වෙළෙඳසැලක් ඉදිරිපිට වාඩි වී සිටි පුද්ගලයින් වෙතට මොටර් රථයක් කඩා වදී

0
164

පිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළෙඳසැලක් ඉදිරිපිටට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පිටකොටුව පොලීසිය පවසයි.

මෝටර් රථය හිමි පුද්ගලයා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා පිටව ගිය අවස්ථාවේදී, මෝටර් රථය පණගන්වා තිබූ පුද්ගලයා ට තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

කුලී වැඩකරන කම්කරුවන් සිව්දෙනකු කතාබස් කරමින් සිටියදී කුමාර වීදිය දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ඔවුන් වෙත කඩා වැදී තිබූ අතර එම අවස්ථාවේදී එක් පුද්ගලයෙක් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

තිදෙනාගේම පාදවලට බරපතළ තුවාල සිදුවී තිබූ අතර එක් පුද්ගලයකු වූ පාදය ස්ථාන දෙකකින් කැඩී තිබූ බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන ආකාරය CCTV කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණි.