ඡන්ද ප්‍රචාරක වැඩවලට පාතාල කල්ලි පහක්‌ බහී

0
633

sri-lanka-prison-riot-story-topහේමන්ත රන්දුණු

මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රබල දේශපාලනඥයන් පිරිසක්‌ සිය ප්‍රචාරක කටයුතු සඳහා නමගිය පාතාල කල්ලි පහක සහාය ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.බස්‌නාහිර සහ දකුණු පළාතේ ප්‍රදේශ කීපයක ප්‍රචණ්‌ඩත්වය වපුරුවා මැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රියාත්මක කිරීම මොවුන්ගේ අරමුණවී ඇතැයි නවරත්න මහතා පැවැසීය.

කෙසේ වෙතත් මෙම පාතාල කල්ලි පහේ සාමාජිකයන් පිළිබඳ සියලු තොරතුරු මේ වනවිට පොලිසිය අනාවරණය කරගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යොදවා ඇති බවද නවරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පසුගිය මැතිවරණවලදීද මෙම පාතාල කල්ලි විසින් දේශපාලනඥයන් ජයග්‍රහණය කරවීම සඳහා සක්‍රීයව දායකත්වය ලබා දී තිබෙන බව හෙළිවී ඇත.

මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොබියව කටයුතු කරන ලෙස සියලුම පොලිස්‌ ස්‌ථාන වෙත මේ වනවිටත් දැනුම්දී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියා සිටියි.

Divaina Online Edition