සමුද්‍ර දූෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ පස්‌වැනි තැනද ?

0
933

පසුගියදා පුවත්පත්වල පළවූ වාර්තාවකින් කියෑවුණේ ලෝකයේ සමුද්‍ර පරිසර දූෂණය අතින් ඉහළ රටවල් විස්‌සක්‌ අතරින් ශ්‍රී ලංකාව පස්‌වැනි ස්‌ථානයේ පසුවන බවයි. රට වට කොට සාගරය පිහිටි රටෙක, තිස්‌ වසරක වාර්ගික යුද්ධයක්‌ නිමාවී වනාන්තර ගල් ක`දුවැටි ආදියෙන් තොර සෑම වෙරළ කලාපයක්‌ම මිනිසුන් ගැවසෙන පරිසරයක්‌ නිර්මාණය වී තිබියදී අසන්නට ලැබුණු එම ප්‍රවෘත්තීය පරිසරය ඉහළින්ම වර්ණනා කරනා සහ පරිසරයට ගරු කරන දර්ශනයකින් හෙබි ආගමක්‌ අදහන බහුතරයක්‌ සිටිනා රටකට තරම් නොවනා බව ද අමුතුවෙන් කිවයුතු නොවේ.

එබැවින් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විෂය පථයට අයත් අමාත්‍යාංශයක්‌ වන මහවැලි හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින සමුද්‍රීය පරිසර ආරක්‌ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී වරයා මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරීවරයාද වන රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය පී.බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා අප හමුවූයේ මේ පිළිබ`දව විද්‍යාත්මක තත්ත්වය ඔහුගෙන් විමසීමටය. මේ ආචාර්යවරයා එහිදී දැක්‌වූ අදහස්‌ය.

”… ජාත්‍යන්තරව ප්‍රසිද්ධියක්‌ උසුලන සයන්ස්‌ (Science) නමැති විද්‍යා ස`ගරාවේ 2015 මුල් කාර්තු කලාපයට සාගර පරිසර දූෂණය පිළිබ`දව විද්‍යාත්මක දත්ත සහිත ලිපියක්‌ සපයන ඇමරිකාවේ ජෝජියා විශ්වවිද්‍යාලයේ ජෙනා ජැම්බොක්‌ (Jenna jambege) නමැති පරිසර විද්‍යාඥවරිය එහි දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සහ වෙරළ බඩ පරිසරය ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය දූෂණයෙන් ලෝකයේ පස්‌වැනි ස්‌ථානයේ පසුවන බවයි.

එම ලිපියට අනුව එම විද්‍යාඥවරියගේ වර්ගීකරණයේ අපට ඉහළින් ඇති රටවල් හතර වන්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්‌නාමය යි.

ඇයගේම ලිපියේ ස`දහන් වන පරිදි 2015 දී ඇය පළකරනා එම ලිපියට පාදක වූ දත්තයන් 2010 වසරේ සපයා ගන්නා ලද දත්තයන් නිසා ඇය පවසන්නාවූ පාරිසරික ගැටලුවේ වර්තමාන තත්ත්වය සැබවින්ම ඉන් ගම්‍යවේද යන ගැටලුව ද අප ඉදිරියේ පවතිනවා.

ඊට හේතුව ගතවූ වසර පහ තුළ ලෝකයේ පාරිසරික තත්ත්වයන් ශීඝ්‍රයෙන් වෙනස්‌වූ නිසයි.

ඇයගේ වාර්තාවෙන් චීනය 2010 වසරේ ප්ලාස්‌ටික්‌ රාත්තල් මිලියන පහක දූෂණ තත්ත්වයක්‌ වෙරළ කලාපයේ පෙන්වාදී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව එම වසරේදී ප්ලාස්‌ටික්‌ ඝන අපද්‍රව්‍ය මිලියනයක පමණ ප්‍රමාණයක්‌ අප වෙරළ කලාපයට නිදහස්‌ කර තිබෙනවා.

මෙය ඉතාම භයංකර තත්ත්වයක්‌ වනවා වගේම, රුදුරු ඵල විපාක ලෙස සෑම වෙරළක්‌ම ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය වලින් ඉතා වැඩි වශයෙන් දූෂණය වී තිබෙනු වසර කීපය තුළදී අප දුටුවා.

මෙම පරිසර දූෂණයෙන් සංචාරක කර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයට ඉතා වැඩි බලපෑමක්‌ ඇතිවූ අතර ඊට අමතරව අපගේ සෞඛ්‍යයට මින් ඉතා දැඩි අහිතකර බලපෑමක්‌ එල්ලවී තිබෙනවා.

ඊට එක්‌ හේතුවක්‌ වූයේ මෙම ප්ලාස්‌ටික්‌ කොටස්‌වල වතුර එක්‌ රැස්‌වීම නිසා ඩෙංගු වැනි බෝ නොවන රෝග ව්‍යාප්තියට මෙය විශාල හේතු කාරකයක්‌ වූවා. ඊට අමතරව මේ ප්ලාස්‌ටික්‌ සමග මුසුව එන අනිකුත් දූෂිත ද්‍රව්‍ය මුහුදු ජලයට එකතු වීමෙන් ආහාර දාම සහ ආහාර ජාල හරහා නැවතත් එම ද්‍රව්‍ය මිනිසාගේ ශරීර ගත වීම හරහා විවිධ ලෙඩරෝග වලට අප ගොදුරු වන බව අප හ`දුනාගෙන තිබෙනවා.

එබැවින් පරිසරය රැක ගැනීමේ යුද්ධයෙන් රට ජයග්‍රහණය කරවීම අප ඉදිරියේ අභියෝගයක්‌ව තිබෙනවා.

ලංකාවේ සාගර කලාපය දූෂණය වීම, වෙරළ දූෂණය සහ සමුද්‍ර දූෂණය යනුවෙන් කොටස්‌ දෙකකට බෙදෙනවා.

වෙරළ කලාපයේ පවතින සංචාරක කර්මාන්තය සහ රට ඇතුළේ තිබෙන විවිධ කර්මාන්ත ශාලා වලින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අවිධිමත් ක්‍රම නිසා රට ඇතුලේ අවිධිමත්ව ඉවත්වන ප්ලාස්‌ටික්‌ ඇතුළු කැළි කසළ ගංගා ඇළ දොළ මතින් සාගරයට වැටී වෙරළ කලාපයට ගසාගෙන පැමිණීම නිසා වෙරළ දූෂණය සිදු වනවා.

දෙවන කරුණ වන සමුද්‍ර දූෂණය දියවැල් සහ සාගරය හරහා ගලා එන අපද්‍රව්‍ය මතින් ඇතිවන දූෂණ තත්ත්වයන් ලෙස හැ`දින්විය හැකි වන අතර ශ්‍රී ලංකාව අසලින් ගමන් ගන්නා නැව් මගින් අපගේ ඈත මුහුදට විවිධ අපද්‍රව්‍ය එක්‌ කිරීම නිසා ඒවා සාගර තරංග හරහා සහ සමුද්‍ර දියවැල් ඔස්‌සේ වෙරළ කලාපයට ගසාගෙන ඒම නිසා එම දූෂණ තත්ත්වයන් ඇති වනවා.

උදාහරණයක්‌ ලෙස ඉන්දියාව, බුරුමය, තායිලන්තය, බංගලාදේශය සහ මැලේසියාව යන රටවලින් නිකුත් වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය සාගර තරංග හරහා ශ්‍රී ලංකා සාගර කලාපයට සේන්දු වීම නමැති කාරණය අප විශේෂයෙන් නිරීක්‍ෂණය කර තිබෙනවා.

මේ සියලු හේතුවලින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩ ගසනා ප්ලාස්‌ටික්‌ කැළි කසළ ප්‍රමාණය රාත්තල් බිලියනයකින් පමණ ඉහළ නැග ඇතැයි එම වාර්තාවේ ස`දහන් වනවා.

නමුත් එම බිලියනයක ප්‍රමාණය ගණනය කිරීම උපකල්පන මත තීරණය කරන ලද්දක්‌ බව පෙනෙන්නට තිබෙනවා. මාගේ පුද්ගලික විශ්වාසය වන්නේ එම කසළ ප්‍රමාණය අනිවාර්යයෙන්ම එහි ස`දහන් රාත්තල් බිලියනයට වඩා අඩු විය යුතු බවයි.

ඊට හේතුව ලංකාවට ආනයනය කරන ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය මීට වඩා ඉතා අඩු ප්‍රමාණයක්‌ වන අතර වෙරළ කලාපයෙන් සියයට හැත්තෑවකටත් වැඩි ප්‍රමාණයකට වග කියන්නට වන්නේ රට ඇතුළෙන් සිදුවන පරිසර දූෂණ තත්ත්වයන් මත නිසා මෙම අගය තවදුරටත් අඩුවිය යුතුයි කියා මා සිතනවා.

මේ තත්ත්වය පාලනය කිරීමට පරිසර අමාත්‍යාංශය හරහා ඉතාමත් පුළුල් වැඩ පිළිවෙලක්‌ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. එහෙත් වෙරළ කලාපයන් වල සිදුවන දූෂණ තත්ත්වයන්ට වැඩිපුරම බලපා තිබෙන්නේ රට තුළ සිදුවන පරිසර දූෂණයන් හෙවත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලියේ ඇති අඩුපාඩු නිසයි.

ඒ තත්ත්වය අවම කිරීම ස`දහා පරිසර අමාත්‍යාංශය හරහා zzනිකසල ලංකාZZ නමින් වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට මේ වන විට අප සංවිධාන ගතව සිටිනවා. මේ අනුව සෑම දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයක මෙන්ම පළාත් පාලන ආයතන ඇතුළු රජයේ ආයතන සියල්ල ඒකරාශි වී ඝන අපද්‍රව්‍ය එකතු කිරීම, ප්ලාස්‌ටික්‌ භාවිතය අඩු කිරීම, ප්‍රති චක්‍රීකරණය කිරීම මෙන්ම ඝන අපද්‍රව්‍ය වෙනුවට වෙනත් විකල්ප භාවිත කිරීම ආදී ක්‍රම හ`දුන්වා දීමෙන් මෙම උවදුර වැලැක්‌වීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව මෙම ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්‌ථාන ස්‌ථාපනය කිරීමටත්, පරිසරය දූෂණය සිදුවූ තැන් හ`දුනාගෙන එම ස්‌ථාන නිවැරදි කිරීමටත් පුළුල් වැඩපිළිවෙළක්‌ සංවිධානය කොට තිබෙනවා.

එම කර්තව්‍යය සාර්ථක කරගැනීමට පරිසරය පිළිබ`ද අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රී්‍රsපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය යටතේ නියෝජ්‍ය ඇමති වශයෙන් කටයුතු කරන අනුරාධ ජයරත්න ඇමැති තුමාගේ මග පෙන්විම අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මැතිතුමා ඇතුළු සියලුම අමාත්‍යාංශ නිලධාරීනුත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා සහ එහි අධ්‍යක්‍ෂක ජනරාල් කේ.එච්. මුතුකුඩ ආරච්චි ඇතුළු එම කාර්ය මණ්‌ඩලයද මෙම තත්ත්වය පාලනය කිරීම ස`දහා ඉතා කාලෝචිත වැඩසටහන් රැසක්‌ ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අතරින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් වෙරළ කලාපයට මුදාහැරෙන ඝන අපද්‍රව්‍ය අවම කිරීමට ගෙන ඇති ක්‍රිsයාමාර්ගය ඉතා වැදගත් වනවා.

පරිසර අමාත්‍යාංශයේ සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරිය විදියට අපි වෙරළ කලාපයට එන කැළි කසළ වැලැක්‌විම ස`දහා ලංකාව වටේම වෙරළ කලාපය පිරිසිදු කිරීමට ශ්‍රමදාන වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව සංචාරක කර්මාන්තය ඒ වගේම අනිකුත් වෙරළාශ්‍රිත කර්මාන්තවල නියෑලෙන සාමාජිකයන් හට කසළ ඉවත්කිරීමේ ඇති වැදගත් ක්‍රම පිළිබ`ද දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රිsයාත්මක කරනවා.

ඒ වගේම අදාළ පළාත් පාලන ආයතනවලට සහ පරිසර සංවිධාන වලට පරිසරය සුරැකීම ගැන අවශ්‍ය උපදෙස්‌ ලබාදෙනවා. ඒ වගේම පාසල් වල සිසු දරුවන් දැනුවත් කිරීමට පාරිසරික දැනුම එම සිසු දරුවන්ට සම්ප්‍රේශණය කිරීමේ කාර්යයේ නියෑලී සිටිනවා.

ඊට අමතරව අපගේ මුහුදට ගොඩබිමින් නොව මුහුදින් එකතු වන අපද්‍රව්‍ය වැලැක්‌වීම ස`දහා අප අන්තර්ජාතික සම්මුතීන්ට එක`ගව එම නැව් වලට නිතිරීති පැනවීමක්‌ මේ වන විට සිදු කර තිබෙනවා. ඒ ස`දහා අපට ලංකාව මෙන් අට ගුණයක්‌ විශාල මුහුදු පරාසයක එම සෝදිසි කටයුතු කිරීමට අවශ්‍ය සම්පත් නොමැති වීමේ අපහසුතාවය නිසා මෙය සියයට සියයකින්ම සාර්ථකව සාගරය තුළින් වෙරළ අපවිත්‍රවීමේ තත්ත්වය පාලනය කිරීමේ ගැටලු පැන නැගී තිබෙනවා.

ඊට විස`දුමක්‌ ලෙස සැටලයිට්‌ තාක්‍ෂණය යොදාගෙන එම දූෂණ තත්ත්වයන් ඇති කරන නැව් ආදිය හ`දුනා ගැනීමටත් අදාළ නැව් සමාගම් වෙත අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමටත් අප කටයුතු කරගෙන යනවා.

ඉහත ක්‍රම මගින් වෙරළ අපිරිසිදු වීම පාලනය කරගත් විට වෙරළ කලාපයේ මෙම දූෂණ තත්ත්වයන් අඩුවේ යෑයි විශ්වාස කරනවා. එමගින් සංචාරක කර්මාන්තයට වගේම අපගේ සෞඛ්‍ය තත්ත්වයට වගේම වෙරළබඩ පරිසරයන්ටත් හො`ද කළ දසාවක්‌ උදාවේ යෑයි විශ්වාස කරනවා.

එමෙන්ම රජයේ ආයතන වශයෙන් අපගේ ක්‍රියාකාරීත්වය මෙන්ම මහජනයාගෙන් පරිසරයට විය යුතු යුතුකම් ගැන මිනිසුන්ට වැටහීමක්‌ ලබාදෙන්නටත් අප කටයුතු කරනවා.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් අපට එම විදේශීය ස`ගරාවේ දැක්‌වෙන පස්‌වන ස්‌ථානයෙන් අනිවාර්යයෙන් පහළට යැමේ හැකියාව තිබෙනවා පමණක්‌ නොව මේ වන විටත් අපි එම ස්‌ථානයෙන් පහළට එමින් තිබෙනවා.

අප එසේ පවසන්නේ එම වාර්තාවේ අවසාන පරිච්ඡේදයේ එම ලේකාව විසින්ම දක්‌වා තිබෙන්නේ zz…තායිලන්තය, ඊජිප්තුව, නයිජීරියාව, බංග්ලාදේශය, ඉන්දියාව, වැනි රටවල් ලංකාව පසුකර එම දර්ශකයේ ඉහළට යන අතර 2025 වන විට ශ්‍රී ලංකාව වර්තමාන තත්ත්වයෙන් මිදී එම දර්ශකයේ හො`ද අතට පහළ යැමේ තත්ත්වයක්‌ පෙන්නුම් කරනා බවයි…ZZ කියායිs.