හාත්පස පැතිර ගිය තුරු ගොල්ල මැදින් ඇදෙන පිටිසර බද පාරක ගිහින් නිරතුරුවම කුරුල්ලන්ගේ හඬ පැතිර ගිය පරිසරයක් මැද ඇද හැලෙන සුන්දර දිය ඇලි කීපයක අසිරිය විඳින්න කොළඹ ඉන්න කෙනෙක් කොයි තරම් දුරකට යන්න ඕනෙද? අඩුම තරමින් පාදුක්ක, ඉංගිරිය, බදුරලිය, පැත්තටවත් කියලා ඔබට හිතේවි. ඇත්තෙන්ම ඔබ දන්නවද කොළඹ දිස්ත්‍රික්කය තුළම දිය ඇලි කීපයක් තිබෙන බව. අපි ඔබට මේ කියන්න යන්නේ එවැනි දිය ඇලි 3ක් ගැන. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළම පිහිටි දිය ඇලි 3ක් ගැන තොරතුරුයි.
එතැන ඉඳන් තවත් කිලෝමීටර් 5ක් පමණ ගිය විට හමුවන ඉලුක්ඕවිට හන්දියෙන් වමට හැරී කිලෝමීටර් 1/2 පමණ ගිය විට දෙවැනි ඇල්ල හමුවෙනවා. ඒ ඇල්ල උඩ ඇල්ලයි. මේ ඇල්ල මීටර් 10ක් පමණ උසින් යුක්තවන අතර කොටස් දෙකක් ලෙසයි පහතට කඩා හැලෙන්නේ එක ඇල්ලක් උඩට අනෙක් ඇල්ල කඩා වැටෙන හින්දයි මෙය ඇල්ල උඩ ඇල්ල ලෙස හඳුන්වන්නේ. වැසි දවසට මෙහි සුන්දරත්වය පායන කාලෙට වඩා වැඩි වෙනවා. ඇල්ලට ඉහළින් පිහිටි කොඩිකන්ද කඳු වැටියෙන් ගලන උල්පත්වලින් සහ කොස්වත්ත ඇළෙන් තමයි ඇල්ල උඩ ඇල්ල පෝෂණය වන්නේ.
නැවත ඉලුක්ඕවිට හන්දියට ඇවිත් තවත් කිලෝමීටර් 3ක් පමණ තුම්මෝදර පැත්තට යද්දී කඩුගොඩ කන්ද හන්දිය හමුවෙනවා. එතනින් වමට ඇති පාරේ මීටර් 500ක් පමණ මග ගෙවූ විට දකුණු අත පැත්තේ හමුවන රබර් වගාවට පහතින් හමුවන්නේ තට්ටු 3කට කඩා හැලෙන රන් මුදු ඇල්ලයි. පඤ්ඤගල කන්දේ දෙහිගස් ඇල්ල නම් ස්ථානයේ සිහින් දිය කඳුරකින් ඇරඹී අතරමගදී තවත් කුඩා දිය පහරවල්වලින් පෝෂණය වන රන් මුදු ඇල්ල මීටර් 45ක් පමණ උසින් යුක්තයි.
මේ ඇලි පිහිටි ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයේ තෙක් කලාපයේ පිහිටි සුන්දර නිස්කලංක ප්‍රදේශයක්. එබැවින් ස්වාභාවික සෞන්දර්යයේ අසිරිය විඳින්නන්ට නම් මෙය තෝතැන්නක් ලෙස හැඳින් වූවාට වරදක් නැහැ. නමුත් බොහෝ විට සති අන්තවල මෙහි පැමිණෙන්නේ මතින් තුටු වී පරිසරය විනාශ කරන ආකාරයේ පුද්ගලයන් බව ගම්මු පවසනවා. ගමේ සාමකාමී ජීවන රටාවටත් එය හිරිහැරයක් බවයි ඔවුන්ගේ අදහස. ඇත්තෙන්ම පරිසරයට ආදරය කරන සොබාදහමේ සොඳුරු බව විඳගන්න කැමති අයට පමණක් මෙහි පැමිණෙන ලෙස ඉල්ලීමක් කරන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා සිටියා. එබැවින් ඔබ සුන්දරත්වය විඳිය හැකි සොඳුරු මිනිසෙක් පමණක් නම් එහි යන ලෙස අපද ඔබෙන් ඉල්ලා සිටිනවා.
ඡායාරූප: ලක්මාල් වසන්ත
ගැමුණු රත්නායක
Source : Lakbima