සදාකාලික රාත්‍රිය! – Eternal night

0
548
budget-2016

යහපාලන ආණ්‌ඩුවේ මුදල් ඇමැති රවි කරුණානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අයවැය ඇසූ අපි එහි සාධනීය ගුණයක්‌ ඇතැයි සිතා නිම් හිම් නැති ප්‍රීතියට පත් වූයෙමු. මන්ද කරුණානායක ඇමැතිතුමා එදා පාර්ලිමේන්තුවේදී කියන තරමක්‌ කීවේ zඅඩු වීම්Z ගැනය. පරිප්පු, ගෑස්‌, කඩල, හාල්මැස්‌සන්, ලොකු ලූනු, අල, සැමන්, දේශීය කිරිපිටි යනාදියෙහි මිල අඩු වී යෑයි අපි ඒ කතාවෙන් ඇසුවෙමු. ගෑස්‌ ලිපේ මිල අඩු කඩල තම්බා මිල අඩු ලොකු ලූනු යෙදූ අල සම්බෝලයක්‌ සහ හාල්මැස්‌සන් බැදුමක්‌ පිළියෙළ කර මනෝමයෙන් අනුභව කළෙමු. මිල අඩු සැමන් හිතෙන් බැද්දෙමුá ඉව්වෙමුá හොදි හැදුවෙමු. අමුවෙනුත් කෑවෙමු. එහෙත් අයවැයේ ඉතිරි හරිය දැනගත් සැණින්a අපගේ බඩ බුරුල් වූ අතර ආමාශය තුළ සිටි සැමන් මාළුන්ට පණවිත්, උන් කටෙන් එන්නට තැත් කළහ. ඇමැතිතුමා අපට කියා තිබුණේ කතන්දරයේ සුරංගනාවන් ගැවසෙන හරිය පමණි. යකා ඇවිත් පෙම්යුqවළ ගිල දමන හරිය තිබී ඇත්තේ පොතෙහි අගට නොකියවන ලද කොටසෙහි ය.

මෝටර් රථ වාහනවලට සිදු වූ ඇබැද්දිය ඇත්තේ, පොතෙහි යකාට අයත් කොටසෙහිය. එදා ආදායම් බලපත්‍රයටත් දුම් සහතිකයටත් ගිය රුපියල් තුන්දහසක පමණ මුදල වෙනුවට අද රුපියල් විසිදහසක්‌ වියදම් කිරීමට සිදු වී තිබේ. ඒ මදිවාට වාහනය පරණ නම් තව රුපියල් පන්දහසක්‌ ගෙවිය යුතුය. ලංකාවේ තිබෙන මෝටර් රථවලින් සියයට අනූවක්‌ම අවුරුදු තුනට වඩා පැරණිය. ජපානයෙන් ගෙන්වා ඇති, රැස්‌ විහිදුවමින් දිලිහෙන රීකන්ඩිෂන් වාහන පවා වසර තුනකට වඩා පරණය. මේ අතර ඉතාම කුඩා මෝටර් රථය පවා රුපියල් ලක්‍ෂ දෙකකින්ද, ත්‍රීවීලරයක්‌ රුපියල් ලක්‍ෂයකින් ද පමණ මිල නැග ඇතැයි ආරංචි පැතිර යයි. මේ කතන්දර ඇත්ත නම් මධ්‍යම පාන්තිකයාගේ වාහන සිහිනය වූ කලී කිසි කලෙකත් එළි නොවන සදාකාලික රාත්‍රියකි. නව අයවැය යෝජනා මගින් ලයිට්‌ බිල නගින්නේ නැති බව ආණ්‌ඩුව කියයි. එහෙත් අජිත් පී. පෙරේරා නමැති අය කියන්නේ චුට්‌ටක්‌ මිල නගින බවය. අජිත් පී. පෙරේරා යනු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකි.

තුන්වන ලෝකයේ රටවල අයවැයක්‌ මගිsන් කළ යුතු ප්‍රධාන කර්තව්‍යය හැටියට මහජනතාව දකින්නේ වැටුප් වැඩි කර ගැනීමය. සාමාන්‍යයෙන් ගත්ත ද වඩා ප්‍රායෝගික වැඩපිළිවෙළ වන්නේ බඩු මිල අඩු කිරීම නොව පාරිභෝaගිකයාගේ ක්‍රය ශක්‌තිය හෙවත් මිල දී ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමය. මේ අයවැය මගින් එවැන්නක්‌ සිදු වී නැත. එබැවින් මෙය සාමාන්‍ය මිනිහාගේ අයවැයක්‌ නොවේ.

ශ්‍රී ලංකාව මේ ගතකරන්නේ එදා වේල ටුවර්ස්‌ වකවානුවක්‌ බව ඇත්ත. එසේම මේ ආණ්‌ඩුව රට භාරගත්තේ ඉතාම නරක ආර්ථික අර්බුදයක්‌ ලොව පවතින වකවානුවක බව ඇත්ත. එහෙත් මේ රටේ ජනයා මහින්ද ගෙදර යවා මෛත්‍රී – රනිල් ජාතික ආණ්‌ඩුවට මගපාදන්නේ ජීවන තත්ත්වය උසස්‌ කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් භුක්‌ති විඳිනු පිණිසය.

එය සිදුවී තිබේද?
– Divaina