උතුරේ අතරමං වූ දමිළයෝ

0
539

මහ මැතිවරණය නිමාවට පත්වූයේ බොහෝ දේ රටටත් රටේ පාලකයන්ටත් දේශපාලන පක්ෂවලටත් උගන්වමිනි.

ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයන්  ගොඩනැගීම සදහා සුළු ජනයා  නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහාය අනිවාර්යෙන්ම  අවශ්‍යයි යන මතයේ සිටි බොහෝ දෙනාට මෙවර මහ මැතිවරණයේ ප‍්‍රතිඵල දෙස බලන විට පෙනී යන්නේ එවැන්නක් අවශ්‍ය නොවන බවය.

එදා වතුකරයේදී වහසි බස් දෙඩවූ සත්‍යමූර්තී තොණ්ඩමන් හා ඉන් පසුව ආරුමුගම් තොණ්ඩමන් කියා සිටියේ රජුන් තනන්නේ ඔවුන් මිස මේ රටේ අන් කවර පක්ෂයක හෝ පිරිස්  නොවන බවයි.

ඡන්ද ලක්ෂ පහක් හයක්

තබාගෙන ඔවුහු මේ රටේ රාජ්‍ය නායකයන් ආණ්ඩු මට්ටු කළහ. ඒ ආකාරයටම දෙමළ ජාතික සන්ධානයද ඔවුන්ගේ ඡුන්දදායකයන් උකසට තබමින් බොහෝ අවස්ථාවලදී කියා සිටියේ දෙමළ ජනතාවගේ එකම නායකයා දෙමළ ජාතික සන්ධානය පමණක් බවය.

1977 වසරෙන් පසුව දේශපාලනයේ නිරත වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණත් ඉන් අනතුරුව 2004 දී නිර්මාණය වූ දෙමළ ජාතික සන්ධානයත් විවිධ සිංහල පාලකයන්ගේ ආණ්ඩු මට්ටු කරමින් දෙමළ ජාතික සන්ධානය වාසි ලබන්නට පටන් ගත්තේය.

පසුගිය කාලවලදී රජයේ බොහෝ තීරණ වෙනස් කිරීමට පවා දෙමළ ජාතික සන්ධානයේ බලපෑම් ඉවහල් විය. නමුත් මෙවර මහ මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය ප‍්‍රතික්ෂේප කරන බවක් මැතිවරණ ප‍්‍රතිඵල දෙස බලන විට ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබේ.

උතුරේ ඡුන්ද ප‍්‍රතිඵලය

උතුරේ යාපනය දිස්ත‍්‍රික්කයේ මෙවර ඡුන්ද ප‍්‍රතිඵලය දෙස බලන විට යාපනයට හිමි මන්ත‍්‍රී ධුර හත බෙදී ගොස් ඇත්තේ දේශපාලන පක්ෂ පහක් තුළය. වෙනදා මේ මන්ත‍්‍රී ධුර හතෙන් පහක්ම දිනා ගත්තේ දෙමළ ජාතික සන්ධානයයි.

දෙමළ ජාතික සන්ධානයට මන්ත‍්‍රී ධුර තුනක්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් මන්ත‍්‍රී ධුරයක්, ඊ.පී.ඞී.පී. සංවිධානයට මන්ත‍්‍රී

ධුරයක්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ අකිල ඉලංකෙයි තමිල් කොංග‍්‍රස් පක්ෂයට එක් මන්ත‍්‍රී ආසනයක් හා විග්නේෂ්වරන්ගේ තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයට එක් මන්ත‍්‍රී ආසනයක් වශයෙන් මේ මන්ත‍්‍රී ආසන හත බෙදී ගොස් තිබේ.

වන්නියේ මන්ත‍්‍රී ධුර හය බෙදී ගොස් ඇත්තේ දේශපාලන පක්ෂ හතරක් අතරය. දෙමළ ජාතික සන්ධානයට මන්ත‍්‍රී ආසන තුනක්ද, ඊ.පී.ඞී.පී. සංවිධානයට එක් ආසනයක්ද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් ආසනයක්ද, සමගි ජනබලවේගයට එක් ආසනයක්ද වශයෙනි.

මීට ඉහතදී වන්නියේ දේශපාලන බලයෙන් හතරෙන් තුනක්ම අත්පත් කරගන්නා ලද්දේ දෙමළ ජාතික සන්ධානය වුවත් මෙවර ඔවුන්ට එතරම් විශාල බලයක් නොමැතිව දෙකෙන් පංගුවක බලයක් පමණක් හිමි කරගැනීමට හැකියාව ලැබී තිබේ.

තුනී නොවන ජාතිවාදය

උතුරේ මෙම මැතිවරණ ප‍්‍රතිඵල දෙස බලන විට ජාතිවාදී ස්වරූපය උතුරේ ජනතාව ප‍්‍රතික්ෂේප කොට ඉන් මිදීමට උත්සහ දරන බවක් පෙනෙන්නට නොතිබීම ඉතා කනගාටුදායක මෙන්ම ඉතාම භයානක තත්ත්වයක් වී තිබේ. සිංහල – මුස්ලිම් ජාතීන් අතර මෙවර දේශපාලන බලය හවුලේ බෙදා ගත් බවක් පෙනෙන්නට ඇතත් දෙමළ හා සිංහල ජනතාව අතර එවැන්නක් දක්නට නොමැත.

දෙමළ ජාතික සන්ධානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල විරෝධී බවක් පෙන්වන අතර, එම පක්ෂයෙන් කැඞී ගොස් පිහිටුවා ගන්නා ලද සෙසු දෙමළ සන්ධානද සිංහල දෙමළ ජාතිවාදය පසුපසම ගමන් කරයි.

උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා උග‍්‍ර ජාතිවාදියකු බව ලොවට ප‍්‍රකාශ කළේ ඔහු ප‍්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්වී මුල්ම වරට ජනතාව අමතා කතා කළ අවස්ථාවේදීය. එදා පටන් ඔහු පළාත් සභාව තුළ විශාල හ`ඩක් නැ`ගුවේ දෙමළ ජනතාව උදෙසාම පමණකි.

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගොස් ඔහු වෙනම පක්ෂයක් පිහිටුවා පසුව මේ මහ මැතිවරණය වෙනුවෙන් තමිල් මක්කල් දේශීය කූට්ටනි වශයෙන් වෙනම සන්ධානයක් බිහි කළද ඔහුගේ ගතිය අතහැරීමට ඔහු ක‍්‍රියා නොකළේය.

මේ තත්ත්වය ඔහු නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තේරීපත් වූ විගසම නිකුත් කළ නිවේදනයෙන් වඩාත් පැහැදිලි වෙයි.

තමන් දෙමළ ජාතික සන්ධානය හැර ගොස් වෙනම දේශපාලන ප‍්‍රවාහයකට එකතු වුවද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම ස`දහා ඉදිරි කාලයේදී දෙමළ ජාතික සන්ධානයට සහාය දෙන බව උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා යාපනයේදී නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කොට තිබේ.

මේ අවස්ථාවේදී දෙමළ පක්ෂයක නායකයකු වශයෙන් තමන්ට එවැනි තීරණයක් ගැනීමට සිදුව ඇත්තේ ඉදිරියේදී මේ රට සිංහල බෞද්ධ බලවේගයක් දිශාවට ගමන් කිරීමත් සමගම දෙමළ ජනයාට කිසිදු අයිතිවාසිකමක් නොලැබෙන නිසා යැයිද ඔහු පවසයි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට තමන් එදා සිටම කටයුතු කළ ආකාරයට ඉදිරියටත් කටයුතු කරන බව පවසන විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානයේ තමන් සිටි කාලවකවානුවේදී දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එකළ රජයට ඉදිරිපත් කරන ලද යෝජනා කෙරෙහි දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමු කරවන බවද සිය නිවේදනයේ ස`දහන් කොට තිබේ.

ටී. එන්. ඒ. ගැන කළකිරීම

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන වැඩපිළිවෙළ දෙමළ ජනයා විසින් අනුමත නොකරන බවට තවත් විශාල සාක්කියක් තිබේ. ඒ ඊ.පී.ඞී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතාගේ දේශපාලන ක‍්‍රියාදාමය ඔස්සේය.

ඩග්ල්ස් දේවානන්දා මහතා ඊ.පී.ඞී.පී. සංවිධානයේ වුවත් ඔහු පොහොට්ටු රජයට සහාය දක්වමින් රජය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඔහු ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඉතා කෙටි කාලයේදී උතුරේ ධීවරයන් වෙනුවෙන් කරන ලද සේවාව නිසා ඔහුට විශාල ජයග‍්‍රහණයක් මෙවර යාපනයෙන් ලැබුණි. එපමණක් නොව වන්නියෙන්ද මෙවර ඊ.පී.ඞී.පී. සංවිධානයට නවක මන්ත‍්‍රීවරයකු බිහි කිරීමට හැකියාව ලැබී ඇත.

මේ ලක්ෂණයන් තුළින් පෙනී යන්නේ දෙමළ ජනතාවගෙන් විශාල කොටසක් දෙමළ ජාතික සන්ධානය කෙරෙහි කළකිරීමකින් හා අවිශ්වාසයකින් යුතුව සිටින බවයි.

මනාප පොරය නිසා දෙමළ ජාතික සන්ධානයේම මන්ත‍්‍රීවරු තුන් දෙනකුගේ ආධාරකරුවෝ ගුටි කෙළ ගත්තේ යාපනයේ ඡුන්ද ගණන් කරන ප‍්‍රධාන ශාලාව ඉදිරිපිටදීමය.

යාපනයේ ප‍්‍රධාන ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ඉදිරිපිටදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයන් තුන් දෙනකුගේ දේශපාලන ආධාරකරුවන් අතර 6 දා රාත‍්‍රි ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් හය දෙනකු සුළු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් රෝහල්ගත වීමක් පිළිබ`දව තොරතුරු මෙතෙක් හෙළි වී නොමැති අතර මේ ගැටුමට මැදිවී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන්, එස්. ශ‍්‍රීධරන් හා ශෂිකලා රවිරාජ් යන අයගේ දේශපාලන ආධාරකරුවෝය.

උතුරේ අතරමං වූ දමිළයෝ

දෙමළ ජාතික සන්ධානයේත් සෙසු දෙමළ දේශපාලන පක්ෂත් නිසා උතුරේ විශාල දෙමළ ජන කොට්ඨාසයක් අතරමංවී සිටිති. ඔවුන්ට මේ දෙමළ දේශපාලනයේ නිරත උග‍්‍ර ජාතීවාදීන්ගෙන් ලැබෙන දෙයක් නොමැති බව ඔවුන්ට පසක් වී ඇත.

නමුත් අපේ රටේ දකුණේ දේශපාලනය හා බොහෝ රජයන් අවබෝධ කර නොගන්නා තත්ත්වයද මෙයමය.

එනම් මේ දෙමළ දේශපාලනය එපා වී අසරණ වී හෙම්බත්ව සිටින දෙමළ නියැදියට විස`දුමක් ලබා දීමට උත්සහ නොකිරීමයි. මේ සියලූම දෙනා එකම දෙමළ ගොඩකට

දමාගෙන කටයුතු කිරීම නිසා මේ තත්ත්වය උදා වී තිබේ.

මෙවර මහමැතිවරණයේදී දෙමළ ඡුන්දදායකයන් විශාල පිරිසක් අතරමංවී සිටියහ. විශේෂයෙන්ම තැපැල් ඡුන්දය හිමිව තිබූ තැපැල් ඡුන්ද දායකයන්ට විශ්වාසයකින් යුතුව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොවීය. උතුරේ තැපැල් ඡුන්ද දායකයන්ගෙන් විශාල පිරිසක් ඔවුන්ගේ ඡුන්දය අවසාන මොහොතේදී කටු ගා දැමූහ.

උතුරේ තැපැල් ඡුන්ද විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතික්ෂේප වී ගියේ මේ හේතුව නිසාය.

මේ අන්දමට අතරමංවී සිටින දෙමළ ජනතාව පිළිබ`දව සොයාබලා කටයුතු කිරීම නව රජයේ වගකීම වෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැ`ගීම උචිත බවට දැනටමත් උගත් සමාජයෙන් ඉල්ලීම් නැෙ`ගමින් පවතී. ඒ කවර රාජ්‍යයක් බිහිවූවත් මේ උතුරේදී දේශපාලනමය වශයෙන් අනාථභාවයට පත්ව සිටින වැසියන් පිළිබ`දවද රජයේ අවධානය යොමුවිය යුතුව තිබේ.