කිරම ඔයේ ගිළී එකම පවුලේ 5ක් මරුට

0
622
Two arms coming up from water for help

වළස්මුල්ල, වරාපිටිය කිරම ඔයේ ගිළී පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අද පස්වරුවේ වැවේ දියනෑමට ගිය පුද්ගලයින් පස්දෙනෙකු මෙලෙස දියේ ගිළී ඇති බවයි.

මියගිය පුද්ගලයින් අතර කුඩා ළමයෙකු  සහ කාන්තාවන් තිදෙනෙකු වන බව  සඳහන්ය.

48 හැවිරිදි පියා, 47 හැවිරිදි මව, 21 හැවිරිදි සහ අට හැවිරිදි දියණියන් දෙදෙනා මෙන්ම දියණියකගේ මිතුරියක් වන 21 හැවිරිදි තරුණියක මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

ඔවුන්ගේ මළ සිරුරු කිරම රෝහලේ තබා ඇති අතර වළස්මුල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Source : AdaDerana