කාමයෙන් අන්ධ වී දරුවා නොමරා මැරූ යකෙක්‌ සහ යක්‌ෂණියක්‌ – A baby killer

0
610

“උණහපුළුවාට උගේ පැටියා ලොකුයි” කියා කියමනක්‌ අප සමාජයේ ඇත. එයින් අදහස්‌ වන්නේ වෙනත් තිරිසන් සතුන්ගේ පැටවුන් අතර උණහපුළු පැටියා අවලක්‍ෂණ සතකු වුවත් උණහපුළුවාත් තම පැටවාට අසීමිත ලෙස ආදරය කරන බවයි. මේවාට තවත් උදාහරණ සත්ත්ව ලෝකයේ ඕනෑතරම් තිබේ. තිරිසන් සතුන් තම පැටවුන්ට එලෙස ආදරය කරුණාව දක්‌වන්නේ නම් එම තිරිසන් සතුන්ට වඩා මනසින් උසස්‌ යෑයි පිළිගැනෙන මිනිසුන් තම දරුවන්ට කොතරම් ආදරය කරාවිද? මව්පිය සෙනෙහසේ දිගක්‌ පළලක්‌ ප්‍රමාණයත් සොයාගත නොහැකි යෑයි කියන්නේ එම නිසා වන්නට පුළුවන. පුත්තා වත්ථු මනුස්‌සානං යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද දරුවන්ට වඩා සම්පතක්‌ මිනිසකුට නොමැති නිසාය.

එලෙස අසීමිත ලෙස තම දරුවන්ට ආදරය කරන දෙමාපියන් සිටින ලෝකයක සිත්පිත් නැතිව අමානුෂික ලෙස තම දරුවන්ට සලකන අමන දෙමාපියන් ගැන ද ඉඳහිට හෝ සමාජයෙන් දකින්නට අහන්නට ලැබේ. පසුගිය දිනක මීගමුව ප්‍රදේශයෙන් ද අසන්නට ලැබුණේ එවැනි දුක්‌මුසු කතා පුවතකි. එනම් තම කුසින් උපන් සිඟිති දරුවාගේ ගෙල සපා කා කකුල් කඩා දැමූ යක්‍ෂණියක්‌ වැනි නරුම ගැහැනියක්‌ සහ ඇගේ අනියම් සැමියා ගැනය. සිද්ධිය සැකවින් මෙසේය.

දිනූෂා නිල්මිණිට නිවැසියන් කොතරම් ඇවිටිලි කළත් අධ්‍යාපන කටයුතු සඳහා උනන්දුවක්‌ දැක්‌වූයේ නැත. ඇය පාසල් පවා ගියේ සිය කැමැත්තකින් නොවේ. නිවැසියන්ගේ බලකිරීම මතය. කෙළිලොල් ජීවිතයකට හුරු වූ දිනූෂාට වුවමනා වූයේ ඉක්‌මණින් පෙම්වතියක්‌ බවට පත් වී විවාහ වීමටයි. ඇය නිතරම පාහේ සිටියේ ඒ ගැන සිහින මවමින්ය.

මේ අතර කාලය තුළ දිනූෂා පෙම්වතකු ද සොයා ගත්තාය. ඇගේ එකම ලෝකය වී තිබුණේ එම පෙම්වතාය. පෙම්වතාට හරි හමන් රැකියාවක්‌ නොමැති වුවත් දිනූෂා එය ගැටලුවක්‌ නොවීය. ඒ ඇය ප්‍රේම ලෝකයක අතරමං වී සිටි නිසාය. පෙම්වතුන් ලෙස ඇසුරු කළ ඔවුන් නොගිය තැනක්‌ නොමැත.

දිනූෂා වුවමනා වූයේ තම පෙම්වතා සමඟ ඉක්‌මණින් විවාහ වීමටයි. ඇය තම පෙම්වතාට ද නිතරම ඇවිටිලි කරමින් පැවසුවේ ඉක්‌මණින්ම තමාව කසාද බැඳගන්නා ලෙසටයි. දිනූෂාගෙන් බේරීමට බැරි තැන ඔහු ද එම යෝජනාවට එකඟ වී ඉක්‌මණින් විවාහ විය.

විවාහයේ බරපතළකම ඔවුන්ට දැනුණේ විවාහ වී මාස දෙක තුනක්‌ ගත වූවාට පසුය. නමුත් අමාරුවෙන් හෝ දෙදෙනා පවුල් ජීවිතය ගෙවා දැමුහ. විවාහයෙන් වසරකට පමණ පසු ඔවුන්ගේ පවුලට අමුත්තකු ද එකතු විය. ඒ සුරතල් දරු පැටියෙකි.

දරු පැටියා එකතු වීමත් සමඟ දිනූෂාගේ පවුලේ ආර්ථික ගැටලු එන්න එන්නම වැඩි විය. එම නිසා දෙන්නා අතර රණ්‌ඩු සරුවල් ද ඇති විය. මුලින් සමහර දින මේ අඩ දබර අවසන් වුණේ ගුටි බැට හුවමාරු වලිනි. දෙන්නා අතර තිබූ ආදරය ද වෙනස්‌ වී තිබිණි.

ලක්‍ෂිකාගේ සැමියා වෙන්නප්පුව ප්‍රදේශයේ කොන්ක්‍රීට්‌ වැඩපළක කම්කරුවකු ලෙස රැකියාවකට ගියේය. එහිදී ඔහුට යාළුවකු මුණගැසුණි. ඔහු ප්‍රියන්ත. දෙදෙනා නොබෝ කලක්‌ යන්නට මත්තෙන් ගජ මිතුරන් වූහ.

මොවුන්ගේ යාළුකම කොතරම් දුරදිග ගියා ද කියතොත් දිනූෂාගේ සැමියා ප්‍රියන්ත තම නිවසට ද කැටුව ගියේය.

කාලයක්‌ යද්දී ප්‍රියන්ත දිනූෂාගේ නිවස අලුත් තැනක්‌ නොවීය. නිතරම පාහේ එහි යැමට ඔහු පුරුදු වී සිටියේය. දිනූෂාගේ සැමියාට ද ප්‍රියන්ත ගැන කිසි සැකයක්‌ තිබුණේ නැත. ඒ ඔහු ප්‍රියන්ත සොහොයුරෙකු ලෙස ඇසුරු කළ නිසාය. මේ අතර කාලය තුළ දිනූෂාට සැමියා නොමැති වෙලාවට තම හිතේ තියෙන ගැටලු බොහොමයක්‌ ප්‍රියන්ත පැවැසුවාය. ඒ අතර තම සැමියාගේ ද විවිධ වැරැදි දුමින්දට පැවසුවාය. මේ සියල්ල හමුවේ ප්‍රියන්ත දිනූෂා අමුතු අනුකම්පාවක්‌ පෙන්නුවේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් වැඩි දිනක්‌ ගත වීමට මත්තෙන් දිනූෂා හා ප්‍රියන්ත අතර අනියම් සම්බන්ධතාවයක්‌ ගොඩ නැගිණි.

දිනූෂා තම සැමියාට හොරෙන් ප්‍රියන්ත සමඟ අනියම් සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන ගියාය. දිනූෂාගේ හැඟීම්වලට වහල් වූ ප්‍රියන්ත ද තම යාළුකම පසෙක තබා ඇයට ආදරය කළේය. තව දුරටත් දෙන්නාට දුරස්‌ වී සිටීමට බැරි විය. එම නිසා ප්‍රියන්ත දිනූෂා සමඟ හොර රහසේ පැන යැමට තීරණය කළේය. ඒ දිනූෂාගේ සිඟිති දරුවා ද සමඟින්ය.

ප්‍රියන්ත දිනූෂා සමඟ පමුණුගම සෙත්තපාඩුව ප්‍රදේශයේ පදිංචි විය. දෙදෙනාගේ පවුල් ජීවිතයට බාධාවක්‌ වුණේ දිනූෂාගේ සිඟිති දරුවාය. දෙදෙනා නිදහසේ සිටින සමහර අවස්‌ථාවලදී කිසි දෙයක්‌ නොදන්නා සිඟිති දරුවා අඬන්නේය. එම අවස්‌ථාවලදී ප්‍රියන්තට වඩා කිපෙන්නේ දිනූෂාය.

මෙම සිඟිති දරුවා දෙස දෙදෙනාගේ අවධානය යොමු වූයේ නැත. එයින් වුණේ හයක්‌ හතරක්‌ නොදන්නා කිරිසප්පයා නිතරම හැŽම පමණි. කිරිසප්පයාගේ හැŽම දිනූෂාට විශාල හිසරදයක්‌ විය. ඇය එම අවස්‌ථාවල හැසිරුණේ යක්‍ෂණියක්‌ ලෙසය. සිඟිති දරුවාගේ නිතර හැŽම ගැන උරණ වූ මෙම යක්‍ෂණිය තම අනියම් සැමියාව පොළඹවා එම සිඟිති දරුවාට අමානුෂික පහරදීම් කර ඇත.

අනියම් සැමියා වන ප්‍රියන්ත දිනූෂාගේ බහට අවනත වී එම සිඟිති දරුවාගේ ගෙල සපාකා කකුල් අඹරා දමා කඩා ඇත්තේ සිත්පිත් නැති මෘගයකු සේය. මේ සියල්ල දෙස දිනූෂා නමැති යක්‍ෂණිය බලා සිට ඇත්තේ කිසිම හිරිකිතයකින් තොරවය.

මේ පිළිබඳව මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාට ලැබුණු තොරතුරක්‌ මත සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන සිඟිත්තා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. පසුව සැකකාර යුවළ මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

කාමයෙන් මත් වී තම කුසින් මෙලොව එළිය දුටු සිඟිති දරුවාට අමානුෂික ලෙස පහර දීමට තම අනියම් සැමියාව පෙළඹවූ මෙම ගැහැනියට ලබාදිය යුත්තේ රජ කාලයේ දඬුවම් නොවේද.

ගයාන් සමරසිංහ