අරාබි වසන්තය පාරා වළල්ලක්‌ වූ අයුරු – Arab Summer

0
771
arab-summer

මෙලෙස අරාබි වසන්තය ක්‍රියාත්මක වන අවස්‌ථාවේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් අත්පොලසන් දුන්හ. ටියුනීසියාවේ කැරලිකරුවන් ප්‍රජාතන්ත්‍රවාදීන් යෑයි හඳුන්වමින් ඔවුන්ට සහය පතා නිවේදන පවා නිකුත් විය.

එක්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ අරාබි වසන්තය ශ්‍රී ලංකාවටද ගෙන ඒමට උත්සාහ කරමින් අරාබි වසන්තය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි දේශපාලකයකු අවශ්‍ය බව කියා සිටියේය.

අරාබි වසන්තය නිසා මැද පෙරදිග රටවල් කීපයක අද පවතින අරාජික තත්ත්වය දැන් ලොවටම පැහැදිලි වී ඇත.

ටියුනීසියාවෙන් ඇති වූ අරාබි වසන්තය නැමැති ආණ්‌ඩු පෙරළියේ මෙහෙයුම පසුබිමේ සිටියේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ය.

පසුගිය සතියේ දිනෙක ටියුනීසියාවේ පයිදා හමාඩි නැමැති කාන්තාව පාපොච්චාරණයක්‌ කළාය. තමා නිසා සිදු වූ විපත ගැනද ඇය කියා සිටියාය.

අරාබි වසන්තය නිසා රටවල් රැසක මරණය විනාශය සහ භීතිය ඇති වී තිබෙන බව ඇය තවදුරටත් පළ කළාය.

ටියුනීසියා ආණ්‌ඩුවේ ආහාර ද්‍රව්‍ය පරීක්‍ෂකවරියක්‌ වූ පයිදා සෞඛ්‍යාරක්‍ෂක නොවූ එළවළු කරත්තයක්‌ රාජ සන්තක කළාය. එම එළවළු කරත්තය හිමියා දිවි නසා ගත්තේය.

එකී සිද්ධිය රජයට එරෙහිව කැරලි ගසන්නක්‌ බවට පත්විය. ඊට ගිනි අවුළුවන ලද්දේ ඇමරිකාවයි. ජනතාව රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නැගිට ඇතැයි ඇමරිකානු රජය කියා සිටියේය.

එහෙත් අරාබි වසන්තය ටියුනීසියාවට ත්‍රස්‌තවාදය ගෙන ආවේය. අයිසිස්‌ ත්‍රස්‌තයෝ ටියුනීසියාවේ සංචාරක සංකීර්ණයකට කඩා වැඳී සංචාරකයන් රැසක්‌ ඝාතනය කළහ. ඊට පෙර කෞතුකාගාරයකට ප්‍රහාර එල්ල වීමෙන් සංචාරකයන් කීප දෙනකු මරුමුවට පත්විය. ටියුනීසියා අගමැතිවරයා මේ සම්බන්ධයෙන් පැවසූවේ ත්‍රස්‌තවාදය ටියුනීසියාව වෙලාගෙන ඇති බවයි.

ටියුනීසියාවෙන් ක්‍රියාත්මක වූ අරාබි වසන්තය හෙවත් අරාබි රටවල් අරාජික කිරීමේ මෙහෙයුම ඉරාකය, ලිබියාව සහ ඊජිප්තුව වෙතද ව්‍යාප්ත විය. එහි ප්‍රතිඵලයක්‌ වූයේ ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයාද ඝාතනය වීමයි.

අරාබි වසන්තය ගැන ඇමරිකානු ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී ප්‍රකාශයක්‌ කරමින් හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන්ගේ මෝඩ පිළිවෙත් නිසා මැද පෙරදිග සිවිල් වැසියන් දසදහස්‌ ගණනක්‌ මරුමුවට පත් වූ බව සඳහන් කළේය.

ඇමරිකානු මෙහෙයුම වූ අරාබි වසන්තය ඊජිප්තුවටද බිහි වී අන්තවාදියකු වූ මොර්සි රටේ නායකයා විය. සිරකූඩුවල සිටි ත්‍රස්‌තවාදීන්ද නිදහස්‌ විය. ඊජිප්තුව විනාශය කරා යන බව තේරුම් ගත් හමුදාපති සිසි විගස මොර්සි පහකර ඊජිප්තුවේ බලය අල්ලා ගැනීමෙන් රටේ බලය ඉස්‌ලාමීය අන්තවාදීන් අතට පත්වීම ව්‍යාර්ථ විය.

එහෙත් ඒ වන විට අයිසිස්‌ ත්‍රස්‌තයෝ ඊජිප්තුවට ඇතුළු වී සිටි බව හෙළි විය. අරාබි වසන්තය ආරම්භ වී සිව් වසරකට පසු ඊජිප්තුව ත්‍රස්‌ත තර්ජනයට මුහුණ පෑවේය. ඒ සිනාසි අර්ධද්වීපයේදී රුසියානු යානාවක්‌ අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරයකට ලක්‌ වීමයි.

සිව් වසරකට පෙර අරාබි වසන්තය ගැන උදම් ඇනූ බ්‍රිතාන්‍ය මාධ්‍ය පවා පැවසුවේ අරාබි වසන්තය නිසා ඊජිප්තුව ත්‍රස්‌ත භීක්‍ෂණයකට මුහුණ පා ඇති බවත් අරාබි වසන්තය අරාජික වී ඇති බවයි.

රුසියානු ගුවන් යානාව විනාශ කළේ අයිසිස්‌ ත්‍රස්‌තයන් බව සනාථ වීම නිසා ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට බ්‍රිතාන්‍ය සංචාරකයන් පැමිණීමද නතර විය.

එහි ප්‍රතිඵලය වූයේ සිනාසි අර්ධද්වීපයේ ෂාරම් ෂෙයිම් සංචාරක සංකීර්ණය වසා දැමීමට සිදු වීමයි.

මෙම අරාබි වසන්තය දැන් මැද පෙරදිග රටවලට පාරාවළල්ලක්‌ වී ඇත. කටාර් රාජ්‍යයේ රාජකීයයන් 26 ක්‌ ඉරාකයේදී සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් පැහැර ගෙන යැමේ සිද්ධියක්‌ මෑතකදී වාර්තා විය.

අරාබි වසන්තය පැරීසියටද ක්‍රියාත්මක වී සමූල මිනිස්‌ ඝාතනයක්‌ සිදු විය. මේ පසුබිම මැද අරාබි වසන්තය බිහි කිරීමට උරදුන් ඇමරිකාව අරාබි වසන්තයෙන් බිහි වූ අයිසිස්‌ ත්‍රස්‌තවාදය විනාශ කිරීමට දැන් උත්සාහ ගනී. අරාබි වසන්තය සිරියාව තුළද ක්‍රියාත්මක කළ ඇමරිකාව නිසා පුරාණ නගර සහ පුරාවිද්‍යාත්මක උරුමයන් සියල්ල ත්‍රස්‌තවාදයට ගොදුරු විය.

ලෝක උරුම පවා මුළුමනින්ම විනාශ වී සිsරියාවේ මිනිස්‌ ඝාතන විශාල ලෙස සිදුවිය. එහෙත් මානව හිමිකම් කවුන්සිලය බලාසිටියේය. ඇමරිකාව අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එරෙහි යෝජනාවක්‌ ගෙන ඒමට කටයුතු කළේ නැත.

මෙලෙස අරාබි වසන්තය ක්‍රියාත්මක වන අවස්‌ථාවේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් අත්පොලසන් දුන්හ. ටියුනීසියාවේ කැරලිකරුවන් ප්‍රජාතන්ත්‍රවාදීන් යෑයි හඳුන්වමින් ඔවුන්ට සහය පතා නිවේදන පවා නිකුත් විය.

එක්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ අරාබි වසන්තය ශ්‍රී ලංකාවටද ගෙන ඒමට උත්සාහ කරමින් අරාබි වසන්තය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි දේශපාලකයකු අවශ්‍ය බව කියා සිටියේය.

එහෙත් වර්තමානයේ අරාබි ලෝකය තුළ සිදු වී ඇති ත්‍රස්‌තවාදය නිසා ඔහු නිහඬ වී ඇත.

මෙම අරාබි වසන්තය මැදපෙරදිග දියත් කිරීම සඳහා ඊජිප්තුවේ කයිරෝ නගරයේ ඇමරිකන් කෝනර් නැමැති මධ්‍යස්‌ථානය සහාය විය. එම මධ්‍යස්‌ථානයෙන් සිවිල් වැසියන් විශාල ලෙස ඝාතනය වී ඇති බවට තොරතුරු ප්‍රචාරය කෙරුණි. පසුගිය රජය එවන් “ඇමරිකානු කෝනර්” මධ්‍යස්‌ථානයක්‌ යාපනයේ ස්‌තාපිත කිරීමට ඉඩ දුන්නේය. එම මධ්‍යස්‌ථානයේ දෙවැනි අදියර ත්‍රිකුණාමලයේ ස්‌ථානගත කිරීම සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීහු ත්‍රිකුණාමල නගර සභාව සමග ගිවිසුමකටද එළැඹ තිබුණි.

ඉන්පසු එවන් මධ්‍යස්‌ථානයක්‌ මඩකලපුවේ ස්‌ථානගත කිරීමට දැරූ උත්සාහය මඩකලපු හිටපු මන්ත්‍රී සෑම් තම්බිමුත්තුගේ පුත් අරුන් තම්බිමුත්තු නිසා ව්‍යාර්ථ විය.

මේ මධ්‍යස්‌ථාන පිහිටුවීමට පෙර ඇමරිකානු තානාපති කාර්යාලය සමාජ වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීමේ වැඩමුළුවක්‌ද පවත්වනු ලැබීය.

ඇමරිකාව විසින් ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව ඉරාකය සහ සිරියාවේද මෙවන් වැඩමුළු පවත්වා ඇත.

මේ ක්‍රියාදාමයන් තුළින් ඇමරිකානු රහසිගත න්‍යාය පත්‍රය හෙළි වුවත් පසුගිය රජය ඒ බව තේරුම් ගෙන නොතිබිණි. ටියුනීසියාවේ අරාබි වසන්තය උතුරු නැගෙනහිරට ගෙන ඒමට ඇමරිකාවට අවශ්‍ය විය. එහෙත් ඇමරිකාව දියත් කළ අරාබි වසන්තය දැන් මුළු ලොවටම පාරාවළල්ලක්‌ වී ඇත.

මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමරිකාවයි.

– Divaina