මෙන්න තවත් අයවැය සංශෝධනයක්‌! – Sri Lanka Budget 2016

0
764

මුදල් නොමැති වීම නිසා වර්ෂ 2016 සඳහා අයවැය ඉදිරිපත් කිරීමට පළාත් සභා අපොහොසත්ව සිටින බව ඊයේ “දිවයින” මුල් පුවත අනාවරණය කර තිබිණි. ප්‍රධාන පෙළේ පුවත්පත් සියල්ලෙහිම පාහේ ප්‍රධාන සිරස්‌තලය වී තිබුණේ එයයි.

මුදල් ඇමැතිවරයාගේ අයවැයෙන් ඒ ඒ පළාත් සභාවලට මුදල් ප්‍රතිපාදන වෙන් නොකර රේ‚ය අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීම ඊට හේතුව බව කියවිණි. මේ ආකාරයට කටයුතු සිදුවීමෙන් වසර ගණනාවක්‌ ක්‍රියාත්මක වූ පළාත් සභා සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වන බවද පළාත් සභා ප්‍රධාන ඇමැතිවරයකු පවසා තිබිණි. විශේෂිතම කාරණය වන්නේ මෙම මුදල් වෙන් කිරීමේ අර්බුදයේදී පළාත් සභාවලට තිබූ බලය ශුන්‍ය වන නිසාත්, තව දුරටත් මෙරට පළාත් සභා පවත්වාගෙන යැමේ අර්ථයක්‌ නොමැති නිසාත් පළාත් සභා විසුරුවා හරින්නැයි ප්‍රධාන ඇමැතිවරුන් දැඩි තීරණයකට එළැඹ සිටීමයි.

පෙනෙන්නට තිබෙන ආකාරයට මේ අර්බුදය පළාත් සභා තුළ විශාල කැළඹීමක්‌ ඇතිකරන්නට සමත්ව තිබේ. මෙවැනි සිදුවීමක්‌ වාර්තා වූයේද ඉතිහාසයේ ප්‍රථම වතාවටය. අයවැය මගින් මේ පළාත් සභා මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ රේ‚ය අමාත්‍යාංශය හරහා මුදල් ලබාගැනීමට හැකි වන සේය. දැන් මේ කතිකාවේදී සිදුවන්නේ පළාත් සභාවට ඉදිරි සංවර්ධන වැඩකටයුතු සඳහා වූ මුදල් ලබාගැනීමට ප්‍රධාන අමාත්‍යවරයාට හෝ වගකිව යුතු අයකුට රේ‚ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ගොස්‌ “කට්‌ටක්‌” කෑමට සිදුවීමය. ආණ්‌ඩුවේ අමාත්‍යාංශයක මුදල් ගනුදෙනුවලදී අනිවාර්යයෙන්ම පැයක්‌ දෙකක්‌ වරුවක්‌ දවසක්‌ හෝ සතියක්‌ රස්‌තියාදුවක්‌ ගැසීමට සිදුවන බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක්‌ නොවේ.

මේ අර්බුදය දෙස කෙනකුට වෙනත් කෝණයකින් බැලීමට ද හැකියාව තිබේ. ඒ පළාත් සභාව මුදල් ගිලින සුදු අලියෙකැයි කියන කතාවට අනුවය. ඒ අනුව අධික මුදල් නාස්‌තිය වැලැක්‌වීමට අත්‍යවශ්‍යම සංවර්ධන කටයුත්තකට අදාළ මුදල් රේ‚ය අමාත්‍යංශය හරහා ලබාගැනීමට හැකියාව ලැබෙන සේ අයවැය යෝජනා ක්‍රියාත්මක වූවාද යන්නත් කෙනෙකුගේ සිතට නැගෙන සාධාරණ සිතුවිල්ලකි.

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ 1988 ශ්‍රී ලංකාවේ එවක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන 1988 අංක 02 දරන පළාත් සභා පනත යටතේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. එවක ඉන්දියාවේ අගමැතිවරයා වූ රජීව් ගාන්ධි සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමත් සමගම පළාත් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් සම්මත කරනු ලැබීය. කෙසේ හෝ මේ වන විට පළාත් සභා ක්‍රමය වසර තිස්‌ දෙකක්‌ තරම් පැරණි ඉතිහාසයකට උරුමකම් කියන්නේය.

ඒ වසර ගණන පුරාම පළාත් සභා සම්බන්ධයෙන් විවිධ අර්බුද මතුව ආ බව අමුතුවෙන් කිව යුතු නැත.

පළාත් සභාවලට පූර්ණ බලතල දිය යුතුයි පිරිසක්‌ හඬනඟන මොහොතෙත්, පළාත් සභා අහෝසි කළ යුතු යෑයි තවත් පිරිසක්‌ හඬ නඟන මොහොතෙත් පළාත් සභාවලට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ ගැටලුවක්‌ මතුවූයේ නැත. ග්‍රාමීය ප්‍රදේශවල මංමාවත් තැනීම්, පාලම් බෝක්‌කු තැනීම, පිළිසකර කිරීම් විදුලිය ලබාදීම, පළාත් සභා පාසල් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම්, සෞඛ්‍ය හා යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම් මේ ආදී කප්පරක්‌ වූ වැඩකටයුතු රාශියක්‌ සඳහා පළාත් සභාවලට මුදල් අවශ්‍ය වේ. මේ මුදල් අනවශ්‍ය ආකාරයට නාස්‌ති වේ යෑයි මූල්‍ය අක්‍රමිකතා සිදුවේ යෑයි යන අදහසින් මුදල් ප්‍රතිපාදන ලබාදීම රේ‚ය අමාත්‍යාංශයට පැවරීම ප්‍රායෝගික නොවන බව අපේ අදහසයි. රටේ අනෙකුත් අමාත්‍යාංශයන්, දෙපාර්තමේන්තු, සංස්‌ථා, අධිකාරි මේ ආදී වශයෙන් ගත් කල බොහෝ රාජ්‍ය ආයතනවල මුදල් පිල්ලි යැම පිළිබඳව ඕනෑ තරම් තොරතුරු පසුගිය කාලය පුරාම වාර්තා වූ බව අමතක කළ යුතු නැත.

ඇත්ත වශයෙන්ම රටට නොගැලපෙන ක්‍රමයක්‌ යෑයි බොහෝ විට කියවෙන පළාත් සභා ක්‍රමය තුළ විස¹ගත යුතු අඩුපාඩු රැසකි. ඒ සියල්ල විසඳනවා වෙනුවට ප්‍රතිපාදන අවුලක්‌ ඇති කිරීම රටේ ජනතාවට කරන අසාධාරණයක්‌ බවද කිව යුතුය. අයවැය ඉතිහාසය තුළ වැඩිම සංශෝධන ගණනක්‌ ගෙන ආ 2016 අයවැයට “පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන” සඳහා ද සංශෝධනයක්‌ ගෙන ඒමට සිදුවුවහොත් පුදුම වන්නට කාරණයක්‌ නැත.

– Divaina