙන්නක් විය. නදීකාද ඇයට පෙරළා තර්ජනය කළාය.
මම පරට්ටි නම් තෝ…. තොට පුළුවන් දෙයක් කරපන්. මම සම්බන්ධය නතර කරන්නේ නැහැ….
නදීකාගේ මුවින් පිටවූ එක වචනයක් ඇගේ සිත් කොනේ රැඳුනි. පාර පාරා ඒ වචනය ඇයට වේදනාවක් දුන්නාය. ඉන් උපන්නේ වෛරයකි. ඇය එතැන් සිට ක්‍රියා කළේ නදීකාගෙන් පළිගැනීමටයි.
නදී…ම…. මල්ලී වස බිලා ඉස්පිරිතාලෙට ඇඩ්මීට් කළා. මල්ලිට ටිකක් අමාරුයි… දිනක් ඇය කීවේ දැඩි කලබලයෙන් යුතුවය.
ඇයි… ඇයි අක්කා… මල්ලිට ගොඩක් අමාරුද? මොන ඉස්පිරිතාලෙද ඉන්නේයි නදීකාත් කලබලයෙන් විමසුවාය.
නදී කලබල වෙන්න එපා. දැන් ගෙදර ඉන්නේ කවුද?
කවුරුත් නැහැ අක්කේ…. මම විතරයි ඉන්නේ….
ආ… එහෙනම් මම දැන් නදී එක්ක යන්න ත්‍රීවීල් එකකින් ගෙදර ළඟට එනවා. ඔයා මල්ලි බලන්න යන්න, ඉක්මනට ලෑස්තිවෙලා ඉන්න… ඇය කීවාය.
නදීකාගේ නව යෞවන දිවිය ඛිෙදවාචකයකට පෙරළෙන්නේ එතැන් සිටය. නදීකාත් සමග ඇය පළමුවෙන්ම යන්නේ මාතරටයි. නදීකා සිතා සිටියේ සිය පෙම්වතා නතර කර ඇත්තේ මාතර රෝහ‍ලේ බවයි. එහෙත් ඒ සියල්ලක්ම සිතුවිල්ලකට පමණක් සීමා විය.
අක්කේ… එයා කොහේද නතර කරලා ඉන්නේ අවසානයේ නදීකා ඇසුවාය.
පරට්ටි කටවහගෙන යමන්. තෝ මගේ මල්ලි නොමරා මැරුවා. තෝත් ඒකට දඬුවම් විඳින්න ඕන…. ඇය තර්ජනය කළාය.
තමා පෙම්වතාගේ සහෝදරියගේ උගුලකට අසුවී ඇතැයි නදීකාට දැන් පැහැදිලිය. එහෙත් ඇයට දැන් කිසිවක් කරකියා ගත නොහැකිය. නදීකා ඇයගේ ග්‍රහණයට හසුවී හමාරය.
මාතරට ගිය ඇය ඉදිරියේ කළ යුතු සැලැස්ම තීරණය කළාය. විවිධ ක්‍ෂේත්‍රවල පුද්ගලයින් ඇය ඇසුරු කළාය. අම්බලන්ගොඩ, කරන්දෙණිය ආදී ප්‍රදේශයන්හි හෝටල්, ගෙස්ට් හවුස්, රෙස්ටුරන්ට් ආදිය ගැනද ඇය හොඳින් දන්නීය. ඒ ඇය නිතරම වාගේ එම ස්ථානවලට යන එන නිසාය.
ඇය මාතර සිට නැවත පැමිණියේ කරන්දෙණියටය. කරන්දෙණියේ හෝටලයක එදින (15දා) රාත්‍රී නතර වීමට ඇය සිතා සිටියාය.
එහෙත් අවුරුදු 15ක් පමණ වූ ළාබාල දැරිය දුටු හෝටලයේ සේවකයෝ ඔවුන් රාත්‍රී නතර කර ගැනීමට කැමැත්ත නොදැක්වූහ.
නදීකාගෙන් පළිගැනීමේ ච්ෙතනාවෙන් සිටි ඇය එයින් අධෛර්යයට පත් නොවීය. ඇයගේ හිතවත් ත්‍රීවීල් රථ රියැදුරාත් සමග ඇය නැවත කරන්දෙණියේ සිට පැමිණියේ අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ පිහිටි රෙස්ට්හවුස් එකකටයි.
මේ සඳහා ඇයට ඇයගේ හිතවත් පුද්ගලයන් සිව්දෙනකුගේ සහය ලැබි තිබිණි. අම්බන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙක් වූ තිස් හැවිරිදි තිදරු පියෙක්ද, විදේශයක සේවය කොට තුන් මාසයක නිවාඩුවකට මෙරටට පැමිණ සිටි විසි දෙහැවිරිදි තරුණයෙක්ද, විසිපස් හැවිරිදි ධීවරයෙක්ද ඒ අතර විය. ඔවුහු නදීකා රැගෙන හෝටලයකට රැගෙන ගොස් රැය පහන් වනතුරා ඇය සමූහ දූෂණයට ලක් කළහ.
අහස ‍පොළොව නුහුලන මේ අපරාධයෙන් නදීකාගේ පෙම්වතාගේ සොයුරිය වින්දේ කුරිරු සතුටකි.
මම විතරක් නොවෙයි දැන් උඹත් ……..යක් සිනාසෙමින් ඇය නදීකාට කීවාය.
සල්ලාලයින්ට නදීකාගේ මුළු ජීවිතයම බිල්ලට දුන් ඇය පසුදා (16දා) පාන්දරම හෝටලයෙන් පිටවී ගොස් තිබිණි.
ඉක්බිතිව ඒ තිරිසන් රැළ  පසුදින (16) පාන්දර නදීකා අම්බලන්ගොඩ පාළු ප්‍රදේශයක අතරමං කොට දමා ගොස් තිබිණි. මේ අතරේ ඇය ‍පොලීසියට හමුවිය.
පසුව සිද්ධිය පිළිබඳ පරීක්ෂන මෙහෙයවීමට පැවරුණේ මීටියාගොඩ ‍පොලීසියටයි.
මීටියාගොඩ ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එච්.ඩී. පියපාල, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා ඇතුළු නිලධාරීහු නදීකා දුන් හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූහ.
පරීක්ෂණ ආරම්භ කොට පැය විසිහතරක් ගතවීමට පෙර ඔවුන්ට නදීකා දූෂණය කළ බවට සැක කටයුතු ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට ‍පොලීසියට හැකිවී තිබේ.
ප්‍රධාන සැකකරු ඩුබායිහි රැකියාවක් කොට මාස තුනක නිවාඩුවකට මෙරටට පැමිණ සිටි අයෙකි. ඔහු විසි දෙහැවිරිදි (22) තරුණයෙකි.
නදීකා දූෂණයට ලක්කොට මෙම සැකකරු නැවත ඩුබායි රටට යාමට පසුගිය (20දා) අලුයම කටුනායක ගුවන්තොටු‍පොළට ගොස් සිටියදී ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන සැකකරුගේ ඡායාරූපද, හැඳුනුම්පත් අංකය ඇතුළු අවශ්‍ය තොරතුරු කටුනායක ගුවන්තොටුපළට දන්වලා සැකකරු අපි අත්අඩංගුවට ගත්තා. ඒ පරීක්ෂණ ආරම්භ කරලා පැය 24ක් ඇතුළතයි. එසේ අත්අඩංගුවට ගත් සැකකරු එදාම (20දා) අපි බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා….යි පරීක්ෂණයමෙහෙයවූ නිලධාරීහු පැවැසූහ.
ප්‍රධාන සැකකරු එදින අලුයම එයාර් ඇරැබියා ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබිණි.
පසුව කළ සෝදිසි මෙහෙයුමකදී දැරිය සමූහ දූෂණයටලක්කළ බවට සැකකටයුතු තිදරු පියෙක් වූ ත්‍රිරෝද රථ රියැදුරෙක් සහ විසිපස් හැවිරිදි ධීවරයෙක්ද අත්අඩංගුවට ගනු ලැබිය.
සැකකරුවන් තිදෙනා ත්‍රි්‍රරෝද රථයක් සහ යතුරු පැදියක් සමග (20-21) දිනවල බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය විසින් ඔවුහු ජූලි 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.
මතෛක් සැකකාරිය අත්අඩංගුවට ගෙන නොමැත. ඇය අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.
ඇල්පිටිය ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ඇම්.ඒ. සිසිර කුමාරගේ උපදෙස් මත ඇල්පිටිය ‍පොලිස් අධිකාරි දුල්ෂාන් නාගහවත්තගේ මෙහෙයවීමෙන් මීටියාගොඩ ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එච්.ඩී. පියපාල, අපරාධ විමර්ශන අයශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා, කාන්තා උප ‍පොලිස් පරීක්ෂිකා චන්ද්‍රලතා, ‍පොලිස් සැරයන්වරුන් වන මෙන්ඩිස් (18496), ගුණදාස (54743),  මෙන්ඩිස් (6805), ‍පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී (50350), නිහාල් (58440), බණ්ඩාර (72590) යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

 එස්.සමරනායක

Source : Lakbima