ව්‍යවස්ථාවට අදාළව අත්හදාබැලීම් මේ අවස්ථාවේදී නොකළ යුතුය….

0
477

මහාචාර්ය ප‍්‍ර​සන්න පෙරේරා
ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණ හිටීමක් ඉදිරියේදී සිදුවේ ද යන්න පිළිබඳව සකච්ඡුාවට ලක් කිරීම කාලෝචිතය. ඒ අනුව මේ අවස්ථාවේදී සකච්ඡුා කළ යුත්තේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යළි නොකැඳවා සිටියහොත් සහ මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් 2020 ජුනි 05 වැනිදාගෙන් පසුව ආණ්ඩුවේ සමහර සේවාවන් නතර කර දැමීමට (Government Shut Down* සිදුවේ ද යන්න පිළිබඳවයි.
 
 ආණ්ඩු කටයුතු නතර කර දැමීමට සිදු වන තත්ත්වයන්ට අදාළව ලෝකයේ ඇතැම් රටවල් ලබා ඇති අත්දැකීම් ගැන සාකච්ඡුා කිරීමේ දී ඊට අදාළව ඇමරිකා එක්සත් ජනපදය ලබා තිබෙන අත්දැකීම් පැහැදිළි කර ගැනීම මේ අවස්ථාවේදී වැදගත්ය. ඇමරිකා එක්සත් ජනපදයේ නම් ආණ්ඩුව වසා දැමීම සිදු වන්නේ කොංග‍්‍ර​සය විසින් රජයට අවශ්‍ය කරන්නා වූ අරමුදල් ලබාදීමට අපොහොසත් වූ විටදීය. මෙවැනි අවස්ථාවකදී අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් වැටුප් රහිතව නිවාඩු ලබාදීමකට ලක් කරයි. මෙවැනි තීරණ සදහා හේතු වන්නේ පවත්නා අරමුදල් ප‍්‍ර​මාණවත් නොවීමයි.
 
 මෙවැනි තත්ත්වයකදී කොංග‍්‍ර​සය ඇතුළත අයවැයක් සම්මත වීමට යම් කාලයක් ගත වේ. එම කාලය ඇතුළත රජයේ කටයුතු කර ගෙන යාමට සිදු වන්නේ පවතින මුදල් සංචිත හරහාය. පසුගිය කාල පරිචිෙඡ්දය පිළිබදව අවධානය යොමු කිරීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ අවස්ථා කිහිපයකදීම මෙවැනි වසා දැමීම් සිදු වූ ආකාරය හදුනා ගත හැකිය. ජනපති ඩොනල්ඞ් ට‍්‍ර​ම්ප් සහ කොංග‍්‍ර​ස් මණ්ඩලය අතර ඉදිරි අයවැය සදහා එකගතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2018 දෙසැම්බර් 21 මධ්‍යම රාත‍්‍රියේ සිට 2019 ජනවාරි 25 දක්වා දින 35ක් ආණ්ඩුව වසා දැමීමට සිදු වූ අතර එම වසා දැමීම ඇමරිකාවෙන් දැනට හදුනා ගෙන ඇති දීර්ඝතම ”ආණ්ඩු වසා දැමීම” ලෙස සදහන් කළ හැකිය.
 
 අප රටෙහි පවතින තත්ත්වය පිළිබදව සාකච්ඡුා කිරීමේදී 2020 මාර්තු 02 දරණ විශේෂිත ගැසට් පත‍්‍රය​ (No.2165/8-2020)
 
 ප‍්‍ර​කාශයට පත් කිරීම මගින් ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. 2020 මාර්තු මස නිකුත් කරන ලද පූර්ව මැතිවරණ අය-වැය තත්ත්වය දැක්වීමේ වාර්තාව-2020 සහ (Visit Treasury Web¸ http꞉$$www. treasury.gov.lk $under other publications) ආණ්ඩුක‍්‍ර​ම ව්‍යවස්ථාවෙහි 150/03 වගන්තියට අනුව නිශ්චිතව දක්වා ඇත්තේ ඉදිරි මාස තුනක කාල කාල පරිච්ෙඡ්දය සදහා, එනම් 2020 මාර්තු 06 වන දා සිට 2020 ජූනි 05 වනදා දක්වා වන ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 1229ක් බවය. 

 
 එහි රුපියල් බිලියන 715ක් වර්තන වියදම් සහ රුපියල් බිලියන 150ක් ප‍්‍රාග්ධන වියදම් ලෙස දක්වා ඇති අතර ණය නැවත ගෙවීමට වෙන් කරන ලද ප‍්‍ර​මාණය රුපියල් බිලියන 360කි. එනම් වාර්තාවේ සදහන් කාල පරිච්ෙඡ්දයේ වියදම් සදහා වෙන් කරන ලද සමස්ත මුදල්   ප‍්‍ර​මාණය රුපියල් බිලියන 420ක් ලෙසට තවදුරටත් දැක්වේ.
 
 මහ භාණ්ඩාගාර ලේකම් විසින් 2020.03.10 වන දින නිකුත් කරන ලද “BD/CBP/0101/04-2020” චක‍්‍රලේඛය මගින් සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභාවල ප‍්‍ර​ධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප‍්‍ර​ධානීන් වෙත දන්වා ඇත්තේ 2020 මාර්තු සිට 2020 මැයි අවසානය දක්වා ආණ්ඩුක‍්‍ර​ම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ තුන් වැනි අනු ව්‍යවස්ථාවේ ප‍්‍ර​තිපාදන අනුව ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමේ හැකියාවක් පවතින බවයි.
 
 2020 මාර්තු සිට 2020 ජූනි දක්වා මාස තුනක කාලපරිෙඡ්දයක් සදහා රජයේ සේවාවන් සහ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාමට දැරීමට සිදු වන වියදම් සදහා අවශ්‍ය වන්නාවූ ප‍්‍ර​තිපාදන ඒකාබද්ධ අරමුදලින් දැරීම පිණිස ශ‍්‍රී ලාංකික ප‍්‍රජාතාන්ත‍්‍රික​​ සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍ර​ම ව්‍යවස්ථාවේ 150 වගන්තියේ 03 වන අනු වගන්තියෙහි ප‍්‍රතිපාදන අනුව මුදල් වියදම් කිරීමේ හැකියාවක් පවතින බව මහා භාණ්ඩාගාර ලේකම් විසින් ප‍්‍ර​කාශයට පත් කරන ලද වාර්තාවේ නිශ්චිතව දක්වා ඇත. මේ සදහා ජනපති විසින් බලය ලබා දී ඇති බව ද එහි වැඩි දුරටත් දක්වා ඇත.
 
 2020 අතුරු සම්මත ගිණුමේ ඉතිරි ප‍්‍ර​තිපාදන ප‍්‍ර​මාණය ද අනතර්ග‍්‍රහණය කරමින් මහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් ඉදිරි මාස 03ක කාලය වෙනුවෙන් එක් එක් අමාත්‍යාංශ සදහා මුදල් වෙන් කිරීමේ බලය ලබා දී ඇත. මෙම කාලයේ ගෙවීම්, වවුචර් සහ අනිකුත් ලියකියවිලිවල අදාළ අධිකාරිය ලෙස සදහන් කළ යුතු වන්නේ   ආණ්ඩුක‍්‍ර​ම ව්‍යවස්ථාවේ 150 (03* අනු ව්‍යවස්ථාව බව ඔහු තවදුරටත් දක්වා ඇත.
 
 නමුත් මහ  භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කරන ලද චක‍්‍ර​ ලේඛ සමග දැන් යම් ගැටලූවක් මතු වේ. එනම් 2020 ජූනි 05 සිට ඊළඟ මහ මැතිවරණය පැවැත්වෙන තෙක් ආණ්ඩුවේ සේවාවන්ට කුමක් සිදුවේ ද යන්න අවබෝධ කර ගත නොහැකි විමයි. මෙවැනි පසුබිමක අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් පවත්වා ගැනීම සහ මුදල් ලබා ගැනීමේ අර්බුදයක් නිර්මාණය වේ ද යන්න රට කරවන්නන් විසින් විසදා ගත යුතුව තිබේ.
 
 මෙහිදි මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටිමට ඉඩ ඇත. එහිදී නීතිපතිවරයා කුමක් කියාවිදැයි අපි නොදනිමු. රජයේ සමහර මැති ඇමතිවරුන් ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කරනුයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අලූත් පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව ද මාස තුනක් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත කර ගැනීමට ජනාධිපතිවරයාට බලතල ඇති බවයි. එනමුත් පූර්ව මැතිවරණ අය-වැය වාර්තාව සහ මහ  භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති උක්ත චක‍්‍රලේඛය මගින් නම් එවැන්නක් ගම්‍ය නොවේ. එමෙන්ම 2020 ජුනි 05 වැනිදාගෙන් පසුදා සිට පාර්ලිමේන්තුව යළි රැස් වන දිනය දක්වා, එනම් මාස 03 සීමාව ඉක්මා ගිය ද  ආණ්ඩුක‍්‍ර​ම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට යමක් කළ හැකි දැයි යන්න පිළිබඳ කාරණය විවාදාපන්නය.
 
 කෙසේ නමුත් රටක් ලෙස ශ‍්‍රී ලංකාව සහ ජාතියක් ලෙස අප ඉතිහාසයේ පළමු වරට මුහුණ දෙන මෙම අර්බුදය ඇමරිකාවේ හෝ අසල්වැසි ඉන්දියාවේ ක‍්‍රමවේදයට විදසා ගත නොහැකිය. ඊට හේතුව එම රටවල් පෙඩරල් රාජ්‍යයන් වීම සහ ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතාන්ත‍්‍රීය​​​ ඒකීය රාජ්‍යයක් වීමය.
 
 පාර්ලිමේන්තුව කැඳවා දරණ වියදම් සහ නොකැඳවා දරන වියදම අතර පවතින තත්ත්වය සාකච්ඡුා කිරීමේදී ආණ්ඩුව වසා දැමීමේ පිරිවැය ඉහළ මටට්මක පවතින බව අවබෝධ කර ගත හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ පසුගිය 2018 දෙසැම්බර් 21 මධ්‍යම රාත‍‍්‍රියේ සිට 2019 ජනවාරි 25 දක්වා දින 35ක් ආණ්ඩුව වසා දැමීමේදී ශුද්ධ වශයෙන් එරට ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 03ක පාඩුවක් සිදු වී ඇත.
 
 රටක් ලෙස ශ‍්‍රී ලංකාවට ද ආණ්ඩුව වසා දැමීමට සිදු වුණොත්, රටේ මේ වන විටත් පවතින අයහපත් ආර්ථික පසුබිම යටතේ ආර්ථික ශ්‍රේණිගත කිරීමේ ආයතන හරහා රට තවදුරටත් අඩු ශ්‍රේණිගත කිරීමකට ලක් වනු ඇත. ජාත්‍යන්තර Pitch” ආයතනය ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම දැනටමත් ඍණ මට්ටමක් දක්වා පහළ දමා ඇත. මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාව පිළිබදව ආයෝජකයින්ගේ විශ්වාසය ද පළුදු විය හැකිය. එපමණක් නොව මේ තත්ත්වය අයහපත් පූර්වාදර්ශයක් ද සපයනු ඇත.
 
 ඉහතින් දක්වන ලද කරුණු නිවැරදි ආකාරයෙන් වටහා ගනිමින් එළැඹ සිටින තීරණ මතම නොසිට මෙවැනි අවස්ථාවක සුදුසු සහ නුසුදුසු තීරණ කවරේ ද යන්න අවබෝධ කර ගෙන රාජ්‍ය පාලනයේ යෙදිය යුතුය. එහිදි හදවතින් සේම බුද්ධියෙන් කටයුතු කිරිම මැනවි. Covid-19 මාරාන්තික නව කොරෝනා වෛරසය හමුවේ සමාජය මුහුණ දී තිබෙන පීඩාකාරී අවස්ථාවන් නිවැරදිව තේරුම් ගනිමින් රටේ අභිවෘද්ධිය සහ රටේ ජීවත් වන ජනතාවගේ දිවිපැවැත්මට බලපෑම් නොවන ආකාරයෙන් තීරණ ගැනීම කාලීන අවශ්‍යතාවයකි.
 
 මෙවැනි අවස්ථාවකට රට මුහුණ දෙන්නේ පළමු වතාවට වන අතර මේ තත්ත්වය සුවිශේෂි අවස්ථාවක් ලෙස දැක්විය හැකි වේ. මේ වාතාවරණය අප රටට නව අත්දැකීමක් වන නිසා මේ අවස්ථාවේ අනවශ්‍ය පරීක්ෂාවන් සහ අත්හදා බැලීම් නොකළ යුතුය. නව කොරෝනා වෛරසයෙන් සමස්ත ප‍්‍ර​ජාවම පීඩාවට පත්ව සිටින මෙවන් මොහොතක රාජ්‍ය තාන්ත‍්‍රිකකයින් විසින් ආණ්ඩුක‍්‍ර​ම ව්‍යවස්ථාවට අදාළව පරීක්ෂා කිරීම් සහ අත්හදා බැලීම් මේ අවස්ථාවේ දී සිදු නොකළ යුතුය. එනම් රාජ්‍ය අංශය විසින් ඉදිරි කටයුතු සැලසුම් කිරීමේදී අනාගත රාජ්‍ය සේවාවන් එනම්, 2020 ජූනි 05 වැනිදාගෙන් පසුව රජ්‍ය සේවාවන් ආශ‍්‍රිතව මතු වන්නා වූ අර්බුදය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ යුතුය.