බොදු පුනරුදයට මහත් මෙහෙවරක්‌ කළ හෙලේනා විඡේවර්ධන මැතිනිය – Helena Wijeardane

0
824
helena-wijewardane

(සේදවත්ත වලව්වේ හෙලේනා විඡේවර්ධන මැතිනියගේ 75 වැනි ගුණානුස්‌මරණ සංවත්සරය නිමිත්තෙනි.)

වැවගේදොන් හෙලේනා ඩෙප් වීරසිංහ කැලණියේ, වරාගොඩදී 1864 දී උපන් අතර 1880 සැප්තැම්බර් 01 වැනි දිනදී කළුතර තුඩුගල පදිංචිව සිටි මුහන්දිරම් දොන් µsලිප් තුඩුගල විඡේවර්ධන මහතා සමඟ මෝදරක්‍රිස්‌තු රාජාණන්ගේ දෙව් මැඳුරේ දී විවාහ වූවාය. ඒ වනවිට දොන් ෆිලිප් සුප්‍රසිද්ධ දැව ව්‍යාපාරිකයෙකි. මෙම විවාහය සේදවත්තෙන් ආරම්භ වූ විඡේවර්ධන පවුලේ නව යුගයක ආරම්භ විය.

දොන් ෆිලිප් හා හෙලේනාට දරුවන් නව දෙනෙක්‌ සිටි අතර ඉන් හත්දෙනෙක්‌ පිරිමින්ද දෙදෙනෙක්‌ ගැහැනු දරුවෝද වූහ. ඔවුන් දොන් ෆිලිප් ඇලැක්‌සැන්ඩර්, ඇග්නස්‌ හෙලන්, දොන් ලුවී, දොන් රිචඩ්, දොන් එඩ්මන්ඩ්, ලිසී හැරියට්‌, දොන් චාර්ල්ස්‌, දොන් වොල්ටර් සහ දොන් ඇල්බට්‌ නම් විය.

හෙලේනාගේ පුත් දොන් රිචඩ්, ඩී. ආර්. නමින් ජනප්‍රිය වූ අතර, සී/ස ලංකා එක්‌සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ විය. ඔහුගේ මව සිහිවීම සඳහා කොටුවේ පිහිටි තම පුවත්පත් කාර්යාල සංකීර්ණය “වැවගේ” ලෙස නම් කළ අතර, එය මේ වනවිට “ලේක්‌හවුස්‌” නමින් ප්‍රචලිතය. රජය පුවත්පත් තමා සන්තකයට ගත් පසු ඩී. ආර් ගේ පුත් රංජිත් විඡේවර්ධන විජය පුවත්පත් සමාගම ආරම්භ කළ අතර එම සමාගම මේ වන විට “ලංකාදීප” “ඩේලිමිර” හා “සන්ඩේ ටයිම්ස්‌” පුවත්පත් ප්‍රකාශයට පත්කරයි. දැනට ශ්‍රී ලංකාවේ අගමැතිවන ගරු රනිල් වික්‍රමසිංහ හා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති වන ගරු රුවන් විඡේවර්ධන ඩී. ආර්. විඡේවර්ධනගේ මුණුපුරුරෝ වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිධුරයට පත් ජූනියස්‌ රිචඩ් ජයවර්ධන (ඡේ. ආර්) හෙලේනාගේ වැඩිමහල් දියණිය වූ ඇග්නස්‌ හෙලන්ගේ පුත්‍රයාය. දොන් ෆිලිප් සමඟ විවාහවීමෙන් පසු, හෙලේනා තම පවුල සමඟ 1880 වසරේ පුරපසළොස්‌වක දිනක කැලණිය රාජමහා විහාරය වැඳපුදා ගැනීමට ගියාය. මෙම පැමිණීම, විහාර ඉතිහාසයේ නව පරිච්ඡේදයක්‌ ඇරඹීමට හේතුවිය. මෙම දිනයේදී ඇය බුදුපිළිමයට මල්පූජා කිරීම සඳහා ඇවිදගෙන යැමේදී, ඇයගේ පාද මඩෙහි එරුණි. මෙම සිද්ධිය හේතුකොට, ගරාවැටුණ තත්ත්වයක පැවැති පන්සල ගැන ඇය මහත්සේ කම්පා විය. ඒ හේතුකොට, එම අවස්‌ථාවේම පන්සල පිළිසකර කිරීමට නිශ්චය කළ ඇය, එම ස්‌ථානය වැඳුම් පිදුම් කිරීමට සුදුසු තැනක්‌ කිරීමටද තීරණය කළාය.

ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියේ මුල් පියවර ලෙස විහාර භූමිය ඒකාකාර ගල් කැබලිවලින් ඇතිරීම ආරම්භ කෙරිණි. එයින් එක්‌ ගලක්‌ ඇයගේ මුලකුරු හා වර්ෂය වන එච්. ඩී. ඩබ්ලිව්. හා 1888 යනුවෙන් කොටා තිබිණි. මෙම සිද්ධිය සිහිවීම පිණිස, එම ගල පන්සලට පිවිසෙන ප්‍රධාන දොරටුව අසළ තැන්පත් කෙරුණි. පසුව, 1902 දී විහාරයේ පැවැති දැව මල්අසුන වෙනුවට වඩාත් ආකර්ෂණීය කිරිගරුඬ මල්අසුනක්‌ විහාරයට පූජා කළාය.

මෙසේ ඇරඹුනු කැලණි විහාරයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු වර්ෂ ගණනාවක්‌ පැවතිණි. වර්ෂ 1927 දී පැරණි විහාරය පූර්ණ ප්‍රතිසංස්‌කරණය සඳහා ඇය විසින් මුල්ගල තැබීය. මෙම කර්තව්‍ය සඳහා ඇය ඉන්දියාවෙන් ශිල්පීන් හා මූර්ති ශිල්පීන් ගෙන්වා ගත් අතර ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පීන්ද කලාකරුවන්ද යොදා ගැණින. ඇයගේ පුත් දොන් වෝල්ටර් විඡේවර්ධන, විහාරයේ පිළිසකර කිරීම් ගැන ඇයට බලවත් සහයක්‌ වූ අතර ඒ සම්බන්ධව ඇය සෑම විටම ධෛර්යවත් කළේය. විහාරයේ පිළිම ගෙයට තවත් කොටසක්‌ එකතු කළ ඇය, විහාරයට, මහනුවර ශෛලියේ අටපට්‌ටම් වහලයක්‌ සවිකිරීමට ද කටයුතු කළාය. නව මැදිරි බිත්ති ආරවණය වන පරිදි නව ශෛලියක්‌ නිරූපණය වන බිතු සිතුවම් එහි ඇඳීමටද කටයුතු කෙරිණි. එහි කුලුනු හා සිවිලිම් පාරම්පරික පුරාණ මූර්ති ශිල්පයට අනුව සකස්‌ කෙරුණි. එහි දොරවල් හා දොරකඩවල් මහනුවර සැරසිලි ශිල්පයට අනුව කැටයම් කෙරිණි.

ඉතා දිගු කලක්‌ තිස්‌සේම මෙම දැවැන්ත පිළිසකර කර්තව්‍යයේ යෙදීමෙන් පසු එය ඉදිරියට එලෙසින්ම පවත්වාගෙන යැම ගැනද ඇය යුහුසුලු විය. මේ සඳහා අක්‌කර 250 කින් යුත් කුඹුරු හා පොල් ඉඩම් විහාරයට පූජා කළ ඇය, එහි වාර්ෂික ආදායම එකතු කිරීම සඳහා “කැලණි කලා වැව භාරකාර අරමුදල” ආරම්භ කළාය. මෙයට අමතරව, කැලණි ගඟේ අනිත් පස කැලණිමුල්ලේ පිහිටි උයන්වත්ත නමැති ඉඩමද ඇය එම විහාරයට පූජාකළේ එයට දිනපතා පූජාවන් සඳහා අවශ්‍ය මල් ලබා ගැනීමටය.

සිංහල චිත්‍ර සහ මූර්ති කලාවට ආදරය කරන සියලුම අයවලුන් විසින් මෙම සත් ගුණවත් සේදවත්තේ හෙලේනා විඡේවර්ධන මැතිනියට ගෞරවය සහ ණය ගැතිවිය යුතුය. ජාතියේ පෞඪ උරුමයක්‌වූ කැලණි විහාරය ඇය විසින් නැවත පිළිසකර කිරීම ඇයගේ උදාර සහ බැතිමත් ස්‌මාරකයන් වනු ඇත.

ඇයගේ ස්‌වාමිපුරුෂයා වූ දොන් ෆිලිප් 1903 දී අභාවයට පත්විමෙන් පසු ඇය සේදවත්ත ඇතහැර ගොස්‌ ස්‌ටුවට්‌ පෙදෙසේ, දැනට අංක 44, ගාලු පාර, කොළඹ 03 පිහිටි “රික්‌මන්ඩ්හවුස්‌” මිලදී ගත් අතර එකී රික්‌මන්ඩ් හවුස්‌ කඩා දමා ඔවුන්ගේ පුද්ගලික නිවාසය ගොඩනගන ලදී. නව නිවාස ගෘහ නිර්මාණ ශිල්පි හර්බට්‌ හෙන්රි රීඩ් විසින් ගොඩනැඟිලි සැලසුම සකස්‌ කළ අතර ඔහු විසින් පසුකාලීනව කැලණිය රජමහා විහාරය නැවත පිළිසකර කිරීම සඳහා සැලසුම් කරන ලදී. විහාරයේ දායකයන් වූ විඡේවර්ධන පවුල ඔවුන්ගේ නව නිවස “ශ්‍රී රම්‍යා” ලෙස නම් කරන ලදී. හෙලේනා විඡේවර්ධන මැතිනියගේ මුණුබුරා වූ හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ඔහුගේ ළමා කාලයේදී මෙම නිවසට යැම් ඊම් කළේය.

“ශ්‍රී රම්‍යා” නිවස මුහුදු වෙරළ සමඟ පිහිටි පළමු පුද්ගලික නිවස විය හැකිය. කැලණි විහාරයේ පළමු අත්හදා බැලීමේ දුරුතු පෙරහැර “ශ්‍රී රම්‍යා” නිවසේදී පැවැත්වූ බවට සුළු පිරිසක්‌ දන්නා කරුණකි. විෙ-වර්ධන පවුලේ ළමුන් මතක්‌ කර දෙන්නේ ඔවුන් විසින් ශ්‍රී ධාතූන් වහන්සේ නිවසේ එක්‌ ගේට්‌ටුවකින් කුඩා පෙරහැරකින් රැගෙන ගොස්‌ අනික්‌ දොරටුවෙන් ඇතුළු වූ බවය. දැනට පන්සලේ ප්‍රධාන බස්‌නායක නිලමේ වන්නේ මී මුණුබුරෙකු වන ධම්මික ආටිගලය.

විහාරය නැවත පිළිසකර කළ කාලය තුළදී පන්සලේ දායකයන් වශයෙන් ශ්‍රී ධාතූන් වහන්සේ ඔවුන්ගේ ආරක්‍ෂාව යටතේ තැන්පත් කරන ලදී. මෙම කාර්ය සඳහා සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි සෝලියස්‌ මෙන්ඩිස්‌ විසින් බිතු සිතුවම් කරන ලද කෙළවරේ කුඩා කාමරයක්‌ (මිදුලට උඩින් පිහිටි) ගොඩනගන අතර සුප්‍රසිද්ධ කැලණි විහාරයේ බිතු සිතුවම් ඔහු විසින් නිර්මාණය කරන ලදී. 1930 දී අඳින ලද බිතු සිතුවමක හෙලේනා විෙ-වර්ධන සහ ඇගේ පුත්‍රයන් සමඟ “ශ්‍රී රම්‍යා” නිවස ඉදිරිපස සිටගෙන සිටින දර්ශනයක්‌ ඇත.

මෙම මැඳුරේ පළමු විවාහ මංගල්‍යය සිදුවූයේ 1931 ජනවාරි මස 09 වන දිනදී වන අතර එය හෙලේනා විඡේවර්ධනගේ පුත් දොන් වෝල්ටර් විඡේවර්ධන සහ කඹුරුපිටිය, මිරිස්‌වත්ත වලව්වේ අනුලා කල්‍යාණි විඡේසිංහ අතරේය. ඔවුන් සුප්‍රසිද්ධ ව්‍යාපාරික උපාලි විඡේවර්ධනගේ මාපියන් වන අතර ඔහුද උප්පත්තිය ලැබුයේ මෙම ගොඩනැඟිල්ලේය. “ශ්‍රී රම්‍යා” මැඳුරේදී හෙලේනාට මුණුබුරන් හතර දෙනකු බැලීමට වාසනාව තිබුණේය. එනම් දොන් චාල්ස්‌ගේ දියණිය වූ රුක්‌මණී බෙල්ගම්මන සහ දොන් වෝල්ටර්ගේ දරුවන් තිදෙනා වන අනෝජා විඡේසුන්දර, කල්‍යාණි ආටිගල සහ උපාලි විඡේවර්ධන යන අයයි.

හෙලේනාගේ වැඩිමහල් පුත් දොන් ඇලැක්‌සැන්ඩර් නවීනතම යුරෝපය ආසියාව සහ ඇමරිකාවට බඩු රැගෙන යන නැවක්‌ වූ “ss පෙන්ග්ලි” නෞකාව මිලදීගැනීමේ පළමු ලාංකිකයා වූයේය. තවද හෙලේනාගේ මුණුබුරා වූ ෆිලිප් උපාලි විඡේවර්ධන පුද්ගලික ලියර් ජෙට්‌ ගුවන් යානය සහ බෙල් රේන්ජර් හෙළිකොප්ටරය අයිති පළමු ලාංකික හිමිකරුවා විය.

1934 මැයි මාසයේ සුප්‍රකට ඉන්දියානු සාහිත්‍යකරු රබීන්ද්‍රනාත් තාගෝර් සහ චිත්‍ර ශිල්පි නන්දදාස්‌ බෝස්‌ ඔවුන්ගේ ශ්‍රී ලංකා ගමනේදී සති දෙකක්‌ “ශ්‍රී රම්‍යා” හිදී ගත කළහ. වර්ෂ 1940 දී ශ්‍රීමත් අයිවෝ ජෙනින්ස්‌ අක්‍ෂි විශේෂඥ වෛද්‍ය ඒ. එෆ්. සෙනවිරත්නයන් මුණගැසීමට මෙම මන්දිරයට පැමිණියේය. (වැඩිමහල් විඡේවර්ධනගේ බෑණා) එම වර්ෂයේම නොවැම්බර් 10 වන දින දෙවන ලෝක යුද්ධ සමයේදී හෙලේනා විඡේවර්ධන “ශ්‍රී රම්‍යා” හිදී මිය ගියාය. හෙලේනා විඡේවර්ධන ළමාතැනීගේ භෂ්මාවශේෂ මාදම්පිටිය සුසාන භූමියේ තැන්පත් කර ඇත.

1951 වසරේදී ඇමරිකා එක්‌සත් ජනපදය ඔවුන්ගේ තානාපති කාර්යාලය සඳහා “ශ්‍රී රම්‍යා” මිලදී ගන්නා ලද අතර එය 1993 වසරේ පටන් ඇමරිකානු පුස්‌තකාල මධ්‍යස්‌ථානය වන්නේය. පරම්පරාගත සේදවත්ත වලව්ව පිහිටා ඇත්තේ කොලොන්නාව වැල්ලම්පිටිය මාර්ගයේ වන අතර එහි වර්තමාන අයිතිකරු වන්නේ හෙලේනාගේ මී මුණුබුරු වන නීතිඥ ශාලිත විඡේසුන්දරය.

* ධම්මික ආටිගල
– Divaina