ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ෆේස්‌බුක්‌ හරහා වකුගඩු ජාවාරමක්‌

0
631

ෆේස්‌බුක්‌ සමාජ වෙබ් අඩවි ජාලය ඔස්‌සේ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර වකුගඩු ජාවාරමක්‌ ක්‍රියාත්මක වන බවත් එහිදී එක්‌ වකුගඩුවක්‌ පවුම් 1200 කට අලෙවි වන බවත් එංගලන්තයේ ඩේලි මිරර්  පුවත්පත වාර්තා කර ඇත.

සංචාරක බද්ධ වෙළෙඳ ව්‍යාපාරයක්‌ මුවාවෙන් සිදුකෙරෙන මෙම වකුගඩු ජාවාරමේදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්‌ පවුම් 75,000 ක පමණ මුදලකට සිදුකෙරෙන බවත් මේ වන විට එවැනි සාර්ථක ගනුදෙනු සියයක්‌ පමණ සිදුකර ඇති බවත් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

බ්‍රිතාන්‍යය තුළ වකුගඩු මිලට ගැනීම හා විකිණීම නීති විරෝධී වන අතර එය වසර 3 ක්‌ දක්‌වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි. ඉන්දියාව, පාකිස්‌තානය වැනි රටවල සමාජ මාධ්‍ය ජාල ඔස්‌සේ දිනපතා වකුගඩු ජාවාරම සිදු කළද මෙවැනි පුවතක්‌ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ පළමු වරටය. අවයව ජාවාරම් ඇතුළත් ෙµaස්‌බුක්‌ වෙබ් අඩවි ෙµaස්‌බුක්‌ සමාගම මගින් ඉවත් කෙරුණද විවිධ වෙළෙඳ ව්‍යාපාර මුවාවෙන් එම ජාවාරම දිගටම ක්‍රියාත්මක වෙමින් තිබේ.

Source : Divaina