රාගයෙන් පිස්‌සු වැටී සරසවියත් කෙළෙසන උන්මත්තකයෝ

0
603

ලැගුම්හල තුළදී එම සැකකාර සිසුවා හැසිරී ඇත්තේ උම්මත්තකයකු ලෙසිනි. නැවත වරක්‌ ඔහු වෛද්‍ය සිසුවියට තර්ජනය කර බිය ගන්වා ඇයට හොඳටම පහරදී නිරුවත්කර ඡායාරූප ලබාගෙන ඇයට විවිධ ලිංගික අතවරයන් සිදුකර මුදාහැර ඇත.

විශ්වවිද්‍යාලයට යන බොහෝ සිසුන් උගතුන් වුවත් බුද්ධිමතුන් නොවන බවට සමාජය තුළ මතයක්‌ ගොඩනැගී ඇත්තේ ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් කරන කියන යම් යම් ක්‍රියාවන් නිසාය. පසුගියදා මහවැලි ගඟ අසබඩ සිදුවූ මෙම සිදුවීමත් එම මතය සනාථ කරන තවත් එක්‌ උදාහරණයකි.

පසුගිය දිනක මහවැලි ගඟ ආශ්‍රිත කුඩා ඔයේ දිය නෑමට ගිය පේරාදෙණිය සරසවියේ සිසුන් කිහිප දෙනෙකු සහ සිසුවියක රඟ දැක්‌වූ නාටකය රටේ ආන්දොaලනාත්මක පුවතක්‌ බවට පත්විය. එම සිද්ධිය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියටම කළු පැල්ලමක්‌ එකතු කළේය. එහි උණුසුම මැකෙන්නවත් පෙර රජරට විශ්වවිද්‍යාලයේ තවත් සිසුවකු විශ්වවිද්‍යාල පද්ධතියම අපකීර්තියට පත් කළේය. ඒ කලක්‌ තම පෙම්වතිය වී සිටි එම සරසවියේම වෛද්‍ය සිසුවියක බලහත්කාරයෙන් දූෂණය කර එම අවස්‌ථාවේදී ලබාගත් ඇයගේ නිරුවත් පින්තූර ගෙන අන්තර්ජාලයට මුදාහැරීමේ පහත් ක්‍රියාවක යෙදීමෙනි. සිද්ධිය සැකවින් මෙසේය.

රජරට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සැකකාර ශිෂ්‍යයා සමග එම සරසවියේම ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයාව ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනගා ගත්තේ දැනට වසර දෙකකට පමණ ඉහතදීය. මෙම ප්‍රේමයට වැඩිකල් ආයුෂ තිබුණේ නැත. සැකකාර සිසුවාගේ විවිධ නොගැලපීම් නිසා වෛද්‍ය ශිෂ්‍යාව එම සම්බන්ධතාවය නතර කර දැමුවාය.

දිගින් දිගටම සැකකාර සිසුවා වෛද්‍ය සිසුවියගෙන් යළි ප්‍රේම සම්බන්ධතාව පටන් ගන්නා ලෙස ඇවිටිලි කළත් ඇය එකහෙළාම එය ප්‍රතික්‌ෂේප කළාය. එයින් උරණවූ සැකකාර සරසවි සිසුවා ඇයට නොයෙක්‌ තර්ජන ගර්ජන පවා සිදුකර ප්‍රේම සම්බන්ධතාව යළි පටන් ගන්නා ලෙස බල කළේය. නමුත් ඇයගේ තීරණයේ කිසිදු වෙනසක්‌ සිදු නොවීය.

තම පෙම්වතිය පිටුපා යැම නිසා එම සැකකාර සිසුවා වෛද්‍ය ශිෂ්‍යාව සමග සිටියේ නොසංසිඳුනු වෛරයකිනි. ඔහු තම යහළුවන්ටත් පැවසුවේ කවදා හෝ ඇයගෙන් පළිගන්නා බවයි. ප්‍රේම සම්බන්ධතාවය නොතිබුණත් තම පැරැණි පෙම්වතිය යන එන ගමන් බිමන් සිදුකරන දැ පිළිබඳව කාටත් හොරා ඔහු සොයා බැලුවේය.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ වෛද්‍ය සිසුවිය වෙනත් තරුණයකු සමග විවාහ ගිවිස ගත්තේ දෙමාපියන් ගෙනා විවාහ යෝජනාවකට අනුවය. මෙය සැලවීමත් සමග දණ්‌ඩෙන් පහර කෑ නාගයකු සේ උරණ වූ සැකකාර සිසුවා ඇයට නොයෙක්‌ තර්ජන ගර්ජන කරන්නට විය. සමහර අවස්‌ථාවල පරුෂ වචනයෙන් බැණ ඇයට අයුතු යෝජනාද ගෙන ආවේය. ඇය මේ සියලු කරදර කිසිවෙකුටත් නොකියා ඉවසාගෙන සිටියාය.

වෛද්‍ය ශිෂ්‍යයාව සීමාවාසික පුහුණුව සඳහා යොමුකර තිබුණේ අනුරාධපුර මහ රෝහලටය. දිනක්‌ ඇය එහි පුහුණුවීම් කටයුතු කරන අතර සැකකාර සිසුවා රෝහලට පැමිණ ඇයට එළියට එන ලෙස පවසා ඇත. ඇය එය ප්‍රතික්‌ෂේප කළත් ඔහු ඇයට තර්ජනය කර බිය ගන්වා රෝහල් භූමියෙන් එළියට එන ලෙස පවසා ඇත.

එම තර්ජනවලට බියවූ වෛද්‍ය සිසුවිය රෝහල් භූමියෙන් එළියට පැමිණි මොහොතේදීම සැකකාර සිසුවා ඇයව බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයක නංවාගෙන අනුරාධපුර ප්‍රදේශයේම ලැගුම්හලකට රැගෙන ගොස්‌ තිබේ.

ලැගුම්හල තුළදී එම සැකකාර සිසුවා හැසිරී ඇත්තේ උම්මත්තකයකු ලෙසිනි. නැවත වරක්‌ ඔහු වෛද්‍ය සිසුවියට තර්ජනය කර බිය ගන්වා ඇයට හොඳටම පහරදී නිරුවත්කර ඡායාරූප ලබාගෙන ඇයට විවිධ ලිංගික අතවරයන් සිදුකර මුදාහැර ඇත.

සිදුවූ දෙයින් ඇය මහත් බියටත් ලැඡ්ජාවටත් පත් වූවාය. තම ජීවිතය ගැන විශාල බියක්‌ ඇයට දැනුණි. ජීවිතයෙන් සමුගන්නට පවා ඇය තීරණය කළාය. නමුත් අවසානයේ ඇය හිත හාදාගත්තේ මින් මතුවටවත් ඔහුගෙන් කරදරයක්‌ නොවෙනු ඇතැයි සිතාය. ඒ අතරම මෙම සිද්ධිය ගැන කිසිවකුටත් නොකීමටත් ඇය වගබලා ගත්තාය. එයට ප්‍රධාන හේතුව වූයේ අලුත විවාහක සැමියාට මෙය ආරංචි වුවහොත් සිදුවිය හැකි හානිය ගැන සලකාගෙනය.

නමුත් සැකකාර සිසුවාගෙන් ඇයට ගැලවිල්ලක්‌ නොලැබුණි. ඔහු නිතරම යෝජනා කළේ තමා සමගද ලිංගික ඇසුරක්‌ පවත්වාගෙන යන ලෙසටයි. නමුත් ඇය එකහෙළාම එය ප්‍රතික්‌ෂේප කළාය. එවිට සැකකාර සිසුවා වෛද්‍ය සිසුවියගේ පෞද්ගලික විද්යුත් තැපෑලට ලැගුම්හල තුළදී ලබාගත් නිරුවත් ඡායාරූප කිහිපයක්‌ එවා තිබුණි. ඒවා දැකීමෙන් වෛද්‍ය සිසුවිය දැඩි අසරණ තත්ත්වයකට පත්වූවාය.

මෙම සැකකාර සිසුවා එලෙස නිරුවත් පිංතූර වෛද්‍ය සිසුවියගේ විද්යුත් තැපෑලට යෑව්වේ යෝජනාවට එකඟවේ යෑයි බලාපොරොත්තුවෙනි.

නමුත් දිගින් දිගටම ඇය එම යෝජනාව ප්‍රතික්‌ෂේප කළාය. තම යෝජනාවට අකමැති වුවහොත් ඇයගේ සියලුම නිරුවත් පිංතූර ෙµaස්‌බුක්‌ හරහා අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු ඇයට තර්ජනය කළේය. එහෙත් ඇය ඔහුට අවනත වූයේ නැත.

තමා සතුව තිබූ ඇයගේ නිරුවත් ඡායාරූප සියල්ල ඔහු අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ ඉන් පසුවය. වෛද්‍ය සිසුවියගේ නිරුවත් ඡායාරූප වෛද්‍ය ශිෂ්‍යයාවක්‌ වශයෙන් සිටින ඡායාරූප හා තවත් ඡායාරූප කිහිපයක එකතුවකින් ග්‍රැµsක්‌ චිත්‍ර නිර්මාණය කර ඒවා ඇගේ මිතුරු මිතුරියන්ටද සැමියාටද යෑවීමට මේ අධමයා කටයුතු කර ඇත්තේ ඉන් පසුවය.

පසුව වෛද්‍ය ශිෂ්‍යයාව මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්‌ කර තිබුණි. වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් සැකකාර සිසුවා අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම අපරාධයට යොදාගත් ඩිජිටල් කැමරාවක්‌, ලැප්ටොප් පරිගණකයක්‌, ජංගම දුරකථනයක්‌ සහ දත්ත බහාලන උපකරණයක්‌ද අත්අඩංගුවට ගෙන තිබුණි.

පැමිණිලිකාරියට පහරදීමෙන් අසරණව හඬමින් සිටින අවස්‌ථාවල හා සිහිසුන්ව නිරුවතින් හෝටල් කාමරය තුළ වැටී සිටින අවස්‌ථාවලදී සැකකරු විසින් ලබා ගන්නා ලද ඡායාරූප විද්යුත් තැපෑල මගින් ප්‍රචාරය කිරීම නිසා ඇයට හිංසනයක්‌ සිදුකර තිබෙන බවට පැහැදිළි සාක්‍ෂි පොලිසිය සතු බව අධිකරණයේදී අනාවරණය විය. එම නිසා සැකකාර පැරණි පෙම්වතා අගෝස්‌තු 07 වන දින තෙක්‌ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

තමාට කලක්‌ පෙම්කළ පෙම්වතියට මෙවැනි නරුම දෙයක්‌ කළ මෙම පාපතරයාට නීතියෙන් පමණක්‌ නොව ස්‌වභාවධර්මයාගෙන් පවා දඬුවම් ලැබිය යුතුය. ඒ මන්ද මෙවැනි පාපතරයන් මුළු මහත් සමාජයටම පිළිලයක්‌ වන හෙයිනි.

ගයාන් සමරසිංහ
Source : Divaina