රතු මස් පිළිකාවට අත වනයි – red meat causes cancer

0
1843
red-meat

හරක් මස්, එළු මස්, ඌරු මස් වැනි රතු මාංශ නිතර අනුභව කරන්නන්ටත්, හැම්, බේකන්, සොසේජස්, ලිංගුස් වැනි සකස් කළ මාංශ අනුභව කරන්නන්ටත් මහා අන්ත්‍රයේ පිළිකා ඇති වීමේ අවධානමක් ඇතැයි හඳුනාගෙන ඇත.

2006 වසරේ සිට මහරගම පිළිකා ආයතනය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි. නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ඊට මඟ පෙන්වයි.

මහා අන්ත්‍රයේ පිළිකා සෑදුණු 500ක් පමණ රෝගීන් වසරකට වාර්තා වන බව රෝහල් ආරංචි කියයි.

සුදුලූණු, මල් ගෝවා, බ්‍රොකෝලි, කිවි පලතුර ඇතුළු අලුත් එළවළු පලතුරු නිතර ආහාරයට එක් කර ගැනීමෙන්  පිළිකා රෝග අවදානම වළක්වා ගත හැකි බව වෛද්‍යවරු කියති.

– Lankadeepa