පරිසරයට හා වන සතුන්ට වසන්තය ගෙනා අමතක නොවන වසංගතය

0
442

බොහෝ ලෝක බලවතුන් දේශගුණික ආපදා තඹ දොයිතුවක තරමටවත්  ගණනකට නොගෙන කටයුතු කරන සමයක අනපේක්ෂිත වෛරස පහරදීමකින් අද ලොවම හෙල්ලූ‍ම් කා ඇත. නොහොත්, චීනය, ඇමෙරිකාව, එක්සත් ජනපදය, ප‍්‍රංශය, ජපානය, ජර්මනිය, ස්පාඤ්ඤය, ඔස්ටේ‍්‍රලියාව හා රුසියාවද ඇතුළු ලෝක බලවතුන් දණගස්වන තැනට කොරෝනා වෛරස අද පත්වී සිටී. නොහොත්, ඇන්ටාක්ටික් මහාද්වීපය හැරෙන්නට ලොව අනෙකුත් මහාද්වීප හයෙන්ම කොරෝනා වෛරස වාර්තාවන අතර, රටවල් හා ස්වයංපාලන ප‍්‍රදේශ 210 කට වැඩි ගණනක් වසංගතයට  ගොදුරුව පවතී.
 
 සැබැවින්ම මෙම කොරෝනා වෛරස ලොවක් එක අරමුණකට හා එක්ව සිතා කටයුතු කළ යුතු තැනකට ගෙන එන්නට පැමිණි වෙස්වලාගත් ආශිර්වාදයක් දැයි විටෙක කල්පනා කළ හැක්කේ ඒ තරමටම ලෝකය පසුවූයේ තම තමන් පිළිබඳව පමණක් අධිතක්සේරුවක නිසාය, සහ පරිසරය පිළිබඳව යහපත් ක‍්‍රියාකාරිත්වයකින් නොවේ. තමන් ජීවත්කරවන පරිසරය නොහොත් සොබාදහමට එරෙහිව කටයුතු කරන මානවයා පරිසරය යනු තමාගේ අතපල්ලෙන් වැටුණු, තමාගේ යටහත්, පහත් දෙයක් ලෙස සලකා මෙතෙක් කටයුතු කිරීමේ ප‍්‍රතිපලයක් ලෙස ගෝලීය පරිසරය පැවතියේ දැවැන්ත විනාශයකට ලක්වය. වායුගෝලීය, ගොඩබිම හා ජල දුෂණය ඉහළම මට්ටමකට පත්ව තිබූ අතර, මුහුදු සම්පත් ඇතුළු ස්වභාවික සම්පත් අධිපරිභෝජනය, වනාන්තර විනාශය, ජෛව විවිධත්ව හායනය යනාදිය පැවතියේ නවතාගැනීමේ හෝ වළකාගැනීමේ සීමාවෙන් ඔබ්බට ගොසිනි. එම විනාශයන් ලෝකය පුරා හෝරාවකට, දවසකට හෝ මාසයකට නවතාලීමේ ජගතෙකු පැමිණේ නම් ඒ විශ්වකර්මයකු මිස අන් කිසිවකු නොවන බව අපට තිබූ විශ්වාසයයි. එසේ හෙයින් නව කොරෝනා වෛරස යනු මේ මිහිතලය ගැන සිතා මිහිතල රකින්නට පැමිණි විශ්වකර්මයකු මිස අන් කිසිවකු නොවේ. මන්ද ගෝලීය දේශගුණික විපර්යාශ, ස්වභාවික ආපදා, දේශගුණික අනාථයින් බිහිකිරීම යනාදී කිසිදා අපට ප‍්‍රකෘතිමත් කළ නොහැකි ගෝලීය බලපෑම් ගොන්නක් (අපේම පරිසර විනාශකාරී ක‍්‍රියාකාරකම් නිසා) අපට ඉතිරිව තිබූ හෙයිනි. එනිසා නියත වශයෙන්ම ලොවට විවේකයක්, නිවාඩුවක්, විරාමයක් අවශ්‍යව තිබූ කාල වකවානුවකි මේ. එහෙත්, එම විරාමය හදිසියේම පැමිණේ යයි අප බලාපොරොත්තු වූයේ නැත. මිනිසුන් ලක්ෂ ගණන් මරා, ලක්ෂ ගණන් ලෙඩ කරමින් උදාවේ යයි මිනිසා බලාපොරොත්තු වූයේ නැත.

හරිතාගාර වායුන් ලෙස පරිසරයට එක්වූ දූෂක (හරිතාගාර වායුන්) නොමැතිකමින් මේ කොවිඞ් වසංගතය එක් අතකින් ලොවට සිදුකර ඇත්තේ හොඳක්, මිස නරකක්ම නොවේ. ගැටළුවකට ඇත්තේ ලක්ෂ ගණනක මිනිස් ජීවිත සමග මේ වසංගතය මාරාන්තික අයුරින් ක‍්‍රියාකිරීමය. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය The world Meteorology Organization (WMO) කියන පරිදි වායුගෝලීය නවතම තත්ත්වය කියන්නට මේ කෙටි කාලය තවමත් ප‍්‍රමාණවත් නැත. එනම් ඔවුන්ගේ (2020-04-06 දින) මිණුම් අනුව 2019 ට සාපේක්ෂව වායුගෝලීය ඣ2 ප‍්‍රමාණය 411.97ppm (2019 මාර්තු) සිට 414.50ppm (2020 මාර්තු) දක්වා තවමත් ඉහළ අගයක පවතී. එනමුත් වායු විමෝචන ප‍්‍රමාණ අනුව සලකනවිට නිව්යෝර්ක් නගරයේ රථ වාහන ධාවනය අවමවීම නිසා 2019 වසරට සාපේක්ෂව 2020 මාර්තුවේ CO  (කාබන් මොනොක්සයිඞ්) ප‍්‍රතිශතය 50 කින් අඩුවී ඇතැයි කියනු ලැබේ. CO2 (කාබන් ඩයොක්සයිඞ්) ප‍්‍රමාණය අඩුවී ඇතැයි සැලකෙන්නේ සියයට 5-10 ප‍්‍රමාණයකිනි. ගල්අඟු‍රු බලාගාර සහ කර්මාන්ත අක‍්‍රීයවීමෙන් පෙබරවාරි සිට මාර්තු දක්වා මාසයක කාලයේ චීනයේ අපේක්ෂිත වායු (කාබන්) දූෂණය අඩුවීම 25% ක් ලෙස සැලකුවද, ගෙවී ගිය සති 7 තුළ එම අගය දැක්වෙන්නේ 18% ක මට්ටමේ බව වාර්තා වේ. එමෙන්ම උතුරු ඉතාලියේ NO2 (නයිට‍්‍රජන් ඩයොක්සයිඞ්) විමෝචනය සතියකට 10% බැගින් ක‍්‍රමික අඩුවීමක් පසුගිය සති 6 තුළ නිරීක්ෂණය කර ඇත. එසේම, ඉතාලියේ මිලානෝ නගරයේ NO2 ප‍්‍රතිශතය 2019 වසරේ මාර්තුවේ තිබූ මට්ටමට වඩා 21% කින් පහළ වැටී ඇත.
 
 සමස්ත යුරෝපය තුළ විදුලි ඉල්ලූ‍ම අඩුවීම, කර්මාන්ත වසාදැමීම හා ගුවන් ගමන් අත්හිටුවීම නිසා කාබන් විමෝචනය අඩුවීමෙන් 2020 ගෙවී ගිය මාසවල පරිසරයට ඇති වූ වාසිය ගණන් බලා ඇත්තේ කාබන් මිලියන මෙටි‍්‍රක් ටොන් 389 ක අඩුවීමක් ලෙසිනි. එය යුරෝපා සංගමය මගින් 2020 වසරේදී අපේක්ෂිත කාබන් විමෝචනයෙන් 9% ක අඩුවීමකි. එසේම, වායු විමෝචනයේ තවත් දැවැන්තයකු වන ඉන්දියාවේ තත්ත්වය සැලකුවිට 2019 තත්ත්වය හා සංසන්දනයේදී 2020 මාර්තු 31 වනවිට සමස්ත ඉන්දියෙවේ වායුගෝලය 60% කින් පිරිසිදුවී පැහැදිලි වී ඇත. මේ නිසා ඉන්දියාවේ බැංගලෝරය වැනි බොහෝ නගරවලට නේපාලයේ හිමාල කඳුවැටිය පැහැදිලිව දර්ශනයවන බව වාර්තාවේ. එසේම ඉන්දියානු වැසියන් නිවාස තුළට කොටුවී සිටින බැවින් හා කර්මාන්ත, කෘෂිකර්මාන්තවලින් දූෂක කාරක ගොඩබිමට හා ජලයට මුසු නොකෙරෙන බැවින් අතිශය දූෂිත ගංගාවක් ලෙස සැලකෙන ගංගා නම් ගංගාව ඇතුළු දියදහරාවල ජලය අතිශය පිරිසිදු වී ඇතැයිද වාර්තා වේ. උත්තර්කන්ඩි ප‍්‍රාන්තයේ බටහිර හිමාල කඳුවැටියෙන් පටන් ගන්නා විට අතිශය පිරිසිදු ගංගාවක් ලෙස පැමිණෙන මෙය කිලෝමීටර් 2601 ක් දුර ගෙවා යන ගමනේදී අතිශය දුෂණයට ලක්වන්නකි. යමුනා ගඟ ඇතුළු ඉන්දියාවේ බොහෝ ගංගාවල තත්වයද එසේමය.
 
 එසේම, එම ඇඳිරි නීතිය කාල සීමාව තුළදී ශ‍්‍රී ලංකාවේ සාගර දුෂණය 40%-45%කින් අඩුවී ඇතැයි මේ අතර සමුද්‍රීය දුෂණ වැළක්වීමේ අධිකාරිය (MEPA) පවසයි. ලෝකයේ සාගර දූෂණය අතින් 5 වැනි ස්ථානයට ගැනෙන අපකීර්තිමත් නමක් ඇති ශ‍්‍රී ලංකාවේ මෙවන් තත්වයක් වාර්තා වීම අතිශය සතුටුදායක තත්වයකි. එසේම ශ‍්‍රී ලංකාවේ දුෂණයට ලක්වූ ගංගාවක් ලෙස සැලකෙන කැළණි ගංගාවේ තත්වයද මේ දිනවල ඉතා යහපත් තත්වයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ බත්තරමුල්ල හා මහනුවර නගරය තුළ ස්ථාපිත ස්වයංක‍්‍රීය වායු දුෂණ මානවලින් පැහැදිලිවම වායු දුෂණය අඩු වී ඇති බව පෙන්නුම්කරන බවයි. එනම්, බත්තරමුල්ල මාන උපකරණයට අනුව, ප‍්‍රදේශයේ ක්ෂුද්‍ර අංශුන් (PM) සහ NO2 සාන්ද්‍රණය පැහැදිලිවම 2019 ට වඩා මෙන්ම, 2020 ජනවාරි සිට අපේ‍්‍රල් අතර කාලයේදීද අඩුවී ඇතැයි ප‍්‍රස්තාර උපුටාදක්වමින් අධිකාරිය පවසයි.
 
 සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් ශ‍්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයේම සත්වෝද්‍යාන, ජාතික වනෝද්‍යාන, ඇතුළු පාරිසරික වශයෙන් වැදගත් නිකේතනවල අපා, දෙපා, සිවුපා, බහුපා සත්වයින් ඇතළු ජීව සමුහයා විඳින නිදහස ගැන අමුතුවෙන් කිව යුතු නැත. හීත්රෝ ගුවන් තොටුපලේ ගැවසෙන පාත්තයින් රංචු, ඊශ‍්‍රායලයේ නගර වැදුණු ඌරු රංචු, තායිලන්තයේ නගර අරක්ගත් වානර රංචු ඔබ දැනටමත් මාධ්‍ය තුළින් දැකගන්නට ඇත. එසේම, වනසතුන් අධිවේගී මාර්ග තුළට පිවිසීම, නගර ආක‍්‍රමණය කිරීම ඇතුළු වාර්තා රැුසක් අසන්නට ලැබේ.
 
 කෙසේ හෝ මේ උදාව ඇත්තේ වසන්ත සමය බැවින් ගහ කොළ නිල්ල වැටී මල් පිපෙන කාලය බවද අප අමතක කළ යුතු නැත. වාහන සහ කර්මාන්ත දුම,දුවිලි නැති, වාහන සහ මිනිසුන්ගේ බාධාකිරීම් හා කඨෝර නාදවලින් ව්‍යුක්ත මෙවන් තවත් වසන්තයක් දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයට ලැබී නැති බව ඉතිහාසය දන්නවුන් පවසයි. එබැවින් උදව ඇත්තේ සංත‍්‍රාසයක් වුවද කොවිඞ් වසංගතය ලෝක පරිසරයට ලබාදී ඇත්තේ සැබෑ සොම්නසක් නොවේද? සැබෑ තිරසාරතත්වයක් නොවන්නේද? එසේ හෙයින් මේ නම් සොබාදහමේ සරදමක් යැයි කල්පනා කළ හැකිය.
 
 එනම්, සොබාදහමේ රීතියට අනුව ලෝක සංතුලනය අතවශ්‍ය වන අතර එය බිෙක්‍ෂන, බිඳී යන කවර මොහොතක හෝ සොබාදහමම පෙරට පැමිණ යළිත් සංතුලනයට පෙරමග ගන්නා බවට කොරෝනා වසංගතය කදිම නිදසුනකි. ආර්ක්ටික් සහ ඇන්ටාටික් අයිස් කුට්ටි මහා විශාල රටවල් තරම් කැඞී මුහුදට එකතුවන මෙවන් කාලයක, මිනිස් ජනගහනය බිලියන 10 ක් තරම් වැඩි වෙමින් පවතින සමයක කොරෝනා නමින් ‘සොබාදහමේ රීතිය‘ පෙරට එනවිට ඊට අභියෝග කරන්නට තරම් මිනිසා ලඳ බොළඳ වැඩි යැයි කෙනෙකුට කියන්නට පුළුවන. කෙසේ හෝ කොරෝනා වයිරස නොහොත්, කොවිඞ්-19 වසංගතය ලෝකයට එල්ල කෙරුණු සොබාදහමේ අභියෝගයක් හා සරදමක් මිස අනිකක් නොවේ. ගැටලූ‍වකට ඇත්තේ මිනිසා නම් වන අපේ වරිගයාට එරෙහිව මේ වසංගතය අවි අමෝරාගෙන සිටීම නිසා අපට එය අනුමත කරන්නට නොහැකි වීමය. ජගත් කණහැරආරච්චි
 
 සංස්කරණය – ජගත් කණහැරආරච්චි