පාතලය එකවරම ඔලුව ඉස්‌සුවේ ඇයි? – Under world Sri Lanka

0
893

පසුගිය දිනවල රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබුණේ පාතාල ලෝකය යළි හිස එසවීම පිළිබඳවය. දකුණේ මෙන්ම බස්‌නාහිර පළාතේ ක්‍රියාත්මක වන පාතාල කණ්‌ඩායම් එකිනෙකා මරා ගැනීමට පටන් ගැනීමත් සමඟම රටම උණුසුම් විණි.

මහ දවල් දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී පාතාල කල්ලි සිදු කළ මිනිස්‌ ඝාතන සහ වෙඩි තැබීම් නිසා සාමාන්‍ය ජනතාව තුළ ඇතිවී තිබුණේ දැඩි භීතියකි. පාතාල අපරාධකාරයන් මහජනයා අතරට වැදී සිදු කරන වෙඩි තැබීම් කොල්ලකෑම් නිසා ඊට මැදි වූ අහිංසක මිනිසුන්ට සිදුවූයේ විවිධ හිංසනයන්ට ලක්‌වීමටය.

කලක්‌ දැඩි නිහැඬියාවකින් තිබූ පාතාල ලෝකය හිටි හැටියේම සක්‍රීය වූයේ මන්ද යන්න බොහෝ දෙනකුට ඇත්තේ විශාල ප්‍රහේළිකාවකි. පාතාලය යළි හිස එසවීමට හේතු කීපයක්‌ බලපෑවේය.

වර්තමාන ආණ්‌ඩුව ගෙන යන යහපාලන ක්‍රමය ද මේ පාතාලය හිස එසවීමට එක්‌ හේතුවක්‌ වී ඇති බව පැහැදිලිය. පසුගිය රජය සමයේ පාතාල කල්ලි මර්දන මෙහෙයුම් ඉතාම සාර්ථක අයුරින් ක්‍රියාත්මක කෙරිණි.

එවකට ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්‍ෂගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පාතාල ලෝකය වැනසීමේ ක්‍රියාවලිය ඉතාම සාර්ථකව කරගෙන ගියේය. වසර කීපයක්‌ ගතවෙද්දී පාතාල ලෝකයට සම්බන්ධ අපරාධකරුවන් රැසකට තම ජීවිතවලින් සමුගන්නට සිදු වුණේ තමන් සිදුකළ අපරාධවලට මිහිපිටදීම දඬුවම් විඳිමින් ය. එහෙත් වර්තමාන යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමත් සමඟම පාතාල මර්දන මෙහෙයුම් නතර වුණේ එතෙක්‌ කාලයක්‌ රටේ සිදු වූ මිනිස්‌ ඝාතන, පැහැර ගැනීම් නතර කිරීමට වර්තමාන රජය ජිනීවා හි මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රතිඥා දී තිබූ නිසාය.

මේ යහපාලන ක්‍රියාවලිය පාතාල ලෝකයේ අපරාධකාරයන්ට වහා අස්‌වැසිල්ලක්‌ ගෙන දුන්නේය. මරණයට බියේ විදේශ රටවල සැඟවී සිටි පාතාල නරුමයන් නැවත මවු රටට පැමිණියේ මෙම තත්ත්වය මතය. පාතාල මර්දන මෙහෙයුම් ඒකකවලට බියෙන් රහසිගත ජීවිත ගත කළ පාතාල අපරාධකාරයන් නැවත කරලියට පැමිණියේ මෙම තත්ත්වය යටතේය.

යහපාලන ආණ්‌ඩුවෙන් තම ජීවිතවලට තර්ජනයක්‌ නොවන බව හො¹කාරවම දැන සිටි පාතාල නරුමයන් නැවතත් එළිපිටම සිය ක්‍රියාකාරකම් කිරීම ආරම්භ කළේ නැවතත්a මුළු රටම භීතියට පත් කරමිනි.

පාතාල සන්නද්ධ කණ්‌ඩායම් සහ දේශපාලනඥයන් අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවයකි. එය ගහට පොත්ත මෙන් ඉතාමත් සමීපය. මේ දූෂිත දේශපාලනඥයන් විසින් පෝෂණය කරන පාතාල අපරාධකාරයන් ආරක්‍ෂා කරන්නේ, ඔවුන්ට

රැකවරණය ලබා දෙන්නේ ඇතැම් බන්ධනාගාර සහ පොලිස්‌ නිලධාරීන් විසින් ය.

මුළුÊමහත් සමාජයටම මහා පිළිලයක්‌ බවට පත්ව ඇති මේ පාතාල මදාවියන් මහා චණ්‌ඩින් බවට පත් වන්නේ ඇතැම් දේශපාලනඥයන් සහ පොලිස්‌ නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් නිසාය.

ඉතිහාසය පිරික්‌සීමේදී ඊට කදිම නිදසුනක්‌ ලැබෙන්නේය. පවතින රජයේ දේශපාලනඥයන් සමඟ සම්බන්ධතා පවත්වන පාතාල කණ්‌ඩායම් ඒ රජය බලයේ සිටින තාක්‌ කල් මහා ගණන්කාරයන් ලෙස වැජඹෙයි. ඔවුන් දේශපාලන බලය යොදාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි විනාශ කර දමයි.

ඒ රජය පෙරළී ගොස්‌ වෙනත් රජයක්‌ බලයට පත් වෙද්දී රජකම් කළ පාතාල කල්ලි සාමාජිකයන්ට සිදුවන්නේ ද නකුට පස්‌සා පැත්තේ ගහගෙන යන සුනඛයන් සේ සිටීමටය.

කාලයක්‌ තිස්‌සේ දේශපාලන හයිය යොදාගෙන තමන් විනාශ කරමින් සිටි පාතාල කල්ලි ක්‍රියා කරන්නේ දේශපාලන පෙරළිවලින් පසුවය.

මේ ක්‍රියාවලියට කදිම නිදසුන් ඉතිහාසය කියාපායි. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාව සිටි කාලයේ ගෝනවල සුනිල්, අග්ගොන චන්දරේ වැනි පාතාල නායකයන් රටම හොල්ලා ගෙන සිටියහ. ආර්. ප්‍රේමදාස ජනාධිපති වීමෙන් පසු සොත්ති උපාලි නිල නොලත් පොලිස්‌පතිවරයා ලෙස පාතාලය පාලනය කළේය. චJද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරය දරද්දී බැද්දගානේ සංජීව නමැති පාතාල කෙරුම්කාරයා මුළු රටේම පාතාල කල්ලි පාලනය කළේ දේශපාලන හයිය නොඅඩුව ලබාගෙනය.

එහෙත් තමන්ටරැකවරණය ලබා දෙන රජය සහ දූෂිත දේශපාලනඥයන් පරාජයට පත් වීමත් සමඟම මේ පාතාල නරුමයන්ට ද සිදුවන්නේ තමන් කළ අපරාධවලට සිය ජීවිත වලින් වන්දි ගෙවීමටය.

වර්තමානයේ සිදුවී ඇත්තේ ද එයමය. මහින්ද රාජපක්‍ෂ රජය පාලනය සමයේ දෙමටගොඩ චමින්ද, වීරකැටියේ ඔක්‌ස්‌µර්ඩ් රත්නායක, ජූලම්පිටියේ අමරේ වැනි පාතාල නායකයන්ට දූෂිත දේශපාලනඥයන් හරහා විශාල රැකවරණයක්‌ ලැබී තිබිණි.

දුමින්ද සිල්වාගේ දේශපාලන හයිය ප්‍රයෝජනයට ගත් දෙමටගොඩ චමින්ද බ්ලූමෙන්ඩල් සංඛ නමැති පාතාල නායකයාට සහ ඔහුගේ කල්ලියට පන්න පන්නා පහර දුන්නේය. ආණ්‌ඩු පෙරළියත් සමඟ දෙමටගොඩ චමින්ද ගොඩනඟාගෙන සිටි මහා දේශපාලන බල පරාක්‍රමය සුන්නද්දූලි වී ගොස්‌ තිබුණේය. මේ වන විට බ්ලූමෙන්ඩල් සංඛ වර්තමාන රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සුවච කීකරු ගෝලයකු බවට පත්ව සිටියි.

වසර ගණනක්‌ තිස්‌සේ දෙමටගොඩ චමින්දගේ කෙනෙහිලිකම්වලට ලක්‌ව සිටි බ්ලූමෙන්ඩල් සංඛ ආණ්‌ඩු මාරුවත් සමඟ චණ්‌ඩියකු වූවේය. සංඛ සිය ගෝල බාලයන් යොදවා මහදවල් ප්‍රසිද්ධියේ ම දෙමටගොඩ චමින්දට ප්‍රහාර එල්ල කළේ සිය දේශපාලන හයිය ප්‍රයෝජනයට ගනිමින් ය.

වීරකැටියේ ඔක්‌ස්‌µර්ඩ් රත්නායක ද පසුගිය රජයේ දකුණේ ප්‍රබලම දේශපාලන පවුලක එක්‌ පුරුකක්‌ ලෙස සිටි පාතාල අපරාධකාරයෙකි. බැදිගම උක්‌කුවා සහ ඔහුගේ කල්ලියේ සාමාජිකයන් විශාල පිරිසක්‌ ඔක්‌ස්‌µර්ඩ් රත්නායකගේ කල්ලිය අතින් ඝාතනයට ලක්‌වන්නේ දේශපාලන හයිය නිසා ය.

ආණ්‌ඩු පෙරළියෙන් පසු සියල්ල උඩුයටිකුරු වූවේය. වසර ගණනක්‌ තිස්‌සේ දැඩි නිහැඬියාවකට ලක්‌ව සිටි උක්‌කුවාගේ කල්ලියේ සාමාජිකයන් ඔක්‌ස්‌µර්ඩ් රත්නායකට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. වීරකැටිය පොලිසියේ අත්සන් කර නිවෙස බලා යමින් සිටි ඔක්‌ස්‌µර්ඩ් රත්නායක පසුගියදා උක්‌කවාගේ කල්ලියේ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්‌ව ජීවිතය ගලවා ගත්තේ අනූනවයෙනි.

පාතාල කණ්‌ඩායම් නැවත හිස එසවීම සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු අවුල් කරන්නේය. ව්‍යාපාරිකයකුට නිදහසේ තම ව්‍යාපාර කරගෙන යැමට ඉඩක්‌ නැත. මේ පාතාල අපරාධකරුවන් ඔවුන්ගෙන් මාසිකව කප්පම් මුදල් ඉල්ලා සිටීම ශීඝ්‍ර ලෙස වැඩි වී ඇති බව නොරහසකි. කප්පම් නොදෙන ව්‍යාපාරිකයන්ට අත්විඳින්නට සිදුවන්නේ අමිහිරි අත්දැකීම්ය. ඊට හොඳම උදාහරණය වන්නේ මීට දින කීපයකට උඩදී කොච්චිකඩේ මඩම්පැල්ල ප්‍රදේශයේ පස්‌ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමය.

මිනුවන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සිටින පාතාල කල්ලියක ප්‍රබලයන් වූ සාගර සහ සුජීව නමැති පාතාල නරුමයන් පස්‌ ව්‍යාපාරිකයකුගෙන් මාසිකව රුපියල් දස ලක්‍ෂයක මුදලක්‌ ඉල්ලා සිටියහ. කප්පම් මුදල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ ඔහු මරා දමන්නට මේ පාතාල නරුමයන් කටයුතු කළේය.

මෙය කොතරම් ෙ€දනීය තත්ත්වයක්‌ දැයි රජය සිතා බැලිය යුතුය. වර්ධනය වෙමින් තිබෙන පාතාල කල්ලි ව්‍යාපාරිකයන්ගෙන්, ආයෝජකයන්ගෙන්, කර්මාන්ත ශාලා හිමියන්ගෙන් මාසිකව කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කිරීම බහුල වශයෙන් සිදුවෙමින් තිබේ.

කළුතර සිට ගාල්ල, මාතර දක්‌වා මුහුදු වෙරළේ ඇති සංචාරක හෝටල් හිමියන් එම ප්‍රදේශ පාලනය කරන පාතාල කල්ලි නායකයන්ට මාසිකව කප්පම් මුදල් ලබාදිය යුතුය. එසේ නොකළොත් ඔවුන්ට සිදුවන්නේ එක්‌කෝ ඊට ජීවිතවලින් වන්දි ගෙවීමටය. එසේත් නැත්නම් ව්‍යාපාර අතහැර ගම රට බලා යැමය.

මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීමට ඉඩ හැරීම රටට බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවෙයි. පාතාල ක්‍රියාකාරකම්වලට බිය වී ආයෝජකයන් මෙරට ව්‍යාපාර කිරීම අතහැර යැමත් වර්තමාන තත්ත්වය යටතේ රටට ඉතාමත් අහිතකරය. මේ වන විට සංචාරක කර්මාන්තයට පවා බරපතළ තර්ජනයක්‌ එල්ල වෙමින් පවතී.

පසුගිය රජය පාලන සමයේ පාතාල මර්දන මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. පාතාලයට ප්‍රහාර එල්ල කළ නිලධාරීන්ට නිසි

රැකවරණයක්‌ පොලිසිය හරහා මෙන්ම රජය හරහා ද ලැබී තිබුණේය. මේ වන විට පාතාලයට ප්‍රහාර එල්ල කළ එවකට සිටි දක්‍ෂ පොලිස්‌ නිලධාරීන් ඇගයීමකට ලක්‌ නොකර නොසලකා හැර ඇති තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන්නේය. පාතාල මර්දනයට විශාල මෙහෙයක්‌ කළ දක්‍ෂ නිලධාරීන්ට උසස්‌වීම් ලබා නොදීම ඔවුන්ට ත්‍යාග ප්‍රදානය නොකිරීම වැනි දිරි ගැන්වීම් නොලැබීම නිසා මේ නිලධාරීන් මන්දොaත්සාහී වීම පාතාල ලෝකය නැවත සක්‍රීය වීමට එක්‌ හේතුවකි.

තම ජීවිතවල වටිනාකම ගැන පවා නොසලකා හැර පාතාල කල්ලි සමඟ උරෙන් උර ගැටී ඔවුන් විනාශ කළ පොලිස්‌ නිලධාරින්ට අද උරුමව ඇත්තේ තමන් සමාජයට යහපත් ක්‍රියාවක්‌ කළ බවට ඇති ආත්ම තෘප්තිය පමණය.

පාතාල ක්‍රියාකාරකම් යළි හිස එසවීමත් සමඟම පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දරගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මේ පාතාල මර්දන මෙහෙයුම් ක්‍රියාත්මකය. පාතාල මර්දනය පිළිබඳව නම් දරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මෙම මෙහෙයුම් අධීක්‍ෂණ භාරව කටයුතු කිරීම සාමාන්‍ය ජනයාට මහත් අස්‌වැසිල්ලක්‌ වනු නොඅනුමානය. ඒ මන්ද යත් පාතාල ලෝකයේ කෙරුම්කාරයන් විනාශ කරමින් පාතාල කල්ලි අන්දමන්ද කිරීමේ ක්‍රියාවලිය සඳහා ප්‍රියන්ත ජයකොඩි නම්දරා සිටින නිලධාරියකු වීමය.

පාතාල මර්දන ඒකකය විසින් මේ වන විට කළ සමීක්‍ෂණවලට අනුව බස්‌නාහිර සහ දකුණු පළාත්වල ප්‍රධාන පෙළේ පාතාල කල්ලි 15 ක්‌ ක්‍රියාත්මකය. මෙම පාතාල කල්ලිවල සාමාජිකයන් ගණන දෙසීයකට අඩුය. බස්‌නාහිර පළාත තුළ පමණක්‌ ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නවයක්‌ සක්‍රීය වී සිටින අතර, එම කල්ලි පාතාල සාමාජිකයන් 150 කට ආසන්න පිරිසකගෙන් සමන්විතය.

දෙමටගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සිය පාතාල කල්ලිය පිහිටුවා ගෙන සිටින දෙමටගොඩ චමින්ද කොළඹ පළාතේ නම් දැරූ කෙරුම්කාරයෙකි. ඔහුගේ ප්‍රතිවාදියා වන බ්ලූමෙන්ඩල් සංඛ ග්‍රෑන්ඩ්පාස්‌ කොටහේන ප්‍රදේශ සිය පාතාල රාජධානිය කරගෙන සිටියි.

අංගොඩ ප්‍රදේශය සිය රජදහන කරගෙන සිටින අංගොඩ ලොක්‌කා දැන් සිටින්නේ බන්ධනාගාරගතවය. රාජගිරියේ ඔබේසේකරපුර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අලුතින් පාතාල කල්ලියක්‌ බිහිව තිබේ.

කඩුවෙල බෝමිරිය නවගමුව ප්‍රදේශයේ බලය පතුරුවාගෙන සිටින පාතාල නායකයා වන්නේ සමයං ය. කටුනායක මිනුවන්ගොඩ, ගම්පහ ප්‍රදේශවල ද පාතාල කල්ලි කීපයක්‌ ක්‍රියාත්මකය. සාගර, පස්‌ පොඩ්ඩා, සුජීව වැනි පාතාල නරුමයන් විසින් මේ පාතාල කල්ලි මෙහෙයවනු ලබයි.

දකුණු පළාතේ ප්‍රදේශ කීපයක පාතාල කල්ලි හය හතක්‌ ක්‍රියාත්මකය. ගාල්ලේ මනෝඡ් මෙන්ඩිස්‌ නායකත්වය දුන් පාතාල කල්ලිය, රත්ගම පොඩි සුජීගේ කල්ලිය, පොඩි ලැසී, දෙවිනුවර කුඩු මධුෂ්, කුඩු චමිල්, වීරකැටියේ ඔක්‌ස්‌µර්ඩ් රත්නායක, බැදිගම උක්‌කුවා මෙහෙයවූ කල්ලිය මේ අතර ප්‍රධාන පාතාල කල්ලි ලෙස වාර්තා වෙයි.

ඇල්පිටිය ඌරගහ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ද අලුතින් පාතාල කල්ලියක්‌ බිහිව තිබේ. මේ පාතාල කල්ලිවලට නායකත්වය දෙන පාතාල නරුමයන් ගෙන් වැඩිදෙනකු දේශපාලන සම්බන්ධතා ගොඩනඟාගෙන තිබේ. ඒ හරහා ඔවුන් සිය පාතාල බලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටියි.

පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟම ක්‍රියාකාරීව සිටි පාතාල සාමාජිකයෝ තම පාතාල බල ප්‍රදේශ අතහැර ගොස්‌ සිටිති. ඒ පාතාලයේ හැටිය. තමන්ට එරෙහිව කිසියම් තර්ජනයක්‌ එල්ල වන්නේ නම් සැඟවී සිටීම පාතාල අපරාධකරුවන්ගේ ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයන් ය.

පාතාල ලෝකයට සම්බන්ධ වී මුළු රටම භීතියට පත් කරගෙන සිටින පාතාල කල්ලි කිහිපය මර්දනය කිරීම පොලිසියට හා විශේෂ කාර්ය බළකායට මහ ලොකු කටයුත්තක්‌ නොවන්නේය. සිදුවිය යුත්තේ මේ ක්‍රියාවලිය සඳහා නිවැරැදි නායකත්වයක්‌ සහ දක්‍ෂ කාර්යක්‍ෂම නිලධාරීන් පිරිසක්‌ යෙදවීම පමණය.

පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් මර්දනය සඳහා පිහිටුවා තිබූ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසය, මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ කොළඹ අපරාධ කොට්‌ඨාසය නැවත ශක්‌තිමත් කිරීම කළ යුතුය.

මෙම ඒකක අකර්මණ්‍ය කිරීම පාතාලය යළි හිස එසවීමට හේතු වී ඇති බව නොරහසකි. එමෙන්ම පාතාල මර්දනය සඳහා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සමන්විත ඒකක කීපයක්‌ ද පිහිටවිය යුතුය. බුද්ධි තොරතුරු නොමැතිව පාතාලය මර්දනය කිරීම කිසිසේත්ම කළ නොහැකිය.

හේමන්ත රන්දුණු
Divaina