සමයං සහ මළ සමයං – Sri Lanka Police

0
698
police

(පොලිසි දෙකක අවශ්‍යතාව)

මනුෂ්‍යයා වැඩ කරන විදි දෙකක්‌ තිබේ. විටක ඔහු හරකකු මෙන් ඉතා මහන්සියෙන් වැඩ කරයි. තවත් විටක හරක්‌ වැඩ කරයි. පසුගිය කාලයේදී මේ රටේ පොලිසිය විසින් කරන ලද හරක්‌ වැඩ කිහිපයක්‌, කිසිදු වෛරයක්‌ – ක්‍රෝධයක්‌ නැතිව මෙසේ සඳහන් කරමුá

1. කඩුවෙල උසාවියට එන ‘සමයං’ නමැති අපරාධකාරයාට උසාවිය තුළදීම වෙඩි තබනු ලැබේ. වෙඩික්‌කරුවා උසාවිය තුළට එන්නේ ආබාධිතයකු ලෙසය. සිද්ධියෙන් පසු පොලිසිය කට ඇරගෙන බලා සිටියදී වෙඩික්‌කරු මෝටර් රථයක නැඟී පැන යයි. මෙවැනි අවස්‌ථාවක පොලිසියේ මහත්වරුන්ගේ කලිසම් තෙත් වීද? එය සොයා බැලිය යුත්තකි.

2. කොටදෙණියාවේ සේයා සදෙව්මි දියණිය කෙළෙසා මැරීම සම්බන්ධයෙන් පොලිසිය පියා මියගිය පාසල් සිසුවකු අත්අඩංගුවට ගනී, ඔහුට විරුද්ධව තිබෙන එකම සාක්‍ෂිය, ඔහුගේ ලැප්ටොප් එකේ Blue film තිබීමයි. එහෙත් සේයා මැරීමට ඔහු කිසි සේත්ම සම්බන්ධ නැත. මේ ළමයා සඳුදා (28 දා) රිමාන්ඩ් එකෙන් නිදහස්‌ව ගෙදර ඒමට නියමිතය. නිදහස්‌ වීමෙන් පසු ඔහු සහ ඔහුගේ මව රෙදි ඇඳගෙන පාරට බහින්නේ කොහොමද? මේ ළමයාගේ ජීවිතය අඳුරු කළ කොටදෙණියාවේ පොලිසිය අපරාධකාරයන් ඇල්ලීමට හරකුන් ලෙස මහන්සි වී වැඩෙත් හරකුන් පරිද්දෙන්ම කර ඇත.·

3. කහටගස්‌දිගිලියේ ට්‍රැµsක්‌ රාළහාමිලා දෙදෙනකු ආබාධිතයකුට බිම දමාගෙන පහර දෙන ආකාරය පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලය ඔස්‌සේත් රූපවාහිනිය මගිනුත් අපි දුටුවෙමු. මේ ගැන මාධ්‍ය මගින් විමසන ලදුව පළාතේ පොලිස්‌ ලොක්‌කකු පැවැසුවේ මෙකී රාළහාමිලා දෙදෙනා “දක්‍ෂ පුද්ගලයන්” බවය. මෙවැනි දක්‍ෂයන් හිට්‌ලර්ට ද සිටි බව මෙහිදී සිහිපත් කරදෙනු ලැබේ. කකුලක්‌ නැති මිනිසකුට පහර දෙන ගොනා මොකාද? එක ගොනෙක්‌ මදිවාට දෙන්නෙක්‌ම?

4. බියගම නමැති ගමක්‌a කිරිබත්ගොඩට කිට්‌ටුව තිබේ. මේ ගමේ තිබූ බියගම විලෙඡ් නමැති හෝටලයේ අයිතිකරු කපා කොටා මරණ ලදී. ඒ සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අහිංසකයකුට පුරා අවුරුදු දෙකක්‌ රිමාන්ඩ් හිරගෙදර ලැගීමට සිදුවිය. අන්තිමේදී නියම ඝාතකයා හසු විය. හිරේ ලැගීම නිසා සම්පූර්ණයෙන්ම ජීවිතය බිඳ වැටුණු පෙර සඳහන් තරුණයා අදටත් නන්නත්තාරය. මේ අසරණයාට පොලිසිය වග කියනවාද?

5. කහවත්තේ කොටකෙතනදී මෙයට වසර කිහිපයකට පෙර සිදුවූ ද්විත්ව ඝාතනයක්‌ සම්බන්ධයෙන් වැරදීමකින් අත්අඩංගුවට පත්වූ සැකකරුවකු බොහෝ කලක්‌ රිමාන්ඩ් හිරගෙදර දුක්‌aවිඳ නිදහස්‌ විය. ඔහුට වූ හානියට වග කියන්නේ කවුද?

පොලිසිය යනු පිස්‌සු කෙළිනු පිණිස තිබෙන ආයතනයක්‌ නොවේ. දොස්‌තර පිස්‌සු කෙළින විට ලෙඩා අඩි හයක්‌ ගැඹුරු වළක වැළලෙන්නා සේ පොලිසිය පිස්‌සු කෙළියහොත් මුළු රටම අපරාධ මධ්‍යස්‌ථානයක්‌ වීමට ඉඩ තිබේ. පසුගිය කාලයේදී පොලිsසිය යම් ප්‍රමාණයකට ශිෂ්ට වී සිටිනු අපි දුටුවෙමු. එහෙත් අද එම ආයතනය නැවත වරක්‌ පරිහානිය කරා යමින් සිටී. මෙහිදී සිවිල් සමාජයද පරිහානියට පත් වන්නේය. ආබාධිතයකුට බිම දමා පහර දියහැකි පොලිසියට සමයංට වෙඩි තැබූ අපරාධකාරයාට එරෙහිව යමක්‌ කරන්නට බැරි වූයේ ඇයි? ජනතාව පරෙස්‌සම් කිරීමට එක්‌ පොලිසියකුත් පොලිසිය පාලනය කිරීමට තව පොලිසියකුත් යනුවෙන් පොලිස්‌ දෙකක්‌ අවශ්‍යව තිබෙන යුගයකි මේ.

Source : Divaina