රොබින්සන් හැදු (1865) මුසාම්මිල් (2015) පාලනය කරන 150 හැවිරිදි කොළඹ මහ ගෙදර – Town Hall Colombo Sri Lanka

0
713
colombo-town-hall

මෙරට නගර සභාවල මහ ගෙදරද කොළඹ මහ නගර සභාවය. දේශපාලන නායකයන් කිහිපදෙනකුගේ මෙන්ම මැති, ඇමැතිවරු බහුතරයකගේ දේශපාලන තිඹිරි ගෙය වූයේ ද කොළඹ මහ නගර සභාව බව සැබැවි. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ඡේ. ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස වැනි මෙරට බිහි වූ ප්‍රතාපවත් නායකයන් දේශපාලනය ආරම්භ කළේ කොළඹ මහ නගර සභාවෙනි. කොළඹ නගර සභාවේ කොමසාරිස්‌ තනතුර හෙබවූ විලියම් ගොපල්ලව මහතා මෙරට අග්‍ර ආණ්‌ඩුකාරවරයා විය. නගර සභා මන්ත්‍රීවරු පසුකාලීනව පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු විය. සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ජාති, ආගම් බේදවලින් තොරව ජනතා නියෝජිතයන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අසුනේ හිඳ ගත්තාහ. දේශපාලන පක්‍ෂ බේදයකින් තොරව ගමනක්‌ යන හැටි පිළිබඳ රටට ආදර්ශයක්‌ ලබාදුන්නේ කොළඹ මහ නගර සභාව විසිනි. එහෙයින් කොළඹ නගර සභාව යනු දේශපාලනඥයන් බිහි කරන දේශපාලන විශ්වවිද්‍යාලයක්‌ කීවොත් එය වැරැදි නැත. දැන් ඒ විශ්වවිද්‍යාලයට ගොඩක්‌ වයසය. එළඹෙන 2016 අවුරුද්දේ ජනවාරි 16 වැනිදාට වසර එකසිය පනහකි. මේ සටහන පෙළගැසෙන්නේ කොළඹ මහ නගර සභාවේ උපන්දිනය නිමිති කොටගෙනය.

මෙරට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්‌ බවට පත්වීමෙන් පසු 1833 වර්ෂයේ ඔක්‌තෝම්ර් මාසයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් මෙරටට ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාවක්‌ හඳුන්වා දෙනු ලැබිණි. ආණ්‌ඩුකාරවරයා විසින් පත් කරන ලද, වැවිලිකරුවන් හා වෙළෙඳ සමාගම් නියෝජනය කළ නිල නොලත් මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් හා මෙරට මුළු ජනගහනය නියෝජනය වන ලෙස ආණ්‌ඩුකාරවරයා විසින් පත් කරනු ලැබූ මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව සමන්විත විය. එකී මන්ත්‍රණ සභාව විසින් 1848 වර්ෂයේදී සිදුවූ කැරැල්ලට අදාළ වූ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස විශේෂ කමිටුවක්‌ පිහිටුවන ලදී. එම කමිටුවේ නිර්දේශයන් ගැන අවබෝධය යොමු කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව 1850 වර්ෂයේදී කොළඹ නගරයට මහ නගර සභාවක්‌ පිහිටුවන ලෙස නියෝග කරන ලදී. සර් රිචඩ් මෝගන් විසින් ඊට අදාළ අණපනත් කඩිනමින් පිළියෙල කෙරිණි. පසුව සර් හර්ක්‍යqලස්‌ රොබින්සන් මහතා විසින් 1865 වර්ෂයේදී කොළඹ සහ මහනුවර නාගරික සභා පිහිටුවීමට ආදළ පනත ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදී. 1865 වර්ෂයේදී පැවති ව්‍යවස්‌ථාදායක සභා සැසි වාරයේදී කොළඹ නාගරික සභාව ස්‌ථාපනය කිරීමට පනතක්‌ සම්මත කෙරිණි. එම වර්ෂයේම නොවැම්බර් මස 25 වැනිදා ප්‍රසිද්ධ කරන ලද නිවේදනයකින් කොළඹ නගර සභාවේ නාගරික සීමාවන් නියම කෙරිණි. දෙසැම්බර් මස 8 වැනිදා නාගරික මන්ත්‍රීවරුන් වශයෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ඇති ගෘහ මූලිකයන්ගේ ලේඛනයක්‌ පිළියෙල කරනු වස්‌ කමිටු රැස්‌වීමක්‌ කොළඹ කච්ෙච්රියේදී පැවැත්විණි. එම රැස්‌වීමට ඒ. ඇම්. පර්ගියුසන්, දොස්‌තර ඇµa. ඩබ්ලිව්. විලිස්‌පෝඩ්, සී. ඒ. ලෝරන්ස්‌, ඡේ. ඩී. අල්විස්‌, සී. ඩයස්‌, ඇස්‌. සන්මෝගම්, ඔසින් ලෙබ්බේ හා අබ්දුල් කාදර් මරික්‌කාර් යන මහත්වරු සහභාගි වූහ. එකී කමිටුව විසින් පිළියෙල කරන ලද නම් ලයිස්‌තුව දින හතරක්‌ කොච්ෙච්රියේ ප්‍රසිද්ධ කරන ලදී. පසුව එක්‌ එක්‌ කොට්‌ඨාසයන් නියෝජනය කරන පරිදි නාගරික මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම සඳහා රැස්‌වීම් පැවැත්වෙන බව රජයේ ගැසට්‌ පත්‍රයේ හා ප්‍රවෘත්ති පත්‍රයන්හි ප්‍රසිද්ධ කරන ලදී. 1866 ජනවාරි 12, 13 හා 15 දිනයන්හිදී පැවැති එම රැස්‌වීම්වල මූලාසනය හෙබවූයේ රජයේ දිසාපතිවරයා විසිනි.

ඡන්ද කොට්‌ඨාස නවය සඳහා පැවැති ඡන්ද විමසීම තරමක්‌ උණුසුම්කාරී මුහුණුවරක්‌ ගත්තේය. සමස්‌තයක්‌ ලෙස ඡන්ද කොට්‌ඨාස නවයේම ජනතාව විශාල උද්යෝගයකින් ඡන්දය පාවිච්චි කළහ. සී. ඇල්. µර්ඩිනැන්ඩස්‌ (කොල්ලුපිටිය), දොස්‌තර ඇµa. ඩබ්ලිව්. විලිස්‌පෝඩ් (කොම්පඤaඤවීදිය), ඡේ. ඩබ්ලිව්. වෙන් (කොටුව), ඇµa. ඡේ. ද සේරම් (සාන්ත බස්‌තියම), දොස්‌තර ඡේ. ඩබ්ලිව්. වැන් ගේසල් (පිටකොටුව), ඇස්‌. තම්බයියා (සාන්ත පාවුළු), සී.ඒ. ලෝරන්ස්‌ (කොටන්චිනා), ඡේ. ඩී. අල්විස්‌ (නිව් බසාර්) සහ ඇµa. සී. ලුස්‌ (මරදාන) කොළඹ මහ නගර සභාවට තේරී පත් වූ පළමු ජනතා නියෝජිතයන් විය. ඔවුන් අතරින් සී. පී. ලෙයාඩ් (රජයේ දිසාපති, බස්‌නාහිර පළාත), දොස්‌තර ඩබ්ලිව්. පී. චාලිස්‌ (ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරි), එච්. ඒ. එවට්‌ (මහා මාර්ග කොමසාරිස්‌ හා වැඩ බලන ප්‍රධාන ඉංජිනේරු), ටී. බර්වික්‌ (නියෝජ්‍ය රාජ නීතිඥ) සහ ඡේ. ඡේ. ග්‍රින්ලින්ග්ටන් (සර්වෙයර් ජනරාල්ගේ සහායක) යන අය ආණ්‌ඩුකාරවරයා විසින් නාගරික මන්ත්‍රීවරුන් ලෙස පත් කරන ලදී.

1866 ජනවාරි මස 16 වැනිදා කොළඹ නාගරික සභාවේ පළමු රැස්‌වීම පැවැත්විණි. තෝරාගත් මන්ත්‍රීවරුන් නව දෙනකුගෙන් සහ පත් කළ මන්ත්‍රීවරු හය දෙනකුගෙන් නාගරික සභාව සමන්විත විය. සී. පී. ලෙයාඩ් නගරාධිපතිවරයා ලෙස පත් වූ අතර, සැමුවල් ග්‍රෙනියර් ලේකම්වරයා ලෙස තෝරාපත් කර ගත්තාහ. සභාවේ අතුරු ව්‍යවස්‌ථාවට අනුව නගර සභාවේ ලේකම් තනතුර, සෞඛ්‍ය නිලධාරි තනතුරු සහ මාර්ග අධිකාරි තනතුරු පිහිටුවන ලදී. ගබඩා භාරකරුවකු, හය දෙනකුට නොවැඩි නාගරික පරීක්‍ෂකවරුන් කණ්‌ඩායමක්‌, දොළොස්‌ දෙනකුට නොවැඩි ලිපිකරුවන් හා කාර්යාල කාර්ය සහායකයන් කණ්‌ඩායමක්‌ද පත්කර ගත්තාහ. සභාවේ මුල්ම කර්ව්‍යය වූයේ අතුරු ව්‍යවස්‌ථාව සම්පාදනය කොට එය ආණ්‌ඩුකාරවරයාට පිළිගැන්වීමය. 1866 වර්ෂයේදීම අප්‍රේල් මස පැවැති සභා වාරයේදී මුදල් හා ආදායම් එකතු කිරීම, සෞඛ්‍ය හා පොලිසිය, මහජන වැඩ, නීති සහ සාමාන්‍ය කටයුතු සඳහා කාරක සභා පත් කෙරිණි. නගර සභා සීමාව තුළ පිහිටි සියලුම නිවාස, ගොඩනැඟිලි, ඉඩම් හා පේළි ගෙවල්වලින් අය කරනු ලැබූ වරිපනම් ගාස්‌තු, සතුන්ගෙන් හා වාහනවලින් අය කරගනු ලැබූ බදු, දිය ඇළවල් වෙනුවෙන් වූ රේන්ද බදු, මත්පැන් වෙළෙඳ බලපත්‍ර හා තුවක්‌කු බලපත්‍රවලින්, අධිනීතිඥවරුන්, නීතිඥයන් හා නොතාරිස්‌වරුන් විසින් කරන ලද සහතික කිරීම් වෙනුවෙන් අය කරගත් මුද්දර ගාස්‌තු, වෙළෙඳපොළවල් හා මස්‌ මඩු, පොලිසිය හා නාගරික මහෙස්‌ත්‍රාත්වරයා විසින් පනවනු ලබන දඩ මුදල්, වෙනත් විවිධ බදු කොළඹ මහ නගර සභාවට ලැබෙන ආදායම විය.

ජනතාවගෙන් වැඩි කොටසකට පුළුල් දේශපාලනමය බලතල ඉසිලීමට සුදුස්‌සන් කරවීමේ අඩිතාලම සකස්‌ කළ හැක්‌කේ නාගරික කටයුතු පිළිබඳ අභ්‍යාසයක්‌ ලබාදීමෙන් පමණක්‌ බව එවකට ආණ්‌ඩුකාරවරයාව සිටි සර් හර්ක්‍යqලස්‌ රොබින්සන් ව්‍යවස්‌ථාදායක සභාවේදී නාගරික සභා ක්‍රමයේ වැදගත්කම පැහැදිලිs කරමින් සඳහන් කර තිබිණි. පොදුජන යහපත උදෙසා ආත්ම පරිත්‍යාගයක යෙදිය හැකි බව සනාථ කරමින් වැඩිමනත් බලතල ඉල්ලා සිටීමටද, තමන් වෙත පැවරෙන බලතල සහ අයිතිවාසිකම් සාධාරණවත්, අගතියෙන් තොරවත්, ආත්ම විශ්වාසයෙන් ක්‍රියාවේ යෙදවීමට, විවිධ ජන කොටස්‌ හා පන්ති සෑහීමකට පත්වන අයුරින් යුක්‌තිසහගත අන්දමින් ස්‌වයං පාලනයක්‌ ගෙන යැමටද අවස්‌ථාව උදාවන බව රොබින්සන් ආණ්‌ඩුකාරවරයාගේ අදහස විය. එමෙන්ම කොළඹ ලාංකිකයන්ගේ නගරයක්‌ බවටත්, එය මෙරටෙහි අගනුවර බවටත් පොදු හැඟීමක්‌ ඇති කරවීමද එවකට සිටි පාලකයන්ගේ අදහස විය. 1833 කෝල්බෲක්‌ කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව ප්‍රජාතන්ත්‍රවාදී පදනමක්‌ මත පළාත් පාලනය දියුණු කිරීමට බ්‍රිතාන්‍ය නායකයන් උත්සාහ දැරූහ. කෙටි කාලයක්‌ තුළදී සාර්ථක ප්‍රතිඵලද ලැබිණි. එනම් නාගරික පරිපාලන ක්‍රමය පිළිබඳ සම්පූර්ණ වගකීමෙනුත්, නාගරික ජන සමූහය දිනෙන් දින වැඩි වන අවශ්‍යතාවන් සපුරාලීමට කාර්යක්‍ෂමව හා ප්‍රමාණවත් අංගෝපාංග සැපයීමේ වගකීමෙනුත් මධ්‍යම රජය නිදහස්‌ විය.

කොළඹ නගර සභාව පිහිටුවන අවධියේදී කොළඹ පදිංචි ජනගහනය අසූ දහසකි. 1871 වර්ෂයේ පළමු දස වාර්ෂික ජන ලේඛනය ගණනය කරන විට එම ජනගහනය අනූ පන්දාහස්‌ අටසීය හතළිස්‌ තුන දක්‌වා වැඩි වී තිබිණි. අද වන විට එම ජනගහනය පන්ලක්‍ෂ පනස්‌ පන්දහස්‌ තිස්‌ එකක්‌ දක්‌වා වර්ධනය වී ඇත. දිනපතා කොළඹට පැමිණෙන ජනතාව ලක්‍ෂ පහකට වැඩිය. 1866 සී. පී. ලෙයාඩ් මහතාගෙන් පිහිටු වූ නගරාධිපති තනතුරට 2016 වර්ෂය වන විට පනස්‌ අටදෙනකු පත් වී සිටිති. නාගරික මන්ත්‍රීවරු ලෙස හයසිය විසි දෙනකු ජනතා වරම් දිනාගෙන සිටිති. දොළොස්‌ දෙනකුට නොවැඩි කාර්ය මණ්‌ඩලයකින් ආරම්භ වූ කොළඹ මහ නගර සභාව වර්තමානයේ දෙපාර්තමේන්තු දහසයක්‌ යටතේ සේවක මණ්‌ඩලය දස දහස ඉක්‌ම ගොස්‌ ඇත.

කොළඹ මහ නගර සභාව ප්‍රථමයෙන් පිහිටා තිබුණේ පිටකොටුව කෙළින්වීදිය ප්‍රදේශයේය. වර්තමානයේ පවතින ටවුන්හෝල් ප්‍රදේශයට මහ නගර සභාව ගෙන එන ලද්දේ 1924 වර්ෂයේදීය. සියලු ජාතීන් නියෝජනය කරන කොළඹ නගර සභාව මෙරට ප්‍රධාන නගරය මෙන්ම කේන්ද්‍රස්‌ථාන නරගයයි. එමෙන්ම මෙරට ආර්ථික මධ්‍යස්‌ථානය ද කොළඹය. ගෙවී ගිය වසර හතරක කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ සීග්‍ර සංවර්ධනයක්‌ ඇති වූ බව සැබෑවකි. එමෙන්ම කොළඹ නගරය මල් සුවඳ හමන සුන්දර නගරයක්‌ ලෙසට හැඩ වූ බවද සැබැවි. ලෝකයේ සීග්‍රයෙන් දියුණු වන නගරවලින් ප්‍රමුඛස්‌ථානයේ සිටින නගරයක්‌ ලෙසට කොළඹ නගරය පෙරමුණ ගෙන ඇත්තේ එකී සංවර්ධනයේ ප්‍රතිඵලයක්‌ ලෙසය. එම ජයග්‍රහණයට යැමට කොළඹ මහ නගර සභාවෙන් ඉටු වූ කාර්යය බොහෝය. අද වගේම හෙටත් කොළඹ ලස්‌සනට තබා ගැනීමට මෙන්ම ආසියාවේ දියුණුම නගරය බවට පත් කිරීමට කොළඹ නගර සභාව කැප විය යුතුය. අපි කොළඹ මහ නගර සභාවේ කාර්යශූරත්වයට දිරියක්‌ වෙමු.

තරංග රත්නවීර

– Divaina