කෘෂි රසායනයට ලොව හොදම විකල්පය සොයාගත් අපේ මිනිස්‌සු – Best alternative for Pesticide found by Sri Lanka

0
834

රී ලංකාව කෘෂි කාර්මික රටකි. මෙහි නිරෝගි ජනතාවක්‌ වාසය කළහ. පරාක්‍රමබාහු යුගයේදී රට පෙරදිග ධාන්‍යයාගාරය බවට පත්විය. එකල කෘෂි කාර්මාන්තය ස`දහා රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතා කලේ නැත. නමුත් ඉතා දියුණු ස්‌වයං පොෂිත කෘෂි කර්මාන්තයක්‌ රටට තිබිණි.

හැටේ දශකයේ හරිත විප්ලවයත් සමග සියල්ල වෙනස්‌ විය කෘෂි රසායන සහ රසායනික පොහොර වෙළෝද පොළට පැමිණි අතර කෘෂි රසායන මත පමණක්‌ වගා කල හැකි බීජ නිපද වින. මේ අනුව පාරම්පරික බීජ වගාව අභාවයට ගිය අතර එවා ගුණයෙන් අඩු බවටත් අස්‌වැන්න මඳ බවටත් යන වැරදි මත වාද ප්‍රචාරණය විය. මේ සමගම කෘෂි රසායන අඩංගු ආහාර පරිභෝජනයට ගැනිමෙන් ලොව පුරා වකුගඩු රෝග, හෘදයාබාධ, දියවැඩියාව, ස්‌වසන රෝග, පිළිකා වැනි බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් ව්‍යප්ත වු අතර කුඩා ළමුන් පවා රෝගීන් බවට පත්විය. කෘෂි රසායන අඩංගු තණ කොළ හා පිදුරු ආහාරයට ගැනිමෙන් සතුන්ද අංගවිකල පැටවුන් බිහි කළේය. ප්‍රජනක ශක්‌තිය හීන වීමෙන් ඔවුන් වඳවී යාම සිදු විය. සෑම රටකටම පාහේ මෙය දැඩි තර්ජනයක්‌ විය. දශක 4 කට ආසන්න කාලයක්‌ ගතවුවද කිසිවකුට කෘෂි රසායන හා රසායනික පොහොර වෙනුවෙන් පැහැදිලි සාර්ථක විකල්පයක්‌ ඉදිරි පත් කිරිමට නොහැකි විය. කොම්පොස්‌ට්‌ පොහොර වැනි විකල්ප ඉදිරිපත් වුවද අධික පිරිවැය සහ අධික ශ්‍රමය නිසා එය ගොවි ජනතාවට එතරම් සමීප නොවිය

මෙවන් පරිසරයක්‌ තුළ රටේ විද්වත්හු කිහිප දෙනෙක්‌ එක්‌ව හෙළ සුවය සංවිධානයක්‌ පිහිටුවා ගත්හ. වර්ෂ 2009 දි ශ්‍රී ලංකික ගොවි ජනතාවට පැරණි ගොවි තාක්‌ෂණය හ`දුන්වා දුන්නට මේ පිරිස කටයුතු කළහ. ඔවුන් හ`දුන්වා දී තිබුණේ ඖෂධීය කෘෂි දියරයක්‌ යොදවා සිදු කරන පැරණි ගොවි තාක්‌ෂණික ක්‍රමවේදයකි. එය ගස්‌වල කොළ පොතු වර්ග 20 ක්‌ පමණ යම් අනුපාතයකට අනුව මිශ්‍ර කර පල්වෙන්නට ඉඩහැර සදාගනු ලබන බෙහෙත් ද්‍රdවණයකි. මේ සදහා මුලික වශයෙන් යොදාගෙන තිබුණේ අක්‌කපාන කොළ, ඉරිවෙරියා කොළ, නිදිකුම්බා ගස්‌, ගොම, කොහොඹ වැනි ස්‌වාභාවික ද්‍රව්‍යයන්ය. මෙය විෂ රහිත ද්‍රdවණයක්‌ විය. ඉන් සතුන් මිය යන්නේ නැත. කරනු ලැබුවේ සතුන් පලවා හැරීමය. එසේම නයිට්‍රජන්, පොස්‌පේට්‌, පොටෑසියම් සහ අවශ්‍ය අනෙකුත් ක්‌ෂුද්‍ර පෝෂක යන්ගෙන් බහුලය. එබැවින් පොහොරක්‌ ලෙසද භාවිත කල හැකි විය. වල්පැලැටිද යම් ප්‍රමාණයකට මර්ධනය කරන අතර ශාඛ අතර සහ සංයෝගය ඇති කරවීමට මෙම දියරය සමත්වන බව පෙණුනි. මෙහි ද්‍රdවණ 1 සහ 2 යනුවෙන් වර්ග 2 ක්‌ විය. ද්‍රdවණ 1 භෝගයේ මුල් වකවානුවේ යොදන අතර ද්‍රdවණ 2 මල් හටගැනීමේ සිට ඵල හටගන්නා කාලය දක්‌වා යොදයි.

මෙම ද්‍රdවණයේ ඇති විශේෂත්වය නම් කෘෂි රසායන යෙදු පසකට මෙම ද්‍රdවණය එක්‌කල විට කෘෂි රසායනවල විෂ භාවය ඉවත් කර නිරෝගී පසක්‌ ලබා දිමයි. එසේම මෙම ද්‍රdවනය යෙදු පසකට කෘෂි රසායන එක්‌කල විට එම කෘෂි රසායනවල විෂ අවශෝෂණය, මූල පද්ධතිය මගින් පාලනය කිරිමට මෙම දියරයට ඇති හැකියාවයි.

මෙම ක්‍රමය මගින් දැනට අනුරාධපුර , පොලොන්නරුව, ත්‍රිකුණාමලය, ඇතුලු දිවයින පුරා අක්‌කර දසදහසක්‌ පමණ පාරම්පරික වී වගා කරයි. විශේෂයෙන් පච්චපෙරුමාල් ,මඩතවාලු, කහවනු, කහමාල, කුරු`ථතුඩ, වැනි සහල් ප්‍රමුඛව වගා කරනු ලැබේ.

එක්‌ අක්‌කරයකට යන වියදම රු. 500 කට අඩුය. ලැබෙන අස්‌වැන්න අක්‌කරයකට බුසල් 70 ත් 120 ත් අතර වේ. අජීවි පස සජීවි වේ. ක්‌ෂුද්‍ර ජීවි ගහනය වැඩිවේ. කෘෂි රසායන යොදනවාට වඩා අක්‌කරයකින් දල වශයෙන් රු 25000 ක මුදලක්‌ ඉතිරිවේ. මේ නිසා ගොවිජනතාවට ලැබෙන ආර්ථික ප්‍රතිලාභය ඉතා ඉහළය. විදේශ විනිමයද සැලකියයුතු ප්‍රමාණයක්‌ ඉතිරිකරගත හැකිය.

බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නයක්‌ වනුයේ පාරම්පරික වී වගාව ස`දහා බිත්තර වී සපයාගන්නේ කෙසේද යන්නය. මේ වනවිට ඉහත විද්වත් කණ්‌ඩායම එක්‌ව ස්‌වකීය සංවිධානය මගින් අක්‌කර 10000 ට අවශ්‍ය බිත්තර වී නිපදවා ගත්තේය. දැනුදු ඔවුන් සතුව විශාල බිත්තර වී ප්‍රමාණයක්‌ පවතී. අවශ්‍ය අයකුට සැපයීමට ඔවුන් සුදානම්ය.

මෙම වගා ක්‍රමය පිළිබඳ මේ වනවිට විශ්වවිද්‍යාල මට්‌ටමින් පර්යේෂණ පැවැත්වෙමින් තිබේ. එහිදී හෙළ ගොවිතැනේ පෝෂණය, සෞඛ්‍ය ආරක්‍ෂිත බව, පාරිසරික සාධක ගැලපීම් සහ ආර්ථික වෙළෙඳපොළ පිළිබ`දව විශ්ලේෂණය කරනු ලැබ තිබිණි. එම මූලික පර්යේෂණයෙන් ලබාගත් තොරතුරු සරාංශය මෙසේය.

01. නුතන ගොවිතැනේදි පලිබෝධ ලෙස බලපාන වල් වර්ග හා සතුන් පුරාණ ගොවිතැනේදී එලෙස හානි කරවන්නේ නැත. එසේම තිබෙන වල් ගස්‌ මගින් ලැබෙන අවසන් අස්‌වැන්නට බලපෑමක්‌ ඇති නොකරයි.

02. හෙළ ගොවිතැන වල් පලිබෝධ රෝගවලට ස්‌වාභාවිකව ඔරොත්තුදෙන ගොවිතැනකි. පලිබෝධ හානිය ඉතා අඩුවේ. කෘමීන් සිටියද ඔවුන්ගෙන් ගොයම් ගසට හානි සිදු නොවේ.

03. මෙම පුරාණ ගොවිතැන ජලය අඩුවෙන් පරිභෝජනය කරයි. මේ නිසා ශුෂ්ක පරිසර තත්වය යටතේ වුවද ගොයම වැඩේ.

04. ගොයම් ගස උස වුවද කඩා වැටීමට ලක්‌ නොවේ.

05. කුඹුරට යායුතු දින ගණන අඩු නිසා වැයවන ශ්‍රමය අඩුවේ.

06. කෘෂි රසායන නොමැති නිසා හානි දායක නොවේ. මේ නිසා ඉහළ පෝෂණීය සහ ඖෂධීය වටිනාකමක්‌ ඇත.

07. බිත්තර වී, යන්ත්‍ර සුත්‍ර ස`දහා යන වියදම අඩුවේ. සාමාන්‍යයෙන් අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය අක්‌කරයකට කිලෝ 30 කි.

08. අක්‌කරයකට බුසල් 70 ත් 120 අතර ප්‍රමාණයක්‌ අස්‌වැන්න ලැබේ.

09. ගොවිතැනට යෙදූ ස්‌වභාවික ද්‍රdවණය නිසා පසේ නයිට්‍රජන් ප්‍රමාණය 3 න් ගුණයකින් වැඩි වී තිබිණි. පොස්‌පේට්‌ ප්‍රමාණය 66% ක්‌ වැඩි වේ.

10. අක්‌කරයකින් ලැබෙන ලාභය රු 30000 ක්‌ පමණ වේ.

මේ අනුව මෙම පුරාණ හෙළ ගොවිතැන ශ්‍රී ලංකාවට ඉතාම සුදුසු බව පර්යේෂණාත්මකවද ඔප්පු වෙමින් තිබේ. මෙම ද්‍රdවණය එළවලු බෝග වගාවන්ටද යෝග්‍යය. එළවලු බෝග වගාකිරීමේදී ද්‍රdවණ 1 බීජ සිටවූ අවස්‌ථාවේ සිට මල් හට ගන්නා තෙක්‌ සතියට වතාවක්‌ යොදන අතර ද්‍රdවණ 2 යොදනුයේ මල් හට ගත් අවස්‌ථාවේ සිට ඵල නෙලන අවස්‌ථාව දක්‌වාය. එයද සතියකට වරකි. යොදන සාන්ද්‍රණය මිලිලීටර් 10 ක්‌ වතුර ලිටර් 20 ක දිය කිරීමෙනි.

මෙම ගොවි තාක්‍ෂණය නිර්ලෝභීව දීමට හෙළ සුවය කණ්‌ඩායමේ විද්වත්හු සුදානම්ය. අප සත්‍යය පිලිගත යුතුය. කුරිරු යුද්ධයෙන් බැට කෑ අප රෝග වලට ගොදුරු වෙමින් යුද්ධයකට වඩා විශාල ව්‍යසනයන්ට ගොදුරු වී ඇත. මෙවන් වටිනා කෘෂි තාක්‌ෂණයක්‌ තිබියදි තවතවත් විවෙචන වාද විවාද සිදු නොකර අඩුම තරමින් එය අත්හදා බැලිය යුතුය. ප්‍රායෝගිකව එය සාර්ථකව කළ හැකිබව පසුගිය 6 වසරක කාලය තුළ ඔප්පු වී තිබේ. බහුජාතික සමාගම්වල පහසු ගොදුරු බවට පත්වෙවී රටත් මරා තමනුත් මිය යන කාලකණ්‌ණිකමින් මිදෙන්නට හැකිද යන්න කල්පනා කිරීමට දැන් කාලය එළඹ ඇත.

වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම
– Divaina