අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එක්‌ වූ ශ්‍රී ලාංකිකයා

0
585

ඉන්දීය ඔත්තු සේවාව විසින් මෙයට මාස කීපයකට පෙර මහනුවර පදිංචිකරුවන් දෙදෙනකු වන අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනෙක්‌ චෙන්නායි සහ බැංගලෝරයේ පිහිටි ඊශ්‍රායල් හා ඇමරිකානු කොන්සල් කාර්යාලවලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට සම්බන්ධ යෑයි සොයා ගනු ලැබීය. මෙකී සිද්ධියට කොළඹ විදේශ තානාපති කාර්යාලයක්‌ද සම්බන්ධව බව වාර්තා වේ.

මෙම මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ මැලේසියාවේද අනික්‌ තැනැත්තා චෙන්නායි නගරයේදී අත්අඩංගුවට ගැණුනත් මේ පසුබිම මැද පසුගිය දිනෙක අති බිහිසුණු අයිසිස්‌ සංවිධානයේ පේස්‌බුක්‌ අඩවියේ සඳහන් වූයේ ශ්‍රී ලාංකිකයකු වන අබු ෂුරයා සයිල් ආනි නැමැත්තා ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මියගිය බවයි.

ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් අබු සයිල් ආනි ගලේවෙල පදිංචි කරුවෙකි. දරුවන් හය දෙනකුගේ පියකු වු ඔහු පාකිස්‌තානයට ගොස්‌ අන්තවාදී ෂරියා නීතිය ඉගෙන ගත්තේය. මහරගම ප්‍රදේශයේ කරාටේ පන්තියක්‌ පවත්වාගෙන ගිය මොහුගේ පසුබිම මෙරට බුද්ධි අංශවලට වාර්තා වූයේය.

2015 ජුලි 3 දා සයිල් ආනිගේ පේස්‌බුක්‌ අඩවියේ සඳහන් වූයේ ඇමරිකාව ඉරාකය අරාබිරටවල් ඇතුළු රටවල් රැසක්‌ අයිසිස්‌ සංවිධානයට එරෙහිව සටන් කරන බවයි.

එහෙත් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ අයිසිස්‌ පිළිබඳ විමර්ශනය කිරීමේ ඒකකයක්‌ (ISIS Desk) ආරම්භ කර නොතිබුණි.

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය තවදුරටත් සඳහන් කළේ සයිල් ආනි සිරියාවේ පිහිටි කඳවුරට එන අවස්‌ථාවේ ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ප්‍රහාරය එල්ල වූ බවයි. පසුගිය ජුලි 12 දා මෙම ප්‍රහාරය එල්ල විය.

විදේශ මාධ්‍ය මේ තොරතුරු හෙළි කරද්දී ත්‍රස්‌තමර්දන බලධාරීහු ගලේවෙල ගොස්‌ ඔහුගේ පවුලේ අයගෙන් තොරතුරු විමසුවේ නැත. එහෙත් දැන් එම පරීක්‍ෂණ ආරම්භ කර ඇත. එහෙත් අපේ අසල්වැසි රට වූ ඉන්දියාව අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියා කලාපවලට නිසි ප්‍රතිචාර දැක්‌වීමට අයිසිස්‌ ඒකකයක්‌ ආරම්භ කර තිබේ.

ගලේවෙල පුද්ගලික අධ්‍යාපන ආයතනයක සේවය කළ අබු සයිල් ආනි පසුගිය දෙසැම්බර් මස කටුනායක සිට. වෙත ගොස්‌ එතැන් සිට ලෙබනනය හරහා සිරියාවට ගොස්‌ ඇත.

ඔහු සිරියාවේදී ජනාධිපති බෂීර් අසාද්ගේ රජයට එරෙහිව සටන් වදින අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායමට එක්‌ වී ඇතැයි වාර්තා විය. සයිල් ආනි පිළිබඳව තොරතුරු ලෙබනන් බුද්ධි සේවාවටද වාර්තා විය. එසේම ජාත්‍යන්තර පොලිසියද ඔහු ගැන තොරතුරු රැසක්‌ සොයා ගනු ලැබීය.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වු ෂර්පාස්‌ නිලාම් මුෂින් ගලේවෙල ප්‍රදේශයට පැමිණ සමාජ සේවා කටයුතුවල නිරත වී සිටි බවද වාර්තා විය.

ත්‍රස්‌තයා ඇමරිකානු ප්‍රහාරයකින් මිය යැමට අදාළ තොරතුරු වසන් කිරීමටද මෙරට විවිධ පාර්ශව ගත් උත්සාහය ව්‍යාර්ථ විය. මොහමඩ් සහීර් නැමැත්තා මැලේසියාවේදී අසු වූයේ තමිල් නාඩුවේ ඇමරිකානු කොන්සල් කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමට දායකවීමෙනි. එහි දෙවැනි අංගය වූ අන්තවාදී ඉස්‌ලාමීය ජාතිකයන් කීදෙනෙක්‌ සිරියාවට ගොස්‌ ඇද්දැයි මෙරට බුද්ධි අංශවලට වාර්තා වී නැත.

ශ්‍රී ලාංකික අන්තවාදී මුස්‌ලිම් ජාතිකයකු සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට එක්‌වීමේ සිද්ධිය මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයකි.

අබු සයිල් ආනි නැමැත්තා ශ්‍රී ලංකාවෙන් පිටව ගියේ . වන්දනා කිරීමට යෑයි කියමිනි.

පසුගිය ජුනි 26 දා ටියුනිසියාවේ මුහුදු වෙරළේ සිටි විදේශ සංචාරකයන්ට එල්ල වු අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරයේදී ජීනා වොන් ඩර්ට්‌ නැමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්‌ බරපතල තුවාල ලැබීය. ඇය ශ්‍රී ලාංකික බර්ගර් සම්භවයක්‌ ඇති කාන්තාවකි. ඇගේ සැමියා වු ක්‍රිස්‌ ඩයර් එකී අයිසිස්‌ ප්‍රහාරයෙන් මරුමුවට පත් විය.

මේ පසුබිම මැද අබු ෂුරා සයිලානි හෙවත් ෂර්යාප් නිලාම් මුෂින් පිළිබඳව ඉන්ටර්පෝල් පොලිසියද දැන් විමර්ශන අරඹා ඇත. අති බිහිසුණු අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධව සිටින බවට හෙළි වූයේ මොහු පමණකි. එහෙත් තව කීදෙනෙක්‌ එකී අපරාධකාරී ඝාතන කණ්‌ඩායමට සම්බන්ධ දැයි හෙළිවී නැත.

Source : Divaina