සන්ධානයත් අලුත් මුහුණුවරකින්

0
505

UPFAඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු හිටපු ඇමැති එස්. බි. දිසානායක මහතා වෙත පවරා ඇති අතර ඔහු නව මුහුණුවරක් යටතේ මැතිවරණය මෙහෙයවීමට සැලසුම් කර ඇත.මෙවර මැතිවරණ ව්‍යාපාරය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කළත්සාමකාමීව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට බලා‍පොරොත්තු වන බවද එස්. බි. දිසානායක පැවැසීය.
මෙවර මැතිවරණ ව්‍යාපාරය දුෂ්කර මැතිවරණ ව්‍යාපාරයක් වුවත් අභියෝග ජයගනිමින් මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කර තිබෙන බවද ඔහු කීය. 1994 දී ‍පොදුජන එක්සත් පෙරමුණු රජයක් බිහිකිරීමට සැලසුම් කළ ආකාරයේ මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
සන්ධානයට සම්බන්ධ වී විවිධ කලකිරීම් මත ඈත්වූ කණ්ඩායම් සහ සිවිල් සංවිධාන සමග ඉදිරි දින කිහිපය ඇතුළත සාකච්ඡා කර සියලු මතභේද නිරාකරණය කරගනිමින් මැතිවරණය මෙහෙයවීමට කටයුතු කරන බවද එස්. බි. දිසානායක මහතා සඳහන් කළේය.

Source: Lakbima Online Edition