වසංගත ඉදිරියේ නොසැළෙන දහම ලෝකයට ඉගැන් වූ බෞද්ධ දර්ශනය

0
421

එන්.එම්.බුද්ධිනී කරුණාතිලක
දර්ශන අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යායාලය

(මැයි 4 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන වෙසක් සතිය නිමිත්තෙනි)
 
 බෞද්ධ ඉගැන්වීම්වලට අනුව අටලෝදහමට අනුව කම්පා නොවී මෙම අවස්ථාවේදී කළ යුතු වන්නේ පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීමට අදාළ බලධාරීන්ට සහය වෙමින් මෙවර වෙසක් සැමරුම ආගමානුකූලව සැමරීමට කටයුතු කිරීමයි. එසේ නොමැතිව මෙම තත්ත්වය අවසන් වරට නැවත විවෘත කරන්නේ කවදාද යන්න සිතමින් මානසික වියවුල්භාවයක සිටීමෙන් සිදු වන්නේ වෙසක් පොහොය දිනය වැනි උතුම් දිනයක පවා කුසල් රැුස් කරගැනීමට ප‍්‍රමාද වීම පමණයි. තවදුරටත් වගකීම් සහගතව හැසිරීමෙන්, සමාජ වගකීම නිසියාකාරව ඉටු කිරීමෙන් මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට නිසැකවම හැකියාව ලැබෙනු ඇත.

ලෝකවාසී බෞද්ධ ජනයාට සුවිශාල වැදගත්කමක් සහිත පොහොය දිනයක් ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැකියි. බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදියේ උන්වහන්සේගේ ජීවිතයේ සිදු වූ මූලික සිදුවීම් 3 ක් හේතුවෙන් මෙම පොහොය දිනය අනෙක් පොහොය දිනයන්වලට වඩා සුවිශේෂීත්වයක් ගනී. අනෙකුත් බෞද්ධ ආගමික උත්සවවලට වඩා උත්සවාකාරයෙන් සමරන උත්සවයක් ලෙසද වෙසක් උත්සවය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ වර්තමාන නේපාලයේ ලූම්බිණි සල් උයනේදී සිදුහත් කුමරු ලෙස උපත ලැබීම. සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ කුසිනාරා නුවර දී (වර්තමානයේදී එම ප‍්‍රදේශය කුෂිනගර් ලෙස හැඳින්වේ* පරිනිර්වාණයට පත්වීම යන සුවිශේෂී සිදුවීම් සිහිපත් කරමින් මෙම පොහොය දිනය සැමරේ. ලොව පුරා බෞද්ධ ජනතාවට වෙසක් පොහොය දිනයේ ඇති වැදගත්කම වටහාගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් උත්සවය සැමරීම අන්තර්ජාතික වශයෙන් සිදු කිරීමට කටයුතු සකස් කළ අතර 2000 වසරේ මැයි මස 15 වන දින පළමු වතාවට අන්තර්ජාතික වශයෙන් සමරණු ලැබීය.
 
 තායිලන්තය, බෞද්ධ රටක් වශයෙන්, ශාස්ත‍්‍රීය සහ ජනප‍්‍රිය උත්සව අවස්ථාවන් සැමරීමේ ප‍්‍රමුඛයෙකු ලෙස කටයුතු කරයි. ප‍්‍රථම වතාවට 2004 වසරේදී නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රධාන කාර්යාලයේ දී සහ තායිලන්තයේ බැංකොක් නගරයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දී ඔවුන් විසින් ආගමික කටයුත්තක් සංවිධානය කරන ලදී. ඒත් සමඟම බෞද්ධ ආගමික කටයුතු සැමරීමට යම් උත්තේජනයක් සපයමින් තායිලන්තය බෞද්ධ ආගමික කටයුතු සංවිධානය කිරීමේ ප‍්‍රමුඛයෙකු බවට පත් විය. ඒවායින් මූලිකම ස්ථානයක් ගනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට සමගාමීව 2005 වසරේ මැයි මස 18-21 අතර කාලයේදී අන්තර්ජාතික බෞද්ධ සමුළුව (ෂබඑැරබ්එසදබ්ක ඊමාායසිඑ ක්‍දබෙැරුබජැ දබ එයැ ඹබසඑැා භ්එසදබි ෘ්හ දෙ ඪැි්න* සංවිධානය කිරීමට කටයුතු කිරීමයි.
 
 ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවද වෙසක් උත්සවය සමරන්නේ අති උත්කර්ෂවත් අන්දමිනි. ආගමික, ආගමික නොවන සහ විවිධ සංස්කෘතික උත්සව වෙසක් සැමරුම හා සමගාමීව පවත්වනු ලබයි. පාසල්, බැංකු, රෝහල් ඇතුළු බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මේ සඳහා සහභාගි වේ. ආගමික භේදයකින් තොරව ජනතාව සහභාගි වන සැමරුමක් ලෙසද මෙම උත්සවය හැඳින්විය හැකිය. ආමිස පූජාවන් මෙන්ම ප‍්‍රතිපත්ති පූජාවන්, තොරණ, බැති ගී සංදර්ශන, වෙසක් සැරසිලි සහ දන්සැල් ආදිය මෙම කාලපරිච්ෙඡ්දය තුළ සුලබව දක්නට ලැබේ.
 
 නමුත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය වශයෙන් සිදුව ඇති බලපෑම හේතුවෙන් මෙවර වෙසක් උත්සවයට ද යම් බලපෑමක් එල්ල වී ඇත. මෙවර වෙසක් උත්සවය පැවැත්වීමට සිදුව ඇත්තේ සියලූම ආකාරයේ පුද්ගල ඒකරාශී වීම් නැවැත්වීමට සිදුව ඇති පසුබිමක් තුළ වීම විශේෂත්වයකි. මෙම වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීමට පුද්ගල දුරස්ථභාවය රැුකගැනීම, පෞද්ගලික ස්වසථතාව පවත්වාගෙන යාම, සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත්ය. වෙනත් වෙසක් උත්සවය සැමරුම්වලදී මෙන් වෙසක් උත්සව නැරඹීමට යාම, වන්දනා ගමන් යාම, ආගමික ස්ථානවලට ගොස් පෙහෙවස් සමාදන් වීම, දන්සැල් තොරණ නිර්මාණය ආදිය හරහා වෙසක් උත්සවය නිර්වචනය කරන්නේ නම් පවතින තත්ත්වය හමුවේ මෙවර වෙසක් උත්සවය සැමරීමට නොහැකි වන බව එක්වරම සිතෙන්නට පුළුවන. නමුත් වෙසක් උත්සවයේ නියමාර්ථය වටහා ගත් පුද්ගලයාට මෙවර වෙසක් උත්සවය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙසෙඟ් නියම අර්ථය රැුකගනිමින් සැමරීමට හැකි බව පසක් වනු ඇත.
 
 මැයි 4 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලය ජාතික වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය කටයුතු කර ඇත. පවතින නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරගනිමින් මෙම ජාතික වෙසක් උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
 
 රටේ පවතින තත්ත්වය හමුවේ පනවා ඇති යම් යම් සීමාවන් හමුවේ වුවද වෙසක් උත්සවයේ හරයන් රැුක ගනිමින් වෙසක් උත්සවය සැමරීමට එයින් බාධාවක් නොවේ. ආමිස පූජාවන්ට වඩා ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මෙවර වෙසක් උත්සවය අර්ථවත් ලෙස සැමරීමේ හැකියාව පවතී. ආගමික ස්ථානයකට ගොස් පෙහෙවස් සමාදන් වීමට අවස්ථාවක් නොවූවත් නිවසේ දී සිල් සමාදන්ව ආගමික කටයුතු සිදු කිරීමට එමඟින් බාධාවක් නොවේ. වන්දනා ගමන් ගොස් වෙසක් සිරි නරඹනු වෙනුවට පවුලේ සාමාජිකයන් සමඟ එක්ව නිවසේ දී වෙසක් කූඩු සහ වෙනත් සැරසිලි නිර්මාණය කරමින් මෙම වෙසක් උත්සවය පවුලේ වෙසක් සැමරුමක් බවට පත් කර ගැනීමට හැකියාව පවතී. පාසල් වැසීම නිසා නිවසට වී සිටින දරුවන්ට බුද්ධ චරිතය හා බැඳුනු සිතුවම්, ගීත, නිසඳැස් ආදිය නිර්මාණය කරමින් මෙවර වෙසක් සැමරුම අර්ථවත් කර ගත හැකිය. ඉවතලන ද්‍රව්‍යවලින් වෙසක් සැරසිලි නිර්මාණය කරමින් අලූත් අත්දැකීමක් ලබා ගැනීමට ද හැකියාව පවතී. එවිට පවුලේ සියලූ දෙනාගේ සහභාගිත්වයෙන් සමරන්නට යෙදෙන මෙවර වෙසක් උත්සවය වඩාත් අර්ථවත්ව සැමරීමට අවස්ථාව සැලසෙනු ඇත.
 
 එලෙසට හෝ වෙසක් උත්සවය සැමරීමට නිවෙසේ රැුඳී සිටින්නන්ට හැකියාව පැවතිය ද මේ මොහොතේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ අප රට පත්ව ඇති තත්ත්වයෙන් මුදවා ගැනීමට ජනාධිපතිතුමා, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍යම සේවාවන්හි යෙදෙන සියලූම දෙනා සුවිශාල කැපවීමක් දරන බව නොරහසකි. අප විසින් කරන එක් වගකීම් විරහිත ක‍්‍රියාවක් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වැඩි කිරීමට හේතු විය හැකිය.
 
 බෞද්ධ ඉගැන්වීම්වලට අනුව අටලෝදහමට අනුව කම්පා නොවී මෙම අවස්ථාවේදී කළ යුතු වන්නේ පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීමට අදාළ බලධාරීන්ට සහය වෙමින් මෙවර වෙසක් සැමරුම ආගමානුකූලව සැමරීමට කටයුතු කිරීමයි. එසේ නොමැතිව මෙම තත්ත්වය අවසන් වරට නැවත විවෘත කරන්නේ කවදාද යන්න සිතමින් මානසික වියවුල්භාවයක සිටීමෙන් සිදු වන්නේ වෙසක් පොහොය දිනය වැනි උතුම් දිනයක පවා කුසල් රැුස් කරගැනීමට ප‍්‍රමාද වීම පමණයි. තවදුරටත් වගකීම් සහගතව හැසිරීමෙන්, සමාජ වගකීම නිසියාකාරව ඉටු කිරීමෙන් මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට නිසැකවම හැකියාව ලැබෙනු ඇත. එළඹෙන වෙසක් පොහොය දිනයේදී බෞද්ධයන් ලෙස සැමගේ ප‍්‍රාර්ථනය විය යුත්තේ මෙම ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට හැකියාව ලැබී සියලූ ජීවිත සුවපත් වේවා යන්නයි. වෙසක් උත්සවයේ නියමාර්ථය වටහා ගනිමින් කුසල් සිත් පෙරදැරිව මෙවර වෙසක් උත්සවය සමරමු.
 
 ඡායාරූපය – ලක්රුවන් වන්නිආරච්චි ( ඒ.එෆ්.පී
Divaina